30 March, 2017

තෙල් ගහන්න ආපු අම්මට දුව අමතක වී ගිය හැටි- CCTV දර්ශන

Mother-Forget-Daughter

තම දියණිය සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවට තම දියණිය අමතකවූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම කාන්තාව තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනීමට ටික වෙලාවක් බල සිටීමෙන් අනතුරුවයි මෙලෙස තම දියණියද දමා යතුරුපැදියේ නැගී පිටව යන්නේ.

ඒ වැඩි වෙලාවක් ඉන්ධන ලබාගැනීමට බලාසිටීමට සිදුවීම හේතුවෙන්.

එම අවස්ථාවේ ඇය ස්ථානයට පැමිණි පසුව එම ස්ථානයට පැමිණෙන ත්‍රීරෝද රථයකට ඉන්ධන ලබාදීමත් සමඟ ඇය එක්වරම යතුරු පැදිය පනගන්වා
ඉන්ධන පිරවුම්හලෙන් පිටව යනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ එම කාන්තාව ඉන්ධන පිරවුම්හල පසුකර මීටර් 300 ක් ගොස් ඇති අතර පසුව ඉන්ධන පිරවුම්හලේ සේවකයන් දිවගොස් දියණිය පිළිබඳව සැලකිරීමෙන් අනතුරුව ඇය දරුවාද රැගෙන ගොස් තිබෙනවා.

එම සිදුවීම ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තෙල් ගහන්න ආපු අම්මට දුව අමතක වී ගිය හැටි- CCTV දර්ශන"

    Post a Comment