28 February, 2017

මැණිකේ ඔබේ සිනාවේ එක්ව ගයන මැණිකෙලා දෙදෙනා

menike-obe-sinawe-sanuri-janitha

Smule කියන්නේ ගායන හැකිවාවන් ඇති අයට එම හැකියාවන් ලොවට පෙන්වන්න තිබෙන සාර්ථක මාධ්‍යයක්.

මින් දෙතැනක සිටින දෙදෙනෙකුට එක්ව වුවුද ගායනා කළ හැකියි.

මේ පහතින් දැක්වෙන්නේ එළෙස තම හැකියාව පෙන්වමින් ඉතාමාත් මියුරු ලෙස ගීතයක් ගායනා කරන තරුණියන් දෙදෙනෙකුගේ වීඩියෝවක්.

දරුවා මුහුදේ ගසා යන විට පියා මගින් නවතියි ▬ මව පසු පසම යයි

දරුවෙකු මුහුදේ සෙල්ලම් කරමින් සිටිය දී මුහුද දෙසට ගසාගෙන ගිය ත්‍රාස්‍යජනක විඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.

කෙසේ වෙතත් නැවත දරුවා රැල්ලත් සමගම ගොඩබිම දෙසට පැමිණ ඇති අතර පසුව මෙම දරුවා බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

අදාළ වීඩියෝවේදී පියා මද දුරක් ගොස් ආපසු හැරී පැමිණෙන සැටිත් මව දරුවා පසුපසම යන ආකාරයත් හොඳින් දර්ශනය වනවා.

එම ක්‍රියා දෙකම ස්වභාවිකව සිදුවන ක්ෂණික තීරණ වන අතර අප කිසි විටෙක එහි කිරා මැනීමක් සිදු නොකරන නමුත් දෙමව්පියන් වශයෙන් මීට වඩා දරුවන් පිළිබඳ සැළකිලිවත් වීමෙන් මෙවන් අනතුරු වළකාගත හැකි බව නම් කිව හැකියි.

rescue-little-boy-from-drowning

සමයං මැරුවේ අංගොඩ ලොක්කාද..ගත්තේ ලඩියා, බාල්දි ප්‍රියන්තට වෙඩි තැබූ පළියද? වසර ගණනක පතාල ගැටුමක් ගැන තොරතුරු හෙළිවෙයි

කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය බලා ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස්‌ රථයකට උතුරු කළුතර මල්වත්ත හන්දියේදී රැක සිට එල්ල කළ ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයකු වන “සමයං” ඇතුළු හත්දෙනකු ඊයේ ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුද බරපතල තුවාල ලබා තිබේ.

ඊයේ (27 වැනිදා) උදැසන 8.30 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්‌වූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව පොලිසිය පවසයි.

අංගොඩ ලොක්‌කා නමැති පාතාල කල්ලි නායකයා විසින් මෙහෙයවන පාතාල කණ්‌ඩායම මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

අතුරුගිරිය අරංගල ප්‍රදේශයේදී 2016 වසරේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා සමයා සහ ඔහුගේ ගෝල බාලයන් සිව්දෙනකු කඩුවෙල අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල විය.

අතුරුගිරිය අරංගල ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබුණේ අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ගෝලබාලයන් පිරිසකටය. එහිදී අංගොඩ ලොක්‌කාගේ ගෝලයන් වන ලඩියා, බාල්දි ප්‍රියන්ත ඇතුළු සිව්දෙනකු තුවාල ලැබූ අතර එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සමයා ඇතුළු පාතාල සාමාජිකයන් පස්‌දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සමයා ඇතුළු පාතාල පිරිස රැගත් බන්ධනාගාර බස්‌ රථය කළුතර බන්ධනාගාරයෙන් පිටත් වී ඇත්තේ ඊයේ පෙරවරු 8.20 ට පමණය.

සමයා නැමැති පාතාල අපරාධකරුගේ ආරක්‍ෂාව සඳහා තවත් බන්ධනාගාර බස්‌ රථයක්‌ ධාවනයවී ඇති අතර එහිද සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් පිරිසක්‌ ගමන් කරමින් සිට ඇත.

