30 June, 2016

අසම්මත ප්‍රේමයක් නිසා තාත්තාව මරාගත්ත දුව

1995 අවුරුද්දේ තරුණියක් අසම්මත ප්‍රේමයක පැටලිලා.

තමන්ගේ දරුවා දැන දැන ලොකු අමාරුවක වැටෙනවා දැකපු මේ තරුණියගේ තාත්තා මුල ඉඳලම මේ සම්බන්ධයට විරුද්ධ වුණා.

රාගල පැත්තේ පදිංචි වෙලා හිටපු බිසෝ කුමාරි  වික්‍රමසිංහ නමැති මෙම කාන්තාව විවාහක කෙනෙක් එයාගේ මේ සම්බන්ධයට තාත්තා දිගමට තමන්ගේ විරෝධය පළ කරලා.

අශෝක ලාල් නමැති මෙම විවාහක කාන්තාවගේ අනියම් සැමියා නිතරම එයාගේ ගෙදරට යන්න එන්න පටන් අරන් තමන්ගේ දරුවා පවුල් ජීවිතය විනාශ කරගන්න හදනවා දැකපු නිසයි තාත්තා මේ සම්බන්ධයට දිගටම විරුද්ධ වුණේ.

ඒ නිසා මේ කාන්තාව එයාගේ හොර සැමියා එක්ක අන්තිමට සමාවක් දෙන්න බැරි වරදක් කරන්න තීරණය කළා.

ඒ අනියම් සම්බන්ධයට විරුද්ධ වුණු තාත්තව විනාශ කරලා හරි තමන්ගේ අසම්මත ප්‍රේමය දිගටම කරගෙන යන්න.

1995 වසරේ ජනවාරි 26 වෙනිදා හොර සැමියා මේ කාන්තාවගේ පියාට පිහියෙන් ඇනලා ඝාතනය කළා.

බරපතල තුවාල ලබපු මේ පුද්ගලයා රෝහලේදී පොලිසියට කියලා තිබ්බේ.

දුවගේ අනියම් සැමියා විතරක් නෙමේ තමන්ගේ දුවත් තමන්ට පිහියෙන් ඇන්නා කියලයි.

තාත්තාව මරලා ඒ මරණේ සදාකාලික අභිරහසක් වෙයි කියලා හිතුවත් එයාලට වැරදුණා.

මේ සිද්ධිය වෙනකොට කාන්තාවගේ වයස අවුරුදු 28ක් මේ තරුණයාට වයස අවුරුදු 26යි.

පොලිසිය මේ තිත්ත කතාවේ හැමදේම සාක්ෂි ඇතිව සොයාගත්තා. අවුරුදු 21ක් තිස්සේ නඩු ඇහුණා.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කලා.

ඒ අනුව මේ දෙදෙනාටම මරණිය දණ්ඩනය නියම කළා.


Daughter murdered Dad because of Unconventional love

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අසම්මත ප්‍රේමයක් නිසා තාත්තාව මරාගත්ත දුව"

    Post a Comment