19 June, 2016

මහියංගනය දැරිය ඝාතනය කර ඇත්තේ ඥාතියෙක්

මහියංගනය රිදීමාලියද්ද මොරාන ගමේ පදිංචි වෙලා හිටිය මල්කි සඳමාලි පුංචි දැරියගේ මළසිරුර හම්බුණේ දිය පහරක් ළග තිබිලා.

අවුරුදු 9ක පුංචි සඳමාලිට වෙච්ච දේ ගැන පොලිසිය පුළුවන් උපරිම විදියට හොයන්න පටන් ගත්තා.

සිද්ධියෙන් පැය 24ක් යන්න ඉස්සෙල්ලා ඝාතකයා කොටු කර ගන්න පොලිසියේ උකුසු ඇසට හැකි වුණා.

මේ අපරාධකරුවා මොරාන ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්. ඈතින් පුංචි සඳමාලිට ඥාති වෙන කෙනෙක්.

සිද්ධිය වුණ පහුගිය සිකුරාදා ඉස්කෝලේ ඇරිලා ගෙදර එමින් හිටපු සඳමාලිව අතරමගදී මේ පුද්ගලයා පැහැරගෙන.

ඊටපස්සේ මේ පුද්ගලයා බාහිර ලිංගික අතවරයක් කරද්දී පුංචි දැරියට සිහිනැති වෙලා.

ඒ වෙලාවේ කලබල වුණු මෙයා දැරියව මේ වතුර පාර ගාවට ගෙනත් දාලා.

වෙච්ච හැමදේම මේ වෙනකොටත් මේ නරුමයා පොලිසිට පාපොච්චාරණය කරනවා.

සඳමාලිගේ අතුරුදන් වීම ආරංචි වුණ මොහොතේ ඉඳලම එයාව හොයාගන්න වැඩිපුරම මහන්සි වෙලා තියෙන්නේ මේ පුද්ගලයා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මහියනගනය මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය එතැනට ආපු වෙලාවේ එයා ඒ පරීක්ෂණවලටත් ගොඩක් උදව් කරලා‍.

මෙයාගේ හැසිරීම ගැන මුල ඉඳලම මහියංගණය පොලිසිය ඇහැ ගහගෙන හිටපු බව එයා දැනගෙන ඉඳලා නෑ.

ඔහු පිළිබඳව හොඳට නිරීක්ෂණය කරපු පොලිසිය එයාව අත්අඩංගුවට අරගෙන අද උදේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

තවත් හංගගෙන ඉඳලා වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත මේ පුද්ගලයා වෙච්ච හැමදේම පොලිසියට කිව්වා.




The girl was killed in the relative Mahiyanganaya

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහියංගනය දැරිය ඝාතනය කර ඇත්තේ ඥාතියෙක් "

    Post a Comment