31 March, 2017

කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක (Photos)

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කළ මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමඟ කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විනි.

සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය,බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමඟ නර්තනය ඇතුලු තරඟ කිහිපයකින් උළෙල වර්ණවත් වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වූ අතර මැති ඇමති වරුන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

එහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පැමිණ සිටි මැති ඇමති පිරිස හා කලාකරුවන් ඇතුළු ක්‍රීඩකයින් අතර කඹ ඇඳීමේ තරඟයක්ද සිදු කෙරිණි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන හා එහි අධ්‍යක්ෂ ජනරාල් තුසිර මැලැව්වේතන්ත්‍රී යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක මඩුල්ල විසින් අවුරුදු උළෙල සංවිධානය කර තිබුණි. 

Artists ministers Tug-3

Artists ministers Tug-2

Artists ministers Tug-1

(මිරර්ආර්ට්ස්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක (Photos)"

    Post a Comment