31 March, 2017

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?



දිනක්‍ෂි ගොඩක් කාර්යබහුලයි වගේ?

ඔව්. 'කවුරුන්ද නුඹ මගේ' ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙක තුනකම වැඩ.

වැඩ වැඩිපුර ලැබෙනවද? නැත්නම් දිනක්‍ෂි වැඩ වැඩිපුර කරනවද?

මම ඉතිං වෙනදා වගේම නිර්මාණවලට දායක වෙනවා. වැඩත් සාමාන්‍ය විදියට ලැබෙනවා.

දිනක්‍ෂිට දැන් විදෙස් ප්‍රසංගවලටත් ආරාධනා ජයයි වගේ නේද?

මම අවුරුද්දකට විදෙස් ප්‍රසංග දෙක තුනකට විතර යනවා. ඉතිං පසුගිය දවස්වල මම ඕස්ට්‍රේලියාවට ගියා ටෙලි තරු රැසක් ප්‍රසංගය වෙනුවෙන්. ක්ෂේත්‍රයේ තවත් හිතවතුන් කිහිපදෙනෙක්ම ඊට සහභාගි වුණා.

ඕස්ට්‍රේලියා ගිහින් දිනක්‍ෂි නටපු නැටිලි හරි හරියට මෙහෙත් ජනප්‍රිය වුණා.විශේෂයෙන්ම සාරංග එක්ක ඉදිරිපත් කරපු නර්තනය?

මම ඒ ප්‍රසංගයේදී සාරංග අයියා එක්ක වගේම විශ්ව අයියා, කාවිංග අයියා එක්කත් නර්තන අංග දෙකක් ඉදිරිපත් කළා. ඒ වගේම තනියමත් නර්තන අංග ඉදිරිපත් කළා. එක නර්තනයක් විතරක් විශේෂ වෙන්න බෑ. කොහොම වුණත් ඡායාරූපයක් බලලා කිසිම දෙයක් විනිශ්චය කරන්න බෑ.

ඕස්ට්‍රේලියානු සංචාරයේදී දිනක්‍ෂිගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොයි වගේද?

මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් මට කාලයක ඉඳන් මැසේජ් ආවා. ඕස්ට්‍රේලියාවට එන්න කියලා. මොකද මම වෙනත් රටවලට ගිහින් තිබ්බට ඕස්ට්‍රේලියාවට ගියේ පළමුවැනි වතාවට. ඔවුන්ගෙන් ලැබුණු ආදරය කියලා නිම කරන්න බෑ. පුදුම චියර් එකක් ලැබුණේ. තෑගි ගොඩකුත් මට ලැබුණා. ඔවුන්ගේ ආදරය ඒ විදියට ලැබෙද්දී පුදුම සතුටක් තියෙන්නේ.

ඒ කියන්නේ ලංකාවෙන් පිටට ගියත් දිනක්‍ෂිට ප්‍රේක්‍ෂක ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා නේද?

ඔව්. ලංකාවේ ඉන්න මගේ ප්‍රේක්‍ෂකයන්ගෙන් වගේම විදේශගතව ඉන්න මගේ ප්‍රේක්‍ෂකයන්ගෙනුත් එක වගේම ආදරයක් මට ලැබෙනවා.

ලංකාවට ආවට පස්සේ දිනක්‍ෂිගේ උපන් දිනේටත් සප්‍රයිස් ගොඩක් ලැබුණා කියලා ආරංචියි?

මට හිතාගන්න බෑ. උදේ ඉඳන්ම ගොඩක් අය මාව සප්‍රයිස් කළා. ප්‍රඩක්ෂන් ටීම්වල කට්ටියත් මාව සප්‍රයිස් කළා. ඒ විතරක් නෙවෙයි ගෙදර එද්දී පොඩි නංගි බර්ත්ඩේ පාටි එකක් ලෑස්ති කරලා. ක්ෂේත්‍රයේ අය ගොඩක් ඒ පාටියට ආවා.

ශනුද්‍රි පොඩි වුණාට ලොකු වැඩක් නේද ඔයාව සප්‍රයිස් කරන්න කරලා තියෙන්නේ?

ඔව්. ඇත්තටම මට ඒක හිතාගන්නවත් බැරි වුණා. අම්මා කිව්වා ගෙදරට කට්ටියක් එනවා. ඒ නිසා ඉක්මනට ගෙදර එන්න කියලා. නංගි වෙනදට මගෙන් සල්ලි ඉල්ලගෙන තමයි යන්නේ. එයා මේ වගේ දෙයක් කළාම මට පුදුමයි. අම්මයි තාත්තයි නංගියි එකතු වෙලා ක්ෂේත්‍රයේ හිතවතුන්ට පාටි එකට ආරාධනා කරලා තිබ්බා.

දිනක්‍ෂි සප්‍රයිස් කරපු විශේෂ කෙනෙක් නැද්ද?

තාම නැහැ. විසි එක්වැනි බර්ත්ඩේ එකේදී නම් එහෙම විශේෂ කෙනෙක් හිටියා. දැන් නැහැ.

එහෙම විශේෂ කෙනෙක් ජීවිතයට

එකතු කරගන්න බලාපොරොත්තුවක් නැද්ද?

තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. මට වැඩ වැඩියි. ඒ නිසා මට තව කෙනෙක් පරිස්සම් කරගන්න වෙලාවක් නැහැ.

දිනක්‍ෂි එක්ක එකට වැඩ කරන්න ගොඩක් රංගන ශිල්පීන් කැමැතියි. ඔයාටත් රංගනයේදී එකට වැඩ කරන්න විශේෂ වුණ රංගන ශිල්පීන් ඉන්නවද?

මට කවුරු එක්ක වුණත් රඟපාන්න ප්‍රශ්නයක් නැහැ. මාත් එක්ක රඟපාන්න තෝරගෙන ඉන්න කෙනා කවුද කියලා ඇහුවට ඒ කවුරුවත් ගන්න එපා කියලා මම කියන්නේ නෑ. අධ්‍යක්‍ෂවරයා නිෂ්පාදකවරයා තෝරලා දෙන කෙනා එක්ක මම රඟපානවා.

දිනක්‍ෂි ළඟින්ම ආශ්‍රය කරන රංගන ශිල්පීන් කවුද?

හැමෝම වගේ යාළුවෝ. මම කාවිංග අයියව ළඟින්ම ඇසුරු කරනවා. දුකට සැපට දෙකටම ඉන්න කෙනෙක් තමයි කාවිංග අයියා. මාධවත් මගේ හොඳ යාළුවෙක්. මේ හැමෝම මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ලා වගේ. මොකද එයාලා එක්ක ෆොටෝ එකක් ගත්ත ගමන් ගොඩක් අය හිතන්නේ ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. මම ඉතිං ඒ අයට ඕන දෙයක් කියන්න දීලා ඉන්නවා.

අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ නැද්ද?