බන්ධනාගාර බස්‌ රථ දෙක කළුතර බන්ධනාගාරයෙන් පිටත්වී මීටර් 200 ක පමණ දුරක්‌ මල්වත්ත හන්දිය දෙසට ධාවනය වෙද්දී ඉදිරිපසින් ඩබල් කැබ් රථයක්‌ සහ වෑන් රථයක්‌ ඉතාම සෙමින් ධාවනය කරමින් බන්ධනාගාර බස්‌ රථයට මග අහුරා ඇත.

බන්ධනාගාර බස්‌රථ දෙක ධාවනය වූ මාර්ගය ඉතාම පටු එකක්‌ වන අතර අවට ප්‍රදේශය ද කුඩා කඳුවැටිවලින් සමන්විත විය.

බන්ධනාගාර බස්‌රථ දෙක එම මාර්ගයේ ඉතාම සෙමින් ධාවනය වෙද්දී මාර්ගය අසල කඳු සහිත ප්‍රදේශයේ සිට එක්‌වරම වෙඩි ප්‍රහාර එල්ලවන්නට පටන්ගෙන ඇත.

ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් පොලිස්‌ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි නිසා බන්ධනාගාර නිලධාරීහු කලබලයට පත් වූහ. පොලිස්‌ නිලධාරීන්ට වැරදීමකින් බස්‌ රථ වෙත ප්‍රහාර එල්ල කරනවා දැයි කියමින් විඡේරත්න නමැති බන්ධනාගාර නිලධාරියා බස්‌ රථයෙන් බැස ඇති අතර ඔහු පාතාල සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ලක්‌විය.

හතර අතට වෙඩි තබමින් පාතාල අපරාධකරුවන් සිටි බන්ධනාගාර බස්‌ රථයට ඇතුළු වූ සන්නද්ධ පිරිස එහි සිරමැදිරියේ සිටි සමයා ඇතුළු පාතාල සාමාජිකයන් පස්‌දෙනාට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

බස්‌ රථයේ සිටි සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් තිදෙනාට ද වෙඩි තැබූ පාතාල සාමාජිකයන් පසුව සමයා නමැති පාතාල නායකයා බිම දිගේ ඇදගෙන ගොස්‌ බස්‌ රථයේ දොරටුව අසලදී ඔහුගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර මරා දමා පලා ගොස්‌ ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ පිටුපස බස්‌ රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් ද පාතාල සාමාජිකයන්ට වෙඩි තබා ඇත. එහෙත් පාතාල කල්ලිය එම බස්‌රථයට ද ප්‍රහාර එල්ල කරමින් මුළු ප්‍රදේශයම භීතියට පත් කර ඔවුන් පැමිණි වෑන් රථයේම නැගී පලා ගොස්‌ තිබේ.

පාතාල කල්ලිය පලාගිය පසු බරපතළ තුවාල ලබා සිටි බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනකු කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන යැමට බන්ධනාගාර නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.

එක්‌ බන්ධනාගාර නිලධාරියකු මියගොස්‌ ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය. ප්‍රහාරයට ලක්‌වූ සමයා සහ ඔහුගේ කල්ලියේ සිවුදෙනා සහ බන්ධනාගාර නිලධාරියකු සිද්ධිය වූ ස්‌ථානයේම මියගොස්‌ ඇත.

මෙම සිද්ධියෙන් පසු පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

පාතාල කල්ලිය බන්ධනාගාර බස්‌ රථයට වෙඩි ප්‍රහාර 60 කට වැඩි ප්‍රමාණයක්‌ එල්ල කර තිබිණි.

සමයං නමැති පාතාල නායකයාගේ කල්ලිය සහ අංගොඩ ලොක්‌කාගේ කල්ලිය අතර කාලයක සිට ගැටුම් ඇති වී තිබිණි.

පසුගිය මාස කීපයේදී සමයාගේ පාතාල කල්ලිය විසින් අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සමයං අංගොඩ ලොක්‌කා ඝාතනය කිරීමට ද සැලසුමක්‌ සකස්‌ කරගෙන සිටි අතර ඊට පෙර අංගොඩ ලොක්‌කා ක්‍රියාත්මක වී මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඉකුත් 2015 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදා නඩුවකට පෙනී සිටීම සඳහා සමයා කඩුවෙල අධිකරණයට රැගෙන එද්දී අධිකරණ ශාලාවේ සිටි අපරාධකරුවෙක්‌ සමයාට වෙඩි තබා පලා ගියේය.

