19 June, 2016

කිත්රුවන්ග‍ගෙ සහ රමිතගෙ ගෝරියේ ඇත්ත කතාව

ගෙවී යන කාලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට නම් එතරම් හොඳ කාලයක්‌ නොවන බව අවසන් වරට ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගිවුණු තරගාවලි කිහිපය දෙස බැලීමේදී දැකගත හැකිවිය.

ඉකුත්දා අවසන් වුණු තරග 3 කින් සමන්විත එංගලන්ත ටෙස්‌ට්‌ තරගාවලිය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‌ෂතා පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයකි.

ක්‍රීඩකයන් තුළ වූ නොමේරූ දක්‌ෂතා සහ දිගිින් දිගටම ක්‍රීඩකයන් ආබාධවලට ලක්‌වීම එම සංචාරය අසාර්ථක්‌තවයට ප්‍රධාන සාධක බවට පත්විය.

එමෙන්ම ශක්‌තිමත් දෙවැනි පෙළක්‌ නොමැති වීම එම අසාර්ථක භාවය තවත් තීව්‍ර කරවන්නක්‌ බව මෙම තරගාවලිය පුරාවටම දැකගත හැකි සිදුවීමක්‌ බවට පත්විය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ජාත්‍යන්තරයේ එසේ කිඩ වෙද්දී එහි වගකීම සෘජුවම පැමිණෙන්නේ ඒ සඳහා වගකීමක්‌ ගෙන කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන පුහුණු අංශයටය.

පුහුණු අංශයට මෙන්ම එම වගකීමෙන් කොටසක්‌ තේරීම් කමිටුවද නිරායාසයෙන්ම හිමිවන්නේ ඒ සඳහා වන ක්‍රීඩකයන් නම් කිරීමේ අවසන් වගකීම සිදු කෙරෙන්නේ ඔවුන් නිසාවෙනි.

මේ සඳහා තේරීම් කමිටුව පැටලවීමට මා අදහස්‌ කළේ ඇයිද යන්න මෙම ලිපිය කියවාගෙන යැමේදි ඔබට අවබෝධ වනු ඇත.

වත්මන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ තිරය ඉදිරිපස එවන් අර්බුදකාරි තත්ත්වයක පවතිද්දී අනාගත ආයෝජනයන් යැයි සිතා දෙවැනි පෙල වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් දෙදෙනෙකු බීමත්ව ගොස්‌ zපිස්‌සු කෙළිනZ ලද පුවතක්‌ මාධ්‍ය හරහා වාර්තා වන්නේ මේ අතර තුරදීය.

මෙම ක්‍රීඩකයන් දෙපල නිසා නිසා අත්‍යවශ්‍යවම පවතින ශ්‍රී ලංකාවේ දෙවැනි පෙල කණ්‌ඩායමේ ශක්‌තිය මුලු මනින්ම වැනසීමේ තත්ත්වයකට මුහුණ පා තිබීම තිරය පිටුපසින් ඇසෙන අනුවේදනීය සත්‍යයක්‌ බවට පත්ව තිබේ.

ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කිත්රුවන් විතානගේ සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්‌වැල්ලගේ පුත් රමිත් රඹුක්‌වැල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාව වැනසීමේලා වූ කර්තව්‍යයේ ප්‍රධාන චරිතවලට පණ පොවනු ඇත.

සිද්ධිය සැකෙවින් මෙසේය. ඉදිරියේදී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා වන කණ්‌ඩායමට කිත්රුවන් සහ රමිත්ගේ නම් ඇතුලත් කිරීමට තේරීම් කමිටු නිලධාරීහු ඉකුත්දා පියවර ගත්හ.

එම තරගාවලිය ඉලක්‌ක කරගනිමින් සිදුකරනු ලබන පුහුණුවීම්වලට කිත්රුවන්ගේ සහභාගිත්වය නොමැති වුණු අතර උණ රෝගයකින් පෙලීම නිසා එසේ පුහුණුවීම්වලට සහභාගිවීමේ අවස්‌ථාව තමන්ට නොමැති බවට හෙතෙම ක්‍රිකට්‌ ආයතනය දැනුම් දී තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධි රාත්‍රී සමාජ ශාලාවකදී දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ ඇතිවී තිඛෙන බවත්, එම ගැටුමට මැදිවූ එක්‌ පාර්ශ්වයක්‌ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට සම්බන්ධ ක්‍රීඩකයන් දෙදෙනකු සිටින්නේය යන පුවතද මේ අතර කරලියට පැමිණියේය.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ මැදිහත්මක්‌ යැයි සඳහන් වීම නිසා මේ පිළිබඳව වූ පුවත උණුසුම් වන්නට වූ බැවින් මාධ්‍යයද ඒ ගැන වැඩි අවධානයක්‌ යොමු කරන්නට විය.