අනුරුද්ධ ජයසිංහගේ 'මා' චිත්‍රපටයේ රූගත කිරීම් භාගයක් කරලා ඉවරයි. විශ්ම කියලා අලුත් චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. ඒකෙත් රූගත කිරීම් තව ටිකක් කරන්න තියෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ 

උපේක්ෂා මව් පදවියෙන් පස්සේ වේදිකාව දෙවනත් කළ පළමු නර්තනය

Upeksha Swarnamali

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ මෙරටේ හිටිය ජනප්‍රිය චරිතයක්. කොහොම හරි එයාගේ මව් පදවිය ලබන්න ඔන් නිසා රංගන ජීවිතයෙන් තාවකාලිකව සමුඅරගෙන හිටියා‍නේ.

ඔන්න දැන් උපේක්ෂා අම්ම කෙනෙක්. එයා මව් පදවිය ලැබුණට පස්සේ පළවෙනි වතාවට පසුගිය දවසක නර්තනයෙන් දායක වුණු ඉදිරිපත් කිරීමක වීඩියෝව නරඹන්න.



පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල තරුණයා (අත්හදා බැලීමෙන් වළකින්න)

Topless Man With phone-cheer girl-ajantina

පැය 24 තුල 83 වතාවක් ස්වයං වින්දනය කල ආජන්ටිනා ජාතික තරුණයෙකු ඒ සඳහා වූ ලෝක වාර්තාව පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හ්යුගෝ ලොපේස් නම් 22 හැවරිදි තරුණයා විසින් මෙලෙස ස්වයං වින්දනයේ යෙදී ඇත්තේ බ්‍රහස්පතින්දා උදෑසන 8 සිට සිකුරාදා උදෑසන 8 දක්වා කාලය තුලයි.

කෙසේ වුවත් මේ හේතුවෙන් ලොපේස් හට කිසිදු ශරීරාබාධයක් සිදුවී නැති බවටද තොරතුරු වාර්තා වනවා.

- සීමාවන් ඉක්මවා ස්වයං වින්දනයේ යෙදීම අනතුරුදායක බව වෛද්‍යවරුන්ගේ මතයයි. එය දීර්ඝකාලීන ශරීර ආබාධ පමණක් නොව මරණය පවා ඇති කල හැකියි. කරුණාකර අනතුරුදායක අත්හදා බැලීම් වලින් වළකින්න.

ගිනියම් රැයේ "චමත්කා" ජනයි - ප්‍රියයි එක්ක රුවන් ගේ මටල කිට්ටු වෙලා (Video)

Ruwan-Hettiarachchi-Mal-Song

රුවන් හෙට්ටිආරච්චි ගේ නවතම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා.

එම නම්කර ඇත්තේ "මල් (Mal)" ලෙසයි

රුවන්ගේ නවතම ගීත වීඩියෝවට ෆේස්බුක් හි ජනප්‍රිය තරු දෙකක් වන ජනයි - ප්‍රියයි දායක වී තිබීම විශේෂත්වයක්.

‘ගිනියම් රැය’ ගීත වීඩියෝවෙන් ජනප්‍රිය වුණු චමත්කා ලක්මිණි ද මෙ සඳහා එක් වී තිබෙනවා.

කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක (Photos)

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කළ මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමඟ කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විනි.

සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය,බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමඟ නර්තනය ඇතුලු තරඟ කිහිපයකින් උළෙල වර්ණවත් වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර මැති ඇමති වරුන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

එහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පැමිණ සිටි මැති ඇමති පිරිස හා කලාකරුවන් ඇතුළු ක්‍රීඩකයින් අතර කඹ ඇඳීමේ තරඟයක්ද සිදු කෙරිණි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන හා එහි අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වේතන්ත්‍රී යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක මඩුල්ල විසින් අවුරුදු උළෙල සංවිධානය කර තිබුණි. 

Artists ministers Tug-3

Artists ministers Tug-2

Artists ministers Tug-1

(මිරර්ආර්ට්ස්)

හෂිඅම්මා නිසා අමනාප වුණු ලෙලුම් පුතා වික්ටර් අප්පච්චි එක්ක එකම වේදීකාවේ

Victor-Lelum-Hashini

ලෙලුම් රත්නායක විසින් තම පියා මිය ගිය බවට දැමූ ෆේස්බුක් සටහනක් නිසා වික්ටර් රත්නායකයන් ගැන ආන්දෝලනාත්මක විදියට හැමතැනම කතාබහට ලක්වුණා.

ලෙලුම් මෙලෙස පැවසුවේ වික්ටර් රත්නායක මහතා දෙවන විවාහයක් කරගත් නිසා බවත් පසුව අනාවරණ වුණා.

මේ ගැන වික්ටර් රත්නායක වගේම ඔහුගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රාත් මාධ්‍යයට පිළිතුරු දී අවසන්.

අපි මේ කියන්න යන්නේ වික්ටර් රත්නායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් නම් නෙවෙයි.

පසුගිය දවසක නෙළුම් පොකුණ රඟහලේදී රෑ ඉර පාන ප්‍රසංගය පැවැත්වුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රසංගයට ආචාර්ය වික්ටර් රත්නායක සහ ඔහුගේ පුත් ලෙලුම් රත්නායකද සහභාගී වී සිටීමයි.

Victor-Lelum

 (වෙබ්ගොසිප්)

කොදෙව් පාකිස්ථානු තරඟය අතරතුර අනතුරකට ලක්වී අසාධ්‍ය වූ අහමඩ් ශේෂාඩ් රෝහලට

Ahmed Shehzad hospital-01

පාකිස්ථානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති විස්සයි විස්ස තරඟය අතරතුර පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් අනතුරකට පත්ව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ චඩ්වික් වෝල්ටන් ලකුණක් සඳහා දිව යන අවස්ථාවේ පන්දු රකිමින් සිටි අහමඩ් ෂෙෂාඩ්ගේ හැපීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පසුව ඒ මොහොතේ අසාධ්‍ය තත්වයක් පෙන්වූ ශේෂාඩ් ඇම්බියුලන්ස් රථයකින් රෝහල් ගත කිරීමට බළධාරීන් විසින් කටයුතු කෙරිණ.

කෙසේ වෙතත් රෝහල් ගතකර අහමඩ් ශේෂාඩ්ට කිසිදු ආබාධයක් නොමැති බව වෛද්‍යවරුන් පැවසීමත් සමග ශේෂාඩ් තරඟය නිම වීමටත් පෙර ක්‍රීඩාංගණය වෙත නැවත පැමිණියේය.

මෙම තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට පාකිස්ථානු කණ්ඩායම සමත් විය.

වීඩියෝව හා ඡායාරූප පහතින් නරඹන්න. (nethgossip)



Ahmed Shehzad hospital-02

Ahmed Shehzad hospital-03

Ahmed Shehzad hospital-04

Ahmed Shehzad hospital-05

හමුදා සැමියා පුහුණුවට ගිය අතර තවත් සෙබළෙක් ගෙදරට ගෙන්වා ගත් සෙබළියට මාමණ්ඩි කළ දේ

sex-couple

යුධ හමුදා සෙබළියක් අනියම් සැමියා සමග සිටියදි විවාහ වි සිටින ස්වාමියාගේ පියා සහ ගම්වාසින් එක්ව දෙදෙනා අල්ලා අරණායක පොලිසියට බාර දුන් සිද්ධියක් වාර්තා වනවා.

