31 January, 2017

සමලිංගිකතාව මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්‌

gay-rights-03

සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්යාවකි. සම ලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවලදී අස්‌වාභාවික චර්යාවක්‌ ලෙස සැලකුනේ නැත. ග්‍රීක ඉතිහාසඥයකු වන හිරොඩෝටස්‌ ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්‌වදේශීය ජන සමාජවල සමලිංගිකත්වයට තහංචි නොවීය. රතු ඉන්දියානුවන් අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක්‌ ඇති (Two spirited) තැනැත්තන් ලෙසටය. පිතෘ මූලික සමාජයක්‌ වූ රෝම සමාජයේ ද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියකු වූ වර්ල් සමරිසියන් අතර තිබූ ආදරය පිළිබඳ කවි ලියුවේය.

ruwan-m-jayatunga
වෛද්‍ය රුවන් එම්. ජයතුංග

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්‍ෂේප කරන ලදී. ආදි ක්‍රිස්‌තියානි දේශකයකු වූ ටර්ටූලියන් (කි.ව 155 - ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්‌වාභාවික සහ දුරාචාර ක්‍රියාවක්‌ බව දේශනා කළේය. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කළ බැවිනි. ඉස්‌ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි. ඒ සඳහා දඬුවම් කළ යුතුය. ඉස්‌ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසා දැමීමෙන් හෝ ගල් ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝරා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්‌ෂේප කරයි.

ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක්‌ මෙන්ම විරෝධයක්‌ මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්‌තියානි ශාස්‌ත්‍රඥයෙකු වූ තෝමස්‌ ඇක්‌වයිනාස්‌ සම ලිංගිකතාව ස්‌වභාව ධර්මයට එදිරිව යන අස්‌වාභාවික ක්‍රියාවක්‌ ලෙස දේශනා කළේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්‌තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදී. ස්‌පාඤ්ඤ සංවික්‌ෂණ සමයේදී (Spanish Inquisition) සමරිසියන් ලෙස සැක කළ ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්‌සා මරා දමන ලදී.

එංගලන්තයේ වික්‌ටෝරියානු සමාජය තුළ සමලිංගිකත්වයට නෛතික තහනමක්‌ තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්‌කා වයිල්ඩ් සිරගෙට නියම විය. 1871 දී එංගලන්තයේ වේදිකා නළුවන් දෙදෙනකු වූ තෝමස්‌ බෝල්ටන් සහ විලියම් පාර්ක්‌ට එදිරිව සමලිංගික චෝදනා ගොනු කරන ලදී. කෙසේ නමුත් එම නඩුවේදී චෝදනා සනාථ කිරීමට සාක්‌ෂි නොවූයෙන් ඔවුන් දෙදෙනා නිදහස්‌ කරන ලදී. වික්‌ටෝරියානු එංගලන්තය සමලිංගිකත්වය භයානක අපරාධයක්‌ ලෙස නම් කරන ලදී.

බෞද්ධ සංස්‌කෘතිය තුළ සමරිසියන් පීඩාවට පත් කිරීමක්‌ නොවීය. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනකු අතර තිබූ සමලිංගික සබඳතාවක්‌ ගැන සඳහන් වේ. එසේම බුදුන්ගේ රූපයට ඇළුම් කළ වක්‌කලී තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකිය. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය.

අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස්‌, රොබට්‌ නොක්‌ස්‌, පර්සිවෙල් යනාදීන්ගේ වාර්තාවල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක්‌ ගැන සඳහනක්‌ නැත. ඇතැමෙක්‌ විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක්‌ තිබී ඇත. සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්‌වන ලද්දේ මධ්‍යස්‌ථ ස්‌වභාවයක්‌ බව පෙනී යයි.

ලිංගික දිශානතිය (Psycho sexual Development) සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන, හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ත්ව ලෝකයේ ද සමකාමීත්වය වාර්තා වී ඇත.

ජර්මානු මනෝ වෛද්‍යවරයකු වූ රිචඩ් වොන් ක්‍රාµaට්‌ ඊබිං 1840 දී සමලිංගිකත්වය සහ ස්‌වයං වින්දනය ලිංගික අපගාමී චර්යාවන් ලෙස නම් කළේය. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක්‌ ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාµaට්‌ ඊබිංගේ බලපෑම හේතු කාරක විය.

1905 දී සිග්මන්ඩ් ෙµ්‍රdයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman මගින් සමලිංගිකත්වය විග්‍රහ කළේය. වික්‌ටෝරියානු සංස්‌කෘතිය තුළ උපත ලබා එම සංස්‌කෘතිය තුළ ජීවත් වූ ෙµ්‍රdයිඩ් මනෝ වෛද්‍ය රිචඩ් වොන් ක්‍රාµaට්‌ ඊබිං අනුව යමින් සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවක්‌ නිසා පැන නගින බව කීවේය. එහෙත් සමකාමී බව මානසික ව්‍යාධියක්‌ බව ෙµ්‍රdයිඩ් කීවේ නැත. එසේම යුරෝපයේ සමකාමීන් පෙලූ නීතිවලට ෙµ්‍රdයිඩ් එකඟ නොවීය. සමකාමීත්වය මනෝ ලිංගික වර්ධනයේදී (ඡිහජයද seංම්ක Deඩැකදචපැබඑ) මතු වන අවහිරතාවක්‌ නිසා පැන නගින බව ෙµ්‍රdයිඩ් විශ්වාස කළේය. එසේම ෙµ්‍රdයිඩ්ගේ සිසුවකු වූ මනෝ වෛද්‍ය හැරී ස්‌ටක්‌ සුලිවන් සමකාමියකු විය.

