31 January, 2017

සාරංගත් එක්ක සචිනි රට සවාරියක් ගිහින්

saranga-dissasekara-sachini-ayendra

සචිනි අයේන්ද්‍රා වගේම සාරංග දිසාසේකර කියන්නෙ කවුද කියන්න කවුරුත් දන්නවනෙ. මේ දෙන්නගෙ අයිතිකාරයො කවුරු කවුරුද කියලත් හැමෝම දන්නව..

හැබැයි ඉතිං සාරංගත් සචිනිත් අයිතිකාරයො නැතුවම රටෙන් එපිට ගිහින් විනෝද වෙන හැටි පෙන්නන පින්තූර වගයක් අපට හමුවුණා. ආරංචියෙ හැටියට මේ කටාර් හි දෝහා අගනුවර කාන්තාරයක්. මේ දෙන්නා කාන්තාරයේ ඔටුවන් පිට නැගී විනෝදවෙන පින්තූර අපි සොයා ගත්තෙ දෙන්නගෙන් එක්කෙනෙකුගෙ පුද්ගලික ෆේස්බුක් ගිණුමකින්…

ලංකාවෙදි නම් දෙන්නට මෙහෙම නිදහසේ ඇවිදින්න ලැබෙන්නෙ නෑ..!

_රිවිර

ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් පිල ඉන්දියාවේදී අද වැඩ අල්ලයි

sri-lanka-blind-cricket

ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, නවසිලන්තයට එරෙහිව දිල්ලි නුවරදියි.

ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප‍්‍රිය අද තරගය පිළිබඳව ඉන්දියාවේ සිට නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති තරගවලින් ජය වාර්තා කිරිමට සත්කාරක ඉන්දියාව සහ පාකිස්ථානය සමත් වුණා.



_නෙත්

ගමේදී වන්නමක්‌වත් නටන්න දන්නේ නැති කෙල්ලො නයිට්‌ ක්‌ලබ්වලදී නටන දහඅටපාලිය මෙන්න

nightclub-girls-life-story

ඇඟ ඇතුළේ ඉන්න නැට්‌ටුක්‌කාරිව, කාමය අවුස්‌සලා ගන්නේ අරක්‌කු සහ සල්ලි..

මේ අපේ කෙල්ල. මේකිව අපිට දීපල්ලා..

හැම නයිට්‌ ක්‌ලබ් එකකම කෙරෙන්නේ එකම දේ. කස්‌ටමර්ට පොවලා, නටවලා පිස්‌සු වට්‌ටලා පහළ හරි උඩ හරි කාමරයකට දක්‌කන එක තමයි.

ඒකට ඉතිං කෙල්ලො සූර වෙන්න ඕනා. ලිකර්, බයිට්‌වලට, කාමරයට, ඇතුළට යන අපිට වෙන, වෙනම කැෂියර්වලින් අය කර ගන්නවා.

පාළු කාමරයක්‌ ඇතුළේ බේබද්දෙක්‌ එක්‌ක හයිරං අල්ලන අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ ඒ මනුස්‌සයා දීලා යන සොච්චම විතරයි. එකත් නැති නම් අරක්‌කු ගඳයි මහන්සියයි විතරයි.

කස්‌ටමර් කෙනෙක්‌ එක්‌ක කාමරයකට ගියාම කමිෂන් එක ටිකක්‌ වැඩියි.

එහෙමයි කියලා අපිව විකුණලා ගන්න පන්දාහ, හය දාහයෙන් බාගයක්‌ අපිට දෙන්නෙ නෑ. සීයට ගානයි. ඒක ක්‌ලබ් එකෙන් ක්‌ලබ් එකට වෙනස්‌ වෙනවා...''

මේ නයිට් ක්ලබ් ජීවිතය ගැන ගැහැණියයක් දිගහැරි කතාවයි.

''දැන් ගොඩක්‌ම නයිට්‌ ක්‌ලබ්වල කස්‌ටමර්ට හරි එයත් එක්‌ක එන කිහිප දෙනාට කැමැති විදිහට අවශ්‍ය ගානට කෙල්ලො අරගෙන වීඅයිපී රූම් එකක්‌ බුක්‌ කරගන්න පුළුවන්.

වෙන අය නෑ. ඒ කිහිපදෙනයි අපියි විතරයි. ඩාන්ස්‌ කරලා, කාලා බීලා හිතේ හැටියට සතුටු වෙන්න පුළුවන්.

බිල ටිකක්‌ ඩබල් වෙනවා. වීඅයිපී ගියහම අපිට ටිකක්‌ වැඩියෙන් බොන්න වෙනවා.

සම්තින් එකත් වැඩියි. නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලෙක්‌ම හොඳට සිගරැට්‌, අරක්‌කු බොනවා.

සමහර අය මත්ද්‍රව්‍යයත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මත් පෙති වර්ග. ඒ ලෝකෙට ඕන විදිහට කෙල්ලො වෙනස්‌ වෙනවා.

සිගරැට්‌, අරක්‌කු නැතිව නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන්න බෑ. ඒක අපේ වෘත්තියේම කොටසක්‌. නයිට්‌ ක්‌ලබ් එක ඇතුළේදී අපිට තියෙන්නේ කස්‌ටමර්ට සිගරැට්‌, අරක්‌කු විකිණීම.

එක කරන්න ඕන පානියෙන්. වැඩියෙන් අරක්‌කු, සිගරැට්‌ විකුණන්න ඕන නිසා එයාගේ ඇඟ දැවටීගෙන තොඳොල් වෙලා කස්‌ටමර් ගන්න බෝතලයෙන්, සොට්‌ එකෙන් වැඩි ප්‍රමාණයක්‌ අපි බොන්න ඕනෑ.

කට ගාවට බිව්වත් හොඳ සිහියෙන් ඉන්න ඕන නිසා නිතරම ශක්‌තිජනක පානය බෝතලයක්‌ තොල ගානවා.

ක්‌ලබ් එකේ තියෙන ඉස්‌තරම්ම වර්ගයේ බයිට්‌ වර්ග ගන්න කියලා කස්‌ටමර්ලව පොළඹවනවා.

අපි මොනවා කෑවා, බිව්වත් බිල ගෙවන්නේ අපිව තුරුලු කරගෙන ඉන්න කස්‌ටමර්ලාම තමයි.

ශක්‌තිජනක බෝතල් කොච්චර බිව්වත් එළිවෙනකොට කෙල්ලන්ට කෙළින් ඉන්න බැරි තරමට වැඩියි. සමහර කෙල්ලන්ව නිර්වස්‌ත්‍රයෙන් පාරේ ඇවිද්දුවත් දන්නේ නෑ...''

''මේ ෆීල්ඩ් එකට මුලින්ම එන සමහර කෙල්ලො අරක්‌කු සිගරැට්‌ අතින්වත් අල්ලලා නෑ. ඒ වුණාට නයිට්‌ ක්‌ලබ් එකේ වැඩට ආපු පළමු දවසේම කෙල්ලට බොන්න වෙනවා.

සමහර කෙල්ලො සොට්‌ එක අරගෙන ටික වේලාවක්‌ යනකොට හතරගාතේ දාලා වැටිලා ඉන්නවා.

පව් ඉතිං... ඊට පස්‌සේ එකීට මොනව වෙනවාද කියලා කෙල්ල දන්නෙ වෙරි හිඳිලා ඇඟ රිදෙනකොට.

ඒත් අලුතින් වෙන්න දෙයක්‌ නෑ. ඔක්‌කොම සෙල්ලම් ටික කරගෙන නැති නම් ක්‌ලබ් එකට කෙල්ලව හඳුන්වා දෙන අය බලහත්කාරයෙන් සෙල්ලං කරලා තමයි නයිට්‌ ක්‌ලබ් එකකට කෙල්ලෙක්‌ව බස්‌සන්නේ.

සමහර කෙල්ලො 'මේ අපායේ ඉන්න බෑ' කියලා මුලදි පැනලා යන්න හදනවා. ඒත් ගැලවීමක්‌ නෑ. මුලින්ම නයිට්‌ ක්‌ලබ් එකකට එන කෙල්ලෙක්‌ව එළියට දාන්නේ මාසයක්‌ දෙකක්‌ ගියාට පස්‌සෙ.

ඒ කාලය හිරේ ඉන්නවා වගේ තමයි. සතියක්‌ දෙකක්‌ යනකොට කෙල්ල ගානට අරක්‌කු සිගරැට්‌වලට වගේම හැම දේකටම පදම් වෙනවා...''

''ගමේදී වන්නමක්‌වත් නටලා නැති කෙල්ලො ක්‌ලබ් එක ඇතුළේදී හින්දි නිළියො වගේ ඩාන්ස්‌ කරනවා. ඇඟ ඇතුළේ ඉන්න නැට්‌ටුක්‌කාරිව, කාමය අවුස්‌සලා ගන්නේ අරක්‌කු සහ සල්ලි.

ඒ දෙක එකතු වුණාට පස්‌සෙ කෙල්ලට මොනව වෙනවද කියලා එකී දන්නෙත් නෑ. ඊට පස්‌සෙ කෙල්ල කස්‌ටමර් ළඟ කුරු, කුරු ගාන පූස්‌ පැටියෙක්‌ වගේ තමයි.

වෙනස තියෙන්නෙ පූසා දෙන දේ කාලා ඇඟේ වෙලෙනවා.

නයිට්‌ ක්‌ලබ් පූසි කස්‌ටමර්ට කවනවා. ඒත් කෙල්ලො නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන්නේ ජීවත් වෙන්න ක්‍රමයක්‌ නැති නිසයි. එක කෙල්ලෙක්‌වත් රස්‌සාව ගැන සතුටින් කතා කරන්නේ නෑ. ඒත් ගමේ ගාමන්ට්‌වල බැණුම් අහගෙන දවසම කඹුරලා මාසෙ අන්තිමට ගන්න දහ පහළොස්‌දාහට වඩා නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන කෙල්ලො හම්බ කරනවා.

නයිට්‌ ක්‌ලබ්වලයි, ගාමන්ට්‌වලයි කියලා වෙනසක්‌ නෑ. ගාමන්ට්‌වල ඉහළට යන්නයි, ක්‌ලබ්වල වැඩියෙන් හම්බ කරන්නයි කරන්න තියෙන්නෙ එකම දෙයයි.

නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන කෙල්ලන්ගේ ජීවිත අරක්‌කු සිගරැට්‌වලටම පිච්චිලා යනවා.

ක්‌ලබ් එක විවෘත කරපු මොහොතේ ඉඳලා වහනකම් ඇතුළ සිගරැට්‌ දුම්වලින් පිරිලා. අපි හුස්‌ම ගන්නේ සිගරැට්‌ දුම. ජීවිතය කෙටියි. ලෙඩ දුක්‌ වැඩියි. ඒ වගේම තමයි නයිට්‌ ක්‌ලබ් ඇතුළේදී තියෙන අවදානම.

හිටපු ගමන් කස්‌ටමර්ලා මරා ගන්නවා. එක කෙල්ලව බෙදාගන්න බැරිවත් ගහ මරා ගන්න අවස්‌ථා තියෙනවා.

ඒවට මැදිවෙල අනන්තවත් කෙල්ලෝ තුවාල වෙනවා. මටත් එහෙම අත්දැකීම් දෙකක්‌ තියෙනවා. එක සිද්ධියකට මුහුණ දෙන්න වුණේ දෙහිවල නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරන කාලේ. ඒකත් වුණේ කෙල්ලෙක්‌ව බෙදාගන්න බැරිව...'

''ඒ කෙල්ල හරිම ලස්‌සනයි. බෝල ගෙඩියක්‌ වගෙයි. කවුරුහරි එකෙක්‌ අමාරුවේ දාලා 'දෙන්නත් එක්‌ක කොළඹ ගිහින් ජොබ් එකක්‌ කරලා සල්ලි ටිකක්‌ හම්බ කරගෙන කසාද බදිමු' කියලා කෙල්ලව කොළඹ ගෙනත් තියාගෙන ඉඳලා නයිට්‌ ක්‌ලබ් එකකට විකුණලා කොල්ලා පැනලා ගිහිල්ලා.

පොළොන්නරුව පැත්තෙ කෙල්ලෙක්‌. පවුලේ කෙල්ලොම තුන් දෙනෙක්‌. සතෙක්‌ කාලා තාත්තා නැති වෙලා. අම්මා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ.

මේ කෙල්ල පවුලේ දෙවෙනියා. ක්‌ලබ් එකට එනකොට අවුරුදු දාහතයි. ඒ ක්‌ලබ් එකේ ලොකු තැන ඉඳලා වටේ ඉන්න උනුත් මාසයක්‌ දෙකක්‌ රෑ දවල් තියාගෙන ඉඳලා තමයි කෙල්ලව ක්‌ලබ් එකට අතහැරියේ. ඊට පස්‌සෙ ක්‌ලබ් එකේ වැඩ කරන අයියලත් නංගිව හොඳට බලා ගත්තා. කෙල්ලට කරන්න දෙයක්‌ නෑ. උගුලකට පැටලිච්ච සතෙක්‌ වගේ කවුරුහරි බේරගන්නකම් ඉන්නවා.

මුලදි මම පුළුවන් තරම් උත්සාහ කළේ කෙල්ලව පන්නගෙන ගිහින් ගෙදරට භාර දෙන්න. හරි ගියේ නෑ.

කෙල්ලගේ ලස්‌සන ඒකිගේ ජීවිතේ අවාසනාවටම හිටියා. ටික දවසක්‌ යනකොට එකී එක්‌ක ඉන්නම කස්‌ටමර්ලා එන්න පටන් ගත්තා.

ක්‌ලබ් එකේ ආදායම වැඩි වෙනකොට කෙල්ලට වැටුණු බැරියර් වැඩි වුණා. පස්‌සෙ ඒකිව පන්නගෙන යන අදහස මම අතහැර දැම්මා. ඔහොම ඉන්නකොට දවසක්‌ මුලින් ආපු කොල්ලො දෙන්නෙක්‌ ඒ කෙල්ලවයි තව කෙල්ලෙක්‌වයි අරගෙන පැත්තකට වෙලා විනෝද වෙවී හිටියා.

ඊට පැයකට විතර පස්‌සෙ කෙල්ලව හැමදාම ගන්න සෙට්‌ එකක්‌ බැස්‌සා...''

''මේ අපේ කෙල්ල. මේකිව අපිට දීපල්ලා'' කියලා අර කොල්ලො දෙන්නට පොඩි සත්තමක්‌ දැම්මා.

''කොල්ලො නිශ්ශබ්දව ඉඳලා ඇස්‌වලින් කතා කරලා කෙල්ලට යන්න කිව්වා. අපි හැමෝම හිතුවා කේස්‌ එක එතැනින් ඉවරයි කියලා. ඒ සිද්ධිය වෙලා පැය භාගයක්‌ ගියේ නෑ. කොල්ලෝ පහළොවක්‌ විතර ආවා.

කෙල්ලව ඉල්ලගෙන ආපු සෙට්‌ එකේ එකෙකුටවත් නැඟිටින්න දෙන්නෙ නැතුව ගැහුවා. බවුන්සර්ලටවත් නතර කරගන්න බැරි වුණා. එකම යුද පිටියක්‌. එකෙක්‌ ටේබල් එකක්‌ උස්‌සලා විසි කාලා.

ටේබල් එකේ වීදුරු ලෑල්ල කැඩිලා කෑල්ලක්‌ ඇවිත් මගේ වම් අතේ වැදිලා කැපුණා. මම දවස්‌ තුනක්‌ ඉස්‌පිරිතාලෙත් හිටියා.

එදා එළියට පැන්න ගමන් ඒ කෙල්ල මිසින් වුණා. ඊට පස්‌සෙ වෙන ක්‌ලබ් එකක වැඩ කරද්දී මට හම්බ වුණා. ඒ වෙනකොට කෙල්ල මටත් වඩා ඇඩ්වාන්ස්‌. වෙනම කාමරයක්‌ අරගෙන නතර වෙලා ජීවිතය හොඳටම එන්ජෝයි වෙනවා.

කෙල්ල හොඳට හම්බ කළා. ඒත් ඉතුරු කරන බවක්‌ පෙනුණේ නෑ. උපදෙසක්‌ දීලාවත් ගොඩ ගන්න බැරි තත්ත්වයට වැටිලා හිටපු නිසා මම කෙල්ලව අතහැරලා දැම්මා...''

''අනිත් සිද්ධිය වුණේ කොල්ලුපිටියේ නයිට්‌ ක්‌ලබ් එකකදී. එතැන වුණේ එළියේ ගැටුමක්‌ ක්‌ලබ් එක ඇතුළේදී ඇවිලී යැමක්‌. එදා නම් ක්‌ලබ් එක ඇතුළ සම්පූර්ණයෙන්ම කුඩු පට්‌ටම් වුණා.

කොහොමහරි බවුන්සර්ලා හයිරන් අල්ලලා දෙපැත්තේම අය එළියට දාලා ක්‌ලබ් එක වැහුවා. එළියේදී වෙඩිත් තියා ගත්තා. වැඩ කරපු කෙල්ලො තුන් හතරදෙනකු ගැටුමට මැදිවෙලා ඉස්‌පිරිතාලෙත් හිටියා. මට නම් ඉස්‌පිරිතාලේ ඉන්න වුණේ නෑ. බෙහෙත් දාගෙන ගෙදර ගියා. ක්‌ලබ් එක අරින්න මාසයක්‌ විතර ගියා. ඒ මාසෙම මම ගෙදරට වෙලා හිටියා...''

''මේ ජොබ් එකේදි ඒ වගේ සිද්ධි සාමාන්‍යයි. ඒවට බය වෙලා මේ ජොබ් එක කරන්නත් බෑ. නයිට්‌ ක්‌ලබ් ඇතුළේ තෙම්පරාදු වෙන්න, වෙන්න ජීවිතේට ලැබෙන අත්දැකීම් වැඩියි. අපිට මුණගැහෙන සමහර කස්‌ටමර්ලා බොහෝම ගුණයහපත්.

ක්‌ලබ් එක ඇතුළේදී වුණත් උමතුවෙන් හැසිරෙන්නෙ නෑ. අපිට කරදර කරන්නෙත් නෑ. අපෙන් ගන්න සේවයට අන්තිමේ හොඳ ගෙවීමකුත් කරලයි යන්නේ.

එහෙම අයගේ ෆොටෝ අපේ හිතේ ඇඳිලා තියෙන්නෙ. එහෙම කස්‌ටමර්ලා ක්‌ලබ් එකේ දොරෙන් ඇතුළු වෙනකොටම කෙල්ලො බදාගෙන පිළිගන්නේ.

නැති නම් අපේ ඕනෑකමට නම්බර් එක දීලා ආයිත් එනකොට කෝල් කරලා එන්න කියනවා.

