29 January, 2017

අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමතිට’ මලපැන්න හැටි (Video)

highway-welipenna-entrance

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලිකව පවත්වාගෙන යන වැලිපැන්න සේවා ස්ථානය වෙත පැමිණෙන ජනතාවට එහි සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේදී දැඩි ගැටළු රැසකට මුහුණ පෑමට සිදු වන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

ඒ අනුව කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව එහි ගිය පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා පළමුව එහි වැසිකිලි පද්ධතිය පරික්ෂා කල අතර එහිදී අනාවරණය වූනේ උපකරණ කිසිදු නඩත්තුවකින් තොරව පවත්වාගෙන යන බවයි.

එහිදී අදාල බලධාරීන් ඇමතු අමාත්‍යවරයා අනතුරුව සේවා ස්ථානයෙහි අපද්‍රවය හා මලප්‍රවාහන පද්ධතියේ ඇති ගැටළුද සොයා බැලුවා.

මේ අතර සේවා ස්ථානයේ ජල සැපයුම පිළිබදවද සොයා බැලු අතර එහිදී අනාවරණ වුනේ මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් දැනට භාවිතයට නුසුදුසු බවට තීරණය කර ඇති ජලය මෙම සේවා ස්ථානයට බවුසර මගින් රැගෙන එන බවයි.

එම ජලය නිකුත් කරනු ලබන්නේ කළුතර කෙත්හෙන ජල පවිත්‍රා ගාරයෙන්.

එමෙන්ම මෙලෙස රැගෙන එනු ලැබූ ජලය තව දුරටත් අපිරිසිදු වන ආකාරයෙන් භූගත කර තිබුන අතර පොලිසිය හා සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමෙන් පසුව එහිදී මුහුදු ජලය මිශ්‍ර ජල බවුසර් 02ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සේවා ස්ථානය භාර අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පැවරීමට ද එහිදී තීරණය කෙරුණා.

පැය 12 ට අධික කාලයක් සේවා ස්ථානයේ රැදී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේ ගල් තුඩුව ගම්මානයට හරවා තිබු මලප්‍රවාහන පද්ධතිය අළුයම 1ට පමණ විධිමත්ව ස්ථාපිත කිරීමෙන් අනතුරුවයි.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.



_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමතිට’ මලපැන්න හැටි (Video)"

    Post a Comment