21 June, 2016

නුවර ධර්මරාජය අධර්මයේ හැසිරෙයි

ශ්‍රී ලංකා අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශාන්ත ජෝෂප් විදුහල සහ ධර්මරාජ විදුහල අතර පසුගිය සෙනසුරාදා (18) මහනුවර බෝගම්බර පිටියේ දී පැවති තර`ගයේ ගැටුමට අමතරව ගුටිබැට හුවමාරුවක් ද සිදුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රීඩකයෙකු විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමයි.

එම අවස්ථාවේ ධර්මරාජ විදුහලේ ක්‍රීඩකයාගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් රතු කාඩ් පතක් නිකුත් කර තිබුණ ද එම තීරණයට අභියෝග කරමින් ඉන්පසු අවස්ථාවකදී ද පිටිය වෙත පැමිණ ඇති අදාළ ක්‍රීඩකයා ජෝෂප් විදුහලේ තවත් ක්‍රීඩකයෙකුට පහරදීම හේතුවෙන් දෙපාර්ශවයම පිටිය මැද ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන තිබේ.

ඒ අතරතුර තරගය නැරඹීමට පැමිණි පිරිසක් ද මෙයට මැදිහත් වී ඇති අතර ගැටුම හේතුවෙන් තුවාලලැබ ක්‍රීඩකයින් 02ක් රෝහල් ගත කිරීමට ද සිදුවී ඇත.





Dharmaraja rugby players attacked to Joseph players

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නුවර ධර්මරාජය අධර්මයේ හැසිරෙයි"

    Post a Comment