24 June, 2016

සුසන්තිකාගේ සැමියාට වැලිවේරියේ පස් පාගන්න එපාලු

- ධම්මිකට දැඩි අවවාද
- වැලිවේරිය යන්න බැහැ
- සුසන්තිකාගේ පදක්කමත් ඇගයේ

ඔලිම්පික්‌ ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට සෘජුව හෝ වක්‍රව යම් අවහිරතාවක්‌ සිදු කළහොත් අධිකරණයෙන් නියම කර ඇති ඇප අවලංගු කරන බව සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සැමියාට නියෝග කර තිඛෙනවා.

ඊයේ (23) ගම්පහ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ප්‍රධාන මහේස්‌ත්‍රාත් කාවින්ද්‍රා නානායක්‌කාර මෙනවිය මෙලෙස තරයේ අවවාද කර තිඛෙනවා.

සුසන්තිකා ජයසිංහ මහත්මියට ඇගේ සැමියා නිදහසේ සිටීමට ඉඩ ලබා නොදෙන බව ඊයේ උසාවිටය සඳහන් කරනු ලැබුවා.

ඒ සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ බර්නි අල්විස්‌ මහත්මිය විසින්.

නීතිඥ කරුණු දැක්‌වීමේදී විවෘත අධිකරණය ඇමතූ මහේස්‌ත්‍රාත්වරිය පැමිණිලිකාරිය ඔලිම්පික්‌ පදක්‌කමක්‌ මේ රටට ගෙනා කාන්තාවක්‌ බව අවධාරණය කර සිටියා.

මෙය පවුල් ප්‍රශ්නයක්‌ නිසා අනවශ්‍ය දේවල් අවශ්‍ය නොවන බවත් එහිදී සඳහන් කළා.

එමෙන්ම නැවතත් වැලිවේරිය ප්‍රදේශයට නොයන ලෙස ද සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සැමියාට මහේස්‌ත්‍රාත්වරිය විසින්ආ රක්ෂක නියෝගයක් පනවනු ලැබුවා.



Court strongly advised to Susanthika's husband

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුසන්තිකාගේ සැමියාට වැලිවේරියේ පස් පාගන්න එපාලු"

    Post a Comment