‍මෙම සිදුවීමට මූලාශ්‍ර සොයා යැමේදී කිත්රුවන්ගේ zඋණ විකාරයZ මෙම ගැටුමේ අතුරු ඵලයක්‌ ලෙස සොයාගත හැකිවි තිබේ.

සඳහන් වන ආකාරයට කිත්රුවන් එම ගැටුම ඇතිකරගෙන ඇත්තේ රමිත රඹුක්‌වැල්ල සමග බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේ මත්පැන් තොලගාමින් සිටියදීය.

මෙම සිද්ධිය අතරතුරදී හිසට වැදුණු පහරක්‌ නිසා කිත්රුවන් දැඩි ලෙස තුවාල ලබා තිඛෙන අතර රමිත් විසින් ඔහුව රෝහල් ගත කරනු ලැඛෙ තිබේ.

පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති කිත්රුවන් දින 2 ක කාලයකින් පසු රෝහලෙන් පිටව ගොස්‌ තිබේ.

කෙසේ වෙතත් ගුටි කෑමට ලක්‌වූ කිත්රුවන් රෝහලට ඇතුලත් කිරිමෙන් පසු රමිත් රඹුක්‌වැල්ල තවත් පිරිසක්‌ සමග යලිත් සිද්ධිය සිදුවූ වෝටර්ස්‌ එඡ් පරිශ්‍රය වෙත පැමිණ තිඛෙන බවද තවත් මාධ්‍යක්‌ විසින් කරුණු අනාවරණය කර සිටියේය.

කිත්රුවන් යනු එවකට පැවැති දේශීය තරගාවලිවලදී දක්‌ෂතා දක්‌වමින් ජාතික කණ්‌ඩායමට පැමිණීමට වරම් උදාකරගත් ක්‍රීඩකයකු වුවද රමිත් යනු වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තේරීම් කමිටු ධුරයේ කටයුතු කරන අවස්‌ථාවන්හිදී පමණක්‌ කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලබන ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි.

රමිත්ව ප්‍රථමයෙන්ම ජාතික කණ්‌ඩායමට ගෙන එන ලද්දේද ජයසූරිය මහතා මීට පෙර තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අවධියේදීය.

රමිත්ට වඩා දක්‌ෂතා දැක්‌වූ ක්‍රීඩකයන් කොතෙකුත් සිටියද සිය පියා සමග තිඛෙන හිතවත් කම හරහා රමිත්ට කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ ලබා දීම එවකට මාධ්‍ය විසින් දැඩි ලෙස විවේචන එල්ල කරන ලද සිදුවීමක්‌ බවට පත්විය.

මෙහිදී zරමිත රඹුක්‌වැල්ල කණ්‌ඩායමට අහසින් පාත්වෙයිZ යන ශීර්ෂයෙන් වූ පුවතක්‌ zදිවයිනZ විසින් එවකට වාර්තා කර සිටියේය.

කෙසේ වෙතත් එසේ වරම් ලද රමිත් වැඩ බැරි zටාසන්Z කෙනෙකු බව ඔප්පු වීමට ගත වූයේ 2013 වසරේදී නවසීලන්ත කණ්‌ඩායම සමගින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති එකම එක විස්‌සයි/20 තරගය පමණි.

පන්දු යැවීමෙන් එක්‌ කඩුල්ලක්‌ පමණක්‌ දවාගත් රමිත්, පන්දු රැකීමට යැමේදී ආප්පයක්‌ බඳු (ක්‍රිකට්‌ ව්‍යාවහාරයේදි ආප්පයක්‌ යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ රැක ගැනීමට ඉතාම පහසු උඩපන්දු වේ) උඩ පන්දුවක්‌වත් රැක ගැනීමට නොහැකි ක්‍රීඩකයකු බවට පත්විය.