මෙලෙස අරණායක පොලිසියට බාර දි ඇත්තේ බෝයගන හමුදා කඳවුරේ සෙබළෙකු හා එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළියකුයි.

කටුගහ, උස්සාපිටිය ස්වාමියාගේ ලිපිනයේ පදිංචි වී සිටි ඇයට දරුවන් දෙදෙනෙකුද වන අතර දෙදෙනාම ගැහුණු දරුවන් බවයි වාර්තාවුණේ.

මොවුන් දෙදෙනාම බෝයගන හමුදා කඳවුරේ සේවය කරන අතර ස්වාමියා රාජකාරි පුහුණුවකට ගොස් සිටි අවස්ථාවක මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

උස්සාපිටිය පිහිටි ස්වාමියාගේ නිවසේ ස්වාමියාගේ මව හා පියා සමග දරුවන් දෙදෙනාද සහිතව ජිවත් වන ඇය ස්වාමියා පුහුණූවට ගොස් සිටින නිසා එම නිවසට තම අනියම් සැමියා ගෙන්වා ගෙන ඇති අතර එහිදි ස්වාමියාගේ පියා ඇතුලූ ගම්වාසින් එක්ව මෙ දෙදෙනා පොලිසියට බාර දී තිබෙනවා.

‍මෙම සෙබළියගේ සහෝදරයන් පැමිණ පැමිණිලි විභාග කරන තෙක් ඇයව ඔවුන්ගේ භාරයට රැගෙන ගිය බවද පොලිසිය පැවසුවා.

අරණායක පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.

30 March, 2017

තෙල් ගහන්න ආපු අම්මට දුව අමතක වී ගිය හැටි- CCTV දර්ශන

Mother-Forget-Daughter

තම දියණිය සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවට තම දියණිය අමතකවූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම කාන්තාව තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට ටික වෙලාවක් බල සිටීමෙන් අනතුරුවයි මෙලෙස තම දියණියද දමා යතුරුපැදියේ නැගී පිටව යන්නේ.

ඒ වැඩි වෙලාවක් ඉන්ධන ලබාගැනීමට බලාසිටීමට සිදුවීම හේතුවෙන්.

එම අවස්ථාවේ ඇය ස්ථානයට පැමිණි පසුව එම ස්ථානයට පැමිණෙන ත්‍රීරෝද රථයකට ඉන්ධන ලබාදීමත් සමඟ ඇය එක්වරම යතුරු පැදිය පනගන්වා ඉන්ධන පිරවුම්හලෙන් පිටව යනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ එම කාන්තාව ඉන්ධන පිරවුම්හල පසුකර මීටර් 300 ක් ගොස් ඇති අතර පසුව ඉන්ධන පිරවුම්හලේ සේවකයන් දිවගොස් දියණිය පිළිබඳව සැලකිරීමෙන් අනතුරුව ඇය දරුවාද රැගෙන ගොස් තිබෙනවා.

එම සිදුවීම ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.


ලෝකේ වටින්ම බුදු දහමට නැඹුරුවන්නන්ගේ පිරිස සීග්‍රයෙන් ඉහළ නගී (Photos)

tend to Buddhism

ලොව පුරා සිටින විවිධ ජාතින් බුද්ධ ධර්මය වෙත නැඹුරු වීමේ සිග‍්‍ර වර්ධනයක් ඇති වී ඇතැයි රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශී‍්‍ර අභිණවාරාමාධිපති ශ‍්‍රාස්ත‍්‍රපති කපුගම සරණ තිස්සහිමියන් පවසනවා.

ලොව අනෙකුත් ආගම් අතරින් ජිවමානව සිටි බවට සාක්‍ෂි ඇති පන්සල් , විහාර, බුදුන්ගේ ශරිරික ධාතුන් සියතින් දැක ගැනීමට හැක්කේ බුදුන් වහන්සේගේ වීම නිසා මේ වනවිට යුරෝපිය ජාතිකයින් බුදු දහම වැළදගැනීමේ වෙත නැඹුරූ වී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

එමෙන්ම මෙරට ඓතිහාසික ස්ථාන දැක බලා ගෙන වැද පුදා ගැනීමට එන පිරිස් නිතර දැකිය හැකි බවද උන්වහන්සේ පවසයි.

මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ කතරගම කිරි වෙහෙර වෙත පැමිණ ජර්මන් ජාතික බෞද්ධයින් පිරිසක් භාවනා යෝගීව සිටින අයුරුයි. (nethgossip)

මිනී දෙක මාරු වී හරිම ජංජාලයක්

dead-body

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් වෙනුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී රෝහල් සේවකයන්ගේ වැරදීමකින් වෙනත් කාන්තාවකගේ මළ සිරුරක් ඥාතීන්ට භාරදී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ මැදවච්චිය කිරිගල්ලැව මයිලගස්වැව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ සහ අනුරාධපුර විජේපුර අනුලා දේවි මාවතේ පදිංචිව සිටි වකුගඩු රෝගයෙන් මියගිය කාන්තාවගේ මළ සිරුරු මියගිය කාන්තාවන් දෙදෙනාගේ ඥාතීන් පැමිණ භාර ගන්නාතෙක් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබී ඇත.

මේ අතර තම බිරිය මියගිය බව දැනගැනීමට ලැබීමෙන් පසු අනුරාධපුර විජේපුර අනුලාදේවි මාවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සැමියා ඇතුළු ඥාතීන් කීපදෙනකු රෝහලට පැමිණ කළ ඉල්ලීමකට අනුව ඇගේ සායනික වාර්තා සහ රෝහලේ ඇඳ ඉහපත් වාර්තා මත පදනම්ව ඇගේ මරණය සම්බන්ධයෙන් එම මරණය පිළිබඳව සැකයක් නොපවතින බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වාම රෝහලේ වාට්ටුව භාර කාර්ය වෛද්‍ය නිලධාරියකුගේ නිර්දේශය මත මළ සිරුර බාර දීමට රෝහලේ මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබිණි.

එම අවස්ථාවේ මෘත ශරීරාගාරය තුළදී මළ සිරුර හඳුනාගෙන ඇති මිය ගිය කාන්තාවගේ සැමියා ඒ අනුව තම බිරියගේ සිරුර අනුරාධපුර නගරයේ මල් ශාලාවකට රැගෙන යෑමට කටයුතු කරන ලෙස මල් ශාලාවේ රියැදුරුට උපදෙස් දී ඔහු මල් ශාලාවට යෑමට පිටව ගොස් තිබේ.

