30 January, 2017

හලාවත මේරියන්ස් පිලට ඉනිමක ජයක්

inter-club-cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 7 කින් ජයගැනීමට හලාවත මේරියන්ස් පිල ඊයේ (29 වැනිදා) සමත්විය.

දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිල ලකුණු 39 කට සිමා කිරීමට හලාවත මේරියන්ස් පන්දු යවන්නෝ සමත්වු අතර සධිර සමරවික්‍රම (16) හැර වෙනත් පිතිකරුවකුට ලකුණු පහේ සීමාව පසුකිරීමට නොහැකි විය.

කෝල්ට්ස් දෙවැනි ඉනිම ඕවර 13.4 කට සිමාවූ අතර මාලින්ද පුෂ්පකුමාර ලකුණු 03 කට කඩුඩු 4 ක්, මදුක ලියනපතිරණගේ ලකුණු 02 කට කඩුලු 3 ක් සහ ඉසුරු උදාන ලකුණු 09 කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

28 වැනිදා තරගය නිමාවනවිටදී කඩුලු පහක් ලකුණු 96 කට බිඳවැටී තිබුණු හලාවත මේරියන්ස් පිලට අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 196 ක් පමණි. අකිල ධනංජය සහ ඉෂාන් ජයරත්න කඩුලු තුන බැගින් දවාගැනිමට සමත්විය.

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(සධීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 38/7, ඉසුරු උදාන 27/2)

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(විදුර අධිකාරී 21, මහේල උඩවත්ත 27, තීක්ෂිල ද සිල්වා 44, රුක්ෂාන් ප්‍රනාන්දු 36, අරෝෂ් ජනෝද 22, අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3, ඩිල්රුවන් පෙරේරා 67/2)

කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 13.4 කදී සියලුදෙනා දැවී ලකුණු 39
(මාලින්ද පුෂ්පකුමාර 03/4, මදුක ලියනපතිරණගේ 02/3, ඉසුරු උදාන 09/3)
-------------------------------------------------------------------------------------

ළහිරු - ජනිත් ශතක රැස්කරති

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 212 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.

ළහිරු මිලන්ත පන්දු 216 කට මුහුණදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 100 ක් සහ ජනිත් ලියනගේ පන්දු 221 කට මුහුණදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 104 රැස්කළ අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 212 ක නොබිදුණු සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් රැස්කර ගෙන සිටි ද්‍රවිඩ සංගම් පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 318 ක් රැස්කිරීමට සමත්විය.

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 101.5 කදී සියලුදෙනා දැවී ලකුණු 318
(සිතාර ගිම්හාන් 31, දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109, අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3, ජනිත් ලියනගේ 32/2, නිලංක ප්‍රේමරත්න 84/2)



රාගම - පළමු ඉනිම - ඕවර 73 කදී කඩුල්ලක් දැවී ලකුණු 212
(ළහිරු මිලන්ත නොදැවී 100, ජනිත් ලියනගේ නොදැවී 104)
-------------------------------------------------------------------------------------

එන්.සි.සී. ලකුණු 94 ක් ඉදිරියෙන්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සි.සී සහ සී.සි.සී. කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට එන්.සි.සී. පිල සමත්විය.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් රැස්කර ගෙන සිටි සී.සි.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 293 ක් රැස්කිරීමට සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත පන්දු පන්දු 213 කට මුහුණදෙමින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 108 ක් රැස්කරමින් සී.සි.සී. පිල පළමු ඉනිමේදී ඉහළින් තැබීමට සමත්විය. තරිඳු කෞශාල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු හතර බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

එන්.සි.සී. - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හෂාන් උපේන්ද්‍ර 30, ළහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, අනුක් ප්‍රනාන්දු 43, ළහිරු ගමගේ 52/4, වනිඳු හසරංග 33/2, උස්මාන් ඉශාක් 51/2)

සී.සි.සී. - පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(මලිඳු මදුරංග 29, රොන් චන්ද්‍රගුප්ත 108, ලසිත් අබේරත්න 21, රොෂාන් අනුරුද්ධ 29, වනිඳු හසරංග 59, රවීන් සේයර් 25, තරිඳු කෞශාල් 71/4, ලසිත් ඇඹුල්දෙණිය 110/4, )

එන්.සි.සී. - දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 187
(ජෙහාන් මුබාරක් 46, ඇන්ජලෝ පෙරේරා නොදැවී 43, අනුක් ප්‍රනාන්දු 22, තිමිර ජයසිංහ නොදැවී 39, අශාන් ප්‍රියංජන් 42/2)
-------------------------------------------------------------------------------------

යුද හමුදා පිල අසීරු ගමනක

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම ඉනිම සදහා පන්දුවට පහරදෙන යුදහමුදා පිල ලකුණු 51 කට කඩුලු පහක් අහිමිකර ගත්තේය.

28 වැනිදා තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 58 ක් රැස්කර ගෙන සිටි එස්.එස්.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 323 ක් රැස්කිරීමට සමත්විය.

චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සීක්කුගේ ප්‍රසන්න කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දුෂාන් විමුක්ති 31, ඩිල්ශාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, කසුන් ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුෂංක 29/3, දසුන් ශානක 41/2)

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 323
(මිනෝද් භානුක 28, චරිත් අසලංක 50, කවිඳු කුලසේකර 30, දසුන් ශානක 92, රමේෂ් මෙන්ඩිස් 32, සචිත්‍ර සේනානායක නොදැවී 31, සීක්කුගේ ප්‍රසන්න 84/3, දුශාන් විමුක්ති 35/2, එන්. මෙන්ඩිස් 58/2, මදුක ලියනපතිරණගේ 76/2)

යුද හමුදාව - දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 51
(සීක්කුගේ ප්‍රසන්න නොදැවී 31, දසුන් ශානක 16/3, විමුක්ති පෙරේරා 07/2)

(රොෂාන් ගුණරත්න_විස්ඩන්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හලාවත මේරියන්ස් පිලට ඉනිමක ජයක්"

    Post a Comment