30 March, 2017

"චූන්පාන්" අයියා හදි කළ දැරියව හෝටල් සේවකයින් දෙදෙනා මහ රෑ ගෙන්නගෙන

rape-harresments

දහතුන් හැවිරිදි ශිෂ්‍යාවක්‌ රවටා කැඳවාගෙන ගොස්‌ මීගමුව වෙරළ උද්‍යානයේ ජනශූන්‍ය ප්‍රදේශයකදී ඇය දූෂණයට ලක්‌ කළ බව කියන තරුණ "චූන් පාන්" වෙළෙන්දකු සහ පසුව ඇයව නවාතැන් පළකට කැඳවාගෙන ගොස්‌ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ 21 හැවිරිදි තරුණයන් දෙදෙනකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් 28 දා අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ පදිංචිකරුවකු වන මලිත ඉරේෂ් අමරසිංහ (21) සහ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ ගෙස්‌ට්‌ හවුසියේ සේවකයකු වනු බණ්‌ඩාරවෙල පදිංචි ඉසංක ප්‍රභාත් (18) නමැත්තන්ය. මෙම ශිෂ්‍යාව මහ රෑ නිවසින් අතුරුදන්වී ඇති බවට මීගමුව පොලිසියට ලද පැමිණිල්ලක්‌ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අනාවරණයවී ඇත්තේ මෙහි පැමිණිලිකාර 13 හැවිරිදි ශිෂ්‍යාව මීගමුව හියුගෝ මාවතේ පදිංචිකාරියකි. එම ප්‍රදේශයේ "චූන් පාන්" අලෙවි කිරීමට පැමිණි ප්‍රධාන සැකකරු ඇය සමඟ ව්‍යාජ හිතවත් කමක්‌ පා ඇයව ඇගේ දෙමාපියන්ට හොරා මීගමුව වෙරළ උද්‍යානයේ ජනශුන්‍ය ප්‍රදේශයකට ගෙන ගොස්‌ ඇයව දූෂණයට ලක්‌කර ඇත.

මේ බව හෙළිකරගත් මීගමුව පාක්‌ එක අසල නවාතැන් පළේ පදිංචි දෙවැනි සැකකරු වන හෝටල් සේවකයා ඇයට මහරෑ නිවසින් හොරා පැමිණෙන ලෙස දැනුම්දී ඇයව අසල පිහිටි ඔහු සේවය කරන නවාතැන් පළට කැඳවාගෙන ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ එම දැරියගේ දෙමාපියන්ට දියණිය මහරෑ නිවසේ නොමැති බව දැන මීගමුව පොලිසියට පැමිණිලි කොට ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එම ශිෂ්‍යාව සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව එම දැරිය මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්‌ථාවේ එම ශිෂ්‍යාව දූෂණයට ලක්‌වූ අයෙකු බවත් එම අතවරය සිදුකරන ලද්දේ "චූන් පාන්" නමැති සැකකරු විසින් බවට අනාවරණය වී ඇත. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ආර්. ඩී. එම්. සිරිල්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ.පො.ප. ලක්‌මාලි, සැරයන් (34702) ඒකනායක යන පොලිස්‌ නිලධාරීහු විමර්ශන කටයුතු සිදුකළහ.

මීගමුව සමූහ - විමල් කීර්ති (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""චූන්පාන්" අයියා හදි කළ දැරියව හෝටල් සේවකයින් දෙදෙනා මහ රෑ ගෙන්නගෙන"

    Post a Comment