ඉන් පැය දෙකකට පමණ පසු කාන්තාවගේ සිරුර එම්බාම් කොට ඇඳුම් අන්දවා මිනී පෙට්ටිය තුළ සිරුර තැන්පත් කිරීමෙන් පසු අඩුපාඩු ඇත්දැයි යන්න පරීක්ෂා කර බලා තමන්ට දැනුම්දෙන ලෙස මල් ශාලාවේ සේවකයකු මියගිය කාන්තාවගේ සැමියාට පවසා තිබේ. ඒ අනුව සිරුර අසලට ගොස් එය පරීක්ෂා කළ සැමියාට එලොව පොල් පෙනී ඇත.

ඒ සමඟම එම සිරුර තම බිරියගේ නොවන බව ඔහු ප්‍රකාශ කොට ඇත. එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ ඔහු මේ ගැන අනුරාධපුර ශික්ෂණ රෝහලේ පොලිසියේ නිලධාරීන් සහ මෘත ශරීරාගාරයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු නැවතත් එම මළ සිරුර රෝහල වෙත රැගෙන ගොස් හුවමාරු කර ගෙන තිබේ.

මේ අතර එම කාන්තාවගේ මළ සිරුර එම්බාම් කිරීම සඳහා වැයවූ මුදල ඇගේ සැමියාගෙන් අය කර මිනි පෙට්ටිය සහ ඇඳුම මල් ශාලාවේ සේවකයන් විසින් ඉවත් කරගෙන සිරුර පමණක් රෝහල වෙත භාරදීමට රැගෙන ගොස් ඇත. (අනුරාධපුර _ එරන්ද ශෂිප්‍රිය_මව්බිම)

සා. පෙළ ගණිතය අසමත් සිසුවියෝ 3 ක්‌ ඖෂධ පානය කර රෝහලේ

school girls sri lanka

ප්‍රතිඵල නිකුත් වූ අ. පො. ස (සා. පෙ) විභාගයේ ගණිතය අසමත්වූ ගම්පොල ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් තිදෙනකු අධික ලෙස ඖෂධ භාවිතා කිරීමෙන් ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත.

ගම්පොල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන් තිදෙනාගෙන් දෙදෙනකු එක්‌ පාසලක අධ්‍යාපනය ලබන අතර ඔවුහු මිතුරියෝද නොවෙති. මින් එක්‌ සිසුවියක වේදනා නාශක පෙති 40 ක්‌ පමණ පානය කර ඇති බවත් තවත් අයකු ඉන්හේලර් සඳහා භාවිතා කරන ඖෂධ කරල් අධික ලෙස පානය කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විභාගය අසමත් වීමෙන් දැඩි පීඩනයට පත් තමන්ට ජීවත්වීමද එපා වූ නිසා මෙසේ ඖෂධ භාවිත කළ බව මෙම සිසුවියන් පවසා ඇත. (ගම්පොල - සුරංග දිල්හාන්-දිවයින)

එකම පවුලේ අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතා අවසන් ගමන් යයි

love-couple

සිදු නොවිය යුත්තක් සිදුවෙලා..

එකම පවුලේ අයියා සහ නැගණිය විවාහවී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

මොවුන් කුඩා කාලයේ ඔවුන්ගේ පියා මව සහ දරුවන් අත්හැර දමා ගොස් තිබෙනවා.

එහිදී පවුලේ වැඩිමලා වූ මියගිය දරුවාගේ පියා ඔවුන්ගේ පියාගේ නැගණියගේ නිවසේ හැදීවැඩී ඇති අතර මියගිය දරුවාගේ මව වූ ඔහුගේ නැගණිය තම මව සමඟ සිට තිබෙනවා.

කලකට පසුව මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට රැකියාව සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම නවාතැන්ගෙන ඇත්තේ එකම නිවෙසකයි.

කෙසේ වෙතත් එහිදී ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී ඇති අතර අනතුරුව ඔවුන් විසින් දරුවෙකු බිහිකරනවා.

අනතුරුව කුඩා දරුවාට මාස 8ක් පමණ වනවිට දරුවාගේ පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබෙනවා.

පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි පසුගියදා මියගොස් ඇත්තේ.

මෙම දෙහැවිරිදි දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන් හා වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුව ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

දෙහැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එස් පී හෙට්ටිගමගේ මහතා පැවසුවේ මෙවැන්නක්.

කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එස් පී හෙට්ටිගමගේ මහතා

අයියා සහ නැගණිය ලෙස එක මවු කුස තුල ඉපිද අඹු සැමියන් ලෙස අසම්මත විවාහයක් සිදුකර ගැනීමට පොළඹවා ඇත්තේ සමාජයේ අසාධාරණ බලපෑම බව පැහැදිලි වනවා.

සිදු නොවිය යුත්තක් සිදුවෙලා. මේ අසම්මත අඹු සැමි යුවළ සම්පුර්ණයෙන් නිර්දෝෂී නොවුනත් ඒ දෙපලගේ බිලිඳු දරුවාගේ මරණයට ඔවුන්ට ඒ අසාධාරණ බලපෑම් කළ සමාජයද යම් තරමකට වගකිවයුතු වනවා.

‘අනුරාගිනි’ චිත්‍රපටයේ රඟපාන්නේ කතෝලික පියතුමකු නොවේ



නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිත අනුරාගිනි නමැති චිත්‍රපටයේ දැක්වෙන චරිතයට අදාළ දේවගැතිතුමා කතෝලික පියතුමකු නොවන බවත් රෝමානු කතෝලික සභාවේ සම්ප්‍රදාය තුළ පූජා ප්‍රසාදීන් වහන්සේලා විවාහ නොවන බවත් අගරදගුරු පදවි ජන සන්නිවේදනයේ අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලරක්තන පියතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. (මව්බිම)

සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්‍රසූතියක් – ඡායාරූප මෙන්න

childbirth-in-ambulance-01

1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියා.

ඒත් මේ වන විට එහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ 23 හැවිරිදි මවක් සිය තෙවැනි දරුවා බිහිකරේ මෙම 1990 ගිලන් රථයක් තුලදීයි.
දරු ප්‍රසූතිය සදහා ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය උපකාර කර තිබෙනවා.

දැනට 1990 ගිලන්රථ සේවය ගර්භනි මවුවරුන් 4 දෙනෙකුගේ දරු ප්‍රසූතීන් සිදු කර තිබෙන බවත් වාර්තා වනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන්රථ සේවය ලබාගැනීම වෙනුවෙන් දුරකථන අංක 1990 සමඟ ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ වීමෙන් නොමිලේ සේවය ලබාගැනීමට හැකියාව සලසා තිබෙනවා. 

childbirth-in-ambulance-02

childbirth-in-ambulance-03

childbirth-in-ambulance-04

(adaderana)

ලොව වැඩිම මුදලකට කන්‍යාභාවය විකිණූ තරුණියන් 10 දෙනා මෙන්න

Sexy Girl

මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑනේ. අපි මේ කියන්න යන්නේ සල්ලි නිසා කරපු අමුතුම ආකාරයේ වැඩක් ගැන. ඒ තමයි ලෝකයේ වැඩිම මිළකට තමන්ගේ කන්‍යාභාවය විකුණපු කාන්තාවන් ගැන.

