30 June, 2016

අසම්මත ප්‍රේමයක් නිසා තාත්තාව මරාගත්ත දුව

1995 අවුරුද්දේ තරුණියක් අසම්මත ප්‍රේමයක පැටලිලා.

තමන්ගේ දරුවා දැන දැන ලොකු අමාරුවක වැටෙනවා දැකපු මේ තරුණියගේ තාත්තා මුල ඉඳලම මේ සම්බන්ධයට විරුද්ධ වුණා.

රාගල පැත්තේ පදිංචි වෙලා හිටපු බිසෝ කුමාරි  වික්‍රමසිංහ නමැති මෙම කාන්තාව විවාහක කෙනෙක් එයාගේ මේ සම්බන්ධයට තාත්තා දිගමට තමන්ගේ විරෝධය පළ කරලා.

අශෝක ලාල් නමැති මෙම විවාහක කාන්තාවගේ අනියම් සැමියා නිතරම එයාගේ ගෙදරට යන්න එන්න පටන් අරන් තමන්ගේ දරුවා පවුල් ජීවිතය විනාශ කරගන්න හදනවා දැකපු නිසයි තාත්තා මේ සම්බන්ධයට දිගටම විරුද්ධ වුණේ.

ඒ නිසා මේ කාන්තාව එයාගේ හොර සැමියා එක්ක අන්තිමට සමාවක් දෙන්න බැරි වරදක් කරන්න තීරණය කළා.

ඒ අනියම් සම්බන්ධයට විරුද්ධ වුණු තාත්තව විනාශ කරලා හරි තමන්ගේ අසම්මත ප්‍රේමය දිගටම කරගෙන යන්න.

1995 වසරේ ජනවාරි 26 වෙනිදා හොර සැමියා මේ කාන්තාවගේ පියාට පිහියෙන් ඇනලා ඝාතනය කළා.

බරපතල තුවාල ලබපු මේ පුද්ගලයා රෝහලේදී පොලිසියට කියලා තිබ්බේ.

දුවගේ අනියම් සැමියා විතරක් නෙමේ තමන්ගේ දුවත් තමන්ට පිහියෙන් ඇන්නා කියලයි.

තාත්තාව මරලා ඒ මරණේ සදාකාලික අභිරහසක් වෙයි කියලා හිතුවත් එයාලට වැරදුණා.

මේ සිද්ධිය වෙනකොට කාන්තාවගේ වයස අවුරුදු 28ක් මේ තරුණයාට වයස අවුරුදු 26යි.

පොලිසිය මේ තිත්ත කතාවේ හැමදේම සාක්ෂි ඇතිව සොයාගත්තා. අවුරුදු 21ක් තිස්සේ නඩු ඇහුණා.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කලා.

ඒ අනුව මේ දෙදෙනාටම මරණිය දණ්ඩනය නියම කළා.


Daughter murdered Dad because of Unconventional love

එංගලන්ත හොරුන්ට පිත්තෙන් නෙලූ ශ්‍රී ලංකිකයා

කොල්ලෙක් හොරුන්ට බඩපුරා ගුටි දී එංගලන්තයේ පොලීසියට අල්ලා දෙයි

එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ශ්‍රී ලාංකික සිසුවෙකු වෙළඳසැලක අර්ධ කාලීන රැකියාවක නිරතව සිටින අවස්ථාවකදී පසුගිය දිනක එම වෙළඳ සැලට කොල්ලකරුවන් පිරිසක් පැමිණ තිඛෙනවා.

එහිදී ලාංකික තරුණයා එම කොල්ලකරුවන් පිරිසට පහරදී වෙළඳසැල ආරක්ෂා කරගෙන තිඛෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.






Sri Lankan tame the England thieves

සුලේඛා ඇඳුම් මාරු කරන හැටි කොල්ලෙක් වීඩියෝ කරලා

නිමි ඇඳුම් අලෙවිසලක ඇඳුම් මාරු කරන කුටියක් තුළ ටෙලිනාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුමක් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි සේවකයකු ගල්කිස්ස අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

දෙහිවල හිල් වීදියේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසලක සේවකයකු වන මොහොමඞ් නියාස් මොහොමඞ් රිස්වි නමැති සැකකරුවකු මෙලෙස ඇප මත මුදා හැරිණි.

ටෙලි නාට්‍ය නිළියක වන සුලේඛා ජයවර්ධන විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළිය මේ නිමි ඇඳුම් අලෙවිසලෙන් ඇඳුමක් තෝරාගෙන එය ඇඳ බැලීම සඳහා එහි තිබූ කුටියකට ගිය අවස්ථාවේ සැකකරු කුටියේ සිදුරකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කරනු දැක ඒ බව පරිපාලනයට දන්වා පසුව සැකකරු පිළිබඳව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.



Guy have captured at Suleka at fit on room

29 June, 2016

ගං පතුලේ සැගව ගිය අහිංසක පෙම

ආදරේ කරන තරුණ හිත්ය ගන්න සමහර තීරණ නිසා ජීවිතේ හුගක් දේවල් නැතිවෙනවා වගේම ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

ඒ වගේ ආදර කතාවක් නිසා ගත්ත ඉක්මන් තීරණයකින් ජීවිත දෙකක් අකාලයේ නැතිවුණු සිදුවීමක් අපිට අනුරාධපුර පැත්තෙන් අහන්න ලැබුණා.

අවුරුදු 21 ක් වුණු රුවන් කුමාර අනුරාධපුර බණ්ඩාරබුලන්කුලම වැව කිට්ටුව ජීවිත් වුණු තරුණයෙක්.

ඔහු අවුරුදු 19 ක්වුණු අයේෂා තුෂාරි බණ්ඩාර ජීවත් වුණේ මැදිරිගිරිය මහඅඹගස්වැව නාගරපුරයාය 12 පැත්තේ.

අයේෂා ඇගලුම් සේවයේ රැකියාවක නියැලෙද්දි රුවන් කුමාරත් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා.

කෙමෙන් කෙමෙන් දළුලා වැඩුණු ඔවුන්ගේ ආදරේ ටික දවසක් යනකොට එයාලගේ ගෙවල්වලට ආරංචි වෙලා.

ඒත් අයේෂාගේ ගෙදරින් රුවන් කුමාරට අකමැතිවුණු නිසා මේ දෙන්නා පැනලා යන්න තීරණය කරලා.

හරි නිවසක් නැති නිසාත් ස්ථිර රැකියාවක් නොමැති නිසාත් අයේෂාගේ ගෙදරින් ඔහුට අකමැති වුණා කියලයි අපිට දැනගන්න ලැබුණේ.

කොහොමහරි මේ දෙන්නා ගෙදරින් ඈත් වෙලා ජීවත් වෙන්න හැදුවට ගෙදරින් මේ අයව හොයාගෙන ඇවිත්.

අන්තිමට අයේෂාගේ මාමා කෙනෙක් ඇවිත් ඔවුන්ට පසුගිය දවසක පොරොන්දු වෙලා ගිහින් තියෙන්නේ අවශ්‍ය ලියකියවිලි ටික ලෑස්ති කරලා ඔවුන් දෙන්නගේ විවාහය සිදුකරන්නම් කියලයි.

ඒ අතරතුර ඊයේ මේ දෙන්නා අනුරාධපුර පැරණි නගරයට නුදුරු බණ්ඩාරකුලම වැවේ දිය නාන්න ගිහින්.

ඔවුන් දෙන්නා නාගෙන ගොඩට ආවත් ආයෙමත් මල් කඩන ඔරුවක නැගලා මේ දෙන්නා වැවේ රවුමක් යන්න පිටත් වෙලා.

වැව මැදදි එයාලා ගිය ඔරුව එකපාරටම පෙරලිලා. වැවේ එහා පැත්තේ සෙල්ලම් කරමින් හිටපු පොඩි ළමයි දෙන්නෙක් මේ සිද්ධිය දැක්කත් එයාලා හිතලා තියෙන්නේ ඔවුන් පීනගෙන ගොඩට එන්න ඇති කියලයි.

කොහොමහරි මේ අය ගැන ආරංචියක් නැතිවුණු තැන පොලිස් ජීවිතආරක්ෂකයිනුත් ගමේ අයත් එකතු වෙලා වැව පුරා ඔවුන්ව හෙව්වත් හොයාගන්න ලැබිලා තිබුණේ නෑ.

ආයෙමත් අද මේ අයව හොයන්න පටන් ගත්ත එයාලට අයේෂගෙත්, රුවන්කුමාරගෙත් සිරුරු හමුවෙලා තිබුණා.

ඉදිරියක් ගැන නොහිතා හැගීම්වලට වහල්වෙලා මේ වගේ හදිසි තීරණ නොගත්තනම් මේ විදිහට තරුණ ජීවිත දෙකක් නැතිවෙලා නොයන්න තිබුණා.













Innocent love hidden at the bottom of the river

වයස අවුරුදු 50යි කියලා හිතන්න පුළුවන්ද?

කාන්තාවන් අන් සෑම දෙයකටම වඩා වැඩියෙන් සැලකිලිමත් වන්නේ තම රූසපුව ගැන යි.

තමන් සතු තරුණ පෙනුම රැකගැනීමට ඔවුන් විවිධ දෑ සිදු කරනවා.

නමුත් කුමන විධික්‍රම භාවිත කළත් කාලයත් සමග වයස සැඟවීම සැමදා සිදුකළ හැකි දෙයක් නොවෙයි.

