30 January, 2017

ජීවිත අවුල් වෙන්නෙ නිළියන්ගෙ විතරක් ‍නෙවෙයි – කාජල් අග්‍රවාල්

kajal-agarwal-2

කාජල් අග්‍රවාල් යන නම තරමක් නුහුරු වුණත් පෙනුමෙන් ඇය හුරුපුරුදු කෙනෙක්. මොකද මෑත කාලයේ ජනප්‍රිය වූ හින්දි චිත්‍රපට රාශියකටම ඇය රංගනයෙන් දායක වූ නිසා. මේ කාජල් සමග කළ ඉන්දීය වබේ අඩවියක පළවී තිබූ සම්මුඛ සාකච්ඡාවක අනුවර්තනයයි.

නිළියක් නොවුණා නම් ඔබ අද කවුද?
එහෙම වුණා නම් මම අධ්‍යාපනය අතින් ඉදිරියට යාවි. අදටත් මගේ න්‍යාය පත්‍රයේ තියෙන දෙයක් තමයි මම කොහොමහරි වාණිජ විද්‍යා පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න ඕන කියන එක. ඒ වගේම මම මේ වෙනකොට ජන සන්නිවේදනය ඉගෙනගෙන තියෙන නිසා නිළියක් නොවුණා නම් මම අලෙවි කළමණාකාරිනියක් හැටියට සමාගමකට සේවය කරාවි කියලා හිතෙනවා.

කවදාද ඔබ සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් බවට පත්වෙන්නේ?
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හදාගෙන දවස පුරාම මගේ අලුත් විස්තර අප්ලෝඩ් කරමින් ඉන්න මගේ කැමැත්තක් නැහැ. ඇත්තටම මට ඒක පිස්සුවක් කියලා හිතෙනවා. සමාජ මාධ්‍යයට නිතර එනවා කියන්නේ ඒක ඇබ්බැහි වීමක්. මම මිනිසුන්ගේ ප්‍රතිචාර, කමෙන්ට් කියවලා සතුටු වෙනවා. නමුත් හැම වෙලාවෙම ඒ ගිණුම්වල ඉන්න මගේ කැමැත්තක් නෑ.

බොහෝ නිළියන්ගේ පුද්ගලික ජීවිත අවුල් ජාලා බව මාධ්‍ය ඔස්සේ අපි දකිනවා. මොකක්ද ඔබ ඒ ගැන කියන්නේ?
නිළියො විතරක් නමෛයි ජිවිත අවුල් කරගන්නේ. ජීවිත අවුල් කරගත්තු ගෑනු පිරිමි හැම ක්‍ෂේත්‍රයකම ඉන්නවා. නමුත් කලා ක්‍ෂේත්‍රයේ අයගේ තොරතුරු අසුරු සැණින් පැතිරිලා යනවා.

සමාජයේ යහපත් වෙනසක් වෙනුවෙන් ඔබ කැපකිරීමක් කරන්න සූදානම්ද?
පැහැදිලිවම ඔව්. මම දැනටත් ඒ කැපකිරීම කරමින් ඉන්නේ. මම මට පුළුවන් පමණින් අඩු පහසුකම්ලාභී මිනිසුන්ට උදව් කරනවා. ඒ වගේම මම මගේ පුද්ගලික ජීවිතය තුළ විදුලිය, ජලය පිරිමැහීම සිද්ධ කරනවා. සරල උදාහරණයක් විදියට මම දත් මදිනකොට ටැප් එක වහනවා. ගෙදර හෝ පිට තැනක ඉන්නවා නම් අනවශ්‍ය විදුලි බුබුළු සේරම නිමනවා. ජාතියක් විදියට ගෙඩනැගෙන්න ඒවත් අපට කළහැකි කැපකිරීම් තමයි.

කැමරාව පිටුපසත්, කැමරාව ඉදිරිපිටත් ඉන්නෙ එකම කෙනෙක්ද?
නැහැ. සැබෑ ජීවිතේ මම බොහෝම සංවේදී කෙනෙක්. නමුත් කැමරාව ඉදිරිපිටට ගිහින් මට ඉදිරිපත් කරන්න වෙන්නේ විවිධාකාර චරිත. ඒ චරිත තුළ අඩු වැඩි වශයෙන් මම ඉන්නවා. නමුත් 100ක් මගේ චරිතය රඟදක්වන්න තාම මට අවස්ථාව ලැබිලා නැහැ.

චිත්‍රපටයක් තෝරා ගනිද්දී ඔබට වැඩිපුර වටින්නේ පිටපත මොකක්ද කියන කාරණාවද? නැත්නම් අධ්‍යක්ෂවරයා කවුද කියන එකද?
අධ්‍යක්ෂවරයා කවුද කියන එකත් වටිනවා. හැබැයි පිටපත මට ඊට වඩා වටිනවා.

අමීර් ඛාන් ගැන ඔබ මොකද හිතන්නෙ?
මම ඔහුගෙ රසිකයෙක්. එච්චරයි.

නිළියන්ගෙන් කාටද ඔබ ප්‍රිය කරන්නෙ?
මධුබාලා සහ ශ්‍රීදේවි හැමදාමත් මගේ ජීවිතේ පරමාදර්ශ වුණා. අද වෙනකොට මධුරි ඩික්සිත් දිහාත් බලලා මට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

මැරෙන්න පැය දෙකකට කලින් ඔබට ඒ ගැන දැනුවත් වෙන්න ලැබුණොත්?
මරණය මට වෙනස් කරන්න බැරි දෙයක්නෙ. මම කර්මය විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා මම ජීවිත කාලය තුළ කරපු හොඳ දේවල් ටික මතක් කරගන්නවා. මගේ පවු‍ලේ අය සහ ආදරණීය හිතවත්තු මා වටා එකතු කරගෙන එයාලාට අඬන්නෙ නැතුව හිනාවෙලා ඉන්න කියනවා.

බොලිවුඩය ජයගත් ඔබගේ ඊළඟ ප්‍රාර්ථනාව හොලිවුඩය ජයගැනීමද?
ඔව්. හොඳ මිලකට ඉල්ලුමක් ලැබෙනවා නම් ඇයි මම ඒ ගැන දෙපාරක් කල්පනා කරන්නේ.

ඔබ ඉස්සර කණ්ණාඩි පාවිච්චි කළා නේද?
ඔව්. මේ මොහොතෙත් මම ඛිධදබචජබ තඥදඵඥඵ පැලඳගෙන ඉන්නේ. මගේ පෙනීම බොහොම දුර්වලයි.

ඔබ වඩාත් සතුටු වෙන්නේ මොන විදියට හැඩගැන්වුණාමද?
මම වැඩිපුරම සතුටු මුණ, හිස, අතපය සියල්ල සෝදාගෙන මේකප් නැතිව ඉන්න වෙලාවට. පිරිසිදුකම කියන්නේ සමේ මේකප් නැති වෙලාව.

(සඳමාලි වර්ණසූරිය_රිවිර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවිත අවුල් වෙන්නෙ නිළියන්ගෙ විතරක් ‍නෙවෙයි – කාජල් අග්‍රවාල්"

    Post a Comment