එහෙම කස්‌ටමර්ලා එළියේදී මීට්‌ වෙන්න කතා කළත් දෙපාරක්‌ හිතන්නෙ නෑ එන්න කියන තැනකට යනවා.

ඒ මිනිස්‌සුන්ගෙන් කරදරයක්‌ වෙන්නේ නෑ කියලා අපිට විශ්වාසයි.

කොහොමත් අපි විකිණෙන එකේ හොඳ මනුස්‌සයෙක්‌ එක්‌ක ඉඳලා කීයක්‌ හම්බ වුණත් සතුටින් යන්න පුළුවන්.

තව සමහර කස්‌ටමර්ලා ඉන්නවා බිව්වට පස්‌සෙ හැසිරෙන්නෙ පිස්‌සො වගෙයි. ළඟට ගන්න කෙල්ලට දස වද දෙනවා.

බලෙන් අරක්‌කු පොවනවා. අරක්‌කු වීදුරුවලට හොරාට මත් පෙති දාලා දෙනවා. උන්ට ඕන අපිට වැඩි වුණාට පස්‌සෙ යට ඇඳුම් ගලවලා අපිව නටවන්න. එහෙම නටනකොට අපේ පපුව අස්‌සට සල්ලි කොළ දානවා.

එක එක දේවල් කරනවා. වැඩි වෙලා සැටිවල වැතිරිලා හිටියොත් ඇඟට අරක්‌කු, වතුර වක්‌කරලා රස විඳිනවා. ඒවා උමතු රෝග.

වැඩියෙන්ම ඔය වැඩ කරන්නෙ මදාවි කොල්ලො. ක්‌ලබ් ඇතුළට ඒ වගේ කස්‌ටමර්ලා ඇතුළු වෙනවා දැක්‌කම කෙල්ලො හැංගෙනවා.

නයිට්‌ ක්‌ලබ්වලට ගොඩක්‌ම එන්නේ ජීවිතය හොඳට එන්ජෝයි කරන මිනිස්‌සු. සුළු ප්‍රමාණයක්‌ තමයි උමතු රෝගීන් එන්නේ.

එහෙම සෙට්‌ එකකට කොටු වෙච්ච දවසට එළිවෙනකොට සෝපාවක්‌ උඩ දොයිය පතං තමයි. කිසිම සම්තින් එකකුත් නෑ. වෙරි හිඳුනට පස්‌සෙ ඇඟේ අමාරු හොඳ කරගන්න තවත් කීයක්‌ හරි වියදම් කරන්න ඕනා...''

_හිරුගොසිප්

පුතා දක්ෂ දරුවෙක් කියලා හඳහනේ තිබ්බා

lochana-imashi-article

ලෝචනාගේ පුංචි පැටියා දැන් මාස හතරක ලොක්කෙක්නේ. කොහොමද පුතා එක්ක ගෙවෙන ජීවිතේ..?

එයත් එක්ක ගෙවෙන ජීවිතේ හරිම ෂෝක්. එයා හරිම හුරතල්. එයත් එක්ක ඉන්න අපේ ගෙදර හැමෝම කැමැතියි. එයත් එක්ක ඉන්නකොට කාලය ගෙවෙනවා තේරෙන්නේ නැහැ. දැන් ඉතිං පුතාට මාස හතරක්. කාලෙත් ගෙවිලා ගියා. තේරුණේවත් නෑ.

පුතාගේ වැඩ රාජකාරි වෙන්නේ ලෝචනාගේ අතින්මද..?

බබාගේ කෑම හදන, කවන පොවන වැඩ, එයාව බලාගන්න වැඩ මම කරනවා. හැබැයි බබාව නාවන්නේ මගේ අම්මා. මොකද මම තාම එයාව නාවන්න බයයි. ආදරය වැඩිකමට තමයි එහෙම බය හිතෙන්නේ.

පවුලේ පළමුවැනි මුනුපුරා නිසා පුතාට වැඩි ආදරයක් ලැබෙනවත් ඇති නේද..?

අම්මෝ ඔව්. අපේ පැත්තෙන් පළමුවැනියටම ලැබුණු මුනුපුරා තමයි මෙයා. ඒ නිසා හැමෝම පුතාට ආදරෙයි. අම්මා, තාත්තා, ආච්චි, මගේ නංගි, නංගි බැඳපු මල්ලි ඒ හැමෝම එයාලගේම දරුවෙක් වගේ මගේ පුතාව බලාගන්නවා. පුතා හැමෝගෙම හුරතලේ වෙලා. එයාලා පුතාව බලාගන්න නිසා මට ලොකු බරක් දැනෙන්නේ නෑ.

පසුගිය දවස්වල හස්බන්ඩ් ලංකාවට ඇවිත් හිටපු නිසා පුතාගේ වැඩවලට හස්බන්ඩ්ගේ සපෝට් එකත් ලැබෙන්න ඇති..?

ඔව්. පුතා ලැබෙද්දි ලංකාවට ඇවිත් එයා ආයෙත් විදෙස් ගතවුණා. මාස තුනකට විතර පස්සේ තමයි ආයෙත් එයා ලංකාවට ආවේ. ලංකාවට ආවම පුතාගේ වැඩ එයා කැමැත්තෙන්ම කරනවා.

තාත්තා පුතාට ගොඩක් ආදරෙයි වගේ..?

අම්මෝ ඔව්. එයා ලංකාවේ හිටියේ නැතත් එයාට පුතාව වීඩියෝ කෝල්ස් අරන් පෙන්නන්න ඕනේ. පුතාගේ ෆොටෝස් යවන්න ඕන. එයාට පුළුවන් වුණ ගමන් ලංකාවට එන්නෙත් පුතා එක්ක ගෙවන කාලය එයාට වටින නිසා.

පුතා පවුලට එකතු වුණාට පස්සේ ලෝචනාගේ ජීවිතේ වෙනස් වෙලාද..?

මගේ ගතිගුණ, මගේ විදිය වෙනස් වෙලා නැහැ. බබාගේ වැඩ නිසා ඉස්සරට වඩා කාර්යබහුලයි. පුතා ලැබුණ දවසේ ඉඳන් මේ වෙනකල් මම එක දිගට නිදාගත්ත දවසක් නැහැ. නිදාගන්න ලැබෙන්නේ නම් ගොඩාක් අඩුවෙන්. කටුක ජීවිතයක් ගත කළත් පුතා දකිද්දි, එයා එක්ක ඉද්දි ඒ හැමදේම අමතක වෙලා යනවා.

ඒ කියන්නේ ලෝචනා සැහැල්ලුවෙන් විඳපු ජීවිතයට තිත වැටිලද..?

නෑ.. නෑ.. ඒ විනෝදය සැහැල්ලුව තාම මගේ ජීවිතේ තියෙනවා. හස්බන්ඩ් ලංකාවට ආවට පස්සේ අපි ටි්‍රප් ගියා. අපි පුතාවත් එක්ක ගියා. මම පුතාව වුණත් එක තැන තියන්න කැමැති නැහැ. එයාට ඒ දේවල් හුරු කරන්න ඕන. අපි විඳින විනෝදය සැහැල්ලුව අපි පුතාටත් දැන්ම ඉඳලම දෙනවා. එතකොට එයාටත් ජීවත් වෙන්න පහසුයි.

පුතාගේ නමත් දැන් කියමු..?

පුතාගේ නම නේදුල නවරත්න. නොයෙක් බැබළීම් ඇති කියන අර්ථය එන්න තමයි ඒ නම දැම්මේ.

කවුද නම දැම්මේ..?

චින්තා වික්‍රමසිංහ තමයි පුතාට නම තිබ්බේ. පුතාගේ හඳහනේ තිබ්බා එයා හැම පැත්තෙන්ම දක්ෂ ළමයෙක් වෙනවා කියලා. අපිට හදලා දුන්න නම් වලින් අපි මේ නමට ගොඩාක් කැමැති වුණා.

ලෝචනා හිතන විදියට පුතා මොන පැත්තෙන් බැබළෙයිද..?

ඒක දැන්මම කියන්න බෑ. කොහොම වුණත් එයා හැමෝටම ළැදි හොඳ දරුවෙක් වෙයි. හස්බන්ඩ්, මම ගොඩාක් ආගමට ළැදියි. ඉතිං එයත් අපි විදියටම හැදෙයි. ඒ වගේම හොඳ පාරක යයි.

අම්මා වගේ පුතත් දැන්මම රඟපාන්න අරගෙන නේද..?

වස්සානේ ප්‍රේමය ඩ්‍රාමා එකේ එයා රඟපෑවා. එයාට අපහසුතාවක් වෙන්නේ නෑ කියපු නිසා පුතාව නාට්‍යයට දුන්නා. නිතරම එහෙම වැඩවලට දෙන්න අදහසක් නැහැ. මොකද ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලන්නේ දරුවගේ පහසුවනේ. එයාව සැපට තියන්න අපිත් කැමැතියි. එයාට අපහසුවක් නොවෙන දෙයක් නම් එයාව යොමුකරනවා. අපි එයාට හෙඳට උගන්නනවා. එයා යන්න ඕන පාර තෝරගනියි.

කවදාහරි පුතත් රංගන ක්ෂේත්‍රයට යන පාර තෝරා ගත්තොත් ලෝචනා කැමැති වෙනවද..?

මගේ හස්බන්ඩ් ප්‍රොඩියුසර් කෙනෙක්. මමත් ක්ෂේත්‍රයට සම්බන්ධ ක්ෂේත්‍රයට ආදරය කරන කෙනෙක්. ඉතිං පුතාත් රංගනයට ළැදි ඇති. මගේ වෘත්තිය නරකයි කියලා මම කියන්නේ නෑ. එයා මේ ක්ෂේත්‍රය තෝරගත්තොත් මම එපා කියන්නෙත් නෑ.

දැන් ලෝචනා ආයෙත් රඟපාන්නත් පටන් අරගෙනනේ..?

මීට අවුරුදු හතරකට පහකට විතර කලින් කරලා තිබ්බ නාට්‍යයක ඉතුරු වැඩ ටික කරන්න තිබ්බා. ඒකේ වැඩ පටන් ගත්තට පස්සේ තවත් වැඩ කරන්න සිද්ධ වුණා.

ෂූටිං ගියාම පුතාගෙන් දුරස්වෙලා ඉන්න පුළුවන්ද..?

හරිම අමාරුයි. මම වගේම මගේ ගෙදර අයත් පුතාව බලාගන්න නිසා තමයි මට ආයෙත් වැඩ කරන්න පුළුවන්. පවුලේ අයගේ හයියෙන් තමයි මම ඉන්නේ. ෂූටිං ගියත් මම වැඩ ඉවර වුණ ගමන් ගෙදර එන්න බලන්නේ. සමහර වෙලාවට සෙට්වලදි මට පරක්කු වෙනවා කියලා බැනගෙන ගෙදර එන්නේ. හැබැයි මට වැඩ කරන අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ෂූටිං ගියත් ස්කයිප්වලින් පුතා එක්ක කතා කරනවා.

මොනවද පුංචි පවුලේ ඉදිරි සැලසුම්..?

ගොඩාක් දේවල් සැලසුම් කරගෙන නෑ. මේතාක් හැමදේම හොඳට වුණා වගේ ඉදිරියටත් හැමදේම හොඳින් සිද්ධවෙයි. ඉදිරියේදී හස්බන්ඩ් ගාවට පුතයි මමයි ගිහින් එන්නත් හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
ඡායරූප - නුවන් අමරවංශ

සමලිංගිකතාව මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්‌

gay-rights-03

සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්යාවකි. සම ලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවලදී අස්‌වාභාවික චර්යාවක්‌ ලෙස සැලකුනේ නැත. ග්‍රීක ඉතිහාසඥයකු වන හිරොඩෝටස්‌ ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්‌වදේශීය ජන සමාජවල සමලිංගිකත්වයට තහංචි නොවීය. රතු ඉන්දියානුවන් අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක්‌ ඇති (Two spirited) තැනැත්තන් ලෙසටය. පිතෘ මූලික සමාජයක්‌ වූ රෝම සමාජයේ ද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියකු වූ වර්ල් සමරිසියන් අතර තිබූ ආදරය පිළිබඳ කවි ලියුවේය.

ruwan-m-jayatunga
වෛද්‍ය රුවන් එම්. ජයතුංග

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්‍ෂේප කරන ලදී. ආදි ක්‍රිස්‌තියානි දේශකයකු වූ ටර්ටූලියන් (කි.ව 155 - ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්‌වාභාවික සහ දුරාචාර ක්‍රියාවක්‌ බව දේශනා කළේය. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කළ බැවිනි. ඉස්‌ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි. ඒ සඳහා දඬුවම් කළ යුතුය. ඉස්‌ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසා දැමීමෙන් හෝ ගල් ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝරා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්‌ෂේප කරයි.

ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක්‌ මෙන්ම විරෝධයක්‌ මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්‌තියානි ශාස්‌ත්‍රඥයෙකු වූ තෝමස්‌ ඇක්‌වයිනාස්‌ සම ලිංගිකතාව ස්‌වභාව ධර්මයට එදිරිව යන අස්‌වාභාවික ක්‍රියාවක්‌ ලෙස දේශනා කළේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්‌තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදී. ස්‌පාඤ්ඤ සංවික්‌ෂණ සමයේදී (Spanish Inquisition) සමරිසියන් ලෙස සැක කළ ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්‌සා මරා දමන ලදී.

එංගලන්තයේ වික්‌ටෝරියානු සමාජය තුළ සමලිංගිකත්වයට නෛතික තහනමක්‌ තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්‌කා වයිල්ඩ් සිරගෙට නියම විය. 1871 දී එංගලන්තයේ වේදිකා නළුවන් දෙදෙනකු වූ තෝමස්‌ බෝල්ටන් සහ විලියම් පාර්ක්‌ට එදිරිව සමලිංගික චෝදනා ගොනු කරන ලදී. කෙසේ නමුත් එම නඩුවේදී චෝදනා සනාථ කිරීමට සාක්‌ෂි නොවූයෙන් ඔවුන් දෙදෙනා නිදහස්‌ කරන ලදී. වික්‌ටෝරියානු එංගලන්තය සමලිංගිකත්වය භයානක අපරාධයක්‌ ලෙස නම් කරන ලදී.

බෞද්ධ සංස්‌කෘතිය තුළ සමරිසියන් පීඩාවට පත් කිරීමක්‌ නොවීය. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනකු අතර තිබූ සමලිංගික සබඳතාවක්‌ ගැන සඳහන් වේ. එසේම බුදුන්ගේ රූපයට ඇළුම් කළ වක්‌කලී තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකිය. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය.

අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස්‌, රොබට්‌ නොක්‌ස්‌, පර්සිවෙල් යනාදීන්ගේ වාර්තාවල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක්‌ ගැන සඳහනක්‌ නැත. ඇතැමෙක්‌ විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක්‌ තිබී ඇත. සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්‌වන ලද්දේ මධ්‍යස්‌ථ ස්‌වභාවයක්‌ බව පෙනී යයි.

ලිංගික දිශානතිය (Psycho sexual Development) සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන, හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ත්ව ලෝකයේ ද සමකාමීත්වය වාර්තා වී ඇත.

ජර්මානු මනෝ වෛද්‍යවරයකු වූ රිචඩ් වොන් ක්‍රාµaට්‌ ඊබිං 1840 දී සමලිංගිකත්වය සහ ස්‌වයං වින්දනය ලිංගික අපගාමී චර්යාවන් ලෙස නම් කළේය. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක්‌ ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාµaට්‌ ඊබිංගේ බලපෑම හේතු කාරක විය.

1905 දී සිග්මන්ඩ් ෙµ්‍රdයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman මගින් සමලිංගිකත්වය විග්‍රහ කළේය. වික්‌ටෝරියානු සංස්‌කෘතිය තුළ උපත ලබා එම සංස්‌කෘතිය තුළ ජීවත් වූ ෙµ්‍රdයිඩ් මනෝ වෛද්‍ය රිචඩ් වොන් ක්‍රාµaට්‌ ඊබිං අනුව යමින් සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවක්‌ නිසා පැන නගින බව කීවේය. එහෙත් සමකාමී බව මානසික ව්‍යාධියක්‌ බව ෙµ්‍රdයිඩ් කීවේ නැත. එසේම යුරෝපයේ සමකාමීන් පෙලූ නීතිවලට ෙµ්‍රdයිඩ් එකඟ නොවීය. සමකාමීත්වය මනෝ ලිංගික වර්ධනයේදී (ඡිහජයද seංම්ක Deඩැකදචපැබඑ) මතු වන අවහිරතාවක්‌ නිසා පැන නගින බව ෙµ්‍රdයිඩ් විශ්වාස කළේය. එසේම ෙµ්‍රdයිඩ්ගේ සිසුවකු වූ මනෝ වෛද්‍ය හැරී ස්‌ටක්‌ සුලිවන් සමකාමියකු විය.

ලිංගිකත්වය පිළිබඳ පර්යේෂකයෙකු වූ ඇල්µ්‍රඩ් කිංසි 1943 - 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male/ Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක්‌ එළිදක්‌වන ලදී. කින්සිට අනුව සෑම පුද්ගලයන් දහදෙනකුගෙන් එක්‌ අයකු සමකාමියකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමට ද කින්සි විරුද්ධ විය. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්‌ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස්‌ විය හැකිය. උදාහරණයක්‌ ලෙස දීර්ඝ කාලයක්‌ පුරා සිරගත කරන ලද විෂම ලිංගික සිරකරුවන් තුළ ඇතැම් විට සමලිංගික රුචිය වර්ධනය වූ අවස්‌ථාවන් ඔහු පෙන්වා දුන්නේය. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්µ්‍රඩ් කිංසිගේ පර්යේෂණ ඉවහල් විය.

1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ කාර්ය සංග්‍රහයේ (The Diagnostic and Statistical Manual of Mental
Disorders) DSM) සමලිංගිකත්වය මානසික ව්‍යාධියක්‌ ලෙස නම් කරන ලදී. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍යවරයකු වූ රොනල්ඩ් බේයර්ගේ පර්යේෂණ සහ පත්‍රිකා නිසා සමලිංගිකත්වය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව බැලීමට ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය යොමු විය. මේ නිසා 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක්‌ නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදී. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදී.

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්‌සැන්ඩර් රජු, මයිකල් ඈන්ජලෝ, ලියනාඩෝ ඩා වින්චි, ඇලන් ටියුරින්, එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ.

සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව (lesbian"gay" bisexual or transgender) LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්‌වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ, යේමනයේ සමලිංගිකයන් මරණ දඬුවමට යටත් වෙති. එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව ඇතුළු රටවල් 77 තුළ (ශ්‍රී ලංකාවද ඇතුළුව) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ.