නමුත් තරුණකම තවමත් මනාව රැකගෙන සිටින වයස අවුරුදු 50ක්වන කාන්තාවක් පිළිබඳව චීනයෙන් වාර්තා වනවා.

'යේ වෙන්' නමැති මෙම කාන්තාව දුටු සැණින් ඇයට එපමණ වයසක් ඇතැයි කිසිවෙකු සිතන්නේ නැහැ.

රූසපුවෙන් ද අඩු නැති ඇයගේ සිරුර, ඇගේ වයස පිළිබඳ එකදු ඉ`ගියක් හෝ දෙන්නේ නැති තරම්.

එල්ලා වැටෙන සමකට තවමත් හිමිකම් නොකියන ඇගේ සිරුර මනා පැහැයෙන් ද යුක්ත වනවා.

එසේම බිකිනි ඇඳුමින් සැරසී සිටින ඇගේ ශරීරයේ හැඩය තවමත් යොවුන් වියේ පසුවන තරුණියකගේ වගෙයි.

එක් දරු මවක් ද වන ඇය පවසා ඇත්තේ බිකිනි ඇඳුමක් ඇඳීමට තරම් සුන්දර සිරුරක් අවුරුදු 80ක් වැනි වයසක දී වුව ද තමන් සතුව තිබේවියි අපේක්ෂා කරන බව යි.











Ye Wen - 50 old Young women from China

ඇටෙං පොත්තෙං එන්න කලිං පෙම් සුව සොයා කැලේ වැදිලා

කළුතර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු කැලෑවට රැගෙන ගිය එම පාසලේ ඉගෙනුම ලබන අවු 15 සහ 16 වියෑති සිසුන් දෙදෙනකු කළුතර පොලිසිය විසින් සිය භාරයට ගෙන තිඛෙනවා.

මොවුන් දෙදෙනා සමග කැලෑවට ගිය දැරියන් දෙදෙනා නිවසට යැමට බියෙන් කැලෑවේ සැ`ගවී සිටියදී ඉකුත් 26 වැනිදා ගම්වැසියන් විසින් ඔවුන් අල්ලා පොලිසියට භාරදී තිඛෙනවා.

පසුව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (28) වන විට ද මෙම දෙදෙනා රෝහල්ගත වී ඇතැයි දකුණු කළුතර පොලිසිය පවසනවා.

මෙම ශිෂ්‍යයන් දෙදෙනා ශිෂ්‍යාවන් සමග පෙම් සබඳතාව පවත්වා ඇතැයි ද එහි ප්‍රතිඵලයක්‌ ලෙස කැලෑවට ගොස්‌ ඇතැයි ද පොලිසිය පවසනවා.

මෙම ශිෂ්‍යයන් දෙදෙනා පරිවාසගත කිරීම සඳහා පරිවාස නිලධාරීන් වෙත යොමුකර තිබූ අතර ඊයේ (28 දා) සවස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



School students caught from jungle

නයි විසෙන් නැති වුණේ ඇගිල්ලෙන් කෑල්ලක් විතරයි

ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියකගේ කකුලට නාගයකු දෂ්ට කර තිබියදී ඇයගේ පාදය බෝතල් කැබැල්ලකට කැපී ඇතැයි සිතා දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ දිවි බේරා ගැනීමට සමත් වුණු වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වෙනවා.

මෙම නාගයා දැරියගේ වම් පාදයේ මාපට ඇගිල්ලට දෂ්ඨ කර ඇති අතර පසුව එයින් කොටසක් කපා ඉවත් කිරීම මගින් ඇයගේ ජීවිතය බේරාගෙන ඇත්තේ හදිසියේ සිදුකළ සැත්කමක් හේතුවෙන්.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මොරගොල්ලාගම ගෝනලාගම ලිපිනයේ පදිංචි සිව් හැවිරිදි ඒ. එම්. ශෂිණි විනෝද්‍යා රාජපක්ෂ නමැති දැරියක්.

ඇය පසුගිය 18 වනදා මිදු‍ලේ සෙල්ලම් කරමින් සිටියදී  එකවරම කෑ ගසමින් පැමිණ ඇත්තේ කකුලෙන් ලේ ගලමිනුයි.

මෙය දුටු නිවැසියන් බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි සිතා වත්තේ තිබූ ඖෂධීය පැළෑටියක කොළ වර්ග තලා ‍ලේ ගැලීම නතර කිරීමට උත්සාහ දරා ඇති නමුත් ඇය වේදනාවෙන් පසුවන නිසා පසුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ද බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි පවසමින්.

කෙසේ නමුත් වෛද්‍ය රසික ගුණවර්ධන මහතා දැරියට සර්පයකු දෂ්ට කර ඇති බව නිගමනය කොට රෝහ‍ලේ ගිලන් රථයෙන් ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇතිබුණා.

එලෙස ඇය රෝහලට යන අතරතුර නිවැසියන් දරුවා සෙල්ලම් කළ ප්‍රදේශය පරීක්ෂා කොට එහි තුඹසක සිටි නාගයකු දැක නාගයා මරා යළි රෝහල කරා පැමිණ තිඛෙනවා.

නාගයකු දෂ්ට කර ඇති බව දැනගත් වෛද්‍යවරයා ගිලන් රථයෙන් රැගෙන යන රෝගියාගේ තත්ත්වය විමසන විට ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසීමත් සමගම ගමන් මග වෙනස් කොට ඇය මහව දිසා රෝහලට ඇතුළත් කරන ලෙස හෙතෙම ඔවුනට උපදෙස් දී තිඛෙන්නේ ඒ අතර තුරයි.

එකී උපදෙස්වලට අනුව ඇය මහව දිසා රෝහලට ඇතුළත් කිරීමත් සමගම එහි වෛද්‍ය කපිල රත්නායක මහතා නාග විෂට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබා දෙමින් තවත් හෙදියන් දෙදෙනකුද රැගෙන දැරිය කැටුව එම ගිලන් රථයෙන්ම යළි කුරුණෑගල රෝහල බලා පිටත්ව ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරියක ගෙනෙනා බව ඔවුන් විසින් එම රෝහලට ද දැණුම් දී තිබුණා.

ඒ අනුව වහා දැරිය එම රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගයා දෂ්ට කර ඇති මාපට ඇ`ගිල්‍ලේ ෙසෙල අප්‍රාණිකව තිබූ ප්‍රදේශයට ප්‍රතිකාර කිරීමේ අපහසුව නිසා ඇයගේ දිවි බේරා ගැනීම උදෙසා නිය‍පොත්ත ප්‍රදේශයෙන් කොටසක් කපා ඉවත් කිරීමට‍ කටයුතු කොට තිබුණා.

දින හයක් තිස්සේ එහි ප්‍රතිකාර ලැබූ දැරිය මේ වන විට තම නිවසට පැමිණ සිටිනවා.

මාපට ඇ`ගිල්‍ලේ කොටසක් කපා හෝ දැරිය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් බවයි දෙමාපියන් පවසන්නේ.

නිකවැව හා මහව රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේත්, කුරුණෑගල දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම ඉතා අගය කරන බවත් දැරියගේ මව වන රේණුකා කෝරළේගම මහත්මිය පවසනවා.



Lost only piece of finger due to the poisonous snake

නීතිඥයාට ඇගිල්ලෙන් ඇනලා පවිත්‍රා උසාවියෙන් අහගත්ත දේ

පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ පවිත්‍රා වන්නිආරච්චිට මහත්මියට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල ඊයේ (28) තරයේ අවවාද කළා.

ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අවස්ථාවේදී නීතිඥවරයෙකුට ඇගිල්ලෙන් ඇන උපදෙස් ලබාදුන් නිසයි.

රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බවට පවසමින් මන්ත්‍රීවරිය ප්‍රසන්න ගාර්දි පුංචිහේවා නැමැති අයට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ල ඊයේ කැදවනු ලැබුවා.

මුදල් වංචා කර ඇත්තේ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් ලබාදෙන බව පවසමින් බවයි වාර්තා වනනේ.

මේ අතර පැමිණිල්ල විභාග වන අතරතුර මන්ත්‍රීවරිය විටින් විට තම නීතීඥයාට ඇ`ගිල්ලකින් ඇන උපදෙස් දෙන ආකාරය විනිසුරුවරිය නිරීක්ෂණය කළා.

අනතුරුව 'නීතිඥවරියක ලෙස ද කටයුතු කළ ඔබ අධිකරණයේ හැසිරෙන ආකාරය පිළිබඳව නොදන්නේ ද' ලෙස විනිසුරු අරුණි ආටිගල මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්ණ කර තිඛෙනවා.



Court strongly advises the behavior to Pavithra

28 June, 2016

ස්කූටියෙන් ආපු අනංගයා කරපු වැඩේ

එය දුරකතන ඇමැතුමකින් ඇති කරගත් ප්‍රේමයකි.

පෙම්වතාගේ ආරාධනයෙන් පෙම්සුව විඳින්නට යන්නට අදාල තරුණිය නගරයට පැමිණියේ මහත් බලාපොරොත්තු ඇතිවය.

ස්කූටරයක නැගී පෙම්වතාද කී වේලාවටම තරුණිය සොයා පැමිණ තරුණියගේ අත් බෑගයද යතුරුපැදියේ ආරක්ෂිත කුටියට දමාගත්තද ගමනට බාධාවක් විය.