එම උඩ පන්දුව අත හැරීමත් සමග තරගය නැරඹීමට පැමිණි සියල්ලන්ගෙන් ලැබුණු හූ හ`ඩ නම් තවමත් රමිත්ගේ මෙන්ම ඔහුව කණ්‌ඩායමට ඇතුළත් කරන ලද සනත් ජයසූරිය මහතාගේ දෙසවන්වල රැඳී තිඛෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙය මොවුන් දෙදෙනාගේ හැසිරිම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්‌ ඇතිවූ පලමු අවස්‌ථාව නොවන්නේය.

මින් ඉහතදී මොවුන් දෙපළගේ නම් ඉදිරියෙන් විනය පිරිහී ගිය සිදුවීම් කීපයක්‌ම සටහන් වීම නිසා මෙම සටහන තැබීමට අදහස්‌ කළෙමු.

පුදුමය දනවන්නක්‌ බවට පත්වන්නේ මෙවන් අකටයුතුකම් දිගින් දිගටම සිදුකරමින් සිටියද මොවුන් දෙපල සුරතලුන් බවට පත් කරගනිමින් ඉදිරියට ගෙන ඒම සඳහා අවස්‌ථාව ලබාදීමය.

පසුගිය සමයේ දක්‌වන ලද දක්‌ෂතා සැලකිල්ලට ගැනීමේදී මේ දෙපළව ඒ කණ්‌ඩායමේ තබා සංවර්ධිත සංචිතයට හෝ බඳවා ගැනීමට තරම් ප්‍රමාණවත් දක්‌ෂතා දක්‌වා නැති බව ක්‍ෂේත්‍රයේ තතු දත් උදවිය දනිති.

එහෙත් වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා වන සනත් ජයසූරිය මහතා සහ මෙම ක්‍රීඩකයන් දෙපලගේ පියවරුන් අතර ඇති සමීප හිතවත්කම නිසා ඔහුගේ කාලසීමාවේදී මොවුන් කණ්‌ඩායමට පැමිණීම ප්‍රසිද්ධ රහසක්‌ බවටද පත්ව තිබේ.

මෙම ලිපියේ පූර්විකාවෙහි පුහුණු අංශයට මෙන්ම එම වගකීමෙන් කොටසක්‌ තේරීම් කමිටුවද නිරායාසයෙන්ම හිමිවන බව සටහන් කරන ලද්දේද තේරීම් කමිටුව විසින් මෙම ක්‍රීඩකයන්ව කණ්‌ඩායමට නම් කිරීම සඳහා ලබා දෙන බෝනස්‌ අවස්‌ථා නිසාය.

එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන උප භාණ්‌ඩාගාරිකවරයා ලෙස කටයුතු කරන්නේ රමිත් රඹුක්‌වැල්ලගේ බාප්පා වන ලලිත් රඹුක්‌වැල්ල වීමද කණ්‌ඩායමට පැමිණීමේදී රමිත්ට ආභරණයක්‌ බඳු තත්ත්වයකි.

මෙහි කතා නායකයා බවට පත්ව සිටින කිත්රුවන් විතානගේ යනු ගාල්ලේදී පැවැති ටෙස්‌ට්‌ තරගයක්‌ අතරතුරදී නවාතැන් ගෙන සිටි හෝටලයෙන් අතුරුදහන්ව ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන ලේකම්වරියක්‌ සමග රැය පහන් කිරීමේ චෝදනා ඔප්පු වීම මත දඩුවම් ලැබූ ක්‍රීඩකයෙකි.

මේ කිත්රුවන් ගේ වැඩ පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව ඇති එක්‌ සිදුවීමක්‌ පමණි.

අනෙක්‌ චූදිතයා බවට පත්ව සිටින රමිත් රඹුක්‌වැල්ල ද කිත්රුවන් මෙන්ම නරක වැඩ සඳහා හොඳ අතීතයකට හිමිකම් කියන්නෙකි.

රමිත්ගේ එම අඳුරු අතීතාවර්ජනය පැමිණෙන්නේ හෙතෙම අවු. 19 න් පහළ ජාතික කණ්‌ඩායම නියෝජනය කරන අවදියේ පටන්ය.

මෙහිදී රුසියානු කාන්තාවක්‌ තම කාමරයේ තබා ගැනීම රමිත්ට එල්ල වූ චෝදනාව වූ අතර එහිදී වරදකරුවීම මත ඔහුට කැකිල්ලේ රඡ්ජුරුවන්ගේ වන් අරුම පුදුම දඩුවමක්‌ ලබාදීමට එවකට එම පරීක්‌ෂණය මෙහෙයවන ලද පාසල් ක්‍රිකට්‌ සංගමය පියවර ගත්තේය.