සමරිසියන් කෙරෙහි දක්‌වන බිය සහ එදිරිවාදී බව හෝමෝෙµdaබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක්‌ අනුගත කළ හැකි බව විද්වතුන් පවසති උදාහරණයක්‌ ලෙස ඇඩොල්µa හිට්‌ලර් තුළ අවිඥානිකව සමකාමී ආශයන් මතු වූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක්‌ දැරිය. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස්‌ කාමර වෙත යෑවීය. ඇමරිකානු මනෝ විද්‍යාඥයකු වන හෙන්රි මරේ ඇඩොල්µa හිට්‌ලර් තුළ පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශ්‍රය පිළිබඳව සඳහන් කොට ඇත. තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කළ එµa.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයකු විය. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක්‌ දැක්‌වීය.

නිදහස්‌ මතධාරී ප්‍රංශ කොමියුනිස්‌ට්‌වරියක මෙන්ම ලෙනින්ගේ හිතවතියකද වූ ඉනේසා අර්මාන්ඩ් සෝවියට්‌ දේශයේ ලිංගික නිදහස පිළිබඳව ක්‍රියා කළ නමුදු සමකාමීන්ගේ අයිතිවාසිකම් ගැන ඇය අමතක කළාය. සෝවියට්‌ දේශය තුළ සමරිසියන්ට නිදහසක්‌ නොවීය. ඔවුන්ගේ ජීවිත බොහෝ විට අවසන් වූයේ පුනරුත්ථාපන කඳවුරුවලය. ස්‌ටාලින් යුගයේදී සමලිංගික චෝදනා සඳහා දඬුවම වූයේ වසර පහකට ශ්‍රම කඳවුරකට යෑවීමයි. එසේම කියුබාවේ µsදෙල් කැස්‌ත්‍රොaද සමරිසියන්ව කඳවුරුවලට ගාල් කරන ලදී.

1791 දී ප්‍රංශ විප්ලවයෙන් පසු සමලිංගිකයන්ට එරෙහිව තිබූ නීති ඉවත් කරන ලදී. එහෙත් නැපෝලියානු යුද සමයේදී යළිත් වරක්‌ සමලිංගිකයන්ට එරෙහිව නීති සම්පාදනය විය. µeන්කෝගේ පාලන සමයේදී ස්‌පාඤ්ඤයේ සමරිසියන්ට දැඩි දඬුවම් පමුණුවන ලදී. යුරෝපයේ තිබූ සමරිසි විරෝධය අවසන් වීම සනිටුහන් වන්නේ 1989 දී ඩෙන්මාර්කය විසින් සමලිංගික සබඳතා නීතිගත කිරීමෙන් පසුවය. මේ වන විට බොහෝ යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් විසින් සමලිංගිකත්වය නීතිගත කොට ඇත.

දණ්‌ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුළ සමලිංගික චර්යවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ 1886 දීය. සමලිංගික සම්බන්ධතා "ස්‌වභාවික නොවන ලිංගික හැසිරීමක්‌" සහ සාපරාධී ක්‍රියාවක්‌ ලෙසින් විග්‍රහ කරන මෙම නීතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද අතර මේ වන විට බ්‍රිතාන්‍ය සමලිංගික විවාහය නීතිගත කර තිබේ.

මානව හිමිකම් පාර්ශ්වයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්‌ව කැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වන්නේ නම් සංස්‌කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකළ යුතු බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. මේ අතර සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට්‌ මණ්‌ඩලය හමුවට ආ යෝජනාව තමන් ඉවත දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ.

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්‌ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැර කිරීම, ගර්හාවට පත්කිරීම මානුෂිකවාදී ද කියා සිතීමේ කාලය එළැඹී තිබේ.

_දිවයින

30 January, 2017

කිම්ගේ මංකොල්ලයට සැකපිට 17ක් අත්අඩංගුවට

kim-kardashians-robbery

පසුගිය කාලයේ හොලිවුඩයේ සිදුවූ මංකොල්ලකෑමක් පිළිබඳව බොහෝ ලෙස කතාබහට ලක්විය.

ඒ ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කාර්ඩෂියන්ගේ පැරීසියේ පිහිටි නිවසෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයයි.

විදෙස් මාධ්‍යයේ වාර්තා වූ ආකාරයට එදා කිම්ගේ නිවසින් ඩොලර් මිලියන 11ක් වටිනා ස්වර්ණාභරණ සහ තවත් වටිනාකමින් යුතු බඩු බාහිරාදිය අතුරුදන් වී තිබේ.

පසුගිය සතියේ ප්‍රංශ පොලීසිය මෙම මංකොල්ලයට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලිස් නිලධාරීන් පවසන්නේ අවුරුදු 23ත් 72ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ පැරිස් නුවර විවිධ ස්ථානවලදී උදෑසන 6ට පමණ බවයි.

සැකකරුවන්ගේ අනන්‍යතාව මීට වඩා හෙළි කිරීම අපහසු බවද ඔවුහු පැවසූහ. ඉදිරියේදී මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන බවත් සඳහන් වේ.

_ඒශියන්මිරර්

කැබ් රථයක් බසය දෙකඩ කරමින් කඩාවදින හැටි (CCTV දර්ශන)

bus-cab-accident-cctv

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ සරෝකෙස් ප්‍රදේශයේ සිදුවූ ත්‍රාසජනක බස්රථ අනතුරක් cctv කැමරාවක සටහන් වී තිබුනේ මේ අයුරිනි.

අධික වේගයෙන් ඩබල් කැබ් රථය බසය තුළට පදවාගෙන පැමිණි රියදුරු අසූ දෙහැවරිදි වියේ පසු වූවෙකි.

ඩබල් කැබ් රථ රියදුරුට තුවාල සිදු නොවුනත් බස් රථය තුළ ගමන්ගත් මගීන් අට දෙනෙකු අනතුරින් රෝහල්ගත කෙරුණි.


කුසගින්නට කෑ පොලිතින් දිරවා ගත නොහැකිව වන අලියෙක් ලෙඩ වෙයි

ජාතික ජලගැලුම් නිම්න වනෝද්‍යානයේ ජීවත්වූ වන අලියකු දැඩි ලෙස රෝගාතුර වී ගල්ලෑල්ල ප්‍රදේශයේ වන ළැහැබක වැතිර සිටී. තමන්කඩුව ප්‍රාදේශීය සභාවට අයත් ගල්ලෑල්ලේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ඇදෙන වල් අලි එහි ඇති පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය ආහාර ගැනීමට පුරුදුව සිටිනුයේ කාලයක පටන්ය.

ඒ වන අලි රංචුවේ සිටි මෙම අලියාද එම අපවිත්‍ර පොලිතින් ආදී ආහාර ගැනීමෙන් මෙසේ රෝගාතුරව සිටින බවද මින්පෙර අලි 8 දෙනකු පමණ මෙලෙස මියගොස් ඇතැයිද ප්‍රදේශවාසීහු කියා සිටිති.

එම අලියාට ප්‍රතිකාර කිරීම ඊයේ(29) උදෑසන වන විට ඇරැඹූ බවත් අලියාගේ ඉදිරි පාදයක ඇති තුවාලයක් නිසා ආහාර සොයා ඇවිදීමට නොහැකි වීම තුවාලයෙන් ඇති වන දැඩි වේදනා තත්ත්වය නිසා අලියා බිමට වැටෙන්නට ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශුවෛද්‍ය සමීර කළිගුආරච්චි පවසයි.

මනම්පිටි වන සත්ත්ව අඩිවි සහකාර ඩබ්. එම්. කුඩාබණ්ඩා සඳහන් කළේ අලියාගේ රෝගී තත්ත්වයට හේතුව විස සහිත කුණු කසළ සහ පොලිතින් ආහාරයට ගැනීම බවයි.

elephant-dead

-තමන්කඩුව - ගාමිණී ඔබේසේකර, මනම්පිටිය - ප්‍රසාත් සමන්_මව්බිම

සිසුහු හත් දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනාගැනෙති

නවක වදයට එරෙහි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුන් 08 දෙනකු අතරින් හත් දෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී පහර කෑමට ලක්වූ සිසුවා විසින් හඳුනාගනු ලැබීය.

පේරාදෙණිය පොලිසිය (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් මෙම මස 26 දින තෙක් මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබිණි.

අදාළ නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා යළි කැඳවූ අවස්ථාවේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සිසුන් අට දෙනා අතරින් හත් දෙනකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා පෙබරවාරි මස 09 දින තෙක් මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඉකුත් 18දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතන කොරිඩෝවේදී මෙම පහරදීම සිදුව තිබෙන අතර ඉන් තුවාල ලද සිසුවා පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනු ලැබීය.

සැකකාර සිසුන් නවක වදයට පක්ෂ සිසු පිරිසක් බවත් ඔවුන් විසින් පහරදීම සිදු කළ බව කියන සිසුවා නවක වදයට එරෙහි සිසුවකු බවත් ඔහු අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයාගේ පුත්‍රයකු බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මෙම පහරදීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි බව සඳහන් සිසුවියන් දෙදෙනකු ලබාදුන් කටඋත්තරයක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මඟින්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරුණි.

sabaragamuwa-university-students-protest

-මහනුවර - කමල් සුරවීර_මව්බිම

පුහුණුවන රියදුරෙකු පැදවූ තී‍්‍රරෝද රථයක ගැටී පුද්ගලයෙකු මරුට



පුහුණුව ලබන රියදුරෙකු විසින් පැදවූ තී‍්‍රරෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගිය බව හෙම්මාතගම පොලීසිය සඳහන් කරයි.

හෙම්මාතගම නගරයේ පිහිටි රියදුරු පුහුණු පාසලක පුහුණුව ලබමින් සිටි රියදුරෙකු විසින් පැදවූ තී‍්‍රරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය පුද්ගලයා හෙම්මාතගම නගරය දෙසට ගමන්කර ඇත.

මාර්ගයේ වම්පස නවතා තිබුණු බස්රථයකට මැදි වෙමින් ඔහු තී‍්‍රරෝද රථයේ ගැටී තිබේ.

ඊයේ (29) සවස 4- 5 අතර කාලයේදී හෙම්මාතගම- මාවනැල්ල මාර්ගයේ ජුම්මා පල්ලිය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේදීම අනතුරට පත් පුද්ගලයාව හෙම්මාතගම රෝහලට ඇතුළත් කරන ලදී.

පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත මාරු කර යවා තිබියදී අද (30) උදෑසන එම පුද්ගලයා මියගිය බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ 75 හැවිරිදි විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකි.

හෙම්මාතගම- මාවනැල්ල මාර්ගය දෙපස බස්රථ දිවා රාත‍්‍රි නවත්වා තබන නවාතැනක් බවට පත් කරගෙන ඇති බැවින් එය මගීන්ට බාධාවක් බව ප‍්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර දෙන් මෙන් ඔවුහු පොලීසියෙන් ඉල්ලා සිටිති.

(එස්.වී. බණ්ඩාර- කෑගල්ල_රිවිර)

"පද්මාවතී" නිසා ගුටි කෑ සංජේ ලීලා භාන්සාලි

sanjay-leela-bhansali-beaten-padmavati-shoot-jaipur-2

ඉන්දියාවේ ජායිපූර් නගරයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සිනමා අධ්‍යක්‍ෂවරයෙකුට පහරදෙනු ලැබීම පිළිබඳව බොලිවුඩ් සිනමාකරුවෝ තම දැඩි කෝපය පළ කර තිබෙනවා.

බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සංජේ ලීලා භාන්සාලි ඔහුගේ ‘පද්මාවතී’ නම් සිනමාපටයේ රූගතකිරීම් කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු ‘රාජ්පුත්’ ගෝත්‍රයට අයත් ජන කණ්ඩායමක් ඔහුට කම්මුල් පහර එල්ලකොට හිසකෙස් වලින් ඇද පහරදී තිබෙනවා.

රූගත කිරීම සඳහා සුදානම් කර තිබූ කැමරා උපකරණ වලටද හානි සිදුවී ඇති බව වාර්තාවේ.

ප්‍රහාරකයන් පවසන්නේ දාහතරවන සියවසේ’ රාජ්පුත්’ කුමරියකගේ ජීවිතය පිලිබඳව නිෂ්පාදනය කෙරෙන මෙම සිනමා පටයේදී එම කුමරිය මුස්ලිම් අධිරාජ්‍යයෙකු සමග ප්‍රේමයෙන් වෙළෙන ආකාරය දැක්වෙන දර්ශනයක් අධ්‍යක්ෂවරයා විසින් එයට ඇතුළත් කරනු ලැබ ඇති බවය.

එහෙත් එම චෝදනාව පිලිබඳ තොරතුරු තවමත් සනාථ වී නැත.

sanjay-leela-bhansali-beaten-padmavati-shoot-jaipur

ඉන්දියාව එංගලන්තයට ක්‍රිකට් එපා කරවයි

india-vs-england-2nd-t20-2017

තියුණු තරගයකින් පසු එංගලන්තය සමග පැවති දෙවන පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 05 ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව ඊයේ (29) රාත‍්‍රියේ සමත් වුණා.

නාග්පූර්හි පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස් කළා. ලෝකේෂ් රාහුල් පන්දු 47ක දී ලකුණු 71යි.

ක‍්‍රිස් ජොර්ඩ්න් ලකුණු 22කට කඩුලු 03ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු හයක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී එංගලන්තයට ලබාගත යුතුව තිබු ලකුණු සංඛ්‍යාව 08 ක්. එම පන්දුවාරයේ දී කඩුලු දෙකක් ද දවා ගනිමින් ලකුණු දෙකක් පමණක් ලබාදී ඉන්දියාවට ජය ගෙනදීමට ජස්ප‍්‍රිට් බුම්රා සමත් වුණා.


_ගොසිප්කින්ග්

දරු දෙදෙනාට වස පොවා මරන්න හදපු පියකුට අවුරුද්දක සිර දඬුවමක්

තෙල්දෙණිය පොලිස් වසමේ අඹකොටේ ප්‍රදේශයේදී තම දියණිය හා තම පුතා තමන්ට ජීවත් කරවීමේ හැකියාවක් නැති බව පවසමින් එම දරු දෙදෙනාට වස පොවා ඝාතනය කිරීමට තැත් කළ පියකුට මහනුවර මහාධිකරණය විසින් වසරක බරපතළ සිර දඬුවමක් නියම කර ඇත.

මීට අමතරව එම බාල වයස්කාර දියණියට හා පුතාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවීමටත් නියම කෙරිණි.

තම බිරිය වස පානය කිරීමෙන් මියයෑමෙන් පසු අවුරුදු 12ක තම දියණිය හා අවුරුදු 5ක තම පුතා ජීවත් කරවීම දුෂ්කර බැවින් එම පියා බීමත්ව සිය නිවෙසට පැමිණ 2012 වසරේ මැයි මස පළමු වැනි දින එම දරු දෙදෙනාට වස පොවා මරා දැමීමට තැත් කර තිබිණි.

father-arrest

-තෙල්දෙණිය - කේ. නිශ්ශංක_මව්බිම

දේශද්‍රෝහීන් කළ මුස්ලිම් නායකයින් දේශපේ‍්‍රමීන් ලෙස නම් කරන්නැයි රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි

යටත් විජිත සමයේ බි‍්‍රතාන්‍යයට එරෙහි අරගලයේ දී දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති මුස්ලිම් නායකයින් ද දේශපේ‍්‍රමීන් ලෙස ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කළ යුතු බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වර්ෂ 1796 සහ 1948 දක්වා කාලය තුළ අරගලයට එක්වූ සිංහල නායකයින් පිරිසක් දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අවලංගු කරනු ලැබ ඇති බවයි.

එහෙත් අරගලයට එක්වූ ත‍්‍රීකුණාමලයේ සහ මඩකලපුවේ ජීවත් වූ මුස්ලිම් නායකයින් හත් දෙනෙකු තවදුරටත් දේශද්‍රෝහීන් ලෙස නම්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා බි‍්‍රතාන්‍යයට එරෙහිව අරගල කළ මෙම නායකයින් දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කරන ලෙසටයි ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ.

mlam-hizbullah

_නෙත්

සැරයන්වරයකු කපාකොටා මැරූ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

wijenayaka-muurdered

ජනාධිපති ආරක්ෂක අංශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාගේ රියැදුරුලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු පොළොන්නරුව නව නගරයේ පිහිටි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවෙස තුළදී කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පෙරේදා (28දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි අවිවාහක තැනැත්තෙකි.

ගෙවල් බිඳුම් චෝදනාවන් හතරක් සම්බන්ධයෙන් මොහුට අධිකරණයේ විභාග වන නඩු කිහිපයක්ද ඇති බවත් මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය ඉකුත් දෙසැම්බර් මස 16 වැනි දින පස්වරුවේ සිදුව තිබිණි.

ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් රියැදුරු වූ තලවින්නේගෙදර විජේනායක (1786) මහතා පැමිණි යතුරුපැදියද මින්නේරිය වැවට දමා ගොස් තිබියදී සොයාගෙන තිබිණි. මෙම සැකකරු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවෙස කොල්ලකෑමට පැමිණි පසුව පොලිස් සැරයන්වරයා දැක ඔහුව ඝාතනය කර පලාගොස් තිබූ බවටද මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ සිට අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තු නිලධාරීන් දින ගණනාවක් සිදුකළ විමර්ශනයකට අනුව මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

-චාමර අමරසූරිය, හිඟුරක්ගොඩ _ ප්‍රියා_මව්බිම

යාළුවගෙ පියා පාසලට කඩාපැන දෙකේ පන්තියේ සිසුවාට පහරදීලා

බෙලිඅත්ත පඤ්ඤානන්ද ප්‍රාථමික විදුහලේ දෙවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවකුට එම පන්තියේම වෙනත් සිසුවකුගේ පියකු විසින් පාසලේදී පහරදුන් බව පවසා බෙලිඅත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් සටහන් කර ඇත.

බෙලිඅත්ත පඤ්ඥානන්ද ප්‍රාථමික විද්‍යාලයේ දෙක ශේ‍ර්ණිය ඕලු පන්තියේ ඉගෙනුම ලබන සානුජ හසන් නම් පාසල් ශිෂ්‍යයා මෙසේ පාසලේදී පහරකෑමට ලක්ව තිබේ. ඔහු පවසන්නේ තම පන්තියේ යහළුවකු සමඟ ඇතිවූ සුළු ආරවුලක් හේතුවෙන් එම යහළුවාගේ පියා පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමිය ඉදිරියේ තමන්ට පහරදුන් බවයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව පවසන්නේ මෙලෙස තම දරුවා පාසලේදී පහරකෑමට ලක්වූ නිසා ඇති වූ බියෙන් ඔහු පාසල් යෑම ප්‍රතික්ෂේප කරන බවයි. පසුගියදා බෙලිඅත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සී.අයි.බී. 36/153 අංක යටතේ පැමිණිල්ලක් සටහන් කළ බවත්ය. මේ පිළිබඳව පාසලේ විදුහල්පති ඩබ්ලිව්.රංජිත් මහතාගෙන් කළ විමසීමේදී සිසුවාගේ මවට ඔහු පවසා ඇත්තේ පාසලේ කීර්ති නාමයට හානියක් ඇතිවිය හැකි බැවින් පොලිසියේ පැමිණිල්ලක් සටහන් නොකරන ලෙසය.

school-students-of-sri-lanka-boys-03

-තංගල්ල - සහම්පති මානගේ_මව්බිම

කැනඩාවේ මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක් - ට්‍රම්ප් නියෝගය පිටු දැක පැය කිහිපයයි (Video)

canada-mosque-shooting-1

කැනඩාවේ මුස්ලිම් පල්ලියක විවෘත වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පුද්ගලයන් පස් දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

කියුබෙක් නගරයේ පිහිටි පල්ලියේ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉරිදා රාත්‍රියේදී.