ඒ පෙම්වතා සතුව හෙල්මට් දෙකක් නොතිබීමය.

'ඔයා ඔතනම ඉන්න මම යාළුවෙක්ගෙන් හෙල්මට් එකක් ඉල්ලගෙන එන්නම්' යැයි කියූ පෙම්වතා හෙල්මටයක් සොයා ගියේය.

වැඩි වේලවක් ගතවූයේ නැත. අමතර හෙල්මටයක් නොමැතිව ආ පෙම්වතා පෙම්වතියට පැවසූවේ කාර්යාලයෙන් හදිසියේම කැඳවූ බැවින් තම ආපසු යායුතු බවය.

පෙම් සුව විඳීම කල්දැමූ පෙම්වතා අත්බෑගයද පෙම්වතියට දී යන්නට ගියේය.

පෙම්වතාගේ තරම පෙම්වතියට අවබෝධ වූයේ අත්බෑගයේ වූ මුදල් සොයද්දීය. බෑගයේ තිබූ රුපියල් 6000ක මුදල පෙම්වතාද සමග අතුරුදන්ව තිබුණි.

ඇය තම පසුම්බියේ වූ මුදල් නොමැති වීම නිසා ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිලි කළාය.

එහෙත් සැකකරු කුමන ප්‍රදේශයක අයකුද යන්න ඇය දැනසිටියේ නැත.

එහෙත් ඇයට ලබාදී තිබූ දුරකතන ඇමැතුම් අංකයට අනුව සැකකරු සොයා ගැනීමට පොලිසිය සමත්විය.

ඔහු කරණවෑමියෙක් බව පොලිසියට අණාවරණය විය.

අනතුරුව තරුණියගෙන් සොරකම් කළ මුදල ඇයට නැවත ලබාදෙන ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුට පවසා ඇතත් රුපියල් 6,000ක මුදලක් සොරකම් නොකළ බවත් එහි තිබී රුපියල් 1,000ක මුදලක් සොරාගත් බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවෙස පරීක්ෂා කර බලද්දී සොරාගත් බවට සැකකරන රුපියල් 6,000 මුදලින් රුපියල් 5,900ක් සගවා තිබියදී සොයාගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු දින දහයක බිලිඳකුගේ පියකු බවත් ඔහු මීට මාස හතරකට පමණ ඉහතදී විවාහ වී ඇති බවත් පොලිසිය පැවැසූ අතර ආදර සම්බන්ධතාව ඇති කරගත් තරුණිය වයස අවුරුදු 25ක් පමණ වන අවිවාහක තැනැත්තියකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමුකරනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.



Scooter boy

එකම දවසේ කෙල්ලෝ 4ක් සමග විවාහ වුණ තරුණයෙක්


එකම දවසේ තරුණියන් හතරදෙනෙක් විවාහ කරගැනීමේ පුවතක් කුවේට්වලින් වාර්තා වනවා.

සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම තරුණයාගේ වයස අවුරුදු 28 ක් බවයි.






A guy married with 4 girls in one day

25 June, 2016

කකුල දෙකට කැඩිලත් දරුවා ගැන විතරක් හිතපු අම්මා

- භයානක රිය අනතුරක්
- කකුල දෙකට කැඩිලා
- ඒත් දරුවා අතේමයි

'දෙවැනි බුදුන්' යන නාමයෙන් පවා මව් පදවිය හැඳින්වෙන්නේ ඒ තරම් ඒ පදවිය උතුම් නිසයි.

අම්මා කෙනෙකුගේ ආදරය මේකයි කියලා අර්ථ දක්වන එක ලේසි වැඩක් නෙමේ.

තමා කුමන වේදනාවක් දැරුවත් ඒ වේදනා සියල්ල පසෙක තබා දරුවා ගැන සිතන මව් පදවියේ උත්තරීතර භාවය හොඳින් පිළිබිඹුවන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිඛෙනවා.

රිය අනතුරකට ලක්ව තම කකුල දෙකට කැඩී තිබිය දී අම්මා කෙනෙකු වේදනාව ගැන නොසිතා තම දරුවාට කිරි පොවන සංවේදී දර්ශනයක් එම වීඩියෝවේ තියෙනවා.

සංවේදී දර්ශන තියෙන නිසා පුළුවන් අය විතරක් මේ වීඩියෝව නරඹන්න.





She only thought about the child

24 June, 2016

අක්කට නොදෙවෙනි කඩේෂන්ගේ නංගි

- කිම් වගේම සරාගී ලු
- නිව්යෝර්ක් පාර දිගේ ගිහිං
- උඩුකය විනිවිද පේන්න අඳලා

ලොව සරාගී කාන්තාව ලෙස සැලකෙන්නේ කිම් කාර්ඩිෂන්.

ඇයගේ නැගණියක් සම්බන්ධයෙන් මේ දිනවල විදෙස් මාධ්‍ය වාර්තා ඡායාරූප පෙළක් පළකර තිඛෙනවා.

කෙන්ඩල් ජෙනර්ත් නම් ඇය සහෝදරිය කිම් මෙන්ම ශරීරයේ හැඩය ප්‍රදර්ශනය කිරීමට පටන් අරගෙන.

ඇය නිව්යෝර්ක් මාර්ගයේ ගමන් කරන ලද ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් වීමත් සමග මේ පිළිබඳව වැඩි කතාබහක් ඇතිවෙලා.

එම ඡායාරූප වල ඇය උඩුකය විනිවිද පෙනෙන අඳුමකින් සැරසී සිටින අයුරු දක්නට ලැඛෙන බවයි වාර්තා වන්නේ.







Kim Kardashian's Sister's photos

ගෑණු ඉන්න ගෙවල් වලට රෑට පැනලා අමුතු සෙල්ලම්දාන හොරෙක්

- ගෑණු විතරක් ඉන්න තැන්වලට එනවලූ.
- ඉතිරි කෑමත් කනවලූ
- පොලිස් බල්ලොත් මිනිහව හොයනවා

මේ සිද්ධිය ආරංචි වෙන්නේ ගම්පොල පැත්තෙන්.

ගම්පොළ බෝවල හෙලසිරිගම හා අම්බුළුවාව ප්‍රදේශ තුළ රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළු වෙමින් ප්‍රදේශයේ සැරිසරන්නෙක් නිසා ඒ ගම්වාසීන් මහත් භීතියට පත්වෙලා තියෙනවා.

මේ වෙනකොට ඔහු ගැන පැමිණිලි 8ක් විතර පොලිසියට ලැබිලා තියෙනවලු.

මෙයා වැඩිපුරම යන්නේ කාන්තාවන් පමණක් ඉන්න නිවෙස්වලට කියලා තමයි ගම්වාසීන් කියන්නේ.

ඒ විදියට රෑට ඇතුළු වෙලා නිවෙස්වල ඇති ඉතුරු ආහාර කා දැමීම, ශීතකරණ තුළ ඇති මස්, මාළු, බිත්තර ආදිය රැගෙන යෑම වැනි අමුතු විදියේ වැඩ ටිකක් තමයිලු මෙයා කරනව කියන්නේ.

ටික දවසකට ඉසෙල්ලා අම්බුළුවාව ප්‍රදේශයේ වෙළෙඳසලකට ජනේලයෙන් ඇතුළුවීමට උත්සාහ කරලා

ඒ වෙලාවේ වෙළෙඳසල් හිමියා සතු තුවක්කුවෙන් බිය ගැන්වීමට ගත් උත්සාහය නිසා මෙයා කළුගලකින් වෙළෙඳසල් හිමියාට පහරදී පැනලා ගිහින්.

තවත් දවසක හෙලසිරිගම නිවාසවලට ඇතුළුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කඩුගන්නාව පොලිසිය නිල සුනඛයන්ද යොදා පරීක්ෂණ අරම්භ කරලා තියෙනවා.



Abnormal Thief ath Gampola

ගම්මන්පිල එක්ක හිරේ ගිය ජයම්පතිට 5ක් දෙන්න ගිය පුතත් ඇතුලේ

- අඳුම් අස්සේ තිබිලා තියෙන්නේ
- බුද්ධි අංශවලට අහුවෙලා
- පුතත් අත්අඩංගුවට අරං

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා සමග පසුගිය දා ජයම්පති පෙරේරා ජයසිංහ මහතාද රක්‍ෂිත බන්ධනාගාරගත කළා.

ඒ මහතාගේ සුවදුක් බැලීම සදහා මැගසින් බන්ධනාගාරයට පැමිණි ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට මෙ වන විට ගෙන තිඛෙනවා.

ඒ, ඔහු මුදල්ද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළුවීමට උත්සාහ දැරීම හේතුවෙන්.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් පරීක්‍ෂා කළ අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් පනස් දහසක මුදලක් සොයා ගැනුණා.

සැකකරු විසින් සිය පියාට ලබාදීමට රැගෙනවිත් තිබූ ඇදුම් තුළ මෙම මුදල් සගවා තිබූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ.



Jayampathi's son also remanded

සෝදන්න තහනම් - පිස දමන්න අවසර - කටුනායක වැසිකිළි

- හෑන්ඩ් ෂවර් අයින් කරලා
- තියෙන්නේ ටොයිලට් පේපර්ස් විතරයි
- සේවකයනුත් අමාරුවේ

කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළිවල හෑන්ඩ් ෂවර් (Hand Showers) ඉවත් කර ටොයිලට් ටිෂූ ලබා දීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

ඊයේ (23) සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

සිංගප්පූරුවේ අනුගමනය කරන ක්‍රමයට අනුව මෙලෙස‍ ක්‍රියා කළ බවයි ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කරන්නේ.