ලිංගිකත්වය පිළිබඳ පර්යේෂකයෙකු වූ ඇල්µ්‍රඩ් කිංසි 1943 - 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male/ Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක්‌ එළිදක්‌වන ලදී. කින්සිට අනුව සෑම පුද්ගලයන් දහදෙනකුගෙන් එක්‌ අයකු සමකාමියකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමට ද කින්සි විරුද්ධ විය. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්‌ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස්‌ විය හැකිය. උදාහරණයක්‌ ලෙස දීර්ඝ කාලයක්‌ පුරා සිරගත කරන ලද විෂම ලිංගික සිරකරුවන් තුළ ඇතැම් විට සමලිංගික රුචිය වර්ධනය වූ අවස්‌ථාවන් ඔහු පෙන්වා දුන්නේය. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්µ්‍රඩ් කිංසිගේ පර්යේෂණ ඉවහල් විය.

1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ කාර්ය සංග්‍රහයේ (The Diagnostic and Statistical Manual of Mental
Disorders) DSM) සමලිංගිකත්වය මානසික ව්‍යාධියක්‌ ලෙස නම් කරන ලදී. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍යවරයකු වූ රොනල්ඩ් බේයර්ගේ පර්යේෂණ සහ පත්‍රිකා නිසා සමලිංගිකත්වය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව බැලීමට ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය යොමු විය. මේ නිසා 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක්‌ නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදී. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදී.

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්‌සැන්ඩර් රජු, මයිකල් ඈන්ජලෝ, ලියනාඩෝ ඩා වින්චි, ඇලන් ටියුරින්, එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ.

සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව (lesbian"gay" bisexual or transgender) LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්‌වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ, යේමනයේ සමලිංගිකයන් මරණ දඬුවමට යටත් වෙති. එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව ඇතුළු රටවල් 77 තුළ (ශ්‍රී ලංකාවද ඇතුළුව) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ.

සමරිසියන් කෙරෙහි දක්‌වන බිය සහ එදිරිවාදී බව හෝමෝෙµdaබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක්‌ අනුගත කළ හැකි බව විද්වතුන් පවසති උදාහරණයක්‌ ලෙස ඇඩොල්µa හිට්‌ලර් තුළ අවිඥානිකව සමකාමී ආශයන් මතු වූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක්‌ දැරිය. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස්‌ කාමර වෙත යෑවීය. ඇමරිකානු මනෝ විද්‍යාඥයකු වන හෙන්රි මරේ ඇඩොල්µa හිට්‌ලර් තුළ පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශ්‍රය පිළිබඳව සඳහන් කොට ඇත. තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කළ එµa.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයකු විය. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක්‌ දැක්‌වීය.

නිදහස්‌ මතධාරී ප්‍රංශ කොමියුනිස්‌ට්‌වරියක මෙන්ම ලෙනින්ගේ හිතවතියකද වූ ඉනේසා අර්මාන්ඩ් සෝවියට්‌ දේශයේ ලිංගික නිදහස පිළිබඳව ක්‍රියා කළ නමුදු සමකාමීන්ගේ අයිතිවාසිකම් ගැන ඇය අමතක කළාය. සෝවියට්‌ දේශය තුළ සමරිසියන්ට නිදහසක්‌ නොවීය. ඔවුන්ගේ ජීවිත බොහෝ විට අවසන් වූයේ පුනරුත්ථාපන කඳවුරුවලය. ස්‌ටාලින් යුගයේදී සමලිංගික චෝදනා සඳහා දඬුවම වූයේ වසර පහකට ශ්‍රම කඳවුරකට යෑවීමයි. එසේම කියුබාවේ µsදෙල් කැස්‌ත්‍රොaද සමරිසියන්ව කඳවුරුවලට ගාල් කරන ලදී.

1791 දී ප්‍රංශ විප්ලවයෙන් පසු සමලිංගිකයන්ට එරෙහිව තිබූ නීති ඉවත් කරන ලදී. එහෙත් නැපෝලියානු යුද සමයේදී යළිත් වරක්‌ සමලිංගිකයන්ට එරෙහිව නීති සම්පාදනය විය. µeන්කෝගේ පාලන සමයේදී ස්‌පාඤ්ඤයේ සමරිසියන්ට දැඩි දඬුවම් පමුණුවන ලදී. යුරෝපයේ තිබූ සමරිසි විරෝධය අවසන් වීම සනිටුහන් වන්නේ 1989 දී ඩෙන්මාර්කය විසින් සමලිංගික සබඳතා නීතිගත කිරීමෙන් පසුවය. මේ වන විට බොහෝ යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් විසින් සමලිංගිකත්වය නීතිගත කොට ඇත.

දණ්‌ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුළ සමලිංගික චර්යවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ 1886 දීය. සමලිංගික සම්බන්ධතා "ස්‌වභාවික නොවන ලිංගික හැසිරීමක්‌" සහ සාපරාධී ක්‍රියාවක්‌ ලෙසින් විග්‍රහ කරන මෙම නීතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද අතර මේ වන විට බ්‍රිතාන්‍ය සමලිංගික විවාහය නීතිගත කර තිබේ.

මානව හිමිකම් පාර්ශ්වයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්‌ව කැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වන්නේ නම් සංස්‌කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකළ යුතු බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. මේ අතර සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට්‌ මණ්‌ඩලය හමුවට ආ යෝජනාව තමන් ඉවත දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ.

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්‌ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැර කිරීම, ගර්හාවට පත්කිරීම මානුෂිකවාදී ද කියා සිතීමේ කාලය එළැඹී තිබේ.

_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමලිංගිකතාව මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්‌"

    Post a Comment