එම අවස්ථාවේදී, පුද්ගලයන් 40ක් පමණ ඒ තුළ සිටි බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉස්ලාම් අන්තවාදය ඉවත් කිරීම සඳහා අමෙරිකාවට සරණාගතයන් පැමිණීම වළක්වාලමින් ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග පැනවීමත් සමග කැනඩා නායකයන් සරණාගත අයිතීන් වෙනුවෙන් ඊයේ දිනයේදී අදහස් දැක්වූ අතර එවැනි වාතාවරණයක මෙම වෙඩි තැබීම සිදුවීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.



canada-mosque-shooting-2

canada-mosque-shooting-3

-nethgossip

නයා පොළඟා ගොදුරු කරගෙන

snake-viper-devoured

නයි මුගයි ගැටුම් ගැන අප අසා ඇත. නමුත් නාගයකු විසින් පොළඟකු ගිල දමන දුර්ලභ සිදුවීමක් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි විය.

ලුණුවිල වැව ආසන්නයේ පදිංචි රශ්මිත ඩයස් මහතාගේ ගෙවත්තේදී මෙම දුලබ සිදුවීම සිදුවී ඇත. විශාල ප්‍රමාණයේ කොටයක් වැනි දෙයක් දැක තවදුරටත් ඒ සම්බන්ධයෙන් සොයා බලන විට මෙම දුලබ දසුන දක්නට ලැබුණු බව රශ්මිත ඩයස් මහතා සඳහන් කෙළේය.

-නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත_මව්බිම

මගේ ළඟින් "රාජ උෂ්ණය" ආවේ නෑ කියා එක ළඟ වාඩිවෙලා හිටිය ස්වර්ණා මට කිව්වා

maithripala-swarna

සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චිගේ පනස් වසරක සිනමා ජීවිතයට උපහාර පුද කෙරෙන 'ස්වර්ණාය ගැහැනිය' උපහාර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27දා සන්ධ්‍යාවේ තරංගනී රංග ශාලාවේ පැවැත්විණි.

සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මුළුදුන් මෙම උත්සවයට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාද හිටපු ඇමැතිවරුන් වන ජීවන් කුමාරතුංග, බන්දුල ගුණවර්ධන මහත්වරුද සහභාගි වූහ. ජනාධිපතිවරයා අතින් ස්වර්ණා සමරු තිළිණය ලබා ගත්තාය.

සිංහල සිනමාවේ ප්‍රවීණයන් රැසක් එක්වූ සංවාද මණ්ඩපය සෞම්‍ය ලියනගේ මහතා මෙහෙයවීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේ පැවැසීය.

මම අද ස්වර්ණා මල්ලවආරච්චිගේ උත්සවයට තරංගනී රංග ශාලාවට ඇවිත් වාඩි වුණාම ස්වර්ණා ඇවිත් මගෙ අල්ලපු පුටුවේ වාඩි වුණා. ස්වර්ණා මට කිව්ව මම මෙහෙම ජනාධිපති කෙනෙක් ගාව අල්ලපු පුටුවෙ වාඩි වුණු පළමුවැනි අවස්ථාව කියල. මම ස්වර්ණගෙන් ඇහුව නිකම් වැඩිපුර රාජ උෟෂ්ණයන් එහෙම දැනෙනවද කියල. (ශාලාවේ මහ හඩින් සිනා) 'නෑ' ස්වර්ණ කිව්වා. (නැවතත් සිනා)

අද දවල් මම කාර්යාලෙ ඉන්න වෙලාවෙ මගේ ලේකම්වරයෙක් ඇවිත් ඇහුව "සර් හවස ස්වර්ණා මල්ලවආරච්චිගෙ උත්සවයට යනවද?" කියල. "යනව" මම කිව්ව. "සර් මැඩම් යනවද?" කියල ඊළඟට ඇහුව. මම ඇහුව "ඇයි අහන්නෙ කියල"

"සර් මැඩම් යනව නම් සීට් එකක් වෙන් කරන්නයි ඇහුවෙ" කීව. මම කීව "පිස්සුද එයා මම යන උත්සවවලට යනවද?"

මම ගෙදර ආවෙ හවස 6.00ට 7.00ට. මෙතෙන්ට එන්න ඕන නිසා මම ලෑස්ති වෙද්දි අපේ නෝන ළඟට ආව. 

"කොහෙද ආයෙත් යන්න ලැහැස්ති වෙන්නෙ" ඇහුව. "ස්වර්ණගෙ උත්සවේට" මම කිව්වා.

"හා මාත් එන්නද?" (ශාලාවේ මහ හ¾ඩින් සිනා) "කොච්චර හොඳද යමු" මම කීව. බොහොම කලාතුරකින් වෙන වැඩක්. ඒකත් ස්වර්ණගෙ පිනක් මම හිතන්නෙ. (සිනා)

දැන් මෙහි පැවැති සාකච්ඡාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා කියපු කතාව ගැනත් මගේ අදහස ප්‍රකාශ කරන්න ඕන. මොකක්ද එතුමා කීවෙ,

"මේ ස්වර්ණගෙ සිනමා සතිය කරන්න ගිහිල්ල මට ජීවිතේ එපා වුණා. මට හිතුණ ඇයි මම මේ රටේ තවත් ඉන්නෙ කියල" මම දන්නව ධර්මසිරි බණ්ඩාරනායක මහත්තය මාව ජනාධිපති කරන්න මහන්සි වූ කෙනෙක්. මම අහන්නෙ සිනමා සතිය කරන්න ගිහිල්ල ඔබතුමාට ඔහොම හිතුණ නම් මට කොහොම හිතෙනවා ඇද්ද? (ශාලාවේ සිනා)

මම සතුටු වෙනව අද වගේ දවසක ස්වර්ණා මල්ලවආරච්චි වැනි අපේ රටේ පමණක් නොවේ ජාත්‍යන්තරයේත් කීර්තියට පත් විශිෂ්ට සිනමා ශිල්පිනියක් සමරන වෙලාවක මේ උත්සවයට සහභාගි වන්න ලැබීම ගැන. 

ස්වර්ණා ඔබට එදා වගේම අදත් රටම ආදරෙයි. ගරු කරනව. රටම ඔබව පිළිගන්නව. අපි කවුරුත් එකතු වෙලා විවිධ විෂය ක්ෂේත්‍රවල චරිත පිළිබඳව කතා කරන්නෙ ඉතා කලාතුරකින්. සිනමා කලා කවර මාධ්‍ය ගත්තත් එහි චරිතයක් තෝරාගෙන ඒ චරිතය ගැන අප කතා කරන්නේ බොහොම කලාතුරකින්. ඔබේ පනස් වසරක සිනමා ජීවිතය ගැන සමරන්නට මේ සන්ධ්‍යාවේ අප හැම දෙනාම එක්වුණේ ඔබට කරන ගරු කිරීමක් වශයෙන්.

ඔබේ හැකියාව, දක්ෂතාව, නිර්මාණශීලීභාවය, පරිපූර්ණභාවය සමඟ ඔබට තව තවත් කලාවට ජනතාවට ඔබේ දැනුම බුද්ධිය පරිණතභාවය පරිත්‍යාග කරන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මා ඉතසිතින් ප්‍රාර්ථනය කරනවා. සුබ පතනවා. ආශීර්වාද කරනවා. අපි හැම විටම ඔබ සමඟයි. ඔබ සියලු දෙනාට ස්තුතියි.

ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය-

මම තනියම ආවෙ නැහැ මේ ගමන. පළමුවැනි චිත්‍රපටයෙදි මට සිනමාව එපා කරවන්න හැදුව. ඒ වුණාට මට එපා වුණේ නැහැ. ඒකෙන්ම තේරෙනවනෙ මම කාගෙන ඉන්න පුළුවන් කෙනෙක් කියලා. පළමුවැනි චිත්‍රපටයෙදි කතා නොකරපු සිරිල් වික්‍රමගේ අයියත් පස්සෙ ඇවිත් මට කිව්ව කතා නොකළට සමාවෙන්න කියල. ඒක ලොකු දෙයක්නෙ. මම මේ තරම් දුර ආවෙ ඔක්කොමත් එක්කල. මම තනියම ආපු ගමනක් නොවෙයි.

ජනාධිපතිතුමනි, පසුගිය සතිය පුරා මෙහි චිත්‍රපට දහයක් පෙන්නුවා. මම අද එකක් හැර අනෙක් සියල්ලම බැලුවා. මම හිතනව ඒවා සිනමා පාසලක් වගේ. ගොඩක් තරුණ පිරිස් ඒවා නැරඹුවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. තුන්දහසක් ටිකට් පැය තුන ඇතුළත ගියා. ධර්මසිරි මා සමඟ කිව්ව අව්වෙ, වැස්සෙ පෝලිමේ එන මේ මිනිස්සු දැක්කහම මට ඒගොල්ලො ගාවට ගිහින් දණගහල වඳින්න හිතෙනව කියල.

අපි බලපු චිත්‍රපට දහයම ගත්තොත් ඒවා සංරක්ෂණය පැත්තෙන් ඉතාමත් දුර්වල තත්ත්වයක තියෙන්නෙ. පුළුවන් විදියට ආකයිව් වෙලා තියෙනව. අපිට ඊට වඩා පහසුකම් නැතිව ඇති. මා ගැන කියනව නොවේ. ඒ චිත්‍රපට සිනමාව ගැන හදාරන්න පුළුවන් කෘති. ඒ ගැන මොනව හරි කළොත් අනාගත පරම්පරා වෙනුවෙන් ආරක්ෂා වෙලා තියේවි.

හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි මෙහි පැමිණියාට. මගේ දරුවා මේ උත්සවය පටන් ගත්තේ කොමිටියක් හදාගෙන මට සප්‍රයිස් එකක් දෙන්න කියල. ඒක කරගන්න බැරි වුණා. මොකද මටත් මේ වැඩවලට සම්බන්ධ වෙන්න සිදුවුණා. චිත්‍රපට නැරඹූ පිරිස මෙහි කැඳවන්න ඉඩ නැති වුණා. එය මගේ දුකට හේතුවක්. ඔවුන් අමනාප නොවේය කියා හිතනවා. අපට බී.එම්.අයි.සී.එච්. වගේ තැනක් ගන්න බැරි වුණා. අපි ඒ ගැන මහන්සි වුණා සෑහෙන්න. ධර්මසිරි සෑහෙන්න දුක්විඳින්න කැමැතිනෙ. මගේ දුව නම් ආස නෑ දුක්විඳින්න. රස නවයක් තියෙනවනෙ. එයින් ධර්මසිරි කැමැති දුක කියන එකට.

-උදේනි සමන් කුමාර_මව්බිම

ගල්කිස්ස වෙරළේ රුසියන් කත දැක පොලිසියෙ 2ක් සිල් බිඳගනිති

තගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියන් ජාතික කාන්තාවකට ලිංගික අතවර සිදුකළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ දරා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් මිරිහාන සහ කන්තලේ යන ප්‍රදේශවල පදිංචි 27 සහ 47 හැවිරිදි තැනැත්තන් බවද පොලිසිය පවසයි.

රුසියන් ජාතික කාන්තාවගේ දැනුම් දීමකට අනුව වෙරළ ආරක්‍ෂක තීරයේ ජීවිතාරක්‍ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව මේ අත්අඩංගුවට ගැනීම පෙරේදා (28දා) සිදුකර ඇත.

සැකකරුවන් දෙදෙනා ඊයේ (29දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා ලබන මස 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පොලිස් කොස්තාපල් රියැදුරු ශරීර ඇප මත මුදාහැර තිබේ.

rape-two-guys

චාමර අමරසූරිය_මව්බිම

රංජන්ගේ ක‍්‍රියාව ගැන ජනපති මැදිහත් වී පරීක්ෂණයක් කැඳවයි

ranjan-ramanayake-divulapitiya

අද දිනයේ රාජකාරීවලින් ඉවත් වී විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදුණු බව කියන සිද්ධියට විරෝධය පල කිරීමටයි.

ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක නිලධාරීන් මෙලෙස අද දිනයේ සිය සේවාවලින් ඉවත් වනු ඇති.

මීට අමතරව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පල කරමින් ස්ථාන කිහිපයක විරෝධතා ද සංවිධාන කර ඇති බවටයි පැවසෙන්නේ.

ගම්පහ දිස්ත‍්‍රික් පරිපාලන සේවා සංගමයේ උප සභාපති ඒ. කේ. ආර්. අලවත්ත පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කණගාටුව පල කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඒ හා සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ අද දිනයේ තීරණය කරන බවයි.

දිවුලපිටිය අකරගම ප‍්‍රදේශයේ සිදුවන පස් කැපීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එය නිරීක්ෂණයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

අදාළ සිදුවීම පහතින් දැක්වේ,



නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය කිසිසේත්ම අනුමත නොකරන බවයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගන්නේදැයි මාධ්‍යවේදීන් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. එම මාධ්‍ය හමුව පහතින් දැක්වේ



අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දරන්නේ කුමන මතයක්දැයි නෙත් නිවුස් ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුමගෙන්ද විමසීමක් කළා.

“එක කාලේක සමෘද්ධි නිලධාරියෙක්ව ගහක බැන්ඳා. ගහක බැඳලා අන්තිමට ඒ සඳහා කටයුතු කරන කොට වෘත්තීය සමිති උත්තරය වුනේ නිලධාරියා තනියම ගහේ බැඳගත්තා කියලා. නමුත් අද තව සිද්දියක් වෙලා තියෙනවා බැන්නයි කියලා. හොඳ වෙලාවට ගහක බැඳලා නැහැ. අපේ විශේෂත්වය තියෙන්නේ මේ ආණ්ඩුවේ මේක හරිද වැරදිද කියලා බලන්න පරීක්ෂණයක් කැඳවනවා. කාටවුණත් අයුතු විදිහට , අයුතු බලපෑම් කරන්න රජය ඉඩදෙන්නේ නැහැ. නමුත් පහුගිය කාලේ වගේ හාස්‍යජනක විදිහට මමම බැඳගත්තා කියලා කියන්න වෙන්නේ නැහැයි කියන එක තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීතුමා කතාකරපු හේතුව අපි දන්නේ නැහැ. ඒ වෘත්තිකයන්ට ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, රජයට රජයේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් හැමෝටම නිදහසක් තියෙනවා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. රජයක් වශයෙන් අපි වගකීම ගන්නවා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා , දෙපැත්තෙම චෝදනා මොනවද කියලා අරගෙන ජනතාවට සාධාරණය ඉෂ්ට කරලා දීමේ වගකීම අපිට තියෙනවා. මේ වෙනකොටත් ජනාධිපතිතුමා මේ සඳහා මැදිහත් වෙලා , කොමසාරිස්තුමියත් කැඳවලා , නියෝජ්‍ය අමාත්‍යවරයාත් කැඳවලා මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න රජය තීරණය කරලා තියෙනවා”.

මේ අතර ලබන බදාදා වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් රට පුරා රාජ්‍ය නිලධාරීන් ඒකරාශී කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ.

_නෙත්

හොලිවුඩ් මල් මැද ලියතඹරා මල

zsa-zsa-gabor

හංගේරියාවේ උපන් සා සා ගැබෝර් අමෙරිකාවට සේන්දු වූයේ හංගේරියානු රූප රාජිනිය ලෙස අභිෂේක ලැබීමෙන් වසර 5කට පසුවය. එවකට 24 හැවිරිදි තරුණියක ලෙස රූමත් බවින් සහ ලාලිත්‍ය යෙන් පිරිපුන් ඇගේ රූපශ්‍රීය එකළ හොලිඩුඩ් සිනමාව එකළු කිරීමට හොඳටෝම ප්‍රමාණවත් විය.

දඟකාර බවත්, කටකාර බවත් අඩු වැඩි නැතිව පිහිටා තිබූ බැවින් එකළ හොලිවුඩ් පුරවරයේ පමණක් නොව අමෙරිකාවේ ව්‍යාපාරික ලෝකයේත් කාගෙත් නොමඳ ආදරයට පාත්‍ර වූ සා සා පසුකළෙක වාර්තාපොතට ඇතුළත් වූයේ සිනමා රංගනයෙන් නොව වැඩිම විවාහ ගණනාවක් සිදුකරගත් හොලිවුඩ් නිලිය ලෙසටය.

30 - 40 දශකවල අමෙරිකානු සිනමාවේ හිටපු සුරූපි නිලි ලානා ටර්නර් සහ හොලිවුඩ් නිලි එලිසබෙත් ටේලර් විවාහ 8ක් සිදු කරගනිද්දී ඉන් ඔබ්බට ගිය සා සා ගේ අතගත් වල්ලභයන් සංඛ්‍යාව 9කි.

පසුගියදා මෙලොවින් සමුගන්නා විට 99 හැවිරිදි වියෙහි පසුවූ සා සා සිය ජීවිත කාලයෙන් වැඩි හරියක්ම ගත කළේ රංගනයට නොව පෙම් සම්බන්ධතා පටලවා ගැනීම වෙනුවෙනි. ඒ අතින් ඇයට නිලියකට වඩා වැඩි ජනප්‍රියත්වයක් හිමිවී තිබිණි.

රංගනයට මෙන්ම දිගුකාලීනව අමෙරිකානු සමාජයේ ජේත්තුකාර නෝනා කෙනකු ලෙස කාලය ගත කළ සා සා ජීවිතයෙන් සමුගත්තේ හදිසියේ වැළඳුණු හෘදයාබාධයකිනි. බෙවර්ලි හිල්ස් හී සමාජශීලී කාන්තාවක ලෙස කා අතරත් ප්‍රකට වී සිටි ඇගේ දඟකාර ජීවිතය බිඳ වැටෙන්නට වූයේ 2002 දී රිය අනතුරකට මුහුණපෑමෙන් පසුවය. එසේ නොවුණා නම් ඇගේ වල්ලභයන් ප්‍රමාණය දුසිමකටත් වඩා ඉහළ යනු ඇතැයි සමහරු කියති.