මැදපෙරදිග යන ලාංකිකයන් සහ ගුවන් තොටුපොළ සේවකයන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි කරුණු වාර්තා වන්නේ.



Wash ban - wipe allowed - Katunayake toilet

සුසන්තිකාගේ සැමියාට වැලිවේරියේ පස් පාගන්න එපාලු

- ධම්මිකට දැඩි අවවාද
- වැලිවේරිය යන්න බැහැ
- සුසන්තිකාගේ පදක්කමත් ඇගයේ

ඔලිම්පික්‌ ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සෘජුව හෝ වක්‍රව යම් අවහිරතාවක්‌ සිදු කළහොත් අධිකරණයෙන් නියම කර ඇති ඇප අවලංගු කරන බව සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සැමියාට නියෝග කර තිඛෙනවා.

ඊයේ (23) ගම්පහ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ප්‍රධාන මහේස්‌ත්‍රාත් කාවින්ද්‍රා නානායක්‌කාර මෙනවිය මෙලෙස තරයේ අවවාද කර තිඛෙනවා.

සුසන්තිකා ජයසිංහ මහත්මියට ඇගේ සැමියා නිදහසේ සිටීමට ඉඩ ලබා නොදෙන බව ඊයේ උසාවිටය සඳහන් කරනු ලැබුවා.

ඒ සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ බර්නි අල්විස්‌ මහත්මිය විසින්.

නීතිඥ කරුණු දැක්‌වීමේදී විවෘත අධිකරණය ඇමතූ මහේස්‌ත්‍රාත්වරිය පැමිණිලිකාරිය ඔලිම්පික්‌ පදක්‌කමක්‌ මේ රටට ගෙනා කාන්තාවක්‌ බව අවධාරණය කර සිටියා.

මෙය පවුල් ප්‍රශ්නයක්‌ නිසා අනවශ්‍ය දේවල් අවශ්‍ය නොවන බවත් එහිදී සඳහන් කළා.

එමෙන්ම නැවතත් වැලිවේරිය ප්‍රදේශයට නොයන ලෙස ද සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සැමියාට මහේස්‌ත්‍රාත්වරිය විසින්ආ රක්ෂක නියෝගයක් පනවනු ලැබුවා.



Court strongly advised to Susanthika's husband

23 June, 2016

හිරුණිකා පාර්ලිමේන්තුවෙදි ප්‍රතිවාදීන්ට දාපු නෝන්ඩිය මෙන්න

- පොඩ්ඩක් ඉන්නකෝ අනේ...
- ඇවිස්සෙන්නේ මොකටද?...
- පුදුම අමාරුවක්නේ අනේ තියෙන්නේ...

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් වාග් ප්‍රහාර කිහිපයක් එල්ල කර ගන්නා ලදී.

මේ වීඩියෝව හොඳින් නරඹන්න.





Hirunika reply to opposition at parliment

දවස් 3ක් නරක් වුණු කෑම - වතුර වල පණුවෝ

- දරුවෝ 6 දෙනෙක් ඉන්නවා.
- හැමෝම ඇති හැකි අය
- අම්මා තට්ට තනියම පාලූ ගෙදරක

හැමදේම අයින් කරන්න හිටියේ ගමේ කොල්ලෝ ටික විතරයි

අම්මා කෙනෙකුගේ සෙනෙහස ආදරය ජීවිතේ ලස්සන කරන්න කොයිතරම්නම් ශක්තියක් වෙනවද කියන එක වචනවලින් කියන්න බැහැ.

දරුවන් හය දෙනෙක් මෙලොවට බිහිකරලා ඒ ජීවිත සාර්ථක කරපු අම්මා කෙනෙක් කවුරුවත්ම නැති පාලු නිවසක ජීවත් වෙන දුක්බර සිදුවීමක් ගැන රුවන්වැල්ල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

රුවන්වැල්ල වහරක තියෙන මේ පාලු ගෙදර මේ අම්මා ජීවිත් වෙන්නේ ජීවිතේ ජයගත්තු දරුවන් හය දෙනෙක් මේ ගමේම ජීවත් වෙද්දි.

අවුරුදු 85 ක් වුණු ප්‍රේමවතී නම්වූ මේ අම්මා ගැන ආරංචි වෙලා රුවන්වැල්ල පොලිසිය එක්ක ගමේ කට්ටියකුත් එතනට ගියා.

ඒ යද්දි තනියම ජීවත්වුණු මේ අම්මා ඉන්න ගෙදර තිබිලා තියෙන්නේ දවස් තුනක් විතර පරණ වුණු කෑම.

බොන්න තිබුණු වතුරවල පණුවෝ.. පස්සේ පොලිසියේ අයත් ගමේ අයත් මේ අම්මට කන්න කෑම ටිකක් දීලා අම්මව පෙන්වන්න රෝහලකට අරගෙන ආවා.

සැප සම්පත් හැමදේම තිබුණත්  ඒ හැමදෙයක්ම තමන්ගේ දරුවන්ට දීලා අද මේ අම්මට ඉතිරි වෙලා තියෙන්නේ පාලු නිවසක ඉතිරිවුණු දරුවන් වෙනුවෙන් ජීවිතේ කැපකරපු මතකය විතරයි.

රුවන්වැල්ල පොලිසිය මේ අම්මවට අධිකරණයට ඉදිරිපත් කරලා වැඩිහිටි නිවාසයකට දාන්ක කටයුතු කරන්න සූදානම් වෙනවා.

අපමණ දුක් විදලා දරුවන් උස්මහත් කරපු මේ අම්මාව පාලු නිවසකට ගෙනත් දැම්මත් තම දරුවන් ගැන පුංචිම තරහක්වත් මේ අම්මගේ හිතේ නැත්තේ අම්මා කෙනෙක් දරුවන්ට වචනයකින්වත් වරදක් කරන්නේ නෑ කියන එක හැමෝටම තේරුම් කරමින්.



Sad story of Mother at Ruwanwella

ගමක් කැළඹූ කොහොඹ ගසක්

- දියරය පැණි රසයි
- පොඩි තිත්කුත් තියනවා
- තනිකරම රා වගේ

කොහොඹ කියන්නේ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසක්.

මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයක්  වූවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.

කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවයි.

යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය.

ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා තිඛෙනවා ඒ පැත්තේ ගිය කොයි කාටත් දකින්න ලැඛෙනවා.

මෙහි ඵල (ගෙඩි) සහ බීජ (ඇට) කොහොඹ තෙල් සෑදීම සඳහා යොදාගන්නවා.

කොහොම වුණත් දැන් අපි කියන්න යන්නේ මේ කොහොඹ ගසක් නිසා ගමක් කැළඹුණු කතාවක්.

මේ කොහොඹ ගහ තියෙන්නේ මීගමුව, දළුපොත, මන්ත්‍රීවත්ත, මාකස් පෙරේරා පමුමගේ තියෙන ගෙවත්තක.

මේ ගහ ගෙවත්තක තිබුණට ඔන්න දැන් රටක්ම කතා කරන්න පටන් අරගෙන මේ ගැන.

සිද්ධිය මේකයි පසුගිය ඉරිඳා සිට මේ කොහොඹ ගහේ කඬෙන් එක්තරා ශ්‍රාවයක් පිටවෙනවා.

සුදුපාටට පෙන දමමින් තමයි ශ්‍රාවය කොහොඹ ගසේ කඬෙන් පිටවෙනවා.

මේ නිසා මේ කොහොම ගහ බලන්න ගමේ මිනිස්සු මෙන්ම පිට ගම්වල මිනිස්සු එනවා කියල වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

පසුගිය ඉරිදා ඉඳලා මේ ශ්‍රාවය ගහෙන් පිට වෙන නිසා. ගමේ කට්ටිය මෙවා මුට්ටි වලට එකතු කරන්නත් පටන් අරගෙන.

දැන් මුට්ටි ගොඩක් එකතු කරලා තියෙනවාලු.

වැඩේ කියනනේ ඔන්න දැන් ගමේ කට්ටිය මුට්ටිවල මේ එකතු කරලා තියෙන ශ්‍රාවය බොන්න පටන් අරගෙන.

කිසිම අවුලක් නැහැලු. පැණි රසයිලු. ටිකක් විතර තිත්ත තියෙනවාලු. කොහොම වුණත් වැඩි වශයෙන් මේක පැණි රසයිලු.

කොහොඹ ගමෙන් ශ්‍රාවය පිට වන අයුරු සහ එම ශ්‍රාවය ගම් වාසීන් විසින් පානය කරන අයුරු මෙන්ම මෙහි විද්‍යාත්මක හේතුව පැහැදිළි කරදෙන කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන මාලා අමරසිංහ මහත්මියගේ පැහැදිලි කිරීමත් පහත වීඩියෝවෙන් බලන්න.





Abnormal 'Neem' tree

22 June, 2016

බලෙන් රූම් අරන් ගියා, ෆොටෝ එඩිට් කරලා ගෙදරට පෙන්නනවා කියුවා

එදා මොරටුවේ ගිනි තබාගත් තරුණයා ගැන අද ඇහෙන අමුතු කතාව.