ඉතින් මෙහෙම කන්‍යාභාවය විකුණපු කාන්තාවන් දස දෙනෙකු ගැන වාර්තා වෙනවා..

මේ ඔවුන් ගැන දැක්වෙන වීඩියෝවක්.

ප්‍රථම ප්‍රේමයට සමු දී පෙම්වතියට දුන් තෑගි භෝග ඉල්ලන්න ගිය පෙම්වතාට ගුටි පූජාවක්

beaten-gang

බොළඳ පාසල් ප්‍රේමයක් බිඳවැටුණු පසු ඒ ප්‍රේමය වෙනුවෙන් හුවමාරු වූ තෑගිභෝග ඉල්ලන්නට ගිය පෙම්වතකු ගුටි පූජාවකින් පසු රෝහල් ගතකර ඇති බව හලාවත පොලිසිය කියයි.

නගරයේ ප්‍රධානතම පාසලක 12 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන මෙම පාසල් පෙම්වතා මේ වන විට පසුවනුයේ 17 වැනි වියේය. ඔහු තම පන්තියේම අධ්‍යාපනය හදාරන සිසුවියක සිය ප්‍රථම ප්‍රේම කතාවේ පෙම්වතිය බවට පත් කරගෙන තිබිණි.

තරුණයා අතමිට සරු පවුලක අයකු වූ අතර ඔහු තම පෙම්වතිය වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව අත දිගහැර වියදම් කර ඇත. ඒ අතරතුරේ ඔහු ඇයට මිල මුදලින්ද ලොකු පරිත්‍යාග කර තිබිණි.

ඒ අතර ඔහුට එම පාසලේම වෙනත් සිසුවියකගේ රුව කෙරෙහි සිත ඇදී ගොස් තිබිණි. මේ නිසා තම පළමු පෙම්වතිය දෙස බැලීමටද ඔහුට කාලයක් නොවීය. එහෙත් අලුත් පෙම්වතිය සමඟ ගත කරන්න බොහෝ කාලයක් ඔහු සතුව තිබූ බව ඇයට දැනගත හැකි විය. තම පෙම්වතා තමන් මඟ හරිනුයේ ඔහුට අලුත් පෙම්වතියක ලැබුණ නිසා බව හෙළිකරගත් ඇය විදුහල් පරිශ්‍රය පුරා තම පෙම්වතාගේ නුගුණ ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබිණි.

ඇය තම චරිත ඝාතනය කර ඇති බව දැනගත් ඔහුට යක්ෂයා ආරූඪ විය. මේ නිසා ඔහු පාසල් බිමේදීම ඇය හමුවී ඇයට පරුෂ වචනයෙන් දෙස් දෙවොල් නඟමින් තමාගෙන් ගත් මිල මුදල් ඇතුළු තෑගි භාණ්ඩ ආපසු වහාම තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇත. දුන් දේ ආපසු ගන්න අවශ්‍ය නම් තම නිවෙසට සවස එන ලෙස ඇය ඔහුට පවසා ඇත.

ඒ අනුව සවස ඇගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය තම වැඩිහිටියන්ට අර ළමයාගෙන් කරදර යැයි කියා ඇති අතර එයින් කෝපයට පත් මවුපියන් ගෙදර ආ අමුත්තාට බඩ පිරෙන්න අතින් පයින් අපූරු සංග්‍රහයක් පිරිනමා ඇත.

පසුව ඔහු බොහෝම අමාරුවෙන් හලාවත රෝහලට ඇතුළත් වී සිද්ධිය පිළිබඳ හලාවත පොලිසියට පැමිණිල්ලක් කර රෝහලේ නැවතී ඇත. මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස් (මව්බිම)

ස්කෑන් කරන්න එන කතුන්ගේ දෑස් බැඳ නිරුවත වීඩියෝ කරන මහනුවර රෝහලක්!

lady nude video secretly

වකුගඩු රෝගයෙන් පෙළෙන හතළිස් හය හැවිරිදී මවක් ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමට මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේදී ස්කෑන් කාමරය තුළදී රෙදි කඩකින්දෑස් බැද ජංගම දුරකථනයකින් ඇගේ ශරීරයේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගතකළ එහි විකිරණ ශිල්පියෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් ඊයේ (29) අත් අඩංගුවට ගත්තා.

දෑස් බැද මද වේලාවක් ගතවන විට සැකසිතූ මෙම කාන්තාව දෑස් ලිහා බැලූ විට සිද්ධිය තහවුරු වී ඇති අතර එහිදී විකිරණ ශිල්පියා දිව ගොස් තිබේ. අදාල තැනැත්තා සමග කළ පොරබැදීමකදී තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට අතුළත් කර තිබෙනවා. අත් අඩංගුවට ගැණුනු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ එහි ඇති බවට පොලීසිය විසින් තහවුරු කරගෙන තිබෙනවා.

මෙයට අමතරව තවත් නිරුවත් වීඩියෝ හා ඡායාරූප එහි තිබී ඇත. සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සංඝරත්නයට ගරු කරළා විමල් කිරි බීලා - උපවාසය ඉවරයි

wimal weerawansa strike

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමට ගරු කරමින් මේ මොහොතේ කිරි වීදුරුවක් පානය කොට උපවාසය අත්හළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ අද දින පෙරවරුවේ විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කළ බවත්, උන්වහන්සේලා විසින් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටි බවයි.

මුතුහෙට්ටිගම එලවන්නැයි අගමැති කියයි

Nishantha Muthuhettigama-06

වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම කැබිනට් සම්ප්‍රදාය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් වහාම ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (28) කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධාරණය කර තිබේ.

වරාය විෂය බාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විදෙස් ගතව සිටි බැවින් වැඩබලන අමාත්‍යවරයා ලෙස පසුගිය සතියේ (21) කැබිනට් මණ්ඩලයට සහභාගිවූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඇතුලත් කොට සකසන ලද පත්‍රීකාවේ පිටපතක් ඊට පෙරදින විපක්ෂය වෙත ලබාදී ඇති බවට චෝදනා කරමින් අගමැතිවරයා එම අවධාරණය කර ඇත.

හම්බන්තොට වරාය ගිවිසුමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත්කල පෙත්සමට, මුතුගමහෙට්ටි මහතාගේ නිරීක්ෂණ වාර්තාව ද සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කර තිබිණ.

වැඩබලන ඇමතිවරයාගේ ක්‍රියා කලාපය හම්බන්තොට ගිවිසුම අත්සන් කිරීම පමා කොට රට ආර්ථික අර්බුදයකට ලක්කිරීමේ අදිසි හස්තයක කුමත්‍රණයක් විය හැකි බවට අගමැතිවරයා අනතුරු හඟවා තිබේ.