එහිදී බරපතළ තුවාල ලැබුවත් සමයා පසුව දිවි ගලවා ගත්තේය. එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ද අංගොඩ ලොක්‌කා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව පසුව හෙළි විය.

සමයං නමැත්තා ඝාතනයට ලක්‌වූ පුවත සැලවීමෙන් පසු කඩුවෙල, රණාල, නවගමුව ප්‍රදේශවල ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කරනු දක්‌නට ලැබිණි.

සමයං කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගෙන් කප්පම් එකතු කිරීම මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සහ මුදල් කොන්ත්‍රාත් මත මිනිස්‌ ඝාතන සිදු කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව මොහුට දැඩි භීතියකින් පසුවූහ.

සමයංගේ මරණය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් සතුට ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසාය.

samayan-murder

-nethgossip

විවාහයෙන් පස්සේ නම් මම රඟපෑම් කටයුතුවලින් ඉවත් වෙනවා

shalini-tharaka-28-02-2017

හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "වස්සාන ප්‍රේමය" දිගු ටෙලි නාට්‍යයේ "අස්තා" ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම ටෙලි නාට්‍යයක් තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඒ, ලිලන්ත කුමරිසිරි අධ්‍යක්ෂණය කරන "මුතුමලි" ටෙලි නාට්‍යය තුළිනි. සිය අලුත්ම ටෙලි නාට්‍යය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ඇය "තරුණයා" සමග මෙලෙස එක්වූවාය.

ශලනි ගොඩක් කාර්ය බහුලයි වගේ?

භාරගත්තු නිර්මාණ කිහිපයකම වැඩ කරනවා. ඒ හින්දා ටිකක් විතර කාර්ය බහුලයි. දැනට නිර්මාණ හතක විතර වැඩ භාරගෙන තියෙනවා. තවත් නිර්මාණ තුනක වැඩ ලබන මාසේ පටන් ගන්නවා.

ඔබ රංගනයෙන් දායක වෙන අලුත් ටෙලි නාට්‍යයක් මේ දිනවල විකාශය වෙනවා?

ඔව්, ලිලන්ත කුමාරසිරි මහත්මයාගේ "මුතුමලි" ටෙලි නාට්‍යය. එහි මා "මුතූ වනිගසූරිය" විදිහට ප්‍රධාන චරිත නිරූපණය කරනවා. %මුතූ^ කියන්නේ මට ලැබුණ චරිත අතරින් තරමක් වෙනස් එකක්. ස්වාධීන රූපවාහිනි නාළිකාවේ බදාදා හැර අනෙකුත් දිනයන්හි රාත්‍රී 7.30ට මෙම ටෙලි නාට්‍යය විකාශය වෙනවා.

"වස්සාන ප්‍රේමය" ටෙලි නාට්‍යයේ "අස්තා" කියන චරිතයට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අවුරුදු එකහාමරක් තිස්සේ මේ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. තවත් නොබෝ දිනකින් එය විකාශය අවසන් වෙන්න නියමිත වෙලා තියෙනවා. පසුගිය කාලයේ රසිකයන් අතර මම වඩාත් ජනප්‍රිය වුණේ මේ චරිතය හරහා කිව්වොත් නිවැරැදියි.

චිත්‍රපට කිහිපයකටම ඔබ දායක වුණත්, ඒවා ප්‍රදර්ශනය වුණේ නැහැ?

ඔව්, මගේ චිත්‍රපට 3ක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. බොහෝ විට මේ වසරේදී එම චිත්‍රපට විකාශය වෙයි කියලා හිතනවා. මම හිතන විදිහට බෙනට් රත්නායක මහත්මයාගේ 'නීලා' චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය වෙයි. එහි මා උදාර රත්නායක සමග ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ශලනි ටිකක් ඉක්මන් ගමනක් යනවා වගේ අපි දකිනවා?

