30 January, 2017

ඉන්දියාව එංගලන්තයට ක්‍රිකට් එපා කරවයි

india-vs-england-2nd-t20-2017

තියුණු තරගයකින් පසු එංගලන්තය සමග පැවති දෙවන පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 05 ක ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දියාව ඊයේ (29) රාත‍්‍රියේ සමත් වුණා.

නාග්පූර්හි පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු 08ක් දැවී ලකුණු 144ක් රැස් කළා. ලෝකේෂ් රාහුල් පන්දු 47ක දී ලකුණු 71යි.

ක‍්‍රිස් ජොර්ඩ්න් ලකුණු 22කට කඩුලු 03ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේ දී කඩුලු හයක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී එංගලන්තයට ලබාගත යුතුව තිබු ලකුණු සංඛ්‍යාව 08 ක්. එම පන්දුවාරයේ දී කඩුලු දෙකක් ද දවා ගනිමින් ලකුණු දෙකක් පමණක් ලබාදී ඉන්දියාවට ජය ගෙනදීමට ජස්ප‍්‍රිට් බුම්රා සමත් වුණා.


_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාව එංගලන්තයට ක්‍රිකට් එපා කරවයි"

    Post a Comment