30 March, 2017

සා. පෙළ ගණිතය අසමත් සිසුවියෝ 3 ක්‌ ඖෂධ පානය කර රෝහලේ

school girls sri lanka

ප්‍රතිඵල නිකුත් වූ අ. පො. ස (සා. පෙ) විභාගයේ ගණිතය අසමත්වූ ගම්පොල ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුවියන් තිදෙනකු අධික ලෙස ඖෂධ භාවිතා කිරීමෙන් ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත.

ගම්පොල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්
තිදෙනාගෙන් දෙදෙනකු එක්‌ පාසලක අධ්‍යාපනය ලබන අතර ඔවුහු මිතුරියෝද නොවෙති. මින් එක්‌ සිසුවියක වේදනා නාශක පෙති 40 ක්‌ පමණ පානය කර ඇති බවත් තවත් අයකු ඉන්හේලර් සඳහා භාවිතා කරන ඖෂධ කරල් අධික ලෙස පානය කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විභාගය අසමත් වීමෙන් දැඩි පීඩනයට පත් තමන්ට ජීවත්වීමද එපා වූ නිසා මෙසේ ඖෂධ භාවිත කළ බව මෙම සිසුවියන් පවසා ඇත. (ගම්පොල - සුරංග දිල්හාන්-දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සා. පෙළ ගණිතය අසමත් සිසුවියෝ 3 ක්‌ ඖෂධ පානය කර රෝහලේ"

    Post a Comment