30 March, 2017

සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?- 'For A Son' අද සිට ඉතාලියේ

For A Son-1

ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක වාසය කරන සුනීතා කලකට පෙර ඉතාලියට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික කාන්තාවකි.

ඇයගේ සාමාන්‍ය දින චාර්යාව වන්නේ ඇවිදීමට නොහැකි ඉතා මහලු ඉතාලි ජාතික කාන්තාවක් බලාගනිමින් කරන සිය රැකියාවත්, තම නිවසේ සිටින කෙමෙන් තරුන වියට පාතබන තම රටේ උපත ලද ,කලකට පසු ඉතාලියට සංක්‍රමණය වූ සිය පුත්‍රයා සමග ගත කිරීමත්ය.ඇයත් ඇගේ පුත්‍රයාත් අතර නිහඞවම යම් නොරුස්සනබවක් වැඩෙමින් පවතී.

තම ලමා කාලයේ සිය මව නැතිව හැදීවෑඩෙන මෙම දරුවා පසු කලකදී ඉතාලියට පැමින මුහුනපාන මානසික සහ සංස්කෘතික පෙරලිය සුනීතාට තේරුම් ගැනීමට අපහසුවන අතර ජීවත්වීමට මුදල් උපයාගැනීම සඳහා කිසිදාක ජීවත්වීමට නොසිතූ රටක වෙසෙන්නට සිදුවීම ගැන ඇය සිතින් පීඩා විඳීයි.

සිය පුත්‍රයාගේ අමුතු ආකාරයේ හැසිරීම නිසාඔහු විසින් උපන් රටේ හැදියාව සහ සංස්කෘතිය අමතක කරාවි යයි බියෙන් ඔහුව නිසිමගට ගැනීමට සුනීතා යම් යම් අයගෙන් උදව් උපකාර උපදෙස් පතයි.

ඔවුන් ඇයට උදව් කරන්නේ කුමක් සඳහාද? සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?......

සුරංග දේශප්‍රිය කටුගම්පළගේ ප්‍රථම සිනමා නිර්මාණය වන 'For a Son' (පුතෙකුට) චිත්‍රපටය අද සිට (30) ඉතාලිය පුරා සිනමා ශාලාවල තිරගත වේ.

පසුගියදා නිමාවූ 52 වැනි පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි ඇගැයීමක් 'For a Son' සිනමා කෘතියට හිමි විය.

ඔහු අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම සිනමාපටය වන මෙම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගනයද 52 පෙසාරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ජූරියේ විශේෂ අවධානයට මෙන්ම ඇගයීමට පාත්‍ර විය.  (මිරර්ආර්ට්ස්)

For A Son-2

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුනීතාගේ උත්සාහය සාර්ථක වේද?- 'For A Son' අද සිට ඉතාලියේ"

    Post a Comment