"වස්සාන ප්‍රේමය" නාට්‍යය හරහා නිතරම රූපවාහිනිය තුළ දකින නිසා සමහරක් අයට එහෙම හිතෙනවා ඇති. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 9ක් විතර වෙනවා. නමුත්, මේ ගෙවුණු කාලය තුළ මම ආවේ බොහෝම හෙමින් ගමනක්. මගේ නිර්මාණ ගත්තොත් බොහෝම අඩු මට්ටමක තමයි තියෙන්නේ. මම කොහොමත් ඉක්මන් ගමනකට කැමති කෙනෙක් නෙවෙයි.

මේ ගෙවුණු කාලය තුළ ආපසු හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටු වෙනවා. 'සිරස කුමරිය' වෙලා හීනෙකින්වත් නොසිතුපු ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා අවුරුදු 9ක් ගෙවලා අද මම රසික, රසිකාවියන්ගේ ආදරණීය චරිතයක් බවට පත්වෙල තියෙනවා. ඒ වගේම මගේ රඟපෑම් ඇගැයීමට ලක්වෙලා සම්මාන පවා ලැබිලා තියෙනවා. එකම සම්මාන උලෙළකදී මට වසරේ ජනප්‍රියතම නිළිය වගේම වසරේ හොඳම නැගී එන නිළිය යන සම්මාන දෙකම ලැබුණා. ඉතින් නිළියක් විදිහට මම ගත කරපු කාලය ගැන ගොඩක් සතුටුයි.

වර්තමානයේ ජනප්‍රිය තරු බොහෝමයක් රියලිටි තරගවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ අතර ශලනි නැහැ. ඒ ඇයි?

දැනට තියෙන රියලැටි තරග දෙක සඳහාම මට ආරාධනා ලැබුණා. නමුත්, ඒ ආරාධනා දෙකම මම බොහෝම නිතහමානීව ප්‍රතික්ෂේප කළා. මොකද, මගේ අදහසක් නැහැ රියලිටි තරගවලට සම්බන්ධ වෙන්න. මම මීට අවුරුදු කිහිපයකට පෙර එක් රියලිටි තරගයකට සම්බන්ධ වුණා. එතැනින් පස්සේ මට ඒ අත්දැකීම ඇති කියලා හිතුණා. ඒ හින්දා තමයි මේ ලැබුණු ආරාධනා පවා මම ප්‍රතික්ෂේප කළේ.

පසුගිය කාලයේ ඔබ රංගනයෙන් සමුගන්නවා කියලා කතාවක් ආවා?

එහෙම නම් මම සඳහනක් කරලා තිබුණෙ නැහැ. විවාහයෙන් පස්සේ නම් මම රඟපෑම් කටයුතුවලින් ඉවත් වෙනවා කියලා නම් කිව්වා. මගේ විවාහය සිදුවුණ දවසක එහෙම වෙයි. අනික දැන්ම මට විවාහ වෙන්න අදහසක් නැහැ. විවාහ වුණත් ඒක සිද්ධ වෙන්නේ හැමෝටම කියලා.

-saaravita

9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා - මාස දෙකක්ම හිටියේ මිනී පෙට්ටියෙ

semini-iddamalgoda-28-02-2017

‘‘9 පන්තියට යන්න කළින් මම ලොකු ළමයෙක් වුණා.’’

අලූත් අච්චු පොත් හම්බවුණ ගමන්ම අපි පෙරලූවේ විද්‍යාව පොතේ අගටම තිබුණ ප‍්‍රජනන පාඩම. ‘‘දැන් මට අවුරුදු 38ක් තවමත් ඒ පාඩම මට උගන්නලා නැහැ’’

මෙය සත්‍යයක්, එහෙත් මේ සත්‍ය කෙදිනකවත් එළිපත්තට නොඑන වග විශ්වාසයි. 28 ඊට හොඳම හෘද සාක්ෂියයි. ප‍්‍රතිභාපූර්ණ සිනමාවේදියකු වන ප‍්‍රසන්න ජයකොඩි නම් සිනමාවේදියාගේ නවතම සිනමා නිර්මණය ‘‘28’’ තවත් නොබෝ දිනයකින් තිරගත වීමට නියමිතයි. වර්තමානයේ බිහිවන බහුතර චිත‍්‍රපටවලින් හුදු විනෝදය සපයන අතර ප‍්‍රසන්න ජයකොඩිගේ ‘‘28 සිනමා නිර්මාණය’’ තැබිය හැක්කේ අපේ කාලයේ වින්දන පරාසය තුළ බිහිවූ අග‍්‍ර ගණයේ නිර්මාණයක් ලෙසය.