කෙසේවුවද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් ඉදිරිපත්කල වාර්තාව, අර්ජුන රණතුංග මහතා ඇතුළු වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් සකසනු ලැබුවක් බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

එහි පිටපතක් වාසුදේව නානායක්කාර මහතාට ලබාදී ඇත්තේද අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු විසින් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. (ශ්‍රීලංකන්මිරර්)

අසභ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ!



නිල් චිත්‍රපට ඇතුලත් වෙබ් අඩවි 857 ක් තහනම් කිරීමට හා ඒවා block කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගෙන තිබෙනවා.

එහෙත් තවමත් proxy ආධාරයෙන් මේ වා තුලට යාමට හැකියාව ඇති බවත් ඉදිරියේදී ඒවා සඳහාද ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දියානු සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක NN කාවුල් පවසනවා.






ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩක

Sando Haris

සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න යනවා කියලා ආරංචියි?

ඔව්. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ නම "කිංග් ඔෆ් දියවන්නාව". චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ කෙනෙක්. මිනිස්සු මැරුණට පස්සේ වෙන්නේ මොනවද කියන දේ තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. අනෙක් චරිත මම තෝරා ගත්තේ වර්ක් ෂොප් එකක් තියලා. ඒ පිරිස අලුත්ම පිරිසක්.

චිත්‍රපටයක් හදද්දී ජනප්‍රියම ශිල්පීන් සම්බන්ධ කර ගන්න රැල්ල ඇතුළේ, ඔබ ඇයි අලුත් පිරිසකට තැන දෙන්න හිතුවේ?

ජනප්‍රිය චරිත දැක්කොත් මේ ඉදිරිපත් කරන කතාව බිඳෙන්න පුළුවන්. වෙන රටවල අලුත් අයට තැන දෙනවා. ලංකාවේ තමයි අපි විතරයි ඉන්න ඕනේ කියලා එකම පිරිසක් රංගනයේ දකින්න ලැබෙන්නේ. මට වයස 70,80 සීමාවේ පිරිසකුත් චිත්‍රපටයට ඕන වෙලා තියෙනවා. රංගනයට දක්ෂතාවය තියෙන ඒ සීමාවේ පිරිසකුත් ලැබුණොත් මගේ චිත්‍රපටයට මම සම්බන්ධ කර ගන්නවා. අපි නවකයන්ට තැන දෙන්න ඕන.

ජනප්‍රිය චරිත නැතුව චිත්‍රපටය මාකට් කරගන්න පුළුවන් වෙයිද?

පිටපත හොඳ නම් ජනප්‍රියත්වය අවශ්‍ය වෙන්නේ නෑ. පිටපත හොඳ නැත්නම් තමයි ජනප්‍රිය නළු නිළියෝ අවශ්‍ය වෙන්නේ. මේක අලුත් පිරිසක් සම්බන්ධ කරගෙන ඉන්ටර්නැෂනල් මාකට් එකකට ගෙනියන්නත් හිතාගෙන හදන චිත්‍රපටයක්.

චිත්‍රපටයට සම්බන්ධ කරගන්න ජනප්‍රිය ගායකයාගෙන් හොඳ රංගන දායකත්වයක් ගන්න පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම ඔහු රංගනයට හොඳ දායකත්වයක් දෙයි. කොමඩි චිත්‍රපටයක් විදියට මේක හොඳ තත්ත්වයකට නිර්මාණය කරගන්න ඔහුගෙන් වගේම අනෙක් රංගන ශිල්පීන්ගෙනුත් හොඳ සහායක් ලැබෙයි.

හාස්‍යමය චිත්‍රපටයක් කරන්නේ විකුණන්න පහසු නිසාද?

සමහරු හිතනවා හාස්‍යමය චිත්‍රපටයක් කළොත් ඒක හොඳට දුවයි කියලා. ඒත් දෙපිට කැපෙන වචන දාලා බොරු හාස්‍යයක් මතු කරලා හාස්‍යමය කියලා චිත්‍රපට කළාට ඒ චිත්‍රපට මිනිස්සු බලන්නේ නෑ. මේ චිත්‍රපටයෙන් හාස්‍ය වගේම යම් පණිවුඩයක් දෙනවා. මොනවා හරි දෙයක් කරලා ඒක විකුණන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක රංගන ශිල්පීන් උඩ පැනගෙන දඟලන කොමඩියකුත් නෙමෙයි.

ඔබ රංගනයට එන්නේ සටන් නළුවෙක් විදියට. තාමත් ඒ සටන් නළුවගේ භූමිකාවට හොඳ තැනක් ලැබෙනවාද?

මම ක්ෂේත්‍රයට ඇවින් අවුරුදු විසි නවයක් වෙනවා. සටන් නළුවෙක් විදියට තමයි මම සිනමාවට ආවේ. ඊට පස්සේ මම සටන් අධ්‍යක්ෂණයටත් එකතු වුණා. ප්‍රථම සටන් අධ්‍යක්ෂණයට මට ආරාධනා කළේ පරාක්‍රම ජයසිංහ. ඒ "එක දා වැහි" චිත්‍රපටයට. පරාක්‍රම ජයසිංහගේ අලුත් චිත්‍රපටයටත් මම සම්බන්ධ වෙනවා. චිත්‍රපටවලට මට ඉල්ලුම තියෙනවා. චරිතයකට මාව සුදුසු නම් අධ්‍යක්ෂවරු මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නවා.

නිහාල් සිල්වාගෙන් පස්සේ ඔබ සාජන් නල්ලතම්බිව වේදිකාවට ගේනවා. තාමත් ඔබ වේදිකාවේ ඔහුව ජීවත් කරනවා නේද?

නිහාල් නැති වුණාට පස්සේ නල්ලතම්බිගේ චරිතය කාටවත් අයිති නැහැ. ඉතින් මම චෙරියෝ සාජන් කියලා මුලින්ම නාට්‍යයක් කළා. ඒක දර්ශන 1800ක් විතර පෙන්නුවා. ඊට පස්සේ සාජන්ගේ නැන්දම්මා නාට්‍ය පටන් ගත්තා. ඒකත් දර්ශන වාර අටසියයකට කිට්ටු වෙන්න ප්‍රදර්ශනය කළා. ඩොක්ටර් චිකාගෝ නාට්‍ය අවුරුදු තුනක් විතර එක දිගට කරගෙන ගියා. අලුතින්ම කළේ ට්‍රැෆික් සාජන් වේදිකා නාට්‍ය. ඒකත් අතිසාර්ථක ලෙස වේදිකාගත වෙනවා.

වෙනත් ශිල්පීනුත් සාජන් නල්ලතම්බිගේ චරිතය නිරූපණය කළා. ඔබ ඒ චරිතයට සාධාරණයක් කරනව කියලා හිතනවද?

සාජන් නල්ලතම්බිගේ චරිතය කිහිප දෙනෙක්ම අනුකරණය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම කෙනෙක්ට ඒක සාර්ථකව කරගන්න බැරි වුණා. චරිතයක් අනුකරණය කරන එක පහසු නැහැ. මම ඒක සාර්ථකව කළා.