එනම් වසරක්‌ බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර තර`ගාවලිවලට සහභාගිවීම තහනම් කිරීම යන සුන්දර ද`ඩුවම රමිත්ට ලබා දුන්නේය.

පාසල් ක්‍රිකට්‌ සංගමය කිසි දිනෙක ජාත්‍යන්තර තර`ගාවලියක්‌ සංවිධානය නොකරන්නේය.

එවන් තත්ත්වයක්‌ තිබියදි රමිත්ට ද`ඩුවමක්‌ ලබාදෙන්නේ කෙසේද යන්න එම ද`ඩුවම ලබාදුන් පාසල් ක්‍රිකට්‌ බලධාරීන්ගේ එවකට මාධ්‍ය ප්‍රශ්න කර සිටියහ.

කෙසේ වෙතත් එම කැකිල්ලේ තීන්දුව ලබාදීමෙහිලා එවකට රමිත්ගේ පියාණන් ආණ්‌ඩුව ප්‍රබල අමාත්‍ය ධුරයක්‌ දැරීමද ඉවහල් වූ බව එවකට ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්විය.

රමිත්ගේ නම ඉදිරියෙන් සටහන් වන අනෙක්‌ අතීතාවර්ජනය එන්නේ අඩි 35,000 ක ඉහල අහසේ සිටියදීය.

ඒ ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම නියෝජනය කරමින් සිටියදී බටහිර ඉන්දීය කොදෙව් හි ග්‍රැනේඩා සිට ලන්ඩනය බලා පැමිණෙන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයකදීය.

මෙහිදී රමිත් වැසිකිලියේ දොර සහ යානයේ හදිසි පිවිසුම් දොරෙහි ඇති වෙනස කුමක්‌ද යන්න තරම් වටහා ගැනීමට නොහැකි තරම් අධික ලෙස බීමත්ව සිට ඇත.

මෙහිදී වැසිකිලියේ දොර වෙනුවට රමිත් විසින් යානයේ පිවිසුම් දොර විවෘත කිරීමට ගොස්‌ මහත් කලබගෑනියක්‌ ඇතිවීම එංගලන්ත මාධ්‍යයන්හි පවා වාර්තා වීය.

මෙහිදි පුතාගේ එම හැසිරීමට දඩුවම් ලබාදෙනු විනා ඔහුගේ ක්‍රියා කලාපය අනුමත කරමින් මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වා සිටි රමිත්ගේ පියා වන එවකට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්‌වැල්ල මහතා සඳහන් කර සිටියේ තම පුතා රාත්‍රී කාලයේදී නින්දෙන් ඇවිදින බවත්, යානය තුළදීද එසේ වන්නට ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තාවීමත් සමග ක්‍රිකට්‌ ආයතන බලධාරීන් කොන්ද කෙළින් තබාගනිමින් ඒ පිළිබඳව පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට තීරණය කිරීම පිලිබඳව අපට සංතෝෂ විය හැක.

මෙහි පළමු පරීක්‌ෂණය සඳහා ඉකුත් 14 වැනිදා විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කිත්රුවන්ට සහ රමිත්ට දන්වා තිබුණද එහිදී පැමිණ ඇත්තේ කිත්රුවන් පමණි.

අදාල පරීෂණය සඳහා පැමිණෙන ලෙස වූ දැනුම්දීමක්‌ තමාට නොලැබුණු බව කියමින් රමිත් මෙම අවස්‌ථාවට සහභාගිවීමෙන් වැලකී සිට ඇත.

සඳහන් වන ආකාරයට මෙම සිදුවීම ක්‍රිකට්‌ ආයතන විධායක සභාව දක්‌වා දුරදිග ගොස්‌ තිඛෙන අතර එහිදී ඇතැම් පිරිස්‌ සඳහන් කර සිටින්නේ මොවුන් දෙදෙනාට එරෙහිව හැකි උපරිම දඩුවම් ලබාදිය යුතු බවයි.

එහෙත් ඥාතිකමට සහ හිතවත්කම මත පදනම්ව මොවුන් දෙදෙනාගේ ක්‍රියා කලාපයට සුදුසු හුණු ගාමින් බේරාගැනීමේ උත්සාහයක නිරතව සිටිති.



Kitruvan's and ramita's true story

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කිත්රුවන්ග‍ගෙ සහ රමිතගෙ ගෝරියේ ඇත්ත කතාව"

    Post a Comment