මාධ්‍ය සිරස්තලවල ලියවෙන අපරාධ, ස්ත‍්‍රී දුෂණ වැනි සිද්ධිදාමයන් තුළ 28 සිනමා නිර්මාණය දිග හැරෙන්නේද දූෂණය කොට මරා දැමූ ‘සුද්දී’ නම් ගැමි යුවතියකගෙනි. සුද්දී නම් කවුරුන්ද?

ඇය නම් අපේ කාලයේ ගැහැණියයි. මේ ප‍්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ. තවත් නොබෝ දිනකින් සිනමා ශාලාවට එන ‘‘28’’ සිනමා නිර්මාණයේ සුද්දිගේ චරිතය නිරූපණය කරන ඇයව අපි කතාබහට එකතු කරගත්තා.

ඉතින් කොහොමද මොනවද මේ දවස්වල අලූත්ම වැඩ

වැඩ නම් කිහිපයකටම අතගහලා තියෙන්නේ. බෙනට් රත්නායකගේ ෆිල්ම් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ‘‘කතා කරන හීන’’ ළමා චිත‍්‍රපටයක වැඩ ආරම්භ වුණා. ටෙලි නාට්‍ය පැත්තෙන් අවුරුදු පහකට පස්සේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඇත්තටම දැන් හොඳ ටෙලි නාට්‍ය බිහි වෙනවා අඩුයි.

ඔබ වැඩිපුරම පේ‍්‍රක්‍ෂකයා අතර ජනප‍්‍රිය වුණා යර්ස් බොස් හරහා. නැවත කොමඩිවල රඟපාන්නේ නැද්ද?

නැවතත් කොමඩි ටෙලි නාට්‍යටකට සම්බන්ධ වෙන්න ආසයි. ඒත් ‘‘යර්ස් බොස්’’ නාට්‍යයේ විජය නන්දසිරි මහත්මයා සමඟ කළ රංඟනය මගේ ජීවිතේ හැමදාම අමරණීයයි.

එහෙනම් අපි හැරෙමු ‘‘28’’ සිනමා නිර්මාණයේ ‘‘සුද්දිගේ’’ චරිතය පැත්තට. තියෙනවා කතා කරන්න ගොඩක් දේවල් මේ සිනමා නිර්මාණයේ ඔබ නිරූපණය කරන සුද්දිගේ චරිතය ගැන කතා කරොත්?

28 කියන්නේ කාන්තාවට විශේෂ සහ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු චිත‍්‍රපටියක්. අපේ සමාජයේ සංස්කෘතියත් එක්ක හැඟීම් හිරකරගෙන ඉඳලා ඒවා පිටකරන අවස්ථාවන්වලදී සිද්ධ වෙන සිදුවීම් සමුදායක් තමයි 28 හරහා ඔබට ගෙන එන්නේ. සුද්දි කියන්නේ කතාකරන මෘත ශරීරයක්.

සුද්දි මේ සමාජයේ පීඩාවට පත්වෙලා කුරිරු සමාජයෙන් හෙම්බත් වුණ ගැහැණියක්. ජීවත් වෙලා හිටපු සුද්දිට වඩා දූෂණය කරලා මරලා දාපු සුද්දී සමාජයට ඇත්ත කතා කරනවා. 28 හරහා සුද්දී සමාජයට කියන්න හදනදේ මොකක්ද?

සුද්දි කියන්න හදන්නෙත් මේ සමාජයේ එක්තරා පැතිකඩක් ගැන. කාන්තා හිංසනය ස්ත‍්‍රී දූෂණය කියන සමාජයේ හැංගුණ ලිංගිකත්ව ආශාව ඇතුළේ තෙරපෙන තිරිසන්කම නිසා සමාජයේ අපට නිතරම ඇහෙන කතා අපගේ සුද්දිගේ ඉරණමත් ඒ වාගේම අවනඩුවක්

ඒ කියන්නේ චිත‍්‍රපටය ඇතුළේ වැඩිපුර කතා කෙරෙන්නේ ලිංගිකත්වය ගැනද?

මේ කතාවේ කොහේවත් ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ. සුද්දි වසර පහළවක් ස්වාමියාගෙන් වෙන් වෙලා ඉදපු කාන්තාවක්.

