30 March, 2017

සංඝරත්නයට ගරු කරළා විමල් කිරි බීලා - උපවාසය ඉවරයි

wimal weerawansa strike

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ උපවාසය අත්හරින ලෙස මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමට ගරු කරමින් මේ මොහොතේ කිරි වීදුරුවක් පානය කොට උපවාසය අත්හළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ අද දින පෙරවරුවේ විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කළ බවත්, උන්වහන්සේලා විසින් මෙම උපවාසය අත්හරින ලෙස ඉල්ලා සිටි බවයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංඝරත්නයට ගරු කරළා විමල් කිරි බීලා - උපවාසය ඉවරයි"

    Post a Comment