පසුගියදා තරුණියකගේ ප්‍රේම සම්බන්ධයක් නිසාවෙන් මොරටුව ප්‍රදේශයේ පාරක් අසළ තරුණයෙකු ගිනි තබාගෙන මියගියා.

තරුණයා විසින් තරුණියගෙන් ආදරය ඉල්ලූ නමුත් ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතු කොට ගෙන මෙලෙස ගිනි තබාගත් බවයි  පසුව දැනගන්නට ලැබුනේ.

කෙසේ නමුත් මේ වන විට මියගිය තරුණයාගේ පියා හා සිද්ධියට සම්බන්ධ වුණු තරුණිය මේ පිළිබඳව සාක්ෂි දෙමින් මෙසේ පවසා තිඛෙනවා.

'මියගොස්‌ සිටින්නේ මගේ දරුවා. පුතාට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. ඒක නවත්වන්න කියලා අපි එයාට අවවාද කළා. නමුත් ඔහු ඒක නැවැත්තුවේ නැහැ.

නිතර නිතර මේ ගැහැණු කෙනාම මොහු අපේ ගෙදරට රැගෙනවිත් තිඛෙනවා.

නමුත් අපි කැමති වුණේ නැහැ. 2016.05.26 වැනිදා මට දුරකථන ඇමතුමක්‌ ආවා පුතා ගිනි තියාගෙන කියලා.'

මෙහිදී සාක්‍ෂි දුන් මියගිය තරුණයා ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූ බව කියන (24) හැවිරිදි කාන්තාව මෙසේ පැවසුවාය.

'මම පෞද්ගලික ආයතනයක වැඩ කළේ. 2013 දී මම ඒකෙන් අයින් වුණා. ඒ කාලේ මේ මියගිය අය එකේ වැඩට ආවා.

ඒ අතරතුර තමයි මා ඔහුව හඳුනා ගත්තේ. මොහු මුලින් මගේ කැමරාව අරගෙන ඊට පස්‌සේ මගේ ෆොටෝ අරන් ඒවා එඩිට්‌ කරලා මාව බය කරන්න ගත්තා ගෙරදට ඇවිත් කියනවා කියලා.

2014 දී නැවත මම වැඩට යන්න ගත්තා. පසුව ඔහු හැම සතියකම මගේ ෆොටෝ ගෙදරට දෙනවා කියලා කොහේ හරි බලෙන් එක්‌කරගෙන යන්න ගත්තා. මම මාසයක්‌ විතර වැඩට ගියා.

මොහු කරදර කරන නිසා මා රස්‌සාවෙන් අයින් වුණා. ඒත් මට ඔහු ඉන්න දුන්නේ නැහැ. නැවත නැවත ඔහු මට ෆොන් එකට කතා කරලා තැනින් තැන රැගෙන ගියා. එහිදී බලෙන්ම රූම් වලට ගෙනිච්චා.

පසුව මා මාස ගණනක්‌ මොහුව ක්‍රමයෙන් මග ඇරලා සිටියා. පසුව මම නැවත වෙනත් ආයතනයක වැඩට යන්න ගත්තා. 2015 දෙසැම්බර්වල ඉඳලා මම ඒ සියල්ල එයාගේ අම්මට කතා කරලා කිව්වා.

එයාගේ අම්මා රුපියල් 12,000 ක්‌ ගත්තා සීනියි, ලුණුයි වගයකුයි එක්‌ක. මොනවද දේවාලයකට ගිහින් කරනවා කියලත් කිව්වා. ඒත් කිසිම දෙයක්‌ වුණේ නැහැ.

මොහු ගිය අවුරුද්දේ සැප්තැම්බර් 29 වැනිදා මගේ ගෙදර අයටත් මගේ ෆොටෝ පෙන්නුවා. ඔහුට ඕන වුණේ මගේ මත්තයාව ගෙදරින් යවන්න. නමුත් මහත්තයා තරහවෙලා ගියේ නැහැ.

පසුව ඔහු නැවත කරදර කරන්න පටන් ගත්තා. මම ඔහුට කීවා පොලිසියට යනවා කියලා. එතකොට ඔහු කීවා ෆොටෝ ටික පෙන්නුවාම කොහාමත් පවුල කැඩෙනවානේ කියලා.

2015 දෙසැම්බර් මාසේ දවසක ඔහු සමග එන්න බැහැ කිව්වාම ඔහු මට පාරේදීම ගහලා කොණ්‌ඩෙන් ඇදගෙන ගිහින් බසයකට නැග්ගා. පසුව මා අඬලා අ`ඩලා ගෙදර ආවා. නැවත මම ඔහුගේ අම්මට සිද්ධ වුණු දේ කිව්වා.

අම්මා තාත්තාව එව්වා. මාව එදා ගෙනියන එක නවත්වන්න. තාත්තා ඉස්‌සරහම ඔහු මගේ කම්මුලට ගැහුවා. තාත්තා ඊට විරුද්ධව මොනවක්‌ කතා කළේ නැහැ. ඔහුට මාව ඕන වුණාම මට කරදර කරන්න පටන් ගත්තා. ගහන්න ගත්තා.

මට ඉවසන්නම බැරි වුණාම මම කිව්වා මං මේගැන ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්‌ කළා කියලා. ඊට පස්‌සේ ඔහු බය වුණා.

2016.05.23 වැනිදා ඔහු මගේ ෂොප් එකට ඇවිත් මේ සම්බන්ධය නවත්වන්න එපා කිව්වා. මම ඔහුව ගණන් ගත්තේ නැහැ.

එවිට මගේ මේසය උඩ තිබුණ වීදුරුව කෑවා. එවිට ඔහුගේ කටින් ලේ වැක්‌කෙරෙන්න ගත්තා. වමනය කළා. පසුව මම වැඩ කරලා ඉවරවෙලා ගෙදර ආවා.

2015 මැයි 16 වැනිදා උදේ 10.00 ට විතර මා වැඩට ආවා. මම එනවිට ඔහු මට බයික්‌එක නවත්වන්න කිව්වා. පසුව ඔහු මගේ බයිසිකලයේ බ්‍රේක්‌ එක අල්ලාගෙන ඔහේ කතා නොකර බලාගෙන හිටියා.

එතන ඉන්න බැරි නිසා අපි ඉස්‌සරහට ගිහින් කතා කරමු යෑයි ඔහු කීවා. පසුව අපි ඔය සිද්ධියවූ තැනට ආවා.

ඔහු වචනයක්‌වත් කතා නොකර අතේ බෑග් එකක්‌ තියාගෙන හිටියා. මම කිව්වා ඉක්‌මනට කියන දෙයක්‌ කියන්න මට යන්න පරක්‌කු වෙනවා කියලා.

ඒත් කිසිම දෙයක්‌ නොකියා මට යන්න නොදී කතා නොකර සිටියා. අන්තිමට මම කිව්වා එහෙනම් තමුසේ ඔහොම ඉන්නවා මම පොලිසියට යනවා කියලා.

එතකොටම ඔහු බෑග් එකේ තිබුණ බෝතලයක්‌ අරන් ඔලුවේ පෙට්‍රල් හලා ගත්තා. එවිට මම කෑ ගැහුවා. කව්රුවත් ළ`ගට ආවේ නැහැ.

පසුව ඔහු ගිනිකූරු තුනක්‌ හතරක්‌ ගැහුවා. ඒත් ඒවා පත්තුවුණේ නැහැ. ඊළඟට ගැසූ ගිනිකූර දැල්වුණා. අනතුරුව ඔහු ගිනි තියා ගත්තා. ඔහු ඇ`ග ගිනි ගනිද්දීත් මගේ ඇ`ගටත් ගින්දර විසි කළා.

මම මගේ බයික්‌ එක අරගෙන එතන තිබූ ස්‌ටෝර්ස්‌ එකට දැම්මා. එතකොටත් ඔහු එතනට දිවවිත් ඔහුගේ ගිනි ගනිමින් තිබූ ෂර්ට්‌ එක මගේ ඇ`ගට දැම්මා. නමුත් මට මොකුත් වුණේ නැහැ.

පස්‌සේ එතන හිටිය ආරක්‍ෂක නිලධාරියෙක්‌ එයාව එළියට ඇදලා දාලා ගේට්‌ටුව වැහුවා. පසුව මාත් එළියට ගියා.

එතකොට මා දැක්‌කා ඔහු කාණුවක වැටී සිටිනවා. එතන සිටි මනුස්‌සයෙක්‌ වතුර තිබූ මෙගා බෝතලයකින් ඔහුට වතුර දමමින් සිටියා.

ඊට පසු ඔහු ඇවිදගෙන ආවා. මට එතන සිටි අය කිව්වා පොලිසියට යන්න කියලා. මාව බේරා ගන්න කියා ඔහු කෑ ගැසුවා. අනතුරුව එතනට ආ ගිලන් රථයකින් ඔහුව රෝහලට රැගෙන ගියා.'



Forced to take for Rooms - Story of man holding fire at Moratuwa

21 June, 2016

බම්බලපිටිය නගරය මැද ඉදිවන ගොඩනැගිල්ලේ අභිරහස

- කාගේත් ඇස්වසා කොටි 230ක ඉඩම් ගණුදෙනුවක්.
- බම්බලපිටිය නගරය මැදින් ඉහලට නැගෙන ගොඩනැගිල්ලේ අභිරහස.

බම්බලපිටිය නගරය මැද විශාල ඉඩමක් රු 2,300 000 000ක මුදලකට මිලදීගත් අය පිළිබද මේ වන විටත් කරුණු කාරණා කරලියට එමින් තිබේ.

