28 June, 2016

ස්කූටියෙන් ආපු අනංගයා කරපු වැඩේ

එය දුරකතන ඇමැතුමකින් ඇති කරගත් ප්‍රේමයකි.

පෙම්වතාගේ ආරාධනයෙන් පෙම්සුව විඳින්නට යන්නට අදාල තරුණිය නගරයට පැමිණියේ මහත් බලාපොරොත්තු ඇතිවය.

ස්කූටරයක නැගී පෙම්වතාද කී වේලාවටම තරුණිය සොයා පැමිණ තරුණියගේ අත් බෑගයද යතුරුපැදියේ ආරක්ෂිත කුටියට දමාගත්තද ගමනට බාධාවක් විය.

ඒ පෙම්වතා සතුව හෙල්මට් දෙකක් නොතිබීමය.

'ඔයා ඔතනම ඉන්න මම යාළුවෙක්ගෙන් හෙල්මට් එකක් ඉල්ලගෙන එන්නම්' යැයි කියූ පෙම්වතා හෙල්මටයක් සොයා ගියේය.

වැඩි වේලවක් ගතවූයේ නැත. අමතර හෙල්මටයක් නොමැතිව ආ පෙම්වතා පෙම්වතියට පැවසූවේ කාර්යාලයෙන් හදිසියේම කැඳවූ බැවින් තම ආපසු යායුතු බවය.

පෙම් සුව විඳීම කල්දැමූ පෙම්වතා අත්බෑගයද පෙම්වතියට දී යන්නට ගියේය.

පෙම්වතාගේ තරම පෙම්වතියට අවබෝධ වූයේ අත්බෑගයේ වූ මුදල් සොයද්දීය. බෑගයේ තිබූ රුපියල් 6000ක මුදල පෙම්වතාද සමග අතුරුදන්ව තිබුණි.

ඇය තම පසුම්බියේ වූ මුදල් නොමැති වීම නිසා ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිලි කළාය.

එහෙත් සැකකරු කුමන ප්‍රදේශයක අයකුද යන්න ඇය දැනසිටියේ නැත.

එහෙත් ඇයට ලබාදී තිබූ දුරකතන ඇමැතුම් අංකයට අනුව සැකකරු සොයා ගැනීමට පොලිසිය සමත්විය.

ඔහු කරණවෑමියෙක් බව පොලිසියට අණාවරණය විය.

අනතුරුව තරුණියගෙන් සොරකම් කළ මුදල ඇයට නැවත ලබාදෙන ලෙස පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුට පවසා ඇතත් රුපියල් 6,000ක මුදලක් සොරකම් නොකළ බවත් එහි තිබී රුපියල් 1,000ක මුදලක් සොරාගත් බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවෙස පරීක්ෂා කර බලද්දී සොරාගත් බවට සැකකරන රුපියල් 6,000 මුදලින් රුපියල් 5,900ක් සගවා තිබියදී සොයාගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු දින දහයක බිලිඳකුගේ පියකු බවත් ඔහු මීට මාස හතරකට පමණ ඉහතදී විවාහ වී ඇති බවත් පොලිසිය පැවැසූ අතර ආදර සම්බන්ධතාව ඇති කරගත් තරුණිය වයස අවුරුදු 25ක් පමණ වන අවිවාහක තැනැත්තියකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමුකරනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.



Scooter boy

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ස්කූටියෙන් ආපු අනංගයා කරපු වැඩේ"

    Post a Comment