30 January, 2017

පුහුණුවන රියදුරෙකු පැදවූ තී‍්‍රරෝද රථයක ගැටී පුද්ගලයෙකු මරුට



පුහුණුව ලබන රියදුරෙකු විසින් පැදවූ තී‍්‍රරෝද රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගිය බව හෙම්මාතගම පොලීසිය සඳහන් කරයි.

හෙම්මාතගම නගරයේ පිහිටි රියදුරු පුහුණු පාසලක පුහුණුව ලබමින් සිටි රියදුරෙකු විසින් පැදවූ තී‍්‍රරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය පුද්ගලයා හෙම්මාතගම නගරය දෙසට ගමන්කර ඇත.

මාර්ගයේ වම්පස නවතා තිබුණු බස්රථයකට මැදි වෙමින් ඔහු තී‍්‍රරෝද රථයේ ගැටී තිබේ.

ඊයේ (29) සවස 4- 5 අතර කාලයේදී හෙම්මාතගම- මාවනැල්ල මාර්ගයේ ජුම්මා පල්ලිය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේදීම අනතුරට පත් පුද්ගලයාව හෙම්මාතගම රෝහලට ඇතුළත් කරන ලදී.

පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත මාරු කර යවා තිබියදී අද (30) උදෑසන එම පුද්ගලයා මියගිය බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ 75 හැවිරිදි විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකි.

හෙම්මාතගම- මාවනැල්ල මාර්ගය දෙපස බස්රථ දිවා රාත‍්‍රි නවත්වා තබන නවාතැනක් බවට පත් කරගෙන ඇති බැවින් එය මගීන්ට බාධාවක් බව ප‍්‍රදේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර දෙන් මෙන් ඔවුහු පොලීසියෙන් ඉල්ලා සිටිති.

(එස්.වී. බණ්ඩාර- කෑගල්ල_රිවිර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පුහුණුවන රියදුරෙකු පැදවූ තී‍්‍රරෝද රථයක ගැටී පුද්ගලයෙකු මරුට"

    Post a Comment