29 January, 2017

හිතුමනාපෙට පෙම් කරපු මිලින්ද මෙදා සැරේ කළ වැඩේ

milinda-sandaruwan-article

හිතුමනාපෙට පෙම් කළාට පස්සේ මොකක්ද මේ කරලා තියෙන අලුත් වැඩේ?

'හිතුමනාපෙට පෙම් කළාට' කියන ගීතය කළාට පස්සේ මම කරපු අලුත්ම ගීතය තමයි 'හැමටත් වඩා' කියන්නේ. අවුරුද්දකට විතර පස්සේ ගීතයක් රිලීස් කළේ. මේ ගීතය ලිව්වේ සජිත් වී. චතුරංග. මියුසික් කළේ චන්දන වල්පොළ. මියුසික් වීඩියෝව කළේ හරි ක්‍රියේෂන් එක. වැඩේ ලස්සනට කෙරුණා.

ගීතයක් රසිකයන් අතරට ගේන්න ලොකු කාලයක් ගන්නවා වගේ?

ඔව්. මම ළඟ ළඟම ගීත එළියට දැම්මේ නෑ. එක ගීතයක් රසිකයන්ට ටික කාලයක් අහන්න දීල තමයි අලුත් ගීතය රිලීස් කළේ. 'හිතුමනාපෙට පෙම් කළාට' ගීතයත් තාමත් රසිකයෝ අහනවා.

හැමටත් වඩා ගීතයත් රසිකයන්ට ළංවෙලා තියෙනවද?

ඔව්. යූ ටියුබ් මඪඥඹඵ වැඩි ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. ෂෝවලට ගියාමත් ඒ ගීතය සෑහෙන පිරිසක් ඉල්ලනවා. ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.

ගීතය ප්‍රචාරය කරගන්න මිලින්දට නාළිකාවලින් සහයක් ලැබෙනවද?

සමහර නාළිකාවල මගේ ගීතය ප්‍රචාරය වෙනවා. කොහොම වුණත් චැනල්වලට වඩා ප්‍රසංග වේදිකාවෙන් මේ ගීතය රසිකයන් අතරට ගිහින් තියෙනවා. වීඩියෝ එක කරන්න කලින්ම ගීතය රසිකයෝ වැලඳගත්තා.

බූට් සින්දු කරන්නේ මාකට් වෙන නිසාද?

මෙහෙමයි. විරහ ගීත හිට් වෙන්නේ කාගේ ජීවිතවලත් එවැනි අත්දැකීම් වැඩි නිසා. එහෙම වුණාම ඒ ගීතය අහන අයට ගීතය ජීවිතේ කොටසක් වගේ දැනෙනවා. ඉතින් ආදර ගීත, විරහ ගීත කළාට ප්‍රශ්නයක් නැහැ. ඒවා මාකට් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල එවැනි කොටසකුත් තියෙන නිසානේ.

දැන් ඔය ගීතයේ මිලින්දගේ ජීවිතේ කොටසකුත් තියෙනවද?

මේක මගේ ජීවිතේට කිසිම සම්බන්ධයක් නැහැ. මම අනෙක් අයගේ ජීවිත ගැන කියලා සින්දු හදන්නෙත් නෑ. හැබැයි කරන ගීත අනෙක් අයගේ ජීවිතවල අත්දැකීම් වෙලා තියෙනවා. මම මේ ගීතය ගැයුවේ මම ඒ ගීතයට ආස නිසා.

මිලින්ද මේ දවස්වල Feed Back එක්කත් කාර්යබහුල වෙලා වගේ?

ඔව්. මම Feed back බෑන්ඩ් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. බෑන්ඩ් එකත් එක්ක වැඩ කරගෙන යනවා. 24 වැනිදා අපි ප්‍රසංගයකට කොරියාත් යනවා. බෑන්ඩ් එකට එකතු වුණාට පස්සේ මට ලොකු රසික පිරිසක් හැදුණා. මගේ වැඩවලටත් බෑන්ඩ් එකේ පිරිසගෙන් ලොකු සහායක් ලැබෙනවා.

බෑන්ඩ් ලීඩර්ස්ලා, කණ්ඩායමේ අනෙක් ශිල්පීන්ට මතු වෙන්න දෙන්නෙ අඩුවෙන්ලු. මිලින්දට එහෙම ප්‍රශ්න නැද්ද?

එහෙම ලීඩර්ස්ලා ඇති. හැබැයි අපේ බෑන්ඩ් එකේ ලීඩර් චමල් වර්ණකුල අයියා ඒ වගේ චරිතයක් නෙවෙයි. එයා ගායනය, වාදනය පැත්තෙන් චරිතයක් වුණු කෙනෙක්. එයා අනෙක් අයට කපන්නේ නැහැ. චමල් අයියා කියන්නේ හොඳ මනුස්සයෙක්. අපි ඉස්සරහට යන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඔහුගෙන් වගේම කණ්ඩායමේ අනෙක් අයගෙනුත් මට සහයෝගයක් ලැබෙනවා.

මිලින්දව විතරක් සහභාගි කරගන්න ප්‍රසංගවලට යන්නේ නෑ කියන්නේ ඇත්තද?

බෑන්ඩ් එකට ෂෝ නැති දවස්වලට මම අනෙක් ප්‍රසංගවලට යනවා. මම බෑන්ඩ් එකට ගිය දවසේ ඉඳන් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ෂෝ නැතිව ගෙදර ඉඳලා නෑ. ඒ තරම් අපිට වැඩ ලැබෙනවා. බෑන්ඩ් එක, එක තැනක නතචර කරද්දි මට දුර තැනක ෂෝ එකකට ගිහින් එන්න බෑනේ. මම කැමැති නැහැ කාටවත් අසාධාරණයක් කරන්න. මට පුළුවන් වෙලාවක් තිබ්බොත් මම ලැබෙන ආරාධනාවලට නොගිහින් ඉඳලා නෑ.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු. දැන් මිලින්ද දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්නේ?

ඔව්. දුවට දැන් අවුරුදු තුනහමාරයි. පුතාට අවුරුදු එකහමාරයි. බිරියයි මමයි දරුවෝ දෙන්නයි සුපුරුදු විදියට සතුටින් ඉන්නවා.

බිරියගෙන් මිලින්දගේ වැඩවලට හොඳ සහයෝගයක් ලැබෙනවද?

ඔව්. එයා මාව තේරුම් අරගෙන මගේ වැඩවලට උපරිම සහයෝගය දෙනවා.

(තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිතුමනාපෙට පෙම් කරපු මිලින්ද මෙදා සැරේ කළ වැඩේ "

    Post a Comment