29 June, 2016

ගං පතුලේ සැගව ගිය අහිංසක පෙම

ආදරේ කරන තරුණ හිත්ය ගන්න සමහර තීරණ නිසා ජීවිතේ හුගක් දේවල් නැතිවෙනවා වගේම ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

ඒ වගේ ආදර කතාවක් නිසා ගත්ත ඉක්මන් තීරණයකින් ජීවිත දෙකක් අකාලයේ නැතිවුණු සිදුවීමක් අපිට අනුරාධපුර පැත්තෙන් අහන්න ලැබුණා.

අවුරුදු 21 ක් වුණු රුවන් කුමාර අනුරාධපුර බණ්ඩාරබුලන්කුලම වැව කිට්ටුව ජීවිත් වුණු තරුණයෙක්.

ඔහු අවුරුදු 19 ක්වුණු අයේෂා තුෂාරි බණ්ඩාර ජීවත් වුණේ මැදිරිගිරිය මහඅඹගස්වැව නාගරපුරයාය 12 පැත්තේ.

අයේෂා ඇගලුම් සේවයේ රැකියාවක නියැලෙද්දි රුවන් කුමාරත් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා.

කෙමෙන් කෙමෙන් දළුලා වැඩුණු ඔවුන්ගේ ආදරේ ටික දවසක් යනකොට එයාලගේ ගෙවල්වලට ආරංචි වෙලා.

ඒත් අයේෂාගේ ගෙදරින් රුවන් කුමාරට අකමැතිවුණු නිසා මේ දෙන්නා පැනලා යන්න තීරණය කරලා.

හරි නිවසක් නැති නිසාත් ස්ථිර රැකියාවක් නොමැති නිසාත් අයේෂාගේ ගෙදරින් ඔහුට අකමැති වුණා කියලයි අපිට දැනගන්න ලැබුණේ.

කොහොමහරි මේ දෙන්නා ගෙදරින් ඈත් වෙලා ජීවත් වෙන්න හැදුවට ගෙදරින් මේ අයව හොයාගෙන ඇවිත්.

අන්තිමට අයේෂාගේ මාමා කෙනෙක් ඇවිත් ඔවුන්ට පසුගිය දවසක පොරොන්දු වෙලා ගිහින් තියෙන්නේ අවශ්‍ය ලියකියවිලි ටික ලෑස්ති කරලා ඔවුන් දෙන්නගේ විවාහය සිදුකරන්නම් කියලයි.

ඒ අතරතුර ඊයේ මේ දෙන්නා අනුරාධපුර පැරණි නගරයට නුදුරු බණ්ඩාරකුලම වැවේ දිය නාන්න ගිහින්.

ඔවුන් දෙන්නා නාගෙන ගොඩට ආවත් ආයෙමත් මල් කඩන ඔරුවක නැගලා මේ දෙන්නා වැවේ රවුමක් යන්න පිටත් වෙලා.

වැව මැදදි එයාලා ගිය ඔරුව එකපාරටම පෙරලිලා. වැවේ එහා පැත්තේ සෙල්ලම් කරමින් හිටපු පොඩි ළමයි දෙන්නෙක් මේ සිද්ධිය දැක්කත් එයාලා හිතලා තියෙන්නේ ඔවුන් පීනගෙන ගොඩට එන්න ඇති කියලයි.

කොහොමහරි මේ අය ගැන ආරංචියක් නැතිවුණු තැන පොලිස් ජීවිතආරක්ෂකයිනුත් ගමේ අයත් එකතු වෙලා වැව පුරා ඔවුන්ව හෙව්වත් හොයාගන්න ලැබිලා තිබුණේ නෑ.

ආයෙමත් අද මේ අයව හොයන්න පටන් ගත්ත එයාලට අයේෂගෙත්, රුවන්කුමාරගෙත් සිරුරු හමුවෙලා තිබුණා.

ඉදිරියක් ගැන නොහිතා හැගීම්වලට වහල්වෙලා මේ වගේ හදිසි තීරණ නොගත්තනම් මේ විදිහට තරුණ ජීවිත දෙකක් නැතිවෙලා නොයන්න තිබුණා.













Innocent love hidden at the bottom of the river

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගං පතුලේ සැගව ගිය අහිංසක පෙම"

    Post a Comment