මෙලොවින් සමුගන්නා විට ඇය ජීවත්වූයේ ඇගේ 9 වැනි සැමියා වූ ජර්මානු සම්භවයක් ඇති අමෙරිකානු ව්‍යවසායකයකු වූ ෆෙඩ්රික් ප්‍රින්ස් සමග ලොස් ඇන්ජලීස් නුවර පිහිටි සුපිරි මන්දිරයකය.

සමස්තයක් වශයෙන් ගත් කළ සිනමා නිලියන්ගේ ප්‍රකාශ හුදු ප්‍රලාප ලෙස බැහැර කිරිම සාමාන්‍ය සමාජයේ මෙන්ම ඉහළ සමාජයේ ද සිරිතකි. හොලිවුඩයේ පමණක් නොව සෙසු රටවල සිනමා ක්ෂේත්‍රය තුළත් නිලියන්ගේ ප්‍රකාශවලට එතරම් තැනක් ලැබෙන්නේ නැත. එසේ වුවත් මේ සුරූපි නිලිය වරින් වර කළ ප්‍රකාශ අදටත් හොලිවුඩයේ පමණක් නොව ලොව පුරා යම් තරමකින් උදාන පාඨ බවට පත්වීම එක් අතකින් විමතිය දනවන සුලුය.

ඉන් ඇතැම් ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ නිලියකට වඩා ගැහැනියක ලෙස ඇය සතු තීක්ෂණ බුද්ධියයි. තවත් පැත්තකින් බැලූ විට ඕනෑම පිරිමියකු වසඟයට ගැනීම චිත්‍රපටයක රඟපෑමට වඩා ලෙහෙසි කාරණාවක් බවට පත්කරගෙන සිටි ඇය පිරිමින් අරභයා කළ ඇතැම් ප්‍රකාශ සිත්ගන්නා සුලුය. විවාදාත්මකය.

රිය අනතුරින් පසුව සිරුරේ කොටසක් අප්‍රාණිකව එක්තැන් වූවාට පසුව ඇය පිළිබඳ අවධානයත්, කතාබහත් සමාජයෙන් මැකී ගියත් මේ නිලියගේ සිනමා රංගනයට වඩා අමෙරිකානු ජනතාව අතර තවමත් මතකයේ පවතින්නේ එසේ ඇය විසින් වරින් වර ප්‍රකාශ කළ දේවල්ය.

පිරිමින් සමග නිරතුරුවම ඇලී ගැලී සිටීමට වැඩි කැමැත්තක් දැක්වූ සා සා සිය කුළුඳුල් හොලිවුඩ් නිර්මාණයට එක්වූයේ 1952 වසරේ තිරගත වූ ‘ලව්ලි ටු ලුක් ඇට්‘ චිත්‍රපටයෙනි. චිත්‍රපට 29කට සිය රංගන දායකත්වය ලබා දුන් ඇගේ අවසන් චිත්‍රපටය 1993 දී තිරගත වූ ‘ද බෙවර්ලි හිල්බිලිස්‘ ය. ඒ වෙද්දී 76 හැවිරිදි වියෙහි පසුවූ ඇයට ඉන් පසුව චිත්‍රපට ලැබුණේම නැත. එහෙත් ඊට පසු වසරේදී එනම් 1994 දී ඇය ‘දිස් ඉස් යුවර් ලයිෆ්‘ රූපවාහිනී වෘතාන්ත චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාවක් උදාවිය. එය ඇගේ රංගන දිවියේ අවසන් නිර්මාණය විය.

‘මම විවාහ වෙන්න හරිම ආසයි‘

මුල සිටම සා සා එසේ කියා සිටියත් විවාහ 9ක්ම එය දුරදිග යනු ඇතැයි එකළ කවුරුවත් නොසිතූ බව නම් සහතිකය. එහෙත් ඇගේ ඒ ප්‍රකාශයේ බරපතල කම වැඩිකල් යන්නට මත්තෙන් කවුරුත් අවබෝධ කරගත්තේ ඇය තරම් පිරිමින්ට පෙම් කළ නිලියක් හොලිවුඩ් පුරවරයේ නොසිටි බැවිනි.

‘මම මිනිහෙක්ට රහට කෑම උයලා දෙන්න ආසයි...මුලු ජීවිත කාලයම මිනිස්සු එක්ක ගත කරන්න ආසයි...මං ආදරයට ආදරෙයි....ඇගේ මේ රසවත් ප්‍රකාශවලට හොලිවුඩයේ පමණක් නොව අමෙරිකාවේ ප්‍රබලතම ව්‍යාපාරිකයන් ද රැවටුණු හැටි පුදුමාකාරය.

ඇය සිය පළමු විවාහය සිදුකොට ගත්තේ හංගේරියාවේ රූ රැජන ලෙස අභිෂේක ලැබීමෙන් වසරකට පසුවය. 1937 දී තුර්කි රාජතාන්ත්‍රික නිලධාරියකු වූ බර්හාන් ආසෆ් සමග විවාහ වෙද්දී ඇයට අවුරුදු 20කි. අනතුරුව 1941 දී ඇය අමෙරිකාවට සේන්දු වූයේ සිය පළමු විවාහය කටුගා දැමීමෙන් පසුවය.

අමෙරිකාවට පා තැබීමෙන් පසුව ඇය මුලින්ම අයිතිකරගත්තේ රට හෝටල් ක්ෂේත්‍රය තුල කෝටිපති ව්‍යාපාරිකයකු වූ කොන්රාඩ් හිල්ටන් ය. ඒ 1942 වසරේදීය. ලොව පුරා ව්‍යාප්තවී ඇති සුප්‍රකට ‘හිල්ටන්‘ හෝටල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ඔහුය. ව්‍යාපාරික සැමියා තම නිදහසට උවමනාවට වඩා ඇඟිලි ගසන බව කියමින් ඇය ඔහුගෙන් දික්කසාද වුයේ 1947 දීය. ඇගේ විවාහයන් 9න් ඇයට උපන් එකම දියණියගේ පියා වූයේ ද හිල්ටන්ය. ෆ්‍රැන්සිස්කා හිල්ටන් නමින් උපන් ඇගේ දියණිය මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගත්තාය.

ඊට වසර දෙකකට පසුව ඔස්කාර් සම්මාන දිනූ බ්‍රිතාන්‍ය සිනමා නළුවකු වූ රුසියානු ජාතික ජොර්ජ් සැන්ඩර්ස් සමග අතිනත ගත් සා සා 1954 දී ඔහු දික්කසාද කොට තවත් අවුරුදු 8ක් යනතුරු තනිකඩව සිටියාය. එහෙත් ඒ කාලය තුල ඇය විසින් ඇති කරගන්නා ලද පෙම් සම්බන්ධතා නම් අනන්තය.

අමෙරිකානු නීතිවේදියකු වූ හර්බට් හන්ටර් සමග ඇය සිය සිවුවැනි විවාහය සිදුකොට ගත්තේ 1962දීය. අනතුරුව 1966 මාර්තු මස 3 වැනිදා ඔහුගෙන් දික්කසාද වූ ඇය ඊට දින 6කට පසුව සිය පස්වැනි විවාහය ප්‍රබල තෙල් සමාගම් හිමිකාරයකු වූ ජෝෂුවා කොස්ඩන් සමග සිදුකරගනිද්දී 49 හැවිරිදි වියෙහි පසුවූවාය. ඒ විවාහය වසර දෙකකට සීමාවූවකි. අනතුරුව 1975 දී මෝස්තර නිර්මාණ ශිල්පියකු වූ ජෝන් රයන් සමග විවාහ වූ ඇය ඊට වසරකට පසුව ඔහුගෙන් දික්කසාද වූවාය. 1976 අගෝස්තු මස 24 වැනිදා ඔහුගෙන් දික්කසාද වී දින තුනකින් ඇගේ 7 වැනි විවාහය සිදුවූයේ අමෙරිකානු නීතිවේදියකු වූ මයිකල් ඕහාරා සමගිනි. එහෙත් ඒ විවාහය 1983 දී කටුගා දැමූ ඇය ඉන් පසුව මෙක්සිකානු නළුවකු වූ ෆෙලිපී ඩි ඇල්බා සමග අතිනත ගත්තාය. ඒ වනවිට මයිකල් ඕහාරාගේ දික්කසාද නඩුව නිමාවට පත්වී නොතිබූ බැවින් ඇල්බා සමග ඇතිකරගත් විවාහ ගිවිසුම දින කිහිපයකින් අවලංගු විය.

ජර්මානු සම්භවයක් ඇති අමෙරිකානු කර්මාන්තකරුවකු වූ ෆෙඩ්රික් ප්‍රින්ස් සමග වසර 1986 දී අතිනත ගත් සා සාගේ ‘පිරිමි පිපාසය‘ ඉන් නිමාවට පත්විය.

සිය විවාහ සහ පිරිමින් අරභයා ඇය විසින් වරින් වර කරනු ලැබූ ප්‍රකාශ ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයකට පත්විම එක් අතකින් පුදුමයට කාරණාවක් නොවූයේ ඇය තරම් දික්කසාද අත්දැකීම් ඇති නිලියක් නොසිටි බැවිනි.

‘මට තෑගි කළ දියමන්ති ආපහු දෙන්න හිතෙන තරමට මම කිසිම පිරිමියකුට වෛර කරන්නේ නෑ..‘

‘විවාහ වනතුරු හැම පිරිමියෙක්ම අසම්පුර්ණයි..විවාහයෙන් පස්සේ එයාලා ඉවරෙටම ඉවරයි..‘

‘මම හරි අපූරු ගෘහපාලිකාවක්. මිනිහෙක්ව දික්කසාද කරන හැම වතාවේදිම මම එයාගේ නිවස අයිතිකරගන්නවා...‘ ‘මම නිතරම විශ්වාස කරන්නේ අපේ ජීවිතයේ බැරෑරුම් සිදුවීම් හැමවිටම සැහැල්ලුවට ගත යුතු බවයි. ඒ වගේම සැහැල්ලු ඒවා නිතරම බැරෑරැම් විදිහට ගත යුතුයි. හැබැයි මේ නිසාම මම අමාරුවේ වැටුණු අවස්ථා එමටයි..‘

‘පර්සියානු පිරිමින්ට ආදරය කරනවා හැරෙන්න වැඩ කරන්න වෙලාවක් නැති තරම්. අමෙරිකානු පිරිමින්ට වැඩ කරනවා හැරෙන්න ආදරය කරන්න වෙලාවක් නැති තරම්...‘

‘විවාහය ගැන මම නිතරම බැලුවේ ඒක පනහට පනහේ වැඩක් විදිහටයි. මට නම් මම විවාහ වෙන පිරිමියා අඩුම තරමේ අවුරුදු 50ක වයසකවත් සිටිය යුතුයි. ඒ වගේම ඔහුට ඩොලර් මිලියන 50කවත් බූදලයක් තිබිය යුතුයි..‘

‘මගේ විශ්වාසය නම් හැම ගැහැනියකටම සැමියන් තිදෙනකුවත් සිටිය යුතුයි කියලයි...‘ ‘පිරිමි ආදරය කරන්නේ දෑස්වලින්...ගැහැනු ආදරය කරන්නේ සවනින්.‘

‘මම කවදාවත් පිරිමින්ට මාව තෝරාගන්න ඉඩ තියන්නෙ නෑ..මමයි පිරිමින්ව තෝරගන්නෙ..‘ ඇගේ ජිවිතයේ පිරිමින් අරභයා කළ මෙවැනි ප්‍රකාශ පසුකලෙක බොලිවුඩ් පුරයේ ඉමහත් ජනප්‍රියත්වය පත්විය. සැබැවින්ම සා සාගේ ජීවිතයේ ඇය විසින් ඇසුරු කරනු ලැබූ පිරිමින්ගේ සංඛ්‍යාව කොතෙක් දැයි ඇයටවත් මතක නැත.

එබැවින් පසුකලෙක එවැනි පිරිමින් මුණගැසෙන හැම වාරයකදීම ඇය ඔවුන් ඇමැතීමට පුරුදුව සිටියේ ‘ඩාලිං‘ කියාය.

(ෆවුස් මොහොමඩ්_දිනමිණ)

ජීවිත අවුල් වෙන්නෙ නිළියන්ගෙ විතරක් ‍නෙවෙයි – කාජල් අග්‍රවාල්

kajal-agarwal-2

කාජල් අග්‍රවාල් යන නම තරමක් නුහුරු වුණත් පෙනුමෙන් ඇය හුරුපුරුදු කෙනෙක්. මොකද මෑත කාලයේ ජනප්‍රිය වූ හින්දි චිත්‍රපට රාශියකටම ඇය රංගනයෙන් දායක වූ නිසා. මේ කාජල් සමග කළ ඉන්දීය වබේ අඩවියක පළවී තිබූ සම්මුඛ සාකච්ඡාවක අනුවර්තනයයි.

නිළියක් නොවුණා නම් ඔබ අද කවුද?
එහෙම වුණා නම් මම අධ්‍යාපනය අතින් ඉදිරියට යාවි. අදටත් මගේ න්‍යාය පත්‍රයේ තියෙන දෙයක් තමයි මම කොහොමහරි වාණිජ විද්‍යා පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න ඕන කියන එක. ඒ වගේම මම මේ වෙනකොට ජන සන්නිවේදනය ඉගෙනගෙන තියෙන නිසා නිළියක් නොවුණා නම් මම අලෙවි කළමණාකාරිනියක් හැටියට සමාගමකට සේවය කරාවි කියලා හිතෙනවා.

කවදාද ඔබ සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් බවට පත්වෙන්නේ?
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හදාගෙන දවස පුරාම මගේ අලුත් විස්තර අප්ලෝඩ් කරමින් ඉන්න මගේ කැමැත්තක් නැහැ. ඇත්තටම මට ඒක පිස්සුවක් කියලා හිතෙනවා. සමාජ මාධ්‍යයට නිතර එනවා කියන්නේ ඒක ඇබ්බැහි වීමක්. මම මිනිසුන්ගේ ප්‍රතිචාර, කමෙන්ට් කියවලා සතුටු වෙනවා. නමුත් හැම වෙලාවෙම ඒ ගිණුම්වල ඉන්න මගේ කැමැත්තක් නෑ.

බොහෝ නිළියන්ගේ පුද්ගලික ජීවිත අවුල් ජාලා බව මාධ්‍ය ඔස්සේ අපි දකිනවා. මොකක්ද ඔබ ඒ ගැන කියන්නේ?
නිළියො විතරක් නමෛයි ජිවිත අවුල් කරගන්නේ. ජීවිත අවුල් කරගත්තු ගෑනු පිරිමි හැම ක්‍ෂේත්‍රයකම ඉන්නවා. නමුත් කලා ක්‍ෂේත්‍රයේ අයගේ තොරතුරු අසුරු සැණින් පැතිරිලා යනවා.

සමාජයේ යහපත් වෙනසක් වෙනුවෙන් ඔබ කැපකිරීමක් කරන්න සූදානම්ද?
පැහැදිලිවම ඔව්. මම දැනටත් ඒ කැපකිරීම කරමින් ඉන්නේ. මම මට පුළුවන් පමණින් අඩු පහසුකම්ලාභී මිනිසුන්ට උදව් කරනවා. ඒ වගේම මම මගේ පුද්ගලික ජීවිතය තුළ විදුලිය, ජලය පිරිමැහීම සිද්ධ කරනවා. සරල උදාහරණයක් විදියට මම දත් මදිනකොට ටැප් එක වහනවා. ගෙදර හෝ පිට තැනක ඉන්නවා නම් අනවශ්‍ය විදුලි බුබුළු සේරම නිමනවා. ජාතියක් විදියට ගෙඩනැගෙන්න ඒවත් අපට කළහැකි කැපකිරීම් තමයි.

කැමරාව පිටුපසත්, කැමරාව ඉදිරිපිටත් ඉන්නෙ එකම කෙනෙක්ද?
නැහැ. සැබෑ ජීවිතේ මම බොහෝම සංවේදී කෙනෙක්. නමුත් කැමරාව ඉදිරිපිටට ගිහින් මට ඉදිරිපත් කරන්න වෙන්නේ විවිධාකාර චරිත. ඒ චරිත තුළ අඩු වැඩි වශයෙන් මම ඉන්නවා. නමුත් 100ක් මගේ චරිතය රඟදක්වන්න තාම මට අවස්ථාව ලැබිලා නැහැ.

චිත්‍රපටයක් තෝරා ගනිද්දී ඔබට වැඩිපුර වටින්නේ පිටපත මොකක්ද කියන කාරණාවද? නැත්නම් අධ්‍යක්ෂවරයා කවුද කියන එකද?
අධ්‍යක්ෂවරයා කවුද කියන එකත් වටිනවා. හැබැයි පිටපත මට ඊට වඩා වටිනවා.

අමීර් ඛාන් ගැන ඔබ මොකද හිතන්නෙ?
මම ඔහුගෙ රසිකයෙක්. එච්චරයි.

නිළියන්ගෙන් කාටද ඔබ ප්‍රිය කරන්නෙ?
මධුබාලා සහ ශ්‍රීදේවි හැමදාමත් මගේ ජීවිතේ පරමාදර්ශ වුණා. අද වෙනකොට මධුරි ඩික්සිත් දිහාත් බලලා මට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

මැරෙන්න පැය දෙකකට කලින් ඔබට ඒ ගැන දැනුවත් වෙන්න ලැබුණොත්?
මරණය මට වෙනස් කරන්න බැරි දෙයක්නෙ. මම කර්මය විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මම ජීවිත කාලය තුළ කරපු හොඳ දේවල් ටික මතක් කරගන්නවා. මගේ පවු‍ලේ අය සහ ආදරණීය හිතවත්තු මා වටා එකතු කරගෙන එයාලාට අඬන්නෙ නැතුව හිනාවෙලා ඉන්න කියනවා.

බොලිවුඩය ජයගත් ඔබගේ ඊළඟ ප්‍රාර්ථනාව හොලිවුඩය ජයගැනීමද?
ඔව්. හොඳ මිලකට ඉල්ලුමක් ලැබෙනවා නම් ඇයි මම ඒ ගැන දෙපාරක් කල්පනා කරන්නේ.

ඔබ ඉස්සර කණ්ණාඩි පාවිච්චි කළා නේද?
ඔව්. මේ මොහොතෙත් මම ඛිධදබචජබ තඥදඵඥඵ පැලඳගෙන ඉන්නේ. මගේ පෙනීම බොහොම දුර්වලයි.

ඔබ වඩාත් සතුටු වෙන්නේ මොන විදියට හැඩගැන්වුණාමද?
මම වැඩිපුරම සතුටු මුණ, හිස, අතපය සියල්ල සෝදාගෙන මේකප් නැතිව ඉන්න වෙලාවට. පිරිසිදුකම කියන්නේ සමේ මේකප් නැති වෙලාව.

