31 March, 2017

හමුදා සැමියා පුහුණුවට ගිය අතර තවත් සෙබළෙක් ගෙදරට ගෙන්වා ගත් සෙබළියට මාමණ්ඩි කළ දේ

sex-couple

යුධ හමුදා සෙබළියක් අනියම් සැමියා සමග සිටියදි විවාහ වි සිටින ස්වාමියාගේ පියා සහ ගම්වාසින් එක්ව දෙදෙනා අල්ලා අරණායක පොලිසියට බාර දුන් සිද්ධියක් වාර්තා වනවා.

මෙලෙස අරණායක පොලිසියට බාර දි ඇත්තේ බෝයගන හමුදා කඳවුරේ සෙබළෙකු හා එම හමුදා කඳවුරේම සේවය කරන සෙබළියකුයි.

කටුගහ, උස්සාපිටිය ස්වාමියාගේ ලිපිනයේ පදිංචි වී සිටි ඇයට දරුවන් දෙදෙනෙකුද වන අතර දෙදෙනාම ගැහුණු දරුවන් බවයි වාර්තාවුණේ.

මොවුන් දෙදෙනාම බෝයගන හමුදා කඳවුරේ සේවය කරන අතර ස්වාමියා රාජකාරි පුහුණුවකට ගොස් සිටි අවස්ථාවක මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

උස්සාපිටිය පිහිටි ස්වාමියාගේ නිවසේ ස්වාමියාගේ මව හා පියා සමග දරුවන් දෙදෙනාද සහිතව ජිවත් වන ඇය ස්වාමියා පුහුණූවට ගොස් සිටින නිසා එම නිවසට තම අනියම් සැමියා ගෙන්වා ගෙන ඇති අතර එහිදි ස්වාමියාගේ පියා ඇතුලූ ගම්වාසින් එක්ව මෙ දෙදෙනා පොලිසියට බාර දී තිබෙනවා.

‍මෙම සෙබළියගේ සහෝදරයන් පැමිණ පැමිණිලි විභාග කරන තෙක් ඇයව ඔවුන්ගේ භාරයට රැගෙන ගිය බවද පොලිසිය පැවසුවා.

අරණායක පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හමුදා සැමියා පුහුණුවට ගිය අතර තවත් සෙබළෙක් ගෙදරට ගෙන්වා ගත් සෙබළියට මාමණ්ඩි කළ දේ"

    Post a Comment