30 January, 2017

"පද්මාවතී" නිසා ගුටි කෑ සංජේ ලීලා භාන්සාලි

sanjay-leela-bhansali-beaten-padmavati-shoot-jaipur-2

ඉන්දියාවේ ජායිපූර් නගරයේදී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් සිනමා අධ්‍යක්‍ෂවරයෙකුට පහරදෙනු ලැබීම පිළිබඳව බොලිවුඩ් සිනමාකරුවෝ තම දැඩි කෝපය පළ කර තිබෙනවා.

බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සංජේ ලීලා භාන්සාලි ඔහුගේ ‘පද්මාවතී’ නම් සිනමාපටයේ රූගතකිරීම් කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු ‘රාජ්පුත්’ ගෝත්‍රයට අයත් ජන කණ්ඩායමක් ඔහුට කම්මුල් පහර එල්ලකොට හිසකෙස් වලින් ඇද පහරදී තිබෙනවා.

රූගත කිරීම සඳහා සුදානම් කර තිබූ කැමරා උපකරණ වලටද හානි සිදුවී ඇති බව වාර්තාවේ.

ප්‍රහාරකයන් පවසන්නේ දාහතරවන සියවසේ’ රාජ්පුත්’ කුමරියකගේ ජීවිතය පිලිබඳව නිෂ්පාදනය කෙරෙන මෙම සිනමා පටයේදී එම කුමරිය මුස්ලිම් අධිරාජ්‍යයෙකු සමග ප්‍රේමයෙන් වෙළෙන ආකාරය දැක්වෙන දර්ශනයක් අධ්‍යක්ෂවරයා විසින් එයට ඇතුළත් කරනු ලැබ ඇති බවය.

එහෙත් එම චෝදනාව පිලිබඳ තොරතුරු තවමත් සනාථ වී නැත.

sanjay-leela-bhansali-beaten-padmavati-shoot-jaipur

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""පද්මාවතී" නිසා ගුටි කෑ සංජේ ලීලා භාන්සාලි"

    Post a Comment