අභිරහස් අන්දමින් ලහිලහියේ මේ ඉදිකරන්නේ කුමක්ද?

මෙ වැනි මහා පරිමාණ ගනුදෙනු සිදුවීම සාධාරන දැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ සුවිසල් නිවසකදී ප්‍රබලයන් පිරිසක් මෑතකදී රහසේ කථා බහ කල බවද වාර්තාවෙයි.

ජීවන වියදම සමග නිරන්තර අරගලයක අපේ රටේ බොහෝ දෙනා නියැලෙද්දී කෝටි සිය ගණන් වල ඉඩම් ගනුදෙනු සමහර බලවතුන්ට සිල්ලර කාසි බවට පත්ව ඇත.

බම්බලපිටිය දුම්රිය පොළ පාරේ යුනිටි ප්ලාසා පිටුපස මැජෙස්ටික් සිටි ඉදිරිපිට ඇති මේ දැවැන්ත ඉඩම ඇත්තේ පොලිස් ස්ථානයටත් අතේ දුරෙනි.

දිවා රෑ දෙකේම බොහෝ යන්ත්ර සූත්ර හා බර වාහන ක්රියාත්මක වෙමින් එහි දැවැන්ත ඉදිකිරීමක් කලත් මේ කිසිවක් මහජනතාවට දැකගතනොහැකි බවත් වාර්තාවේ.

ලැබී ඇති තොරතුරු අනුව නවීන තාක්ෂනය උපයෝගී කරගනිමින් පිටස්තර කිසිවෙකුගේ සෙවනැල්ලක්වත් වැටෙන්නට නොදෙන තරමට දැඩි ආරක්ෂාවක් මෙම ස්ථානයට ලබාදී තිබීමත් සැකයට කරුණක් බවට පත්ව ඇත.



New Mystery building constructing at the Bambalapitiya city

නුවර ධර්මරාජය අධර්මයේ හැසිරෙයි

ශ්‍රී ලංකා අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ විදුහල අතර පසුගිය සෙනසුරාදා (18) මහනුවර බෝගම්බර පිටියේ දී පැවති තර`ගයේ ගැටුමට අමතරව ගුටිබැට හුවමාරුවක් ද සිදුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රීඩකයෙකු විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමයි.

එම අවස්ථාවේ ධර්මරාජ විදුහලේ ක්‍රීඩකයාගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් රතු කාඩ් පතක් නිකුත් කර තිබුණ ද එම තීරණයට අභියෝග කරමින් ඉන්පසු අවස්ථාවකදී ද පිටිය වෙත පැමිණ ඇති අදාළ ක්‍රීඩකයා ජෝෂප් විදුහලේ තවත් ක්‍රීඩකයෙකුට පහරදීම හේතුවෙන් දෙපාර්ශවයම පිටිය මැද ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන තිබේ.

ඒ අතරතුර තරගය නැරඹීමට පැමිණි පිරිසක් ද මෙයට මැදිහත් වී ඇති අතර ගැටුම හේතුවෙන් තුවාලලැබ ක්‍රීඩකයින් 02ක් රෝහල් ගත කිරීමට ද සිදුවී ඇත.





Dharmaraja rugby players attacked to Joseph players

20 June, 2016

කුණාටුවකට හසුවූ ලාංකික ධීවර යාත්‍රාවක්

මුහුදේ ඇති ධීවර බෝට්ටුවක් රළකට හසුවීමත් සමගම එහි සිටි ධීවරයෙකු මුහුදට වැටෙයි.

එම අවස්ථාවේ ඒ අවට සර්ෆින්ග් ක්‍රීඩිවේ නරත වුණු විදේශකයින් පිරිසක් එම ධීවරයාගේ ජීවිතය බේරා ගැනීමට සම්ත විය.

එම වීඩියෝව පහතින් නරඹන්න.




Lankan fishermen caught in a storm

රෝහිත පෙම්වතිය සමග දන්සැල් කන්න ගිහින්

රෝහිත රාජපක්ෂ ඔහුගේ පෙම්වතිය සමග පොසොන් පොහොය කොළඹ අවට දන්සැල් වෙත ගොස් රාත‍්‍රී ආහාර දන්සැල් වලින්ම ලබාගෙන තිබුණා.

රෝහිත රාජපක්ෂගේ උපන්දිනයද පසුගිය සතියේ යෙදී තිබුණ අතර එදින ඔහු එය සමරා තිබුනේ පෙම්වතිය මව හා නාමල් සොයුරාද සමග කේක් ගෙඩියක් කපමිනි.

පොහෝ දින දන්සැල වෙත රෝහිත හා පෙම්වතිය ගිය අවස්ථාවේ ඡායාරෑපයක් මේ සමග.



Rohitha Rajapaksa going to 'Dansel' with girl friend

ලංකාවේ ජැකලීන්ගේ අලුත් නැටුමකින් ඉන්දියාවම කැළඹෙයි

ජැකලින් ෆර්ඩිනැන්ඩස් යනු මෙරටින් බොලිවුඩයට තිළිණ වුණු සුපිරි තාරකාවක්.

බොලිවුඩ් පුරවරය දෙස අවධානයෙන් සිටින ලක්ෂ ගණනක් රසිකයින්ගේ දෙනෙත් තමා වෙත නතු කරගැනීමට මේවන විට ජැකලින් සමත් වී අවසන්.

ඇය රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයවන ඩිශූම් සිනමා නිර්මාණය පිළිබඳව බොලිවුඩ් ලෝලීන් බොහොමයකගේ අවධානය මේ වන විට යොමු වී තිඛෙනවා.

එම චිත්‍රපටයේ එන ගීතයකට ජැකලීන් ඉදිරිපත් කරන නර්ථනය විශේෂයෙන් අවධානයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇගේ නර්ථනය නිසාම මෙම ගීතය ඉන්දියාව තුළ අතිශයින් ජනප්‍රිය වී ඇති බව ඉන්දියාවෙන් ලැඛෙන ආරංචිමාර්ග ප්‍රකාශ කරනවා.

එම ගීතයේ වීඩියෝව පහතින්,




Jacqueline Fernandez Hot Dance at Dishoom Movie

වෝන් කෙල්ලෙක් එක්ක පාරේ අශෝභන ලෙස හැසිරිලා

ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් විදිහට සැලකෙන ෂේන් වෝන් ගැන විවිධ සිද්ධි ඔස්සේ කතා ගොඩක් පහුගිය කාලේ පුරාම අහන්න දකින්න ලැබිලා තියෙනවා.

දරුවන් තුන්දෙනෙකුගේ පියෙකු වන ඔහු සිය බිරිඳගෙන් වෙන්වී ජීවත්වන්නේ 2013 වසරේ සිටයි.

ඇයගෙන් වෙන්වීමෙන් පසුව ඔහු වෙනත් පෙම්වතියක් සමග ජීවත් වෙමින් සිටියා.

අවුරුදු 46 ක් වන මේ සුපිරි තරුව පසුගිය සතියේ කරපු වැඩක් නිසා ආයෙමත් එක එක කතා පැතිරෙන්න පටන් අරන්.

ඒ නිසාම ෂේන් වෝන්ට ආදරේ කරන අයත් දැන් ඉන්නේ ලොකු කලකිරීමකින් කියලයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.

මේ දිනවල ලන්ඩන්වල ජීවිතය ගෙනියන ෂේන්වෝන් එයාගේ පෙම්වතිය සමග ලන්ඩන් නුවර මහ පාරේ සිගරට් එකක් අතේ තියාගෙන අශෝභන විදිහට හැසිරිලා.

පෙම්වතිය සමග ප්‍රසිද්ධියේම සිපගෙනත් තියෙනවා.

සුපිරි ක්‍රිකට් තරුවක් මෙහෙම හැසිරෙන එක ක්‍රිකට් ක්‍රීඩාවට කරන අපහාසයක් කියලා එංගලන්ත විචාරකයින් චෝදනා කරනවා.

මේ විදිහට ඔහු දිගින් දිගටම හැසිරුනොත් ICC එකේ ඔහුට තියෙන අවස්ථා සහ තනතුරු ඉවත් කිරීමේ ඉඩකඩ තියෙනවා කියාලා ඕස්ටේ්‍රලියාවේ ක්‍රිකට් ආයතනය වෝන්ට අනතුරු අගවලා.















Unacceptable behavior at the road of Shane Warne with Girlfriend

19 June, 2016

මහියංගනය දැරිය ඝාතනය කර ඇත්තේ ඥාතියෙක්

මහියංගනය රිදීමාලියද්ද මොරාන ගමේ පදිංචි වෙලා හිටිය මල්කි සඳමාලි පුංචි දැරියගේ මළසිරුර හම්බුණේ දිය පහරක් ළග තිබිලා.

අවුරුදු 9ක පුංචි සඳමාලිට වෙච්ච දේ ගැන පොලිසිය පුළුවන් උපරිම විදියට හොයන්න පටන් ගත්තා.

සිද්ධියෙන් පැය 24ක් යන්න ඉස්සෙල්ලා ඝාතකයා කොටු කර ගන්න පොලිසියේ උකුසු ඇසට හැකි වුණා.

මේ අපරාධකරුවා මොරාන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්. ඈතින් පුංචි සඳමාලිට ඥාති වෙන කෙනෙක්.

