31 March, 2017

කොදෙව් පාකිස්ථානු තරඟය අතරතුර අනතුරකට ලක්වී අසාධ්‍ය වූ අහමඩ් ශේෂාඩ් රෝහලට

Ahmed Shehzad hospital-01

පාකිස්ථානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති විස්සයි විස්ස තරඟය අතරතුර පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු අහමඩ් ශේෂාඩ් අනතුරකට පත්ව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ චඩ්වික් වෝල්ටන් ලකුණක් සඳහා දිව යන අවස්ථාවේ පන්දු රකිමින් සිටි අහමඩ් ෂෙෂාඩ්ගේ හැපීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පසුව ඒ මොහොතේ අසාධ්‍ය තත්වයක් පෙන්වූ ශේෂාඩ් ඇම්බියුලන්ස් රථයකින් රෝහල් ගත කිරීමට බළධාරීන් විසින් කටයුතු කෙරිණ.

කෙසේ වෙතත් රෝහල් ගතකර අහමඩ් ශේෂාඩ්ට කිසිදු ආබාධයක් නොමැති බව වෛද්‍යවරුන් පැවසීමත් සමග ශේෂාඩ් තරඟය නිම වීමටත් පෙර ක්‍රීඩාංගණය වෙත නැවත පැමිණියේය.

මෙම තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට පාකිස්ථානු කණ්ඩායම සමත් විය.

වීඩියෝව හා ඡායාරූප පහතින් නරඹන්න. (nethgossip)



Ahmed Shehzad hospital-02

Ahmed Shehzad hospital-03

Ahmed Shehzad hospital-04

Ahmed Shehzad hospital-05

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොදෙව් පාකිස්ථානු තරඟය අතරතුර අනතුරකට ලක්වී අසාධ්‍ය වූ අහමඩ් ශේෂාඩ් රෝහලට"

    Post a Comment