30 January, 2017

කුසගින්නට කෑ පොලිතින් දිරවා ගත නොහැකිව වන අලියෙක් ලෙඩ වෙයි

ජාතික ජලගැලුම් නිම්න වනෝද්‍යානයේ ජීවත්වූ වන අලියකු දැඩි ලෙස රෝගාතුර වී ගල්ලෑල්ල ප්‍රදේශයේ වන ළැහැබක වැතිර සිටී. තමන්කඩුව ප්‍රාදේශීය සභාවට අයත් ගල්ලෑල්ලේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ඇදෙන වල් අලි එහි ඇති පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය ආහාර ගැනීමට පුරුදුව සිටිනුයේ කාලයක පටන්ය.

ඒ වන අලි රංචුවේ සිටි මෙම අලියාද එම අපවිත්‍ර පොලිතින් ආදී ආහාර ගැනීමෙන් මෙසේ රෝගාතුරව සිටින බවද මින්පෙර අලි 8 දෙනකු පමණ මෙලෙස මියගොස් ඇතැයිද ප්‍රදේශවාසීහු කියා සිටිති.

එම අලියාට ප්‍රතිකාර කිරීම ඊයේ(29) උදෑසන වන විට ඇරැඹූ බවත් අලියාගේ ඉදිරි පාදයක ඇති තුවාලයක් නිසා ආහාර සොයා ඇවිදීමට නොහැකි වීම තුවාලයෙන් ඇති වන දැඩි වේදනා තත්ත්වය නිසා අලියා බිමට වැටෙන්නට ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පශුවෛද්‍ය සමීර කළිගුආරච්චි පවසයි.

මනම්පිටි වන සත්ත්ව අඩිවි සහකාර ඩබ්. එම්. කුඩාබණ්ඩා සඳහන් කළේ අලියාගේ රෝගී තත්ත්වයට හේතුව විස සහිත කුණු කසළ සහ පොලිතින් ආහාරයට ගැනීම බවයි.

elephant-dead

-තමන්කඩුව - ගාමිණී ඔබේසේකර, මනම්පිටිය - ප්‍රසාත් සමන්_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කුසගින්නට කෑ පොලිතින් දිරවා ගත නොහැකිව වන අලියෙක් ලෙඩ වෙයි"

    Post a Comment