සිද්ධිය වුණ පහුගිය සිකුරාදා ඉස්කෝලේ ඇරිලා ගෙදර එමින් හිටපු සඳමාලිව අතරමගදී මේ පුද්ගලයා පැහැරගෙන.

ඊටපස්සේ මේ පුද්ගලයා බාහිර ලිංගික අතවරයක් කරද්දී පුංචි දැරියට සිහිනැති වෙලා.

ඒ වෙලාවේ කලබල වුණු මෙයා දැරියව මේ වතුර පාර ගාවට ගෙනත් දාලා.

වෙච්ච හැමදේම මේ වෙනකොටත් මේ නරුමයා පොලිසිට පාපොච්චාරණය කරනවා.

සඳමාලිගේ අතුරුදන් වීම ආරංචි වුණ මොහොතේ ඉඳලම එයාව හොයාගන්න වැඩිපුරම මහන්සි වෙලා තියෙන්නේ මේ පුද්ගලයා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මහියනගනය මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය එතැනට ආපු වෙලාවේ එයා ඒ පරීක්ෂණවලටත් ගොඩක් උදව් කරලා‍.

මෙයාගේ හැසිරීම ගැන මුල ඉඳලම මහියංගණය පොලිසිය ඇහැ ගහගෙන හිටපු බව එයා දැනගෙන ඉඳලා නෑ.

ඔහු පිළිබඳව හොඳට නිරීක්ෂණය කරපු පොලිසිය එයාව අත්අඩංගුවට අරගෙන අද උදේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

තවත් හංගගෙන ඉඳලා වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත මේ පුද්ගලයා වෙච්ච හැමදේම පොලිසියට කිව්වා.




The girl was killed in the relative Mahiyanganaya

කිත්රුවන්ග‍ගෙ සහ රමිතගෙ ගෝරියේ ඇත්ත කතාව

ගෙවී යන කාලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට නම් එතරම් හොඳ කාලයක්‌ නොවන බව අවසන් වරට ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගිවුණු තරගාවලි කිහිපය දෙස බැලීමේදී දැකගත හැකිවිය.

ඉකුත්දා අවසන් වුණු තරග 3 කින් සමන්විත එංගලන්ත ටෙස්‌ට්‌ තරගාවලිය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‌ෂතා පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයකි.

ක්‍රීඩකයන් තුළ වූ නොමේරූ දක්‌ෂතා සහ දිගිින් දිගටම ක්‍රීඩකයන් ආබාධවලට ලක්‌වීම එම සංචාරය අසාර්ථක්‌තවයට ප්‍රධාන සාධක බවට පත්විය.

එමෙන්ම ශක්‌තිමත් දෙවැනි පෙළක්‌ නොමැති වීම එම අසාර්ථක භාවය තවත් තීව්‍ර කරවන්නක්‌ බව මෙම තරගාවලිය පුරාවටම දැකගත හැකි සිදුවීමක්‌ බවට පත්විය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ජාත්‍යන්තරයේ එසේ කිඩ වෙද්දී එහි වගකීම සෘජුවම පැමිණෙන්නේ ඒ සඳහා වගකීමක්‌ ගෙන කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන පුහුණු අංශයටය.

පුහුණු අංශයට මෙන්ම එම වගකීමෙන් කොටසක්‌ තේරීම් කමිටුවද නිරායාසයෙන්ම හිමිවන්නේ ඒ සඳහා වන ක්‍රීඩකයන් නම් කිරීමේ අවසන් වගකීම සිදු කෙරෙන්නේ ඔවුන් නිසාවෙනි.

මේ සඳහා තේරීම් කමිටුව පැටලවීමට මා අදහස්‌ කළේ ඇයිද යන්න මෙම ලිපිය කියවාගෙන යැමේදි ඔබට අවබෝධ වනු ඇත.

වත්මන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ තිරය ඉදිරිපස එවන් අර්බුදකාරි තත්ත්වයක පවතිද්දී අනාගත ආයෝජනයන් යැයි සිතා දෙවැනි පෙල වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් දෙදෙනෙකු බීමත්ව ගොස්‌ zපිස්‌සු කෙළිනZ ලද පුවතක්‌ මාධ්‍ය හරහා වාර්තා වන්නේ මේ අතර තුරදීය.

මෙම ක්‍රීඩකයන් දෙපල නිසා නිසා අත්‍යවශ්‍යවම පවතින ශ්‍රී ලංකාවේ දෙවැනි පෙල කණ්‌ඩායමේ ශක්‌තිය මුලු මනින්ම වැනසීමේ තත්ත්වයකට මුහුණ පා තිබීම තිරය පිටුපසින් ඇසෙන අනුවේදනීය සත්‍යයක්‌ බවට පත්ව තිබේ.

ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කිත්රුවන් විතානගේ සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්‌වැල්ලගේ පුත් රමිත් රඹුක්‌වැල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාව වැනසීමේලා වූ කර්තව්‍යයේ ප්‍රධාන චරිතවලට පණ පොවනු ඇත.

සිද්ධිය සැකෙවින් මෙසේය. ඉදිරියේදී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා වන කණ්‌ඩායමට කිත්රුවන් සහ රමිත්ගේ නම් ඇතුලත් කිරීමට තේරීම් කමිටු නිලධාරීහු ඉකුත්දා පියවර ගත්හ.

එම තරගාවලිය ඉලක්‌ක කරගනිමින් සිදුකරනු ලබන පුහුණුවීම්වලට කිත්රුවන්ගේ සහභාගිත්වය නොමැති වුණු අතර උණ රෝගයකින් පෙලීම නිසා එසේ පුහුණුවීම්වලට සහභාගිවීමේ අවස්‌ථාව තමන්ට නොමැති බවට හෙතෙම ක්‍රිකට්‌ ආයතනය දැනුම් දී තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධි රාත්‍රී සමාජ ශාලාවකදී දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ ඇතිවී තිඛෙන බවත්, එම ගැටුමට මැදිවූ එක්‌ පාර්ශ්වයක්‌ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට සම්බන්ධ ක්‍රීඩකයන් දෙදෙනකු සිටින්නේය යන පුවතද මේ අතර කරලියට පැමිණියේය.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ මැදිහත්මක්‌ යැයි සඳහන් වීම නිසා මේ පිළිබඳව වූ පුවත උණුසුම් වන්නට වූ බැවින් මාධ්‍යයද ඒ ගැන වැඩි අවධානයක්‌ යොමු කරන්නට විය.

‍මෙම සිදුවීමට මූලාශ්‍ර සොයා යැමේදී කිත්රුවන්ගේ zඋණ විකාරයZ මෙම ගැටුමේ අතුරු ඵලයක්‌ ලෙස සොයාගත හැකිවි තිබේ.

සඳහන් වන ආකාරයට කිත්රුවන් එම ගැටුම ඇතිකරගෙන ඇත්තේ රමිත රඹුක්‌වැල්ල සමග බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේ මත්පැන් තොලගාමින් සිටියදීය.

මෙම සිද්ධිය අතරතුරදී හිසට වැදුණු පහරක්‌ නිසා කිත්රුවන් දැඩි ලෙස තුවාල ලබා තිඛෙන අතර රමිත් විසින් ඔහුව රෝහල් ගත කරනු ලැඛෙ තිබේ.

පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති කිත්රුවන් දින 2 ක කාලයකින් පසු රෝහලෙන් පිටව ගොස්‌ තිබේ.

කෙසේ වෙතත් ගුටි කෑමට ලක්‌වූ කිත්රුවන් රෝහලට ඇතුලත් කිරිමෙන් පසු රමිත් රඹුක්‌වැල්ල තවත් පිරිසක්‌ සමග යලිත් සිද්ධිය සිදුවූ වෝටර්ස්‌ එඡ් පරිශ්‍රය වෙත පැමිණ තිඛෙන බවද තවත් මාධ්‍යක්‌ විසින් කරුණු අනාවරණය කර සිටියේය.

කිත්රුවන් යනු එවකට පැවැති දේශීය තරගාවලිවලදී දක්‌ෂතා දක්‌වමින් ජාතික කණ්‌ඩායමට පැමිණීමට වරම් උදාකරගත් ක්‍රීඩකයකු වුවද රමිත් යනු වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තේරීම් කමිටු ධුරයේ කටයුතු කරන අවස්‌ථාවන්හිදී පමණක්‌ කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලබන ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි.

රමිත්ව ප්‍රථමයෙන්ම ජාතික කණ්‌ඩායමට ගෙන එන ලද්දේද ජයසූරිය මහතා මීට පෙර තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අවධියේදීය.

රමිත්ට වඩා දක්‌ෂතා දැක්‌වූ ක්‍රීඩකයන් කොතෙකුත් සිටියද සිය පියා සමග තිඛෙන හිතවත් කම හරහා රමිත්ට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ ලබා දීම එවකට මාධ්‍ය විසින් දැඩි ලෙස විවේචන එල්ල කරන ලද සිදුවීමක්‌ බවට පත්විය.

මෙහිදී zරමිත රඹුක්‌වැල්ල කණ්‌ඩායමට අහසින් පාත්වෙයිZ යන ශීර්ෂයෙන් වූ පුවතක්‌ zදිවයිනZ විසින් එවකට වාර්තා කර සිටියේය.

