29 March, 2017

කෝලි බැණුම් අහයි

Virat Kohli-25

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඔස්ටේ්‍රලියා කණ්ඩායම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ පිළිබඳ ඔස්ටේ්‍රලියා ජනමාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිඛෙනවා. ඔස්ටේ්‍රලියා මාධ්‍ය පවසන්නේ ඒවා ප්‍රකෝප වු පුද්ගලයෙකුගේ වැදගැම්මකට නැති කතා බවයි.

දෙරට අතර ටෙස්ට් තරගමාලාවේදී දෙපිලේම ක්‍රීඩකයින් අතර අවස්ථා කිහිපයකදී උණූසුම් වාද විවාද ඇතිවුනා.

ඉන් වඩාත් කතාබහට ලක් වු එක් කරුණක් වුයේ මුරලි විජේ සහ ඔස්ටේ්‍රලියා නායක ස්ටීවන් ස්මිත් අතර ඇති වු ආරවුලයි.

ක්‍රීඩා පිටියේ පතිත වු පන්දුවක් උඩපන්දුවක් බව පවසමින් මුරලි විජේ කළ ඉල්ලමක් ස්ටීවන් ස්මිත් ගේ දැඩි විවේචනයට ලක් වුණා. එම අවස්ථාවේ ස්ටීවන් ස්මිත් මුරලි විජේට අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබුණා. පසුව ස්ටීවන් ස්මිත් එ සම්බන්ධයෙන් කණගාටුව පළ කර සමාව අයැද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

එවැනි සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් විරාත් කෝලි ඔස්ටේ්‍රලියා කණ්ඩායම දැඩි විවේචනයට ලක් කර තිබුණා. ඔහු කියා සිටියේ මින් මතුවට ඔස්ටේ‍රලියා ක්‍රීඩකයින් තම මිතුරන් වශයෙන් සැලකීම පවා ගැටලු සහගත බවයි.

එහෙත් කෝලිගේ ප්‍රකාශ පරිනත නොවු පුද්ගලයෙකුගේ විවේචන බවයි ඔස්ටේ්‍රලියා මාධ්‍ය ආයතන බහුතරයක මතය වන්නේ. (newsradio)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෝලි බැණුම් අහයි"

    Post a Comment