30 June, 2016

සුලේඛා ඇඳුම් මාරු කරන හැටි කොල්ලෙක් වීඩියෝ කරලා

නිමි ඇඳුම් අලෙවිසලක ඇඳුම් මාරු කරන කුටියක් තුළ ටෙලිනාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුමක් මාරු කරමින් සිටියදී රහසිගතව වීඩියෝගත කළ බවට සැකපිට දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි සේවකයකු ගල්කිස්ස අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.

දෙහිවල හිල් වීදියේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසලක සේවකයකු වන මොහොමඞ් නියාස් මොහොමඞ් රිස්වි නමැති සැකකරුවකු මෙලෙස ඇප මත මුදා හැරිණි.

ටෙලි නාට්‍ය නිළියක වන සුලේඛා ජයවර්ධන විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළිය මේ නිමි ඇඳුම් අලෙවිසලෙන් ඇඳුමක් තෝරාගෙන එය ඇඳ බැලීම සඳහා එහි තිබූ කුටියකට ගිය අවස්ථාවේ සැකකරු කුටියේ සිදුරකින් ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කරනු දැක ඒ බව පරිපාලනයට දන්වා පසුව සැකකරු පිළිබඳව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.



Guy have captured at Suleka at fit on room

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුලේඛා ඇඳුම් මාරු කරන හැටි කොල්ලෙක් වීඩියෝ කරලා"

    Post a Comment