(සඳමාලි වර්ණසූරිය_රිවිර)

බදු සංශෝධනයෙන් සහල් මිල පහළට

tax-amendment-rice-prices-down

බදු සංශෝධනය හේතුවෙන් ආනයනික සහල් කිලෝවක මිල රුපියල් දහයකින් (10) පමණ පහත බසිනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ලබන සතියේ සිට නව මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇති බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.

ආනයනික සහල් සඳහා රුපියල් 15ක විශේෂ වෙළෙඳ බද්ද රුපියල් 5ක් දක්වා පහත දැමීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව ආනයනික රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක් පාරිභෝගික ජනතාවට මේ සහනය හිමිවන බවද හෙතෙම සඳහන් කෙළේය.

(සිදත් මෙන්ඩිස්_මව්බිම)

හලාවත මේරියන්ස් පිලට ඉනිමක ජයක්

inter-club-cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 7 කින් ජයගැනීමට හලාවත මේරියන්ස් පිල ඊයේ (29 වැනිදා) සමත්විය.

දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිල ලකුණු 39 කට සිමා කිරීමට හලාවත මේරියන්ස් පන්දු යවන්නෝ සමත්වු අතර සධිර සමරවික්‍රම (16) හැර වෙනත් පිතිකරුවකුට ලකුණු පහේ සීමාව පසුකිරීමට නොහැකි විය.

කෝල්ට්ස් දෙවැනි ඉනිම ඕවර 13.4 කට සිමාවූ අතර මාලින්ද පුෂ්පකුමාර ලකුණු 03 කට කඩුඩු 4 ක්, මදුක ලියනපතිරණගේ ලකුණු 02 කට කඩුලු 3 ක් සහ ඉසුරු උදාන ලකුණු 09 කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

28 වැනිදා තරගය නිමාවනවිටදී කඩුලු පහක් ලකුණු 96 කට බිඳවැටී තිබුණු හලාවත මේරියන්ස් පිලට අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 196 ක් පමණි. අකිල ධනංජය සහ ඉෂාන් ජයරත්න කඩුලු තුන බැගින් දවාගැනිමට සමත්විය.

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(සධීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 38/7, ඉසුරු උදාන 27/2)

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(විදුර අධිකාරී 21, මහේල උඩවත්ත 27, තීක්ෂිල ද සිල්වා 44, රුක්ෂාන් ප්‍රනාන්දු 36, අරෝෂ් ජනෝද 22, අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3, ඩිල්රුවන් පෙරේරා 67/2)

කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 13.4 කදී සියලුදෙනා දැවී ලකුණු 39
(මාලින්ද පුෂ්පකුමාර 03/4, මදුක ලියනපතිරණගේ 02/3, ඉසුරු උදාන 09/3)
-------------------------------------------------------------------------------------

ළහිරු - ජනිත් ශතක රැස්කරති

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 212 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.

ළහිරු මිලන්ත පන්දු 216 කට මුහුණදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 100 ක් සහ ජනිත් ලියනගේ පන්දු 221 කට මුහුණදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 104 රැස්කළ අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 212 ක නොබිදුණු සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් රැස්කර ගෙන සිටි ද්‍රවිඩ සංගම් පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 318 ක් රැස්කිරීමට සමත්විය.

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 101.5 කදී සියලුදෙනා දැවී ලකුණු 318
(සිතාර ගිම්හාන් 31, දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109, අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3, ජනිත් ලියනගේ 32/2, නිලංක ප්‍රේමරත්න 84/2)



රාගම - පළමු ඉනිම - ඕවර 73 කදී කඩුල්ලක් දැවී ලකුණු 212
(ළහිරු මිලන්ත නොදැවී 100, ජනිත් ලියනගේ නොදැවී 104)
-------------------------------------------------------------------------------------

එන්.සි.සී. ලකුණු 94 ක් ඉදිරියෙන්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සි.සී සහ සී.සි.සී. කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට එන්.සි.සී. පිල සමත්විය.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් රැස්කර ගෙන සිටි සී.සි.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 293 ක් රැස්කිරීමට සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත පන්දු පන්දු 213 කට මුහුණදෙමින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 108 ක් රැස්කරමින් සී.සි.සී. පිල පළමු ඉනිමේදී ඉහළින් තැබීමට සමත්විය. තරිඳු කෞශාල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු හතර බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

එන්.සි.සී. - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හෂාන් උපේන්ද්‍ර 30, ළහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, අනුක් ප්‍රනාන්දු 43, ළහිරු ගමගේ 52/4, වනිඳු හසරංග 33/2, උස්මාන් ඉශාක් 51/2)

සී.සි.සී. - පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(මලිඳු මදුරංග 29, රොන් චන්ද්‍රගුප්ත 108, ලසිත් අබේරත්න 21, රොෂාන් අනුරුද්ධ 29, වනිඳු හසරංග 59, රවීන් සේයර් 25, තරිඳු කෞශාල් 71/4, ලසිත් ඇඹුල්දෙණිය 110/4, )

එන්.සි.සී. - දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 187
(ජෙහාන් මුබාරක් 46, ඇන්ජලෝ පෙරේරා නොදැවී 43, අනුක් ප්‍රනාන්දු 22, තිමිර ජයසිංහ නොදැවී 39, අශාන් ප්‍රියංජන් 42/2)
-------------------------------------------------------------------------------------

යුද හමුදා පිල අසීරු ගමනක

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම ඉනිම සදහා පන්දුවට පහරදෙන යුදහමුදා පිල ලකුණු 51 කට කඩුලු පහක් අහිමිකර ගත්තේය.

28 වැනිදා තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 58 ක් රැස්කර ගෙන සිටි එස්.එස්.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 323 ක් රැස්කිරීමට සමත්විය.

චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සීක්කුගේ ප්‍රසන්න කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දුෂාන් විමුක්ති 31, ඩිල්ශාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, කසුන් ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුෂංක 29/3, දසුන් ශානක 41/2)

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 323
(මිනෝද් භානුක 28, චරිත් අසලංක 50, කවිඳු කුලසේකර 30, දසුන් ශානක 92, රමේෂ් මෙන්ඩිස් 32, සචිත්‍ර සේනානායක නොදැවී 31, සීක්කුගේ ප්‍රසන්න 84/3, දුශාන් විමුක්ති 35/2, එන්. මෙන්ඩිස් 58/2, මදුක ලියනපතිරණගේ 76/2)

යුද හමුදාව - දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 51
(සීක්කුගේ ප්‍රසන්න නොදැවී 31, දසුන් ශානක 16/3, විමුක්ති පෙරේරා 07/2)

(රොෂාන් ගුණරත්න_විස්ඩන්)

දික්කසාදය දුකක් කියලා මම හිතන්නේ නැහැ

roshan-pilapitiya-article

රොෂාන් මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම පේන්න ඉන්නවනේ..?

ඔව්. මම රඟපාන සල්සපුනා, ආදරේ සුවඳ අරන්, සිඳු කියන ටෙලිනාට්‍ය තුනම මේ දවස්වල විකාශය වෙනවා.

කාලයක් රොෂාන් පේන්නවත් නෑ. හැබැයි කාලෙකට ඕනවටත් වඩා පේන්න ඉන්නවා.මොකක්ද මේ වෙන්නේ..?

මම පේන්න හිටියේ නැත්තේ මම වැඩ නොකරපු නිසා නෙමෙයි. මම ඒ කාලෙත් වැඩ කළා. හැබැයි ඒ නාට්‍ය විකාශය වෙන්න පෝලිමේ තිබ්බා. ඉතිං මේ දවස්වල අලුත් නාට්‍ය වගේම නාට්‍ය කිහිපයක් රිපීට් ටෙලිකාස්ට් වෙන නිසා වැඩිපුර පේන්න ඉන්නවා කියලා හිතෙනවා ඇති.

ක්ෂේත්‍රයට අලුත් අලුත් ශිල්පීන් එකතුවෙලා හිටියත් රොෂාන්ට තාමත් පෙම්වතාගේ තැන ලැබෙනවා නේද..?

ඔව්. හැබැයි මම පෙම්වතාට විතරක් සීමාවෙලා නැහැ. මම විවිධ චරිත නිරූපණය කරනවා. සිඳු නාට්‍යයේ මම නිරූපණය කරන්නේ කළු චරිතයක්. සල්සපුනා නාට්‍යයේ මම කරන පෙම්වතාගේ චරිතය ගැහැනු කෙනාට කීකරු වුණ පෙම්වතෙක්ගේ චරිතයක්. ආදරේ සුවඳ අරන් ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ කළු සුදු ලක්ෂණ තියෙන පෙම්වතෙක්ගේ චරිතයක්. මේ හැම චරිතයක්ම එකකට එකක් වෙනස්.

රොෂාන්ට පුංචි තිරයේ එදා තිබ්බ ඉල්ලුම තාමත් තියෙනවද..?

ක්ෂේත්‍රයට ආපු කාලේ මම ගොඩක් වැඩ කළා. මම 1988දී ගොළු හදවතෙන් තමයි රංගන කටයුතු පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකල් මාසයක්වත් මට වැඩ නොකර ඉන්න වෙලා නැහැ.

දැන් තෝරලා බේරලද වැඩ භාරගන්නේ..?

පුළුවන් තරම් තෝරා ගැනීම් කරනවා. හැබැයි දැන් ටෙලි නාට්‍ය ටිකයි හැදෙන්නේ. මොකද කොරියන්, ඉන්දියන් ටෙලි නාට්‍යයනේ ගොඩක් විකාශය වෙන්නේ.

වේදිකාවටත් රොෂාන් එකතු වෙලා ඉන්නවනේ..?

ඔව්. බල්ලොත් එක්ක බෑ. අලුත් හොරෙක් ඕනෑ. සුදු සහ කළු කියන වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා.

සිනමාව පැත්තේ රොෂාන්ව දකින්න ලැබෙන්නේ අඩුවෙන්නේ..?

නෙලා, වෛශ්නාවි, භවතරණ වගේ චිත්‍රපට කිහිපයකම මම රඟපෑවා. ඒවා තාම තිරගත වුණේ නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ.

අධ්‍යක්ෂණයට ආවොත් නරකද..?

තාමත් මම අධ්‍යක්ෂණයට සුදුසු නෑ කියලා හිතනවා.රංගනයට අද ඊයේ ආපු අයත් අධ්‍යක්ෂණයට එකතු වෙනවා.

රංගනයට ඇවිත් දශක තුනකටත් ළංවෙනවා. තාමන් රොෂාන් අධ්‍යක්ෂණයට සුදුසු මදි කියලද හිතන්නේ..?

වෙන රටවල නම් එහෙම ඕන ඕන විදිහට අධ්‍යක්ෂණයට එන්න බෑ. අපේ රටේ ඕන කෙනෙක්ව අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. අධ්‍යක්ෂවරු වීමටත් ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඕන ඕන අය අධ්‍යක්ෂවරු වුණාම නිෂ්පාදකවරුන් අමාරුවේ වැටෙනවා. වාහන එළවන්නත් ලයිසන් ඕන. අධ්‍යක්ෂවරු විදිහටත් ලියාපදිංචි කිරීමක් අවශ්‍යයි. කලාවේ හැම දෙයක්ම ප්‍රමිතිගත වෙන්න ඕන.

ඔබ අධ්‍යක්ෂණයට සුදුසු නෑ කියලා හිතන්නේ ඇයි..?

රංගනය, අධ්‍යක්ෂණය කියන්නේ වෙනම කාර්යයන් දෙකක්. රඟපෑවා කියන එක අධ්‍යක්ෂණයට එන්න ප්‍රධාන වෙන දෙයක් නෙමෙයි. අධ්‍යක්ෂණයට එන්න හැදෑරීමක් අවශ්‍යයි. මමත් කවදාහරි අධ්‍යක්ෂණයට එයි. හැබැයි අද හෙට නෙමෙයි. ඒකට සමහරවිට අවුරුදු දහයක් වුණත් ගතවෙයි. අධ්‍යක්ෂණයට එනවා නම් එන්නේ
ඒ ගැන හැදෑරීමක් කරලා.

කාලෙකට පස්සේ රොෂාන්ගෙ ගීතයකුත් ඇහෙනවා..?

ඔව්. "දකින්න ආවේ" කියන ගීතය ෆේස්බුක්, යූ ටියුබ් හරහා යැව්වා. කාලෙකට පස්සේ ගීතයක් කළේ. මේකත් ආසාවට කළේ. ප්‍රතිචාරත් හොඳයි.

නාලිකාවලට ගීතය දෙන්න අදහසක් නැද්ද..?

දැන් ගීත ප්‍රචාරය කරගන්න පැකේජ් ක්‍රම තියෙනවනේ. මම ඉතිං නිහඬව කරන දේ කරලා පාඩුවේ ඉන්නවා. නාලිකාවලට ගීතය දෙන්න ගියේ නැහැ. මට තරගයකට යන්න අවශ්‍ය නැහැ.

පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්නේ නැද්ද..?

ඒ දේ කාලයට ඉඩදීලා තියෙනවා.

ජීවිතේ සතුටින්ද ඉන්නේ..?

ඔව්. මම සතුටින්. මම මානසිකව වැටිලා නැහැ. දික්කසාද වීම මහා දුකක් කියලා මම හිතන්නෙත් නැහැ. හැමදේම මට ලැබුණා. මට ලැබුණ සියල්ල අත්දැකීම්. කිසිම පසුතැවීමක් නැතුව ජීවිත කාලේ සතුටින්ම ඉන්න කෙනෙක් තමයි මම.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

හිමිකරුගේ සිතැඟි වලින් පාලනය වන ff 91 කාර් රථය මෙන්න

හිමිකරුගේ සිතැඟි වටහා ගත හැකි කාර් රථයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

faraday future සමාගම විසින් නිෂ්පාදිත මෙය ff 91 නම්වනවා.

මේ අති නවීන ff 91 මෝටර් රථය එහි ධාවකයාගේ රිය පැදවීමේ රුචිකත්වය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට සමත් අතරම පුළුල් පරාසයක් තුළ විහිදුණු රියැදුරාගේ තෝරා ගැනීම්ද වෙන් කොට හඳුනා ගැනීමට සමත් බවයි පැවසෙන්නේ.

එකිනෙකින් වෙන් වූ ඩිජිටල් උපාංග සහ මෘදුකාංග රාශියක එකමුතුවෙන් තැනෙන ff 91මෝටර් රථය එහි ඇති සුවිශේෂ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදක මගින් ඔබේ අවශ්‍යතා වටහාගෙන තිබිම නිසා මෙම මෝටර් රථය භාවිත කිරීම ජංගම දුරකථනයක් භාවිත කිරීම තරමටම පහසු කාර්යයක් බවට පත් වනු ඇති.

මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ ස්වයංක්‍රිය දොරටු පද්ධතියයි.

ඔබ ඔබේ ජංගම දුරකථනයෙන් මෝටර් රථය සමග සම්බන්ධවීමෙන් පසුව එය ස්වයංක්‍රියව ඔබට දොරගුළු විවර කර දෙනු ඇති.

දොරගුළු හැරෙන විටම මෝටර් රථය තුළ පරිසරය ඔබට අවශ්‍ය පරිදි සකසා තැබිමට එය වගබලා ගනී.

ඒ අනුව ඇතුළත උෂ්ණත්වය, ආසන සැකැස්ම, ඔබේ රසවින්දනය උදෙසා වූ සංගීතය ආදිය සේම ඔබේ ගමන් මාර්ගයද මෝටර් රථය තනිවම සකසා ගනී.

යම් හෙයකින් ඔබ අත ජංගම දුරකථනය නොමැති නම් ඔබේ මුහුණ හඳුනා ගැනීමෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවද ඒ සතුයි.

මගීන්ගේත් රියැදුරාගේත් සුව පහසුව පිණිස ගුරුත්වාකර්ෂණය ශුන්‍ය කරමින් සකසා ඇති ff 91 හි ආසන ඔබේ බර තුලනය කරමින් වඩා සුව පහසු ඉරියව්වක් ලබා දෙනු ඇති.

රියැදුරකු නැතිව ගමන් කිරීමේ හැකියාව ff 91සතු නිසා වාහනය ගාල් කිරීමකින් තොරව වුවද ඔබට ඉන් බැස යා හැකියි.

මෙම කාර් රථය වෙළඳ‍පොළට නිකුත් කරන්නේ 2018 වසරෙදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.





29 January, 2017

අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමතිට’ මලපැන්න හැටි (Video)

highway-welipenna-entrance

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලිකව පවත්වාගෙන යන වැලිපැන්න සේවා ස්ථානය වෙත පැමිණෙන ජනතාවට එහි සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේදී දැඩි ගැටළු රැසකට මුහුණ පෑමට සිදු වන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

ඒ අනුව කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව එහි ගිය පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා පළමුව එහි වැසිකිලි පද්ධතිය පරික්ෂා කල අතර එහිදී අනාවරණය වූනේ උපකරණ කිසිදු නඩත්තුවකින් තොරව පවත්වාගෙන යන බවයි.

එහිදී අදාල බලධාරීන් ඇමතු අමාත්‍යවරයා අනතුරුව සේවා ස්ථානයෙහි අපද්‍රවය හා මලප්‍රවාහන පද්ධතියේ ඇති ගැටළුද සොයා බැලුවා.

මේ අතර සේවා ස්ථානයේ ජල සැපයුම පිළිබදවද සොයා බැලු අතර එහිදී අනාවරණ වුනේ මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් දැනට භාවිතයට නුසුදුසු බවට තීරණය කර ඇති ජලය මෙම සේවා ස්ථානයට බවුසර මගින් රැගෙන එන බවයි.

එම ජලය නිකුත් කරනු ලබන්නේ කළුතර කෙත්හෙන ජල පවිත්‍රා ගාරයෙන්.

එමෙන්ම මෙලෙස රැගෙන එනු ලැබූ ජලය තව දුරටත් අපිරිසිදු වන ආකාරයෙන් භූගත කර තිබුන අතර පොලිසිය හා සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමෙන් පසුව එහිදී මුහුදු ජලය මිශ්‍ර ජල බවුසර් 02ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සේවා ස්ථානය භාර අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පැවරීමට ද එහිදී තීරණය කෙරුණා.

පැය 12 ට අධික කාලයක් සේවා ස්ථානයේ රැදී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේ ගල් තුඩුව ගම්මානයට හරවා තිබු මලප්‍රවාහන පද්ධතිය අළුයම 1ට පමණ විධිමත්ව ස්ථාපිත කිරීමෙන් අනතුරුවයි.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.



