29 June, 2016

නයි විසෙන් නැති වුණේ ඇගිල්ලෙන් කෑල්ලක් විතරයි

ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියකගේ කකුලට නාගයකු දෂ්ට කර තිබියදී ඇයගේ පාදය බෝතල් කැබැල්ලකට කැපී ඇතැයි සිතා දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ දිවි බේරා ගැනීමට සමත් වුණු වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වෙනවා.

මෙම නාගයා දැරියගේ වම් පාදයේ මාපට ඇගිල්ලට දෂ්ඨ කර ඇති අතර පසුව එයින් කොටසක් කපා ඉවත් කිරීම මගින් ඇයගේ ජීවිතය බේරාගෙන ඇත්තේ හදිසියේ සිදුකළ සැත්කමක් හේතුවෙන්.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මොරගොල්ලාගම ගෝනලාගම ලිපිනයේ පදිංචි සිව් හැවිරිදි ඒ. එම්. ශෂිණි විනෝද්‍යා රාජපක්ෂ නමැති දැරියක්.

ඇය පසුගිය 18 වනදා මිදු‍ලේ සෙල්ලම් කරමින් සිටියදී  එකවරම කෑ ගසමින් පැමිණ ඇත්තේ කකුලෙන් ලේ ගලමිනුයි.

මෙය දුටු නිවැසියන් බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි සිතා වත්තේ තිබූ ඖෂධීය පැළෑටියක කොළ වර්ග තලා ‍ලේ ගැලීම නතර කිරීමට උත්සාහ දරා ඇති නමුත් ඇය වේදනාවෙන් පසුවන නිසා පසුව රෝහලට ඇතුළත් කර ඇත්තේ ද බෝතල් කැබැල්ලකට කකුල කැපුණා යැයි පවසමින්.

කෙසේ නමුත් වෛද්‍ය රසික ගුණවර්ධන මහතා දැරියට සර්පයකු දෂ්ට කර ඇති බව නිගමනය කොට රෝහ‍ලේ ගිලන් රථයෙන් ඇය වහාම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇතිබුණා.

එලෙස ඇය රෝහලට යන අතරතුර නිවැසියන් දරුවා සෙල්ලම් කළ ප්‍රදේශය පරීක්ෂා කොට එහි තුඹසක සිටි නාගයකු දැක නාගයා මරා යළි රෝහල කරා පැමිණ තිඛෙනවා.

නාගයකු දෂ්ට කර ඇති බව දැනගත් වෛද්‍යවරයා ගිලන් රථයෙන් රැගෙන යන රෝගියාගේ තත්ත්වය විමසන විට ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසීමත් සමගම ගමන් මග වෙනස් කොට ඇය මහව දිසා රෝහලට ඇතුළත් කරන ලෙස හෙතෙම ඔවුනට උපදෙස් දී තිඛෙන්නේ ඒ අතර තුරයි.

එකී උපදෙස්වලට අනුව ඇය මහව දිසා රෝහලට ඇතුළත් කිරීමත් සමගම එහි වෛද්‍ය කපිල රත්නායක මහතා නාග විෂට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබා දෙමින් තවත් හෙදියන් දෙදෙනකුද රැගෙන දැරිය කැටුව එම ගිලන් රථයෙන්ම යළි කුරුණෑගල රෝහල බලා පිටත්ව ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරියක ගෙනෙනා බව ඔවුන් විසින් එම රෝහලට ද දැණුම් දී තිබුණා.

ඒ අනුව වහා දැරිය එම රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාගයා දෂ්ට කර ඇති මාපට ඇ`ගිල්‍ලේ ෙසෙල අප්‍රාණිකව තිබූ ප්‍රදේශයට ප්‍රතිකාර කිරීමේ අපහසුව නිසා ඇයගේ දිවි බේරා ගැනීම උදෙසා නිය‍පොත්ත ප්‍රදේශයෙන් කොටසක් කපා ඉවත් කිරීමට‍ කටයුතු කොට තිබුණා.

දින හයක් තිස්සේ එහි ප්‍රතිකාර ලැබූ දැරිය මේ වන විට තම නිවසට පැමිණ සිටිනවා.

මාපට ඇ`ගිල්‍ලේ කොටසක් කපා හෝ දැරිය බේරා ගැනීමට හැකි වීම වාසනාවක් බවයි දෙමාපියන් පවසන්නේ.

නිකවැව හා මහව රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේත්, කුරුණෑගල දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම ඉතා අගය කරන බවත් දැරියගේ මව වන රේණුකා කෝරළේගම මහත්මිය පවසනවා.



Lost only piece of finger due to the poisonous snake

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නයි විසෙන් නැති වුණේ ඇගිල්ලෙන් කෑල්ලක් විතරයි"

    Post a Comment