‘‘මගේ මනුස්සයා මට හම්බ වුණේ හම්බවෙන්න ඕනම නැති තැනකදී එයා මාව කසාද බඳින්නම් කිව්වා.

ඒත්..’’

සැමියාගෙන් වෙන් වෙලා සුද්දි කොළඹ රස්සාවක් සොයාගෙන යනවා. එහිදී ඇය දූෂණයට ලක්වෙලා ඝාතනයට ලක්වෙනවා.

සුද්දි මිය ගියාට පස්සේ සැමියා එයාගේ මිනිය ගමට ගේන අතරතුරේදී සිද්ධීන් සමුදායක් සිද්ධ වෙනවා. සුද්දි මියගියත් ඇය සත්‍ය සමාජයට කියනවා. ඇත්තටම මේ කතාව තේරුම් ගන්න ඕන නරඹලාම තමයි. කතාව කිව්වට තේරුම් ගන්න අමාරුයි.



මේ මැරුණු චරිතයක් කරපු පළමු වතාවද?

නැහැ. ටෙලි නාට්‍යවල මියගිය චරිත නිරූපණය කරලා තියෙනවා. ඒත් ඒ හැම චරිතයකටම වඩා සුද්දිගේ චරිතය වෙනස්. සුද්දි කියන චරිතයෙන් වෙන්නේ මරණය තුළ ඉඳගෙන පේ‍්‍රක්‍ෂකයා ආමන්ත‍්‍රණය කිරීමක්.

ඒ කියන්නේ ඔබේ චරිතය අභියෝගාත්මකයි?

මේ රංගනය අභියෝගාත්මකයි කියනවට වඩා බොහොම අමාරු රංගනයක් කිව්වොත් නිවැරදියි. දුවලා පැනලා කරන රංගනයත් ලේසියෙන් කරන්න පුළුවන් වුණාට මළ මිනියක් ඇතුළේ ඉන්න චරිතයක් රඟපාන එක ලේසි නැහැ.

චිත‍්‍රපයට පුරාවටම ඉන්නේ චරිත හතරයි. මහේන්ද්‍ර පෙරේරා, රුක්මල් නිරෝෂ්, සරත් කොතලාවල සහ මම. අපි එකිනෙකට නොදෙවෙනි රංගනයක් මෙහි කෙරෙනවා.

මෙහි අනෙක් චරිත එක්ක මට එකට රඟපාන්න ලැබුණ අවස්ථාවන් ගොඩක් අඩුයි. ඇත්තටම ප‍්‍රසන්න අයියගේ දක්‍ෂතාව නොවන්නට මට මේ තරම් සාර්ථකව ඒ චරිතය නිරූපණය කරන්න ලැබෙන එකක් නැහැ කියලා විශ්වාස කරනවා.

පිට නැති ඇඳුම ඇඳගෙන මිනී පෙට්ටියක් ඇතුලේ ඉන්නවා කියන එක මුලදී පොඩි ගැස්මක් ඇති වුවත් චරිතය හිතට ඇතුල් වුණාම පස්සේ නුහුරු බව එච්චරම දැනුනේ නැහැ. පිට නැති ඇඳුම ඇඳගෙන මාස දෙකක්ම මට ඉන්න වුණෙ මිනී පෙට්ටියේ. මිනී පෙට්ටියේ ඉඳපු මාස දෙකට මට ජීවත් වෙන්න තවත් ආස හිතුණා.

මුලින්ම ඔබ පේ‍්‍රක්‍ෂකයාට මුණ ගැහෙන්නේ මෘත ශරීරාගාරයේදී ලාච්චුවෙන් ලාච්චුවට ඇරලා පෙන්වන මෘත ශරීරවලින් මොකද්ද පේ‍්‍රක්‍ෂකයාට කියන්න හදන්නේ.

කාන්තාවට තියෙන අනාරක්ෂිත බව ලිංගික හිංසනයේ අදෝනාව දිනෙන් දින ඉහළ යන මේ ඛේදවාචකය පෙන්වන්න තමයි දූෂණය වෙලා මැරුණු තරුණියන්ගේ ශරීර පෙන්වන්නේ. රාගයෙන් පිපාසිත වෙලා ඉන්න තිරිසන් මිනිස්සුන්ගේ තිරිසන් වැඩ පේන්න බැරි නිසයි, ඒ විදියට තමයි මේ රටේ ඛේදවාචකය සුද්දී පේ‍්‍රක්ෂකයාට කියන්න උත්සහ කරන්නේ.

