30 January, 2017

හිමිකරුගේ සිතැඟි වලින් පාලනය වන ff 91 කාර් රථය මෙන්න

හිමිකරුගේ සිතැඟි වටහා ගත හැකි කාර් රථයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

faraday future සමාගම විසින් නිෂ්පාදිත මෙය ff 91 නම්වනවා.

මේ අති නවීන ff 91 මෝටර් රථය එහි ධාවකයාගේ රිය පැදවීමේ රුචිකත්වය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට සමත් අතරම පුළුල් පරාසයක් තුළ විහිදුණු රියැදුරාගේ තෝරා ගැනීම්ද වෙන් කොට හඳුනා ගැනීමට සමත් බවයි පැවසෙන්නේ.

එකිනෙකින් වෙන් වූ ඩිජිටල් උපාංග සහ මෘදුකාංග රාශියක එකමුතුවෙන් තැනෙන ff 91මෝටර් රථය එහි ඇති සුවිශේෂ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදක මගින් ඔබේ අවශ්‍යතා වටහාගෙන තිබිම නිසා මෙම මෝටර් රථය භාවිත කිරීම ජංගම දුරකථනයක් භාවිත කිරීම තරමටම පහසු කාර්යයක් බවට පත් වනු ඇති.

මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ ස්වයංක්‍රිය දොරටු පද්ධතියයි.

ඔබ ඔබේ ජංගම දුරකථනයෙන් මෝටර් රථය සමග සම්බන්ධවීමෙන් පසුව එය ස්වයංක්‍රියව ඔබට දොරගුළු විවර කර දෙනු ඇති.

දොරගුළු හැරෙන විටම මෝටර් රථය තුළ පරිසරය ඔබට අවශ්‍ය පරිදි සකසා තැබිමට එය වගබලා ගනී.

ඒ අනුව ඇතුළත උෂ්ණත්වය, ආසන සැකැස්ම, ඔබේ රසවින්දනය උදෙසා වූ සංගීතය ආදිය සේම ඔබේ ගමන් මාර්ගයද මෝටර් රථය තනිවම සකසා ගනී.

යම් හෙයකින් ඔබ අත ජංගම දුරකථනය නොමැති නම් ඔබේ මුහුණ හඳුනා ගැනීමෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවද ඒ සතුයි.

මගීන්ගේත් රියැදුරාගේත් සුව පහසුව පිණිස ගුරුත්වාකර්ෂණය ශුන්‍ය කරමින් සකසා ඇති ff 91 හි ආසන ඔබේ බර තුලනය කරමින් වඩා සුව පහසු ඉරියව්වක් ලබා දෙනු ඇති.

රියැදුරකු නැතිව ගමන් කිරීමේ හැකියාව ff 91සතු නිසා වාහනය ගාල් කිරීමකින් තොරව වුවද ඔබට ඉන් බැස යා හැකියි.

මෙම කාර් රථය වෙළඳ‍පොළට නිකුත් කරන්නේ 2018 වසරෙදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිමිකරුගේ සිතැඟි වලින් පාලනය වන ff 91 කාර් රථය මෙන්න"

    Post a Comment