23 June, 2016

දවස් 3ක් නරක් වුණු කෑම - වතුර වල පණුවෝ

- දරුවෝ 6 දෙනෙක් ඉන්නවා.
- හැමෝම ඇති හැකි අය
- අම්මා තට්ට තනියම පාලූ ගෙදරක

හැමදේම අයින් කරන්න හිටියේ ගමේ කොල්ලෝ ටික විතරයි

අම්මා කෙනෙකුගේ සෙනෙහස ආදරය ජීවිතේ ලස්සන කරන්න කොයිතරම්නම් ශක්තියක් වෙනවද කියන එක වචනවලින් කියන්න බැහැ.

දරුවන් හය දෙනෙක් මෙලොවට බිහිකරලා ඒ ජීවිත සාර්ථක කරපු අම්මා කෙනෙක් කවුරුවත්ම නැති පාලු නිවසක ජීවත් වෙන දුක්බර සිදුවීමක් ගැන රුවන්වැල්ල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.

රුවන්වැල්ල වහරක තියෙන මේ පාලු ගෙදර මේ අම්මා ජීවිත් වෙන්නේ ජීවිතේ ජයගත්තු දරුවන් හය දෙනෙක් මේ ගමේම ජීවත් වෙද්දි.

අවුරුදු 85 ක් වුණු ප්‍රේමවතී නම්වූ මේ අම්මා ගැන ආරංචි වෙලා රුවන්වැල්ල පොලිසිය එක්ක ගමේ කට්ටියකුත් එතනට ගියා.

ඒ යද්දි තනියම ජීවත්වුණු මේ අම්මා ඉන්න ගෙදර තිබිලා තියෙන්නේ දවස් තුනක් විතර පරණ වුණු කෑම.

බොන්න තිබුණු වතුරවල පණුවෝ.. පස්සේ පොලිසියේ අයත් ගමේ අයත් මේ අම්මට කන්න කෑම ටිකක් දීලා අම්මව පෙන්වන්න රෝහලකට අරගෙන ආවා.

සැප සම්පත් හැමදේම තිබුණත්  ඒ හැමදෙයක්ම තමන්ගේ දරුවන්ට දීලා අද මේ අම්මට ඉතිරි වෙලා තියෙන්නේ පාලු නිවසක ඉතිරිවුණු දරුවන් වෙනුවෙන් ජීවිතේ කැපකරපු මතකය විතරයි.

රුවන්වැල්ල පොලිසිය මේ අම්මවට අධිකරණයට ඉදිරිපත් කරලා වැඩිහිටි නිවාසයකට දාන්ක කටයුතු කරන්න සූදානම් වෙනවා.

අපමණ දුක් විදලා දරුවන් උස්මහත් කරපු මේ අම්මාව පාලු නිවසකට ගෙනත් දැම්මත් තම දරුවන් ගැන පුංචිම තරහක්වත් මේ අම්මගේ හිතේ නැත්තේ අම්මා කෙනෙක් දරුවන්ට වචනයකින්වත් වරදක් කරන්නේ නෑ කියන එක හැමෝටම තේරුම් කරමින්.



Sad story of Mother at Ruwanwella

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දවස් 3ක් නරක් වුණු කෑම - වතුර වල පණුවෝ"

    Post a Comment