වේදිකාව, සිනමාව එක්ක ඉන්න ඔබ පුංචි තිරයට සම්බන්ධ නොවන්නේ ඇයි?

ප්‍රතිපත්තියක් විදියට මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ. රියැලිටි ෂෝවලට යන්නෙත් නෑ. මිනිස්සු ටෙලි නාට්‍ය බලන්නේ චැනල් මාරු කර කර. ඒක මිනිසුන්ටත් කරදරයි. මටත් කරදරයි. ඒ නිසා අවුරුදු තුනකට සැරයක් හරි චිත්‍රපටයක් ලැබුණොත් තෝරා බේරා ගෙන එයට දායක වෙනවා.

ඔබ සාජන් නල්ලතම්බිව සංගීත ප්‍රසංග වේදිකාවටත් ගෙනියනවනේ. මේ දවස්වල සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ජය ඇති නේද?

ආරාධනා ජයයි. මේ මාසේ ඉඳන් මැයි වගේ වෙනකල්ම ප්‍රසංග තියෙනවා. මම සංගීත සන්දර්ශනවලට ගිහින් විනාඩි හතරක් පහක් විතර මිනිසුන්ව හිනා ගස්සලා ඉවර වෙලා තමයි මගේ ගීත ගායනා කරන්නේ. නටන්න පුළුවන් විදියේ ගීත මම ප්‍රසංග වේදිකාවේදී ගායනා කරනවා. මම පසුගිය අවුරුදුවල අලුත් අවුරුද්දට හිටියේ විදේශ රටවල. මේ සැරේ ලංකාවේ ඉඳන් ප්‍රසංගවලට සහභාගි වෙන්න හිතුවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?- 'For A Son' අද සිට ඉතාලියේ

For A Son-1

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක වාසය කරන සුනීතා කලකට පෙර ඉතාලියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික කාන්තාවකි.

ඇයගේ සාමාන්‍ය දින චාර්යාව වන්නේ ඇවිදීමට නොහැකි ඉතා මහලු ඉතාලි ජාතික කාන්තාවක් බලාගනිමින් කරන සිය රැකියාවත්, තම නිවසේ සිටින කෙමෙන් තරුන වියට පාතබන තම රටේ උපත ලද ,කලකට පසු ඉතාලියට සංක්‍රමණය වූ සිය පුත්‍රයා සමග ගත කිරීමත්ය.ඇයත් ඇගේ පුත්‍රයාත් අතර නිහඞවම යම් නොරුස්සනබවක් වැඩෙමින් පවතී.

තම ලමා කාලයේ සිය මව නැතිව හැදීවෑඩෙන මෙම දරුවා පසු කලකදී ඉතාලියට පැමින මුහුනපාන මානසික සහ සංස්කෘතික පෙරලිය සුනීතාට තේරුම් ගැනීමට අපහසුවන අතර ජීවත්වීමට මුදල් උපයාගැනීම සඳහා කිසිදාක ජීවත්වීමට නොසිතූ රටක වෙසෙන්නට සිදුවීම ගැන ඇය සිතින් පීඩා විඳීයි.

සිය පුත්‍රයාගේ අමුතු ආකාරයේ හැසිරීම නිසාඔහු විසින් උපන් රටේ හැදියාව සහ සංස්කෘතිය අමතක කරාවි යයි බියෙන් ඔහුව නිසිමගට ගැනීමට සුනීතා යම් යම් අයගෙන් උදව් උපකාර උපදෙස් පතයි.

ඔවුන් ඇයට උදව් කරන්නේ කුමක් සඳහාද? සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?......

සුරංග දේශප්‍රිය කටුගම්පළගේ ප්‍රථම සිනමා නිර්මාණය වන 'For a Son' (පුතෙකුට) චිත්‍රපටය අද සිට (30) ඉතාලිය පුරා සිනමා ශාලාවල තිරගත වේ.

පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් 'For a Son' සිනමා කෘතියට හිමි විය.

ඔහු අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන මෙම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර විය.  (මිරර්ආර්ට්ස්)

For A Son-2

"චූන්පාන්" අයියා හදි කළ දැරියව හෝටල් සේවකයින් දෙදෙනා මහ රෑ ගෙන්නගෙන

rape-harresments

දහතුන් හැවිරිදි ශිෂ්‍යාවක්‌ රවටා කැඳවාගෙන ගොස්‌ මීගමුව වෙරළ උද්‍යානයේ ජනශූන්‍ය ප්‍රදේශයකදී ඇය දූෂණයට ලක්‌ කළ බව කියන තරුණ "චූන් පාන්" වෙළෙන්දකු සහ පසුව ඇයව නවාතැන් පළකට කැඳවාගෙන ගොස්‌ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ 21 හැවිරිදි තරුණයන් දෙදෙනකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් 28 දා අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ පදිංචිකරුවකු වන මලිත ඉරේෂ් අමරසිංහ (21) සහ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ ගෙස්‌ට්‌ හවුසියේ සේවකයකු වනු බණ්‌ඩාරවෙල පදිංචි ඉසංක ප්‍රභාත් (18) නමැත්තන්ය. මෙම ශිෂ්‍යාව මහ රෑ නිවසින් අතුරුදන්වී ඇති බවට මීගමුව පොලිසියට ලද පැමිණිල්ලක්‌ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අනාවරණයවී ඇත්තේ මෙහි පැමිණිලිකාර 13 හැවිරිදි ශිෂ්‍යාව මීගමුව හියුගෝ මාවතේ පදිංචිකාරියකි. එම ප්‍රදේශයේ "චූන් පාන්" අලෙවි කිරීමට පැමිණි ප්‍රධාන සැකකරු ඇය සමඟ ව්‍යාජ හිතවත් කමක්‌ පා ඇයව ඇගේ දෙමාපියන්ට හොරා මීගමුව වෙරළ උද්‍යානයේ ජනශුන්‍ය ප්‍රදේශයකට ගෙන ගොස්‌ ඇයව දූෂණයට ලක්‌කර ඇත.

මේ බව හෙළිකරගත් මීගමුව පාක්‌ එක අසල නවාතැන් පළේ පදිංචි දෙවැනි සැකකරු වන හෝටල් සේවකයා ඇයට මහරෑ නිවසින් හොරා පැමිණෙන ලෙස දැනුම්දී ඇයව අසල පිහිටි ඔහු සේවය කරන නවාතැන් පළට කැඳවාගෙන ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ එම දැරියගේ දෙමාපියන්ට දියණිය මහරෑ නිවසේ නොමැති බව දැන මීගමුව පොලිසියට පැමිණිලි කොට ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම ශිෂ්‍යාව සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව එම දැරිය මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්‌ථාවේ එම ශිෂ්‍යාව දූෂණයට ලක්‌වූ අයෙකු බවත් එම අතවරය සිදුකරන ලද්දේ "චූන් පාන්" නමැති සැකකරු විසින් බවට අනාවරණය වී ඇත. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඩී. එම්. සිරිල්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ.පො.ප. ලක්‌මාලි, සැරයන් (34702) ඒකනායක යන පොලිස්‌ නිලධාරීහු විමර්ශන කටයුතු සිදුකළහ.