_නෙත්ගොසිප්

“එපා එන්න කියලා - මොකෝ මැණිකෙ කීවේ”

bandage-wakkiya

නිමලෙ ජෝතිපාල උන්නැහේගේ සින්දුවක් ගායනා කොරමින් අබිලිංගෙ කඩේට ගොඩ උනා. අබිලිංගෙ මායියා ගස්සගෙන කඩේ ඇතුළට ගියා.

අබිලිං කට ඇරගෙන ටීවී පෙට්ටියේ වාදයක් දිහා බලාගෙන. කඩේට බඩු ගන්ඩ ආපු උදවිය බක්කිඔල මොනවක්කත් ම නැති හින්දා හැරිලා යද්දි නිමලෙගෙ කොලුවා ලූණු සිවිඔලට පිඹිනවා.

“හැබැහැට නිමලෙ මොන හේතුවකට ද නුගේගොඩට එන්ඩ එපා කියන්ඩ ඇත්තෙ?

“එතුම ද?”

“ඔව් ඔව් එතුමා තමයි”

“පහුගිය දවස්ඔල නියඟය දුරුවෙලා වහින්ඩ කියලා ජයපිරිත් එහෙම සජ්ජායනා කොළානෙ. ඉතිං ඒකෙ පොරතිපල විදියට වහියි කියලා හිතලා. මැති ඇමතිවරුන්ට හෙම්බිරිස්සා හැදු‍ණොත් පෙරළිය කොරන්ඩ කෙනෙක් නැතුව යන හින්දා වෙන්ඩැති”

“හද්දෙයියනේ! එතකොට මහජනයා තෙමෙන්නැද්ද”

“ඔව්වට එන්නෙ වැහි පිට වැහි දාහක් වැස්සත් මී හරක් වාගෙ පදං වෙලා ඉන්න දේසප්‍රේමියො නෙවැ. ඒ හින්දා පුරස්නයක් නෑ”

“ඒක නං පිළිගන්ඩ බෑ. ඕකෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවා”

“ජනතා පීඩනේට මැදිවෙලා උන්නැහෙලගෙ වාහන එහාට මෙහාට කර ගන්ඩ බැරිවෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”

“ඒකට ඉතිං පොලිස්සියෙ මහත්තුරු ඉන්නවනෙ. එහාට මෙහාට කරලා දෙයි”

“මැති ඇමතිවරු ඔක්කොම ආවොත් ආණ්ඩුව පෙරළෙයි කියලා බයට අනුකම්පාවට වෙන්ඩ බැරි ද? එතුමා පොරොජාතන්තරේ ගරු කරන උත්තමයෙක් නෙවැ.”

“ඒක නං කොහොමවත් වෙන්ඩ බෑ. පෙරළෙනකං නින්දක් නැතිව නෙ ඉන්නෙ”

“ආණ්ඩුවෙ ඇමතිකං ගත්තා කියලා මහජනතාව පහර දෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”

“මේ සිරිලංකාවෙ කවද්ද ඇමතිවරුන්ට ගැහුවෙ. ඇමතිවරු ගැහුවා මිසක්. ලණුඔලින් බැන්දා මිසක්.”

“මම දන්නවා එපා එන්න කියපු කාරණේ”

අබිලිං මැද්දට පැන්නා.

“කොහොමද දන්නෙ? හැබෑට ම මොකද්ද හේතුව?”

“මේ දවස්සොල උන්නැහේට රටපුරා පංසල්ඔල සංගාවාස විවුර්ත කොරන්න ආරාදනා ලැබෙනවා”

“ඉතිං?”

“බුද්දාගමට යි රට ජාතියට යි තියන ආදරේ හින්දා එව්වට නොයා ඉන්නෙ නෑ”

“ඉතිං?”

“නුගේගොඩ රැස්සීම දවසෙත් සංගාවාස විවුර්ත කෙරිල්ලක්”

“ඉතිං?”

“ඉතිං එතුමා ඒ වැඩේට යනවා. නුගේගොඩට පුතා එවනවා. මැති ඇමතිවරුන්ට එන්ඩ එපා කිව්වෙ ඒකයි. තමුන්නැහෙ නැති රැස්සීමට අපට එන්ඩ කීවෙ මොකද කියලා ප්‍රස්න කරයි කියන බයට”

නිමලෙ ආයෙ වතාවක් එපා එන්න කියලා සින්දුව ගායනා කොළා. ඒක තමුන්ට නෙමේ අනුන්ට කියපු එකක් බව තේරිල ද කොහෙද අබිලිංගෙ මායියා මල් හිනාවක් දාගෙන එළියට ආවා.

_සිළුමිණ

හිතුමනාපෙට පෙම් කරපු මිලින්ද මෙදා සැරේ කළ වැඩේ

milinda-sandaruwan-article

හිතුමනාපෙට පෙම් කළාට පස්සේ මොකක්ද මේ කරලා තියෙන අලුත් වැඩේ?

'හිතුමනාපෙට පෙම් කළාට' කියන ගීතය කළාට පස්සේ මම කරපු අලුත්ම ගීතය තමයි 'හැමටත් වඩා' කියන්නේ. අවුරුද්දකට විතර පස්සේ ගීතයක් රිලීස් කළේ. මේ ගීතය ලිව්වේ සජිත් වී. චතුරංග. මියුසික් කළේ චන්දන වල්පොළ. මියුසික් වීඩියෝව කළේ හරි ක්‍රියේෂන් එක. වැඩේ ලස්සනට කෙරුණා.

ගීතයක් රසිකයන් අතරට ගේන්න ලොකු කාලයක් ගන්නවා වගේ?

ඔව්. මම ළඟ ළඟම ගීත එළියට දැම්මේ නෑ. එක ගීතයක් රසිකයන්ට ටික කාලයක් අහන්න දීල තමයි අලුත් ගීතය රිලීස් කළේ. 'හිතුමනාපෙට පෙම් කළාට' ගීතයත් තාමත් රසිකයෝ අහනවා.

හැමටත් වඩා ගීතයත් රසිකයන්ට ළංවෙලා තියෙනවද?

ඔව්. යූ ටියුබ් මඪඥඹඵ වැඩි ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. ෂෝවලට ගියාමත් ඒ ගීතය සෑහෙන පිරිසක් ඉල්ලනවා. ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.

ගීතය ප්‍රචාරය කරගන්න මිලින්දට නාළිකාවලින් සහයක් ලැබෙනවද?

සමහර නාළිකාවල මගේ ගීතය ප්‍රචාරය වෙනවා. කොහොම වුණත් චැනල්වලට වඩා ප්‍රසංග වේදිකාවෙන් මේ ගීතය රසිකයන් අතරට ගිහින් තියෙනවා. වීඩියෝ එක කරන්න කලින්ම ගීතය රසිකයෝ වැලඳගත්තා.

බූට් සින්දු කරන්නේ මාකට් වෙන නිසාද?

මෙහෙමයි. විරහ ගීත හිට් වෙන්නේ කාගේ ජීවිතවලත් එවැනි අත්දැකීම් වැඩි නිසා. එහෙම වුණාම ඒ ගීතය අහන අයට ගීතය ජීවිතේ කොටසක් වගේ දැනෙනවා. ඉතින් ආදර ගීත, විරහ ගීත කළාට ප්‍රශ්නයක් නැහැ. ඒවා මාකට් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල එවැනි කොටසකුත් තියෙන නිසානේ.

දැන් ඔය ගීතයේ මිලින්දගේ ජීවිතේ කොටසකුත් තියෙනවද?

මේක මගේ ජීවිතේට කිසිම සම්බන්ධයක් නැහැ. මම අනෙක් අයගේ ජීවිත ගැන කියලා සින්දු හදන්නෙත් නෑ. හැබැයි කරන ගීත අනෙක් අයගේ ජීවිතවල අත්දැකීම් වෙලා තියෙනවා. මම මේ ගීතය ගැයුවේ මම ඒ ගීතයට ආස නිසා.

මිලින්ද මේ දවස්වල Feed Back එක්කත් කාර්යබහුල වෙලා වගේ?

ඔව්. මම Feed back බෑන්ඩ් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. බෑන්ඩ් එකත් එක්ක වැඩ කරගෙන යනවා. 24 වැනිදා අපි ප්‍රසංගයකට කොරියාත් යනවා. බෑන්ඩ් එකට එකතු වුණාට පස්සේ මට ලොකු රසික පිරිසක් හැදුණා. මගේ වැඩවලටත් බෑන්ඩ් එකේ පිරිසගෙන් ලොකු සහායක් ලැබෙනවා.

බෑන්ඩ් ලීඩර්ස්ලා, කණ්ඩායමේ අනෙක් ශිල්පීන්ට මතු වෙන්න දෙන්නෙ අඩුවෙන්ලු. මිලින්දට එහෙම ප්‍රශ්න නැද්ද?

එහෙම ලීඩර්ස්ලා ඇති. හැබැයි අපේ බෑන්ඩ් එකේ ලීඩර් චමල් වර්ණකුල අයියා ඒ වගේ චරිතයක් නෙවෙයි. එයා ගායනය, වාදනය පැත්තෙන් චරිතයක් වුණු කෙනෙක්. එයා අනෙක් අයට කපන්නේ නැහැ. චමල් අයියා කියන්නේ හොඳ මනුස්සයෙක්. අපි ඉස්සරහට යන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඔහුගෙන් වගේම කණ්ඩායමේ අනෙක් අයගෙනුත් මට සහයෝගයක් ලැබෙනවා.

මිලින්දව විතරක් සහභාගි කරගන්න ප්‍රසංගවලට යන්නේ නෑ කියන්නේ ඇත්තද?

බෑන්ඩ් එකට ෂෝ නැති දවස්වලට මම අනෙක් ප්‍රසංගවලට යනවා. මම බෑන්ඩ් එකට ගිය දවසේ ඉඳන් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ෂෝ නැතිව ගෙදර ඉඳලා නෑ. ඒ තරම් අපිට වැඩ ලැබෙනවා. බෑන්ඩ් එක, එක තැනක නතචර කරද්දි මට දුර තැනක ෂෝ එකකට ගිහින් එන්න බෑනේ. මම කැමැති නැහැ කාටවත් අසාධාරණයක් කරන්න. මට පුළුවන් වෙලාවක් තිබ්බොත් මම ලැබෙන ආරාධනාවලට නොගිහින් ඉඳලා නෑ.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු. දැන් මිලින්ද දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්නේ?

ඔව්. දුවට දැන් අවුරුදු තුනහමාරයි. පුතාට අවුරුදු එකහමාරයි. බිරියයි මමයි දරුවෝ දෙන්නයි සුපුරුදු විදියට සතුටින් ඉන්නවා.

බිරියගෙන් මිලින්දගේ වැඩවලට හොඳ සහයෝගයක් ලැබෙනවද?

ඔව්. එයා මාව තේරුම් අරගෙන මගේ වැඩවලට උපරිම සහයෝගය දෙනවා.

(තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම)

එළිසබත් මහ රැජිනට නිල් මැණිකක් තෑගි දී අතුරුදන් වූ කොටිපති ව්‍යාපාරික නිමල් පතිරණ

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-1

හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා..

ආයුධයක් ගන්න කාමරේට යන්න නැගිට්ටත් මට නැගිටගන්න බැරිවුණා...

1980 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරික නිමල් පතිරණට හදිසි වාසනාවක්‌ උදා කළ දවසකි.

එදා උදේ 10 ට පමණ පැරැණි මිතුරෙක්‌ තවත් හතර දෙනකු සමඟ ඔහු හමුවීමට ආවේය.

බේබි සිංඤො නමැති මේ මිතුරා නිමල් පතිරණට මැණික්‌ ගල් ගෙනා ගල් බ්‍රෝකර් කෙනෙකි.

1979 තෙක්‌ නිතර නිතර පතිරණ හමුවී මැණික්‌ සැපයුව ද ඉන්පසු බේබි සිංඤො අතුරුදන් වෙයි.

පසුව ඔහු රක්‌වානේ පොතුපිටියේ පතලක්‌ බැස ඇති බවට පතිරණට පණිවුඩයක්‌ එන්නේය. බේබි සිංඤො අතට හොඳ ගලක්‌ හමුවුණොත් ඔහු අනිවාර්යයෙන් තමා වෙත එන බව නිමල් පතිරණ දන්නේය

එය එසේම සිදුවිය. බේබි සිංඤො එදා පැමිණ සිටියේ රාත්තල් එකහමාරක්‌ බර ගලක්‌ රැගෙනය.

"මොකක්‌ද මේක.......?" නිමල් පතිරණ ඇසුවේය.

"නිලක්‌" බෙබි සිංඤො කීවේය. මෙච්චර හොඳ ගලක්‌ ආයි මේ ආත්මෙදී හම්බ වෙන්නෙ නැහැ."

නිමල් පතිරණ ගල පිරික්‌සුවේය. මේ ආත්මයේ නොව ලබන ආත්මයේදීවත් මෙවැනි ගලක්‌ නොලැබෙන බව ඔහු සිතින් තක්‌සේරු කර ගත්තේය. "ගලට කීයක්‌ බලාපොරොත්තු වෙනවද?" ඔහු ඇසුවේය.

"අඩුම ගණනේ ලක්‍ෂ සීයක්‌වත් ඕනෑ. හරියට කපා ගත්තොත් ලක්‍ෂ පන්දාහකට එහා ඔය ගලෙන් හම්බ කරන්න පුළුවන්" ඒ බේබි සිංඤො ගේ උත්තරය ය.

නිමල් පතිරණ ගල කිරා බැලුවේය. කැරට්‌ බරෙන් නම් කැට්‌ 3250 ක්‌ එතැන විය. ගල නැවතත් පෙරළා බැලූ පතිරණ එයට යටින් ටෝච් එක ගසා මෙසේ කීවේය. "මැද පැල්මක්‌ තියෙනවා නේද?"

"මේකනෙ නිමල් මහත්තයා වැඩේ. කැරට්‌ 3250 ක ගලක්‌ ඒ බර තියාගන්නට කපන රටක්‌ නැහැනෙ. මේ ගලත් එහෙමයි.

පැල්ම තියෙන තැනින් ගල ඉරා ගන්න හැකි. ඊට පස්‌සෙ තව කෑලි කීයකට නම් මේක වෙන් කර ගත හැකිද? එක කෑල්ලකින් කෝටි කීයක්‌ නම් හොයන්න හැකිද?

"කීයක්‌ ඉරුවත් ලක්‍ෂ 100 ක්‌ නම් දෙන්න බැහැ. එහෙම දෙන්න සල්ලි මා ළඟ තියා කා ළඟවත් ඇත්තෙත් නැහැ...... නිමල් පතිරණ කීවේය. ලක්‍ෂ 30 ක්‌ දෙන්නම්..."
"හැත්තෑපහක්‌ දෙන්න." බේබි සිංඤො කීවේය.

"තිස්‌පහක්‌ දෙන්නම්."

"කෙරෙන්නම කතා කරමු නිමල් මහත්තයා..." බේබි සිංඤො ස්‌ථිර හඬින් කීවේය. පනහක්‌ දෙන්න...."

"හොඳයි හතළිහක්‌ දෙන්නම්....." නිමල් පතිරණ තම දැතේ තිබූ ගල බේබි සිංඤො අතට දෙමින් හිඳ සිටි තැනින් නැඟී සිටියේය. කතා නොකළ බේබි සිංඤො එකඟත්වය පළ කරමින් හිස සැලුවේය.

රුපියල් ලක්‍ෂ 40 කට සීයේ නෝට්‌ටු හතළිස්‌ දහසක්‌ තිබේ. පනහේ නෝට්‌ටු අසූදාහක්‌ තිබේ. නිමල් පතිරණගේ සල්ලි සේප්පුවල ලක්‍ෂ 90 කට වඩා තබිණ. ඔහු කල්පනා කළේ මේ තරම් විශාල මුදල් තොගයක්‌ බේබි සිංඤො ගෙදර ගෙන යන්නේ කොහොමද යනුවෙනි.

අන්තිමේදී බේබි සිංඤො සමඟ සාකච්ඡා කළ ඔහු බේබි අතට සත 25 ක්‌ දී ළඟම පිහිටි සිල්ලර කඩෙන් හිස්‌ හාල් ගෝනි 2 ක්‌ රැගෙන එන ලෙස කීවේය.

"ඒ මොකටද...?" බේබි ඇසුවේය. මැණික්‌ ගල් බ්‍රොකර් කෙනෙකු වූ බේබි සල්ලි විශාල ප්‍රමාණවලින් ගනුදෙනු කර තිබුණේනැත.

ඒ බැවින් විශාල මුදල් තොගයක පරිමාව හෝ විභවය ඔහුට නොතේරෙන බව නිමල් පතිරණට වැටහින.

තමා ලක්‍ෂ 40 ගෙවීමට යන්නේ රුපියල් සියයේ නෝට්‌ටු සහ පනහේ මුදල් නෝට්‌ටුවලින් කලවමේ බැවින් එතැන නෝට්‌ටු හැටදහසක්‌ පමණ විය හැකිබව ඔහු බේබි සිංඤොට පෙන්වා දුන්නේය.

අන්තිමේදී මුදල් තොගය එකක්‌ සත 10ක්‌වූ ගෝනි දෙකක බහා ඒවා උඩින් එළවළු අතුරා කටවල් හොඳින් බඳින ලදී. බේබි සිංඤො ඇතුළු පිරිස ඒවා කර තබාගෙන නික්‌ම ගියහ.

නිමල් පතිරණ එදා මැදියම් රෑ ඉක්‌මවන තුරුත් අවදිව සිට කල්පනා කළේ මැණික්‌ ගලට කුමක්‌ කරන්නේ ද යන්නය. එය එහෙමම තායි මැණික්‌ වෙළෙන්දෙකුට විකුණනවාද?, එහෙමත් නැත්නම් කැබලිවලට ඉරා කපා ඔප දමා විකුණනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට ඔහුට බැරි විය.

මේ ඔහු 1980 ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තමා අත්විඳි දේ ගැන නිමල් පතිරණ තම වචනවලින් පැහැදිලි කරන කතාවය.

"එතකොට මට වයස තිහකට වඩා නැහැ. සල්ලි - මැණික්‌ ගෙදර තියෙන නිසා මම හැම තිස්‌සෙම සූදානමින් හිටපු කෙනෙක්‌. ඔන්න එදා රෑ 12ට විතර මම සාලේ පුටුවකට වෙලා කල්පනා කළා ගලට මොකද කරන්නේ කියලා. ගෙදර ඔක්‌කොමලා නිදි. හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා. ආයුධයක්‌ ගන්න කාමරේට යන්න නැගිට්‌ටත් මට නැගිට ගන්න බැහැ. පුටුවට බැඳලා වගේ. සුදුපාට රූපෙ කතා කරන්න පටන් ගත්තා. ඕක හරි වටින මැණිකක්‌. දැන් උඹ ලංකාවේ ලොකුම කෝටිපතියා වෙලා ඉවරයි. හැබැයි ඔය මැණික හිතු මතයට කපන්න එපා. ඊට කලින් උඹ රත්නපුරේ මහ සමන් දේවාලෙට ගිහින් පූජාවක්‌ කරන්න ඕනෑ. එහෙම කියලා රූපය අතුරුදන් වුණා.."

