23 June, 2016

ගමක් කැළඹූ කොහොඹ ගසක්

- දියරය පැණි රසයි
- පොඩි තිත්කුත් තියනවා
- තනිකරම රා වගේ

කොහොඹ කියන්නේ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසක්.

මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයක්  වූවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.

කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවයි.

යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය.

ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා තිඛෙනවා ඒ පැත්තේ ගිය කොයි කාටත් දකින්න ලැඛෙනවා.

මෙහි ඵල (ගෙඩි) සහ බීජ (ඇට) කොහොඹ තෙල් සෑදීම සඳහා යොදාගන්නවා.

කොහොම වුණත් දැන් අපි කියන්න යන්නේ මේ කොහොඹ ගසක් නිසා ගමක් කැළඹුණු කතාවක්.

මේ කොහොඹ ගහ තියෙන්නේ මීගමුව, දළුපොත, මන්ත්‍රීවත්ත, මාකස් පෙරේරා පමුමගේ තියෙන ගෙවත්තක.

මේ ගහ ගෙවත්තක තිබුණට ඔන්න දැන් රටක්ම කතා කරන්න පටන් අරගෙන මේ ගැන.

සිද්ධිය මේකයි පසුගිය ඉරිඳා සිට මේ කොහොඹ ගහේ කඬෙන් එක්තරා ශ්‍රාවයක් පිටවෙනවා.

සුදුපාටට පෙන දමමින් තමයි ශ්‍රාවය කොහොඹ ගසේ කඬෙන් පිටවෙනවා.

මේ නිසා මේ කොහොම ගහ බලන්න ගමේ මිනිස්සු මෙන්ම පිට ගම්වල මිනිස්සු එනවා කියල වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

පසුගිය ඉරිදා ඉඳලා මේ ශ්‍රාවය ගහෙන් පිට වෙන නිසා. ගමේ කට්ටිය මෙවා මුට්ටි වලට එකතු කරන්නත් පටන් අරගෙන.

දැන් මුට්ටි ගොඩක් එකතු කරලා තියෙනවාලු.

වැඩේ කියනනේ ඔන්න දැන් ගමේ කට්ටිය මුට්ටිවල මේ එකතු කරලා තියෙන ශ්‍රාවය බොන්න පටන් අරගෙන.

කිසිම අවුලක් නැහැලු. පැණි රසයිලු. ටිකක් විතර තිත්ත තියෙනවාලු. කොහොම වුණත් වැඩි වශයෙන් මේක පැණි රසයිලු.

කොහොඹ ගමෙන් ශ්‍රාවය පිට වන අයුරු සහ එම ශ්‍රාවය ගම් වාසීන් විසින් පානය කරන අයුරු මෙන්ම මෙහි විද්‍යාත්මක හේතුව පැහැදිළි කරදෙන කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන මාලා අමරසිංහ මහත්මියගේ පැහැදිලි කිරීමත් පහත වීඩියෝවෙන් බලන්න.





Abnormal 'Neem' tree

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගමක් කැළඹූ කොහොඹ ගසක්"

    Post a Comment