මීගමුව සමූහ - විමල් කීර්ති (දිවයින)

අහසේදී ගිනි ගැනීමකට ලක්‌වූ ගුවන්යානයේ සිටි මගීන් 141 කගේ දිවි ගැලවෙයි (Video)

Peru-plane-crash-sees-all-passengers-onboard-escape-safely

පීරු රාජ්‍යයේ බොයින් යානාවක්‌ අහසේදී ගිනි ගැනීමකට ලක්‌ වී විගස ගුවන් තොටුපළකට ගොඩ බැස්‌සීමෙන් එහි ගමන් කළ මගීන් 141 කගේ දිවි ගැළ වී ඇත.

මෙම යානාව ධාවන පථයට ගොඩබැස්‌සීමේදී ලිස්‌සා ගොස්‌ තිබේ. යානාව ගුවන් තොටුපලට ගොඩ බස්‌සන අවස්‌ථාවේ එය ගින්නෙන් වෙළී තිබිණි.
යානාවේ සිටි මගීන්ගේ දිවි ගැලවී ඇත්තේ නියමුවාගේ දක්‌ෂකම නිසා බව වාර්තාවේ.

මෙම ගිනි ගැනීමට මුල් වූ හේතුන් මෙතෙක්‌ හෙළි වී නැත.

පීරු ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ බොයින් 747 යානාව ධාවන පථයට ගොඩ බස්‌සන විටත් ගිනි ගනිමින් තිබූ බවයි. (දිවයින)

29 March, 2017

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේදී හමුවූයේ පිටසක්වල ජීවියෙක්ද..?

alien-creature-Sumatra-island

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ බන්ඩා ආචේ ප්‍රදේශයේදී කැමරාවක සටහන් වුණු කුඩා ප්‍රමාණයේ මිනිසෙකු පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ මිලියන 2කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

කැළයක් වැනි ප්‍රදේශයක තමන්ගේ යතුරුපැදි ධාවනය කළ පිරිසකට මෙම ප්‍රමාණයේ කුඩා මිනිසා හමුවී ඇති අතර මෝටර් බයිසිකල් දුටු විගස ඔහු වනාන්තරය වෙත දිවයන අයුරුද වීඩියෝව දැක්වෙනවා.

ඔහුගේ අතේ හෙල්ලයක් වැනි යමක්ද තිබෙන අතර ඇතැමුන් විශ්වාස කරන්නේ ඔහු පුරාවෘත්ත වල සඳහන් වන පරිදි කැලෑවන් වල ජීවත්වූ දුර්ලභ මිනිස් විශේෂයක් වන්නට ඇති බවයි.

යතුරුපැදිකරුවන් මෙම පුද්ගලයා පසුපස හඹා යනමුත් ඔහුව අල්ලාගන්නට නොහැකි වන අතර කැමරාවේ සටහන් වූ වීඩියෝව ඔවුන් අන්තර්ජාලයට එක්ක තිබුණේ මේ අයුරින්.
 

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

Monkey Phone Robber

ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

විසිහය හැවරදි බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව ඇතුළු විදේශ රටවල් කහිපයක තරුණියන් හෙද පාඨමාලාවන් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියන් ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව නවාතැන් ගෙන සිටින අනුරාධපුර ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයට ඇතුළුවී මේසය මත තිබු රුපියල් 50000ක් පමණ වටිනා නවින පන්නයේ ජංගම දුරකථනය රැගෙන පලා ගියබව සිදුකල පැමිණිල්ලේ සදහන් වෙයි. වදුරා බිය ගන්වා ජංගම දුරකථනය බේරා ගැනීමට උත්සහ කලත් එම උත්සාහය අසාර්ථක කරමින් වදුරා ගසින් ගසට පැන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

වදුරා පැහැරගත් ජංගම දුරකථනය නැවත තමාට ලබාදෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හෝ එය පැහැරගත් වදුරා හමු නොවු බව පොලිසිය පවසයි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය (ලක්බිම)

කෝලි බැණුම් අහයි

Virat Kohli-25

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඔස්ටේ්‍රලියා කණ්ඩායම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳ ඔස්ටේ්‍රලියා ජනමාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිඛෙනවා. ඔස්ටේ්‍රලියා මාධ්‍ය පවසන්නේ ඒවා ප්‍රකෝප වු පුද්ගලයෙකුගේ වැදගැම්මකට නැති කතා බවයි.

දෙරට අතර ටෙස්ට් තරගමාලාවේදී දෙපිලේම ක්‍රීඩකයින් අතර අවස්ථා කිහිපයකදී උණූසුම් වාද විවාද ඇතිවුනා.

ඉන් වඩාත් කතාබහට ලක් වු එක් කරුණක් වුයේ මුරලි විජේ සහ ඔස්ටේ්‍රලියා නායක ස්ටීවන් ස්මිත් අතර ඇති වු ආරවුලයි.

ක්‍රීඩා පිටියේ පතිත වු පන්දුවක් උඩපන්දුවක් බව පවසමින් මුරලි විජේ කළ ඉල්ලමක් ස්ටීවන් ස්මිත් ගේ දැඩි විවේචනයට ලක් වුණා. එම අවස්ථාවේ ස්ටීවන් ස්මිත් මුරලි විජේට අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබුණා. පසුව ස්ටීවන් ස්මිත් එ සම්බන්ධයෙන් කණගාටුව පළ කර සමාව අයැද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

එවැනි සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් විරාත් කෝලි ඔස්ටේ්‍රලියා කණ්ඩායම දැඩි විවේචනයට ලක් කර තිබුණා. ඔහු කියා සිටියේ මින් මතුවට ඔස්ටේ‍රලියා ක්‍රීඩකයින් තම මිතුරන් වශයෙන් සැලකීම පවා ගැටලු සහගත බවයි.

එහෙත් කෝලිගේ ප්‍රකාශ පරිනත නොවු පුද්ගලයෙකුගේ විවේචන බවයි ඔස්ටේ්‍රලියා මාධ්‍ය ආයතන බහුතරයක මතය වන්නේ. (newsradio)

බැරිම තැන වික්ටර් කට් එක කැපුවා - දැන්වත් කෑල්ලක් සෙට් වෙයි ද?

යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ වුන අතර ඊට එක්වන තරුණ තරුණියන් යොවුන් පුරය පැවැත්වෙන ත්‍රිකුණාමල මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයට පැමිණියේ බස්රථ වලින්.

එලෙස පැමිණෙන තරුණ තරුණියන් අතරමග පැමිණෙද්දී වික්ටර් රත්නායක ශුරින් සම්බන්ධ කරුණුද ඔවුන් පැමිණි බස් රථවල අලවා තිබුණා.

එම ඡායාරූප පහතින්.