ලැබුණු උපදෙස්‌ ඒ හැටියටම අනුගමනය කරමින් නිමල් පතිරණ සමන් දෙවි හාමුදුරුවන්ට පූජාවක්‌ පවත්වා ගල කැබලිවලට ඉරුවේය.

මේ ගලෙන් කැරට්‌ 22 ක්‌ බර කොටසක්‌ කපා ඔප දමා ළඟ තබා ගත් ඔහු ඉතිරිය එසේම කපා ඔප කර ලොව පුරා වික්‌කේය.

ඒ කාලයේ හැටියට ඔහු එයින් රුපියල් කෝටි 100 කට එහා ඉපැයිය යුතුය. එහෙත් ඔහු කීයක්‌ උපයන ලද්දේ දැයි අප දන්නේ නැත.

1981 දී බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජන ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය.
යටත් විජිත රසික සමාජයේ සභාපති ලෙස හැසිරුණ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඇය වෙනුවෙන් බොහෝ උත්සව පවත්වා කොළඹ ජනාධිපති මැඳුරේදී මැණික්‌ ප්‍රදර්ශනයක්‌ ද සංවිධානය කළේය.

විශාල සිප්පි කටුවක්‌ මැද තැබූ නිමල් පතිරණයට අයත් කැරට්‌ 22 නිල් මැණික ඔහු ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේය. තියුණු ආලෝක ධාරාවක්‌ මැණික මතට එල්ලකර එය කැපී පෙනීමට සැලැස්‌වීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි.

හරියටම එදා උදේ 10.30 ට මහ රැජන ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මන්දිරයට ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස සෑහෙන වේලාවක්‌ බලා සිටි ඇය ප්‍රදර්ශනය නැවත වරක්‌ නැරඹීමට හවස්‌ වරුවේ එන බව කියා නික්‌ම ගියාය.

හවස හතරයි පහට ඡේ. ආර්. සමඟ මහරැජන නැවත එහි ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස බොහෝ වේලාවක්‌ බලා සිට ඇය ජනාධිපති ඡේ. ආර්.ගෙන් කිසිවක්‌ ඇසුවාය.

ඊළඟ මොහොතේදී නිමල් පතිරණ දෙසට හැරුණු ඡේ. ආර්. මෙසේ විමසීය.

"නිමල් කැමතිද මහ රැජනට මේ මැණික තෑගි දෙන්න..?"
නිමල් පතිරණ දැන් කිව යුත්තේ කුමක්‌ද? මෙතැන නිමල් පතිරණ වෙනුවට ඔබ සිටියේ නම්, ඔබ කරන්නේ කුමක්‌ද?

"හොඳයි සර් අතින්ම මේක එතුමියට තෑගි දෙන්න......" නිමල් පතිරණ කීවේය.

ඡේ. ආර්. වහාම මැණික ගෙන දෝතින්ම මහ රැජනට දුන්නාය. ඇයද වෙන මිනිහකුට අයත් නිල් මැණික ඡේ. ආර්. අතින් ලබාගෙන නිමල් පතිරණට ස්‌තුති කර නික්‌ම ගියාය.

1947 දී රත්නපුරයේදී උපන් නිමල් පතිරණ මැණික්‌ පරම්පරාවකට අයත් කෙනෙකි. ඔහුගේ පියා සහ බාප්පලා මෙරට සිංහල - බෞද්ධ මැණික්‌ ව්‍යාපාරික ප්‍රජාවගේ සමාරම්භක සාමාජිකයෝ ය. අවුරුදු 22 දී මැණික්‌ ව්‍යාපාරයට ඔහු එන විට ඔහු වැනිම තවත් තරුණ සිංහලයන් පිරිසක්‌ එම ව්‍යාපාරයට අවතීර්ණ වූහ. ජිනදාස ගුරුගේ, රත්නාලෝක මුදලාලි, විජය නිල්මිණි මුදලාලි ඒ අතර වූහ.

ඇහැලියගොඩ බුලත් මුදලාලි ඔවුන් අතර යෝධයා විය. නලීම් හඡ්ජියාර් මැණික්‌ ව්‍යාපාරික මුස්‌ලිම් ප්‍රජාවගේ ප්‍රමුඛයා ය.

රත්නපුරේ ඇලෝසියස්‌ විදුහලේ උගත් නිමල් පතිරණ වයස 40 වන විට රත්නපුරේ ධනවත්ම මැණික්‌ ව්‍යාපාරිකයාව සිටියේය. ඔහුට අයත් සංචාරක හෝටලයක්‌ රත්නපුරයේ විය.

රටේ හැම තැනකම ඉඩම්ද, කොළඹ බාන්ස්‌ පෙදෙසේ ගෙයක්‌ ද ඔහුට විය. ඔහු ඒ නිවස මිලට ගත්තේ තම දරුවන් එහි පදිංචි කරවා, කොළඹ ඉස්‌කෝලවලට යෑවීමටය.

දරුවන්ගේ තනියට බිරිය ද එහි පදිංචි කළ ඔහු රත්නපුරයට වී සිය ව්‍යාපාර කටයුතු බලා ගත්තේය. සේවකයන් සමඟ මහා මන්දිරයක තනිව ජීවත් වූ ඔහු සතුව වසර සිය ගණනක්‌ පරණ මෝටර් රථ කිහිපයක්‌ සහ පුරාවස්‌තු රැසක්‌ තිබිණ.

ඔහු ජීවත් වූ මහා මන්දිරය මැද තෙත් වන ගහනයක්‌ වැනි කුඩා උයනක්‌ වූ බවත් එහි ජලජ ජීවීන් මෙන්ම දිය ගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් ද ජීවත් වූ බව මේ ලියුම්කරුට මතකය.

පසු කාලයේදී නිමල් පතිරණගේ ආර්ථිකය පරිහානියට පත් විය. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක්‌ නොලැබිණ. ඔහු සමඟ කිට්‌ටු ඇසුරක්‌ ද තිබිණි. අවසානයේදී ඔහු ගැන ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ඔහු අතුරුදන් වූ බවය.

නිමල් පතිරණ හොඳ සිහියෙන් සිටියේ නම් කවදාවත් මඟ වැරදීමකට ලක්‌වීමට හෝ ඉබාගාතේ ගොස්‌ අතුරුදන් වීමකට පත්වන කෙනෙකු නොවේ. ඔහු තරම් පිටරටවල සංචාරය කළ වෙනත් ව්‍යාපාරිකයකු සොයා ගැනීමට අපහසුය.

වරක්‌ ඔහු තමා සතු පාස්‌පෝට්‌ 87 ක්‌ මේ ලියුම්කරුට පෙන්විය.ඇතැම් විට ඔහුගේ පාස්‌පෝට්‌ මාස තුනකින් පිරී ගිය අතර ඔහු අවුරුද්දකට පාස්‌පෝට්‌ 3 ක්‌ පමණ ලබාගෙන තිබිණි.

නිමල් පතිරණගෙන් තෑගි වශයෙන් ඉල්ලාගත් කැරට්‌ 22 නිල් මැණික මාලිගයට ගෙන ගිය මහ රැජන එය චාල්ස්‌ - ඩයනා විවාහ ගිවිස ගන්නා විට ඩයනාගේ මුදුවට එබ්බවීම සඳහා තෑගි කළාය.

සුදු රත්තරනින් තැනූ එම මුදුවට ගල එබ්බවූ රන් කරුවෝ, හොඳම වර්ගයේ දියමන්ති රවුමක්‌ ගල වටා ඇල්ලූහ. මීට වසර කිහිපයකට ඔටුන්න හිමි විලියම් කුමාරයා සමඟ කේට්‌ කුමරිය විවාහ වන විට ඇයට පළඳවන ලද්දේද ඩයනා දැමූ එම මුදුවය.

එය පරම්පරාවෙන් පරම්පරාවට රාජකීය තරුණියන්ගේ අත්වල විවාහ ගිවිස ගැනීමේ මුදුවක්‌ ලෙස දිලෙනවා ඇත.

ඒ අගනා මැණික තිබෙන තැන සහ එහි නූතන හිමිකරුවන් ගැන ලොවම දනිති. එහෙත් එහි අයිතිකරු වූ නිමල් පතිරණ සිටින තැන කවුරුවත් දැන සිටියේ නැත.

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-2

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-3-diana-kate

_හිරුගොසිප්

ටොයොටා සමාගම ‘පළමු වරට ලංකාවට දෙන’ 1000cc කාරයේ මිළ ගණන් මෙන්න

ශ්‍රී ලංකාව තුළ පළමු වරට 1000cc කාණ්ඩයේ ටොයොටා රථයක් වන 'wigo' කාරය ටොයොටා සමාගම විසින් හඳුන්වා දුන්නා.

ඉතා පහසු මිලකට මෙය වෙළඳපොළට නිකුත් කර ඇති අතර සුවපහසු මෙන්ම පහසු මිළට ලබාගත හැකියි.

මෙම කාණ්ඩයේ රථ පිළිබඳව වත්තල, රත්මලාන, කුරුණෑගල, මීගමුව සහ රත්මලාන ප්‍රදර්ශනාගාරවලින් තොරතුරු ලබාගත හැකි වනවා.

වර්ණ හයකින් 'wigo' කාරය ලබා ගත හැකි බව සහ එකක මිළ රුපියල් 3,495,000/- ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ.

'wigo' රථයේ ඇති විශේෂතා පහතින් කියවන්න.




toyota-wigo-1000cc-spec-2

toyota-wigo-1000cc-colors-2











විශ්ව රූ රැජණ සඳහා හෙට තරග වදින ලාංකික තරුණිය

jayathi-de-silva-03

විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජයති ද සිල්වායි.

විසිහය හැවිරිදි උගත් තරුණියක වන ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිවන අතර මේ වනවිට විශ්ව රූ රැජණ තරඟයට සහභාගී වීමට පිලිපීනයේ රැඳී සිටිනවා.

මෙම තරගයේ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට( 30 ) දිනයි.

තරඟයේ අවසන් 12 අතරට ඇයව ඇතුළත් කිරීම සඳහා http://vote.missuniverse.com වෙබ් අඩවියට ගොස් මනාපය පළ කිරීමට හැකි අතර නැතහොත් ට්විටර් අඩවියේ Miss Universe හෑෂ් ටැගය භාවිතා කිරීමට හැකිවනවා.

ඒ සම්බන්ධයෙන් ජයති ද සිල්වා කරන කරුණු පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.



-නෙත්

ඕෂධීව හසුරුවාගන්න මට හරි ‍ලේසියි – රිචී ෆර්නැන්ඩස්

richie-fernandez-article

ආන්දෝලනාත්මක ආශාවරී ගීත වීඩියෝවේ ප්‍රධාන චරිතයට පෙනී ඉන්න රිචී ෆර්නැන්ඩස් ලංකාවේ අපට අලුත් මුහුණක්. අභියෝගයක් හැටියට භාරගත්ත චරිතය ගැන කතා කරන්න රිචී හඬ අවදි කළේ මෙහෙමයි.

රිචී අපි අතීතයෙන් කතාව අරඹමුද?
හරි. මම ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන්. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ රැකියා කිහිපයක්ම කළා. ඊට පස්සේ 2013 අවුරුද්දෙදි අහම්බෙන් වගේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

මොකක්ද ඒ අහම්බය?
මොඩ්ලින් කරන්න කැමැත්තෙන් හිටපු යාළුවෙක්ව මොඩ්ලින් පන්තියකට අරලන්න මම ගියා. එතකොට එතැන ඉඳපු ගුරුවරයා මගෙන් ඇහුවා ඇයි මම මොඩ්ලින් කරන්න කැමති නැත්තේ කියලා. ඇත්තටම ඒ කීමට තමයි මම නිරූපණය ඉගෙන ගන්න පටන් ගත්තේ.

රිචී නිරූපණ තරග කිහිපයකම ජයග්‍රහණය ලබා තිබෙන කෙනෙක් නේද?
ඔව්. මම මිස්ටර් ශ්‍රී ලංකා තරගයේ අවසාන වටයේ ජයග්‍රාහකයන් 10 දෙනා අතරට ආපු කෙනෙක්. ඒවගේම ර්චද ඩ්භදබ දබඥපදචබඪධදචත කියන ජාත්‍යන්තර තරගයේ හොඳම පස්දෙනා අතරට ආවා.

මියුසික් වීඩියෝ කලාවට අතගැහුවේ කොහොමද?
නිරූපණ ශිල්පියෙක් විදියට මියුසික් වීඩියෝ කලාවට එකතුවුණා. දැනට සිංදු 17ක විතර රූප රචනාවලට දායක වෙලා තියෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලබපු සිංදුව “බලා ඉන්නම්” ගීතය. ඒවගේම නිරෝෂා විරාජිණි, දුමාල් වර්ණකුලසූරිය වගේ ඉතාම ජනප්‍රිය අයගේ රූප රචනා ලස්සන කරන්න මට පුළුවන් වුණා.

මේ අතර “ආශාවරී” ගීතයේ රූප රචනාව ටිකක් විශේෂ එකක්”?
ඔව්. ඒක හොඳට හිට්වුණා. පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා.

මොනවද යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?
අ‍පෝ… යාළුවො කියපු ප්‍රතිචාර පත්තරේ දාන්න සුදුසු මට්ටමක නෑ.

ආශාවරී ගීතයේ ඕෂධී එක්ක රඟපෑ සමහර සිද්ධි හරි ආන්දෝලනාත්මකයි?
ඔව්. ඒවා රඟපෑම්. කොහොමත් මම මීට කලිනුත් ඕෂධී එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඕෂධි මට යාළුවෙක් වගේ හරි සමීපයි. ඒ නිසා මට ඕෂධීව හසුරුවා ගන්න හරි ‍ලේසියි.

ඕෂධී ගැන ඇයි ඒ තරම් කැමැත්තක්?
අපි දෙන්නා ගැන පැතිරෙන කතාව පත්තරේත් පළවෙන්නයි හදන්නේ.. ඕෂධී ගැන විශේෂයක් නැහැ. අනික එයා කසාද බැඳපු කෙනෙක්.

කටකතාවලට බයද?
නැහැ. කතා හැදෙන්නේ නැතුව මේ ක්ෂේත්‍රයේ පවතින්න බැහැ. ඒත් මම එකක් කියන්න ඕන නම කැත වෙන විදියේ කතාවක් තවම මට නම් හැදිලා නැහැ.

මේ ආන්දෝලනාත්මක රඟපෑම ගැන පෙම්වතියගෙන් විරෝධතා ආවේ නැද්ද?
එයාගෙ විරුද්ධත්වයක් නම් තිබුණේ නැහැ. වීඩියෝව දැකපු ගමන් මම ඊළඟට ඒක බලන්න යැව්වෙත් එයාටම තමයි. එයා තවම ‍පොඩි ගෑනු ළමයෙක්. නිරූපිකාවක් නමෛයි. හැබැයි මාත් එක්ක නිතරම තරහා වෙනවා. ඒ නිසා මට රඟපානකොටත් දුක මූඩ්වලට යන්න පහසුයි. අත්දැකීම් තියෙන නිසා.

රිචීගේ කලා ජීවිතයට වෙන කවුද උදව් කරන්නේ”?
මගේ ගෙදර අම්මයි මමයි විතරයි ඉන්නේ. මගේ තාත්තා නැතිවෙලා අවුරුදු 16ක් වෙනවා. මම මොඩ්ල් කරන්න යනවට මුලදී නම් අම්මා කැමති වුණේ නෑ. දැන් නම් අම්මා උදව් කරනවා. ඒවගේම යාළුවො නෑදෑයෝ උදව් කරනවා. ඒ නිසා දැනට මම ව්‍යාපාර කටයුතුත් කරගෙන නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.

මේ ආන්දෝලනාත්මක රංගනයට කලින් ඕෂධි මුදල් ගැන හිතුවලු. රිචීත් මේ දේවල් කරන්නේ මුදල් නිසාද?
මුදලට වඩා මම තවම බලන්නේ වැඩේ මොකක්ද කියන එකයි. වැඩේ හොඳනම් ඊළඟට මුදල් ගැන කතා කරනවා. මේ වීඩියෝවත් භාරගත්තෙ එහෙමයි.

සිනමාවට හෝ පුංචි තිරයට එන්න කැමති නැද්ද?
කැමතියි. හැබැයි මම ටෙලි නාට්‍ය රංගනයට අවොත් හැමදාම ටී.වී. එකේ මූණ පෙනේවි. ඒ නිසා මම කැමතියි සිනමාවට එන්න. රඟපෑම පුංචිකා‍ලේ පටන් මට තිබුණු ආසාවක්.

සඳමාලි වර්ණසූරිය_රිවිර
ඡායාරූප- චමිල කරුණාරත්න

ලිංගිකව එක්වීම වේදනාකාරී ද?

sex-couple

සෑම කාන්තාවන් දසදෙනෙකුගෙන් එක් අයෙකුට ලිංගිකව එක්වීම වේදනාකාරී අත්දැකීමක් බව බ්‍රිතාන්‍ය කාන්තාවන් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළිවෙයි.

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 16ත් 74ත් අතර ලිංගිකව සක්‍රිය කාන්තාවන් හත්දහසක් යොදා ගෙන තිබේ.

එහිදී හෙළිවූ කරුණු අනුව ලිංගිකව එක්වීම වේදනාකාරී අත්දැකීමක් බවට පත්වී ඇති වැඩිම පිරිස හමුවී ඇත්තේ වයස අවුරුදු 55ත් 65ත් අතර කාන්තාවන් අතරිනි.

එම ලැයිස්තුවේ දෙවැනි තැන හිමිවී ඇත්තේ වයස අවුරුදු 16ත් 24ත් අතර කාන්තාවන්ට ය.

shy-girl

ලැජ්ජාව

මේ තත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවතින නමුත් බොහෝ කාන්තාවන් ලැජ්ජාව නිසා එය සඟවාගෙන සිටින බව ද එම සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.

ලිංගිකව එක්වීම වේදනාකාරීවීමට බලපාන සෞඛ්‍යමය නොවන වෙනත් කරුණු කිහිපයක් ද පවතින බව වෛද්‍යවරු පවසති.

යෝනි මගෙහි වියලි බව, වින්දනීයත්වය නොමැතිවීම සහ සිතේ නොසන්සුන් බව ඉන් කිහිපයක්වන අතර මානසික හා කායික හේතු ද මීට බලපෑ හැකිය.

ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව හේතුවෙන් ඇතැම් කාන්තාවන් සම්පුර්ණයෙන්ම ලිංගික එක්වීම් ප්‍රතික්‍ෂේපකර ජීවත්වන බව මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

_බීබීසී