29 January, 2017

ඕෂධීව හසුරුවාගන්න මට හරි ‍ලේසියි – රිචී ෆර්නැන්ඩස්

richie-fernandez-article

ආන්දෝලනාත්මක ආශාවරී ගීත වීඩියෝවේ ප්‍රධාන චරිතයට පෙනී ඉන්න රිචී ෆර්නැන්ඩස් ලංකාවේ අපට අලුත් මුහුණක්. අභියෝගයක් හැටියට භාරගත්ත චරිතය ගැන කතා කරන්න රිචී හඬ අවදි කළේ මෙහෙමයි.

රිචී අපි අතීතයෙන් කතාව අරඹමුද?
හරි. මම ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන්. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ රැකියා කිහිපයක්ම කළා. ඊට පස්සේ 2013 අවුරුද්දෙදි අහම්බෙන් වගේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

මොකක්ද ඒ අහම්බය?
මොඩ්ලින් කරන්න කැමැත්තෙන් හිටපු යාළුවෙක්ව මොඩ්ලින් පන්තියකට අරලන්න මම ගියා. එතකොට එතැන ඉඳපු ගුරුවරයා මගෙන් ඇහුවා ඇයි මම මොඩ්ලින් කරන්න කැමති නැත්තේ කියලා. ඇත්තටම ඒ කීමට තමයි මම නිරූපණය ඉගෙන ගන්න පටන් ගත්තේ.

රිචී නිරූපණ තරග කිහිපයකම ජයග්‍රහණය ලබා තිබෙන කෙනෙක් නේද?
ඔව්. මම මිස්ටර් ශ්‍රී ලංකා තරගයේ අවසාන වටයේ ජයග්‍රාහකයන් 10 දෙනා අතරට ආපු කෙනෙක්. ඒවගේම ර්චද ඩ්භදබ දබඥපදචබඪධදචත කියන ජාත්‍යන්තර තරගයේ හොඳම පස්දෙනා අතරට ආවා.

මියුසික් වීඩියෝ කලාවට අතගැහුවේ කොහොමද?
නිරූපණ ශිල්පියෙක් විදියට මියුසික් වීඩියෝ කලාවට එකතුවුණා. දැනට සිංදු 17ක විතර රූප රචනාවලට දායක වෙලා තියෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලබපු සිංදුව “බලා ඉන්නම්” ගීතය. ඒවගේම නිරෝෂා විරාජිණි, දුමාල් වර්ණකුලසූරිය වගේ ඉතාම ජනප්‍රිය අයගේ රූප රචනා ලස්සන කරන්න මට පුළුවන් වුණා.

මේ අතර “ආශාවරී” ගීතයේ රූප රචනාව ටිකක් විශේෂ එකක්”?
ඔව්. ඒක හොඳට හිට්වුණා. පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා.

මොනවද යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?
අ‍පෝ… යාළුවො කියපු ප්‍රතිචාර පත්තරේ දාන්න සුදුසු මට්ටමක නෑ.

ආශාවරී ගීතයේ ඕෂධී එක්ක රඟපෑ සමහර සිද්ධි හරි ආන්දෝලනාත්මකයි?
ඔව්. ඒවා රඟපෑම්. කොහොමත් මම මීට කලිනුත් ඕෂධී එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඕෂධි මට යාළුවෙක් වගේ හරි සමීපයි. ඒ නිසා මට ඕෂධීව හසුරුවා ගන්න හරි ‍ලේසියි.

ඕෂධී ගැන ඇයි ඒ තරම් කැමැත්තක්?
අපි දෙන්නා ගැන පැතිරෙන කතාව පත්තරේත් පළවෙන්නයි හදන්නේ.. ඕෂධී ගැන විශේෂයක් නැහැ. අනික එයා කසාද බැඳපු කෙනෙක්.

කටකතාවලට බයද?
නැහැ. කතා හැදෙන්නේ නැතුව මේ ක්ෂේත්‍රයේ පවතින්න බැහැ. ඒත් මම එකක් කියන්න ඕන නම කැත වෙන විදියේ කතාවක් තවම මට නම් හැදිලා නැහැ.

මේ ආන්දෝලනාත්මක රඟපෑම ගැන පෙම්වතියගෙන් විරෝධතා ආවේ නැද්ද?
එයාගෙ විරුද්ධත්වයක් නම් තිබුණේ නැහැ. වීඩියෝව දැකපු ගමන් මම ඊළඟට ඒක බලන්න යැව්වෙත් එයාටම තමයි. එයා තවම ‍පොඩි ගෑනු ළමයෙක්. නිරූපිකාවක් නමෛයි. හැබැයි මාත් එක්ක නිතරම තරහා වෙනවා. ඒ නිසා මට රඟපානකොටත් දුක මූඩ්වලට යන්න පහසුයි. අත්දැකීම් තියෙන නිසා.

රිචීගේ කලා ජීවිතයට වෙන කවුද උදව් කරන්නේ”?
මගේ ගෙදර අම්මයි මමයි විතරයි ඉන්නේ. මගේ තාත්තා නැතිවෙලා අවුරුදු 16ක් වෙනවා. මම මොඩ්ල් කරන්න යනවට මුලදී නම් අම්මා කැමති වුණේ නෑ. දැන් නම් අම්මා උදව් කරනවා. ඒවගේම යාළුවො නෑදෑයෝ උදව් කරනවා. ඒ නිසා දැනට මම ව්‍යාපාර කටයුතුත් කරගෙන නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.

මේ ආන්දෝලනාත්මක රංගනයට කලින් ඕෂධි මුදල් ගැන හිතුවලු. රිචීත් මේ දේවල් කරන්නේ මුදල් නිසාද?
මුදලට වඩා මම තවම බලන්නේ වැඩේ මොකක්ද කියන එකයි. වැඩේ හොඳනම් ඊළඟට මුදල් ගැන කතා කරනවා. මේ වීඩියෝවත් භාරගත්තෙ එහෙමයි.

සිනමාවට හෝ පුංචි තිරයට එන්න කැමති නැද්ද?
කැමතියි. හැබැයි මම ටෙලි නාට්‍ය රංගනයට අවොත් හැමදාම ටී.වී. එකේ මූණ පෙනේවි. ඒ නිසා මම කැමතියි සිනමාවට එන්න. රඟපෑම පුංචිකා‍ලේ පටන් මට තිබුණු ආසාවක්.

සඳමාලි වර්ණසූරිය_රිවිර
ඡායාරූප- චමිල කරුණාරත්න

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඕෂධීව හසුරුවාගන්න මට හරි ‍ලේසියි – රිචී ෆර්නැන්ඩස්"

    Post a Comment