කෙසේ වෙතත් එසේ වරම් ලද රමිත් වැඩ බැරි zටාසන්Z කෙනෙකු බව ඔප්පු වීමට ගත වූයේ 2013 වසරේදී නවසීලන්ත කණ්‌ඩායම සමගින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති එකම එක විස්‌සයි/20 තරගය පමණි.

පන්දු යැවීමෙන් එක්‌ කඩුල්ලක්‌ පමණක්‌ දවාගත් රමිත්, පන්දු රැකීමට යැමේදී ආප්පයක්‌ බඳු (ක්‍රිකට්‌ ව්‍යාවහාරයේදි ආප්පයක්‌ යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ රැක ගැනීමට ඉතාම පහසු උඩපන්දු වේ) උඩ පන්දුවක්‌වත් රැක ගැනීමට නොහැකි ක්‍රීඩකයකු බවට පත්විය.

එම උඩ පන්දුව අත හැරීමත් සමග තරගය නැරඹීමට පැමිණි සියල්ලන්ගෙන් ලැබුණු හූ හ`ඩ නම් තවමත් රමිත්ගේ මෙන්ම ඔහුව කණ්‌ඩායමට ඇතුළත් කරන ලද සනත් ජයසූරිය මහතාගේ දෙසවන්වල රැඳී තිඛෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙය මොවුන් දෙදෙනාගේ හැසිරිම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්‌ ඇතිවූ පලමු අවස්‌ථාව නොවන්නේය.

මින් ඉහතදී මොවුන් දෙපළගේ නම් ඉදිරියෙන් විනය පිරිහී ගිය සිදුවීම් කීපයක්‌ම සටහන් වීම නිසා මෙම සටහන තැබීමට අදහස්‌ කළෙමු.

පුදුමය දනවන්නක්‌ බවට පත්වන්නේ මෙවන් අකටයුතුකම් දිගින් දිගටම සිදුකරමින් සිටියද මොවුන් දෙපල සුරතලුන් බවට පත් කරගනිමින් ඉදිරියට ගෙන ඒම සඳහා අවස්‌ථාව ලබාදීමය.

පසුගිය සමයේ දක්‌වන ලද දක්‌ෂතා සැලකිල්ලට ගැනීමේදී මේ දෙපළව ඒ කණ්‌ඩායමේ තබා සංවර්ධිත සංචිතයට හෝ බඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් දක්‌ෂතා දක්‌වා නැති බව ක්‍ෂේත්‍රයේ තතු දත් උදවිය දනිති.

එහෙත් වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා වන සනත් ජයසූරිය මහතා සහ මෙම ක්‍රීඩකයන් දෙපලගේ පියවරුන් අතර ඇති සමීප හිතවත්කම නිසා ඔහුගේ කාලසීමාවේදී මොවුන් කණ්‌ඩායමට පැමිණීම ප්‍රසිද්ධ රහසක්‌ බවටද පත්ව තිබේ.

මෙම ලිපියේ පූර්විකාවෙහි පුහුණු අංශයට මෙන්ම එම වගකීමෙන් කොටසක්‌ තේරීම් කමිටුවද නිරායාසයෙන්ම හිමිවන බව සටහන් කරන ලද්දේද තේරීම් කමිටුව විසින් මෙම ක්‍රීඩකයන්ව කණ්‌ඩායමට නම් කිරීම සඳහා ලබා දෙන බෝනස්‌ අවස්‌ථා නිසාය.

එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන උප භාණ්‌ඩාගාරිකවරයා ලෙස කටයුතු කරන්නේ රමිත් රඹුක්‌වැල්ලගේ බාප්පා වන ලලිත් රඹුක්‌වැල්ල වීමද කණ්‌ඩායමට පැමිණීමේදී රමිත්ට ආභරණයක්‌ බඳු තත්ත්වයකි.

මෙහි කතා නායකයා බවට පත්ව සිටින කිත්රුවන් විතානගේ යනු ගාල්ලේදී පැවැති ටෙස්‌ට්‌ තරගයක්‌ අතරතුරදී නවාතැන් ගෙන සිටි හෝටලයෙන් අතුරුදහන්ව ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන ලේකම්වරියක්‌ සමග රැය පහන් කිරීමේ චෝදනා ඔප්පු වීම මත දඩුවම් ලැබූ ක්‍රීඩකයෙකි.

මේ කිත්රුවන් ගේ වැඩ පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇති එක්‌ සිදුවීමක්‌ පමණි.

අනෙක්‌ චූදිතයා බවට පත්ව සිටින රමිත් රඹුක්‌වැල්ල ද කිත්රුවන් මෙන්ම නරක වැඩ සඳහා හොඳ අතීතයකට හිමිකම් කියන්නෙකි.

රමිත්ගේ එම අඳුරු අතීතාවර්ජනය පැමිණෙන්නේ හෙතෙම අවු. 19 න් පහළ ජාතික කණ්‌ඩායම නියෝජනය කරන අවදියේ පටන්ය.

මෙහිදී රුසියානු කාන්තාවක්‌ තම කාමරයේ තබා ගැනීම රමිත්ට එල්ල වූ චෝදනාව වූ අතර එහිදී වරදකරුවීම මත ඔහුට කැකිල්ලේ රඡ්ජුරුවන්ගේ වන් අරුම පුදුම දඩුවමක්‌ ලබාදීමට එවකට එම පරීක්‌ෂණය මෙහෙයවන ලද පාසල් ක්‍රිකට්‌ සංගමය පියවර ගත්තේය.

එනම් වසරක්‌ බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර තර`ගාවලිවලට සහභාගිවීම තහනම් කිරීම යන සුන්දර ද`ඩුවම රමිත්ට ලබා දුන්නේය.

පාසල් ක්‍රිකට්‌ සංගමය කිසි දිනෙක ජාත්‍යන්තර තර`ගාවලියක්‌ සංවිධානය නොකරන්නේය.

එවන් තත්ත්වයක්‌ තිබියදි රමිත්ට ද`ඩුවමක්‌ ලබාදෙන්නේ කෙසේද යන්න එම ද`ඩුවම ලබාදුන් පාසල් ක්‍රිකට්‌ බලධාරීන්ගේ එවකට මාධ්‍ය ප්‍රශ්න කර සිටියහ.

කෙසේ වෙතත් එම කැකිල්ලේ තීන්දුව ලබාදීමෙහිලා එවකට රමිත්ගේ පියාණන් ආණ්‌ඩුව ප්‍රබල අමාත්‍ය ධුරයක්‌ දැරීමද ඉවහල් වූ බව එවකට ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්විය.

රමිත්ගේ නම ඉදිරියෙන් සටහන් වන අනෙක්‌ අතීතාවර්ජනය එන්නේ අඩි 35,000 ක ඉහල අහසේ සිටියදීය.

ඒ ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම නියෝජනය කරමින් සිටියදී බටහිර ඉන්දීය කොදෙව් හි ග්‍රැනේඩා සිට ලන්ඩනය බලා පැමිණෙන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයකදීය.

මෙහිදී රමිත් වැසිකිලියේ දොර සහ යානයේ හදිසි පිවිසුම් දොරෙහි ඇති වෙනස කුමක්‌ද යන්න තරම් වටහා ගැනීමට නොහැකි තරම් අධික ලෙස බීමත්ව සිට ඇත.

මෙහිදී වැසිකිලියේ දොර වෙනුවට රමිත් විසින් යානයේ පිවිසුම් දොර විවෘත කිරීමට ගොස්‌ මහත් කලබගෑනියක්‌ ඇතිවීම එංගලන්ත මාධ්‍යයන්හි පවා වාර්තා වීය.

මෙහිදි පුතාගේ එම හැසිරීමට දඩුවම් ලබාදෙනු විනා ඔහුගේ ක්‍රියා කලාපය අනුමත කරමින් මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වා සිටි රමිත්ගේ පියා වන එවකට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා සඳහන් කර සිටියේ තම පුතා රාත්‍රී කාලයේදී නින්දෙන් ඇවිදින බවත්, යානය තුළදීද එසේ වන්නට ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තාවීමත් සමග ක්‍රිකට්‌ ආයතන බලධාරීන් කොන්ද කෙළින් තබාගනිමින් ඒ පිළිබඳව පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට තීරණය කිරීම පිලිබඳව අපට සංතෝෂ විය හැක.

මෙහි පළමු පරීක්‌ෂණය සඳහා ඉකුත් 14 වැනිදා විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කිත්රුවන්ට සහ රමිත්ට දන්වා තිබුණද එහිදී පැමිණ ඇත්තේ කිත්රුවන් පමණි.

අදාල පරීෂණය සඳහා පැමිණෙන ලෙස වූ දැනුම්දීමක්‌ තමාට නොලැබුණු බව කියමින් රමිත් මෙම අවස්‌ථාවට සහභාගිවීමෙන් වැලකී සිට ඇත.

සඳහන් වන ආකාරයට මෙම සිදුවීම ක්‍රිකට්‌ ආයතන විධායක සභාව දක්‌වා දුරදිග ගොස්‌ තිඛෙන අතර එහිදී ඇතැම් පිරිස්‌ සඳහන් කර සිටින්නේ මොවුන් දෙදෙනාට එරෙහිව හැකි උපරිම දඩුවම් ලබාදිය යුතු බවයි.

එහෙත් ඥාතිකමට සහ හිතවත්කම මත පදනම්ව මොවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපයට සුදුසු හුණු ගාමින් බේරාගැනීමේ උත්සාහයක නිරතව සිටිති.



Kitruvan's and ramita's true story