30 March, 2017

අහසේදී ගිනි ගැනීමකට ලක්‌වූ ගුවන්යානයේ සිටි මගීන් 141 කගේ දිවි ගැලවෙයි (Video)

Peru-plane-crash-sees-all-passengers-onboard-escape-safely

පීරු රාජ්‍යයේ බොයින් යානාවක්‌ අහසේදී ගිනි ගැනීමකට ලක්‌ වී විගස ගුවන් තොටුපළකට ගොඩ බැස්‌සීමෙන් එහි ගමන් කළ මගීන් 141 කගේ දිවි ගැළ වී ඇත.

මෙම යානාව ධාවන පථයට ගොඩබැස්‌සීමේදී ලිස්‌සා ගොස්‌ තිබේ. යානාව ගුවන් තොටුපලට ගොඩ බස්‌සන අවස්‌ථාවේ එය ගින්නෙන් වෙළී තිබිණි.
යානාවේ සිටි මගීන්ගේ දිවි ගැලවී ඇත්තේ නියමුවාගේ දක්‌ෂකම නිසා බව වාර්තාවේ.

මෙම ගිනි ගැනීමට මුල් වූ හේතුන් මෙතෙක්‌ හෙළි වී නැත.

පීරු ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ බොයින් 747 යානාව ධාවන පථයට ගොඩ බස්‌සන විටත් ගිනි ගනිමින් තිබූ බවයි. (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අහසේදී ගිනි ගැනීමකට ලක්‌වූ ගුවන්යානයේ සිටි මගීන් 141 කගේ දිවි ගැලවෙයි (Video)"

    Post a Comment