21 June, 2016

බම්බලපිටිය නගරය මැද ඉදිවන ගොඩනැගිල්ලේ අභිරහස

- කාගේත් ඇස්වසා කොටි 230ක ඉඩම් ගණුදෙනුවක්.
- බම්බලපිටිය නගරය මැදින් ඉහලට නැගෙන ගොඩනැගිල්ලේ අභිරහස.

බම්බලපිටිය නගරය මැද විශාල ඉඩමක් රු 2,300 000 000ක මුදලකට මිලදීගත් අය පිළිබද මේ වන විටත් කරුණු කාරණා කරලියට එමින් තිබේ.

අභිරහස් අන්දමින් ලහිලහියේ මේ ඉදිකරන්නේ කුමක්ද?

මෙ වැනි මහා පරිමාණ ගනුදෙනු සිදුවීම සාධාරන දැයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ සුවිසල් නිවසකදී ප්‍රබලයන් පිරිසක් මෑතකදී රහසේ කථා බහ කල බවද වාර්තාවෙයි.

ජීවන වියදම සමග නිරන්තර අරගලයක අපේ රටේ බොහෝ දෙනා නියැලෙද්දී කෝටි සිය ගණන් වල ඉඩම් ගනුදෙනු සමහර බලවතුන්ට සිල්ලර කාසි බවට පත්ව ඇත.

බම්බලපිටිය දුම්රිය පොළ පාරේ යුනිටි ප්ලාසා පිටුපස මැජෙස්ටික් සිටි ඉදිරිපිට ඇති මේ දැවැන්ත ඉඩම ඇත්තේ පොලිස් ස්ථානයටත් අතේ දුරෙනි.

දිවා රෑ දෙකේම බොහෝ යන්ත්ර සූත්ර හා බර වාහන ක්රියාත්මක වෙමින් එහි දැවැන්ත ඉදිකිරීමක් කලත් මේ කිසිවක් මහජනතාවට දැකගතනොහැකි බවත් වාර්තාවේ.

ලැබී ඇති තොරතුරු අනුව නවීන තාක්ෂනය උපයෝගී කරගනිමින් පිටස්තර කිසිවෙකුගේ සෙවනැල්ලක්වත් වැටෙන්නට නොදෙන තරමට දැඩි ආරක්ෂාවක් මෙම ස්ථානයට ලබාදී තිබීමත් සැකයට කරුණක් බවට පත්ව ඇත.



New Mystery building constructing at the Bambalapitiya city

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බම්බලපිටිය නගරය මැද ඉදිවන ගොඩනැගිල්ලේ අභිරහස"

    Post a Comment