29 March, 2017

සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්

Monkey Phone Robber

ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක් වඳුරාට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

විසිහය හැවරදි බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව ඇතුළු විදේශ රටවල් කහිපයක තරුණියන් හෙද පාඨමාලාවන් හදරා ලංකාවට පැමිණ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියන් ලෙස පුහුණුව ලබන බව පොලිසිය කියයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාව නවාතැන් ගෙන සිටින අනුරාධපුර ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි නේවාසිකාගාරයට හිටි හැටියේම කඩා වැදුන වඳුරන් රැළක් අතර සිටි එක් වඳුරෙකු කාමරයට ඇතුළුවී මේසය මත තිබු රුපියල් 50000ක් පමණ වටිනා නවින පන්නයේ ජංගම දුරකථනය රැගෙන පලා ගියබව සිදුකල පැමිණිල්ලේ සදහන් වෙයි. වදුරා බිය ගන්වා ජංගම දුරකථනය බේරා ගැනීමට උත්සහ කලත් එම උත්සාහය අසාර්ථක කරමින් වදුරා ගසින් ගසට පැන පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

වදුරා පැහැරගත් ජංගම දුරකථනය නැවත තමාට ලබාදෙන ලෙස මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පොලිසියෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඇගේ ජංගම දුරකථනය හෝ එය පැහැරගත් වදුරා හමු නොවු බව පොලිසිය පවසයි.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය (ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුද්දිගේ කාමරයට රිංගු ෆෝන් හොරා ගසින් ගසට පැන ගිහින්"

    Post a Comment