20 June, 2016

වෝන් කෙල්ලෙක් එක්ක පාරේ අශෝභන ලෙස හැසිරිලා

ක්‍රිකට් ලෝකයේ සුපිරි තරුවක් විදිහට සැලකෙන ෂේන් වෝන් ගැන විවිධ සිද්ධි ඔස්සේ කතා ගොඩක් පහුගිය කාලේ පුරාම අහන්න දකින්න ලැබිලා තියෙනවා.

දරුවන් තුන්දෙනෙකුගේ පියෙකු වන ඔහු සිය බිරිඳගෙන් වෙන්වී ජීවත්වන්නේ 2013 වසරේ සිටයි.

ඇයගෙන් වෙන්වීමෙන් පසුව ඔහු වෙනත් පෙම්වතියක් සමග ජීවත් වෙමින් සිටියා.

අවුරුදු 46 ක් වන මේ සුපිරි තරුව පසුගිය සතියේ කරපු වැඩක් නිසා ආයෙමත් එක එක කතා පැතිරෙන්න පටන් අරන්.

ඒ නිසාම ෂේන් වෝන්ට ආදරේ කරන අයත් දැන් ඉන්නේ ලොකු කලකිරීමකින් කියලයි විදෙස් තොරතුරු වාර්තා කරන්නේ.

මේ දිනවල ලන්ඩන්වල ජීවිතය ගෙනියන ෂේන්වෝන් එයාගේ පෙම්වතිය සමග ලන්ඩන් නුවර මහ පාරේ සිගරට් එකක් අතේ තියාගෙන අශෝභන විදිහට හැසිරිලා.

පෙම්වතිය සමග ප්‍රසිද්ධියේම සිපගෙනත් තියෙනවා.

සුපිරි ක්‍රිකට් තරුවක් මෙහෙම හැසිරෙන එක ක්‍රිකට් ක්‍රීඩාවට කරන අපහාසයක් කියලා එංගලන්ත විචාරකයින් චෝදනා කරනවා.

මේ විදිහට ඔහු දිගින් දිගටම හැසිරුනොත් ICC එකේ ඔහුට තියෙන අවස්ථා සහ තනතුරු ඉවත් කිරීමේ ඉඩකඩ තියෙනවා කියාලා ඕස්ටේ්‍රලියාවේ ක්‍රිකට් ආයතනය වෝන්ට අනතුරු අගවලා.















Unacceptable behavior at the road of Shane Warne with Girlfriend

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෝන් කෙල්ලෙක් එක්ක පාරේ අශෝභන ලෙස හැසිරිලා"

    Post a Comment