24 June, 2016

ගෑණු ඉන්න ගෙවල් වලට රෑට පැනලා අමුතු සෙල්ලම්දාන හොරෙක්

- ගෑණු විතරක් ඉන්න තැන්වලට එනවලූ.
- ඉතිරි කෑමත් කනවලූ
- පොලිස් බල්ලොත් මිනිහව හොයනවා

මේ සිද්ධිය ආරංචි වෙන්නේ ගම්පොල පැත්තෙන්.

ගම්පොළ බෝවල හෙලසිරිගම හා අම්බුළුවාව ප්‍රදේශ තුළ රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළු වෙමින් ප්‍රදේශයේ සැරිසරන්නෙක් නිසා ඒ ගම්වාසීන් මහත් භීතියට පත්වෙලා තියෙනවා.

මේ වෙනකොට ඔහු ගැන පැමිණිලි 8ක් විතර පොලිසියට ලැබිලා තියෙනවලු.

මෙයා වැඩිපුරම යන්නේ කාන්තාවන් පමණක් ඉන්න නිවෙස්වලට කියලා තමයි ගම්වාසීන් කියන්නේ.

ඒ විදියට රෑට ඇතුළු වෙලා නිවෙස්වල ඇති ඉතුරු ආහාර කා දැමීම, ශීතකරණ තුළ ඇති මස්, මාළු, බිත්තර ආදිය රැගෙන යෑම වැනි අමුතු විදියේ වැඩ ටිකක් තමයිලු මෙයා කරනව කියන්නේ.

ටික දවසකට ඉසෙල්ලා අම්බුළුවාව ප්‍රදේශයේ වෙළෙඳසලකට ජනේලයෙන් ඇතුළුවීමට උත්සාහ කරලා

ඒ වෙලාවේ වෙළෙඳසල් හිමියා සතු තුවක්කුවෙන් බිය ගැන්වීමට ගත් උත්සාහය නිසා මෙයා කළුගලකින් වෙළෙඳසල් හිමියාට පහරදී පැනලා ගිහින්.

තවත් දවසක හෙලසිරිගම නිවාසවලට ඇතුළුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කඩුගන්නාව පොලිසිය නිල සුනඛයන්ද යොදා පරීක්ෂණ අරම්භ කරලා තියෙනවා.



Abnormal Thief ath Gampola

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෑණු ඉන්න ගෙවල් වලට රෑට පැනලා අමුතු සෙල්ලම්දාන හොරෙක්"

    Post a Comment