‘‘අවුරුදු පහළොවකට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ. ඒ මම මැරුණට පස්සේ. මෘත ශරීරාගාරයේ දී ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි.

අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුටනම් බැහැ. මම ඇත්තමයි කියන්නේ. සුද්දි කියන්නේ දූෂණය කොට මරා දැමුණු ගැහැණියකගේ ජීවිතය විවරණය කරගැනීමට කරන උත්සහයක්. 28 සිනමා කෘතියෙන් ඔබට මේ කෘතාංගය විඳිය හැකියි.

-නදීශා අතුකෝරළ-saaravita

එරට ආරක්ෂක වියදම් වැඩි කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ලබන වසරේ අමෙරිකානු අයවැයෙන් ආරක්ෂක වියදම් ඉහළ දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

මේ අනූව 2018 දී 10%ක, එනම් ඩොලර් බිලියන 54කින් ආරක්ෂක වියදම් වැඩි කෙරෙනු ඇති. ට්‍රම්ප්ගේ තාවකාලික අයවැය යෝජනාවලින් සුබසාධන වියදම් කිසිඳු ලෙසකින් වෙනස්කර නැහැ.

නමුත් ලබන වසරේ අයවැයෙන් විදේශාධාර විශාල ලෙස අඩු කරනු ඇතැයි, මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයා ලබන මැයි මාසයේ දී අයවැය යෝජනා කොන්ග්‍රසයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අමෙරිකාවේ රිපබ්ලිකන් පාක්ෂික ජෝන් මැකේන් සඳහන් කරන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 603ක් වන ආරක්ෂිත වියදම් ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

ආරක්ෂක විදයම් ඉහළ නැංවීමෙන් අමෙරිකානු හමුදාව යළි නගාසිටුවීමට හැකි වන බවයි, ජනාධිපති ට්‍රම්ප්ගේ විශ්වාසයයි.

donald-trump-04

_රූපවාහිනි

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට හවුලේ අනඟ සුව - room share

gampaha-tuition-students-sex

ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා අන්දමක විස්මිත රහසක් අනාවරණය කර ගැනීමට පසුගිය කාලය පුරා අප විසින් සිදු කරනු ලැබූ විමර්ශනයේ දී හැකිවිය. මෙම ක්‍රියාවලිය සිසුන් විසින් හඳුන්වනු ලබන්නේ ‘කාමරය බෙදා ගැනීම’ (room share) යනුවෙනි.

ගම්පහ නගරය සහ නගරාශ්‍රිතව ඇති නීත්‍යානුකූල ලැඟුම්හල් අතරින් එකක සිදුකෙරෙන බව නිසැක වශයෙන්ම තහවුරු කර ගත හැකි වූ මෙම ක්‍රියාව තවත් එවැනි ලැඟුම්හල් කීයක් තුළ ක්‍රියාවලට නැංවෙනවාද යන්න පිළිබඳ නිශ්චයකට ඒමට අපට නොපුලුවන. එහෙත් ඒ සම්බන්ධයෙන් ඉතා සාධාරණ ලෙස අනුමාන කළ හැක්කේ අඩුම තරමින් ගම්පහ නගරය සහ නගරාශ්‍රිතව ඇති තවත් ලැඟුම්හල් කිහිපයක වත් මෙබඳු හෝ මීට සාමාන්තර ක්‍රියාවන් සිදුවන බවකි.

ගම්පහ ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරයක් සඳහා රුපියල් හයසීයේ සිට මෙම අඩුම මිල ගණන් නියම කිරීම සිදුවනුයේ ඔවුන් short time යනුවෙන් හඳුන්වන පැයක් පමණ වන කෙටි වේලාවක් නවාතැන් දීම සඳහාය. එහෙත් ‍එම ලැඟුම්හලේ පිරිසිදුකම සහ සැප පහසුකම් අනුව එම රුපියල් හයසීයේ අවම ගාස්තුව රුපියල් දහස පමණ දක්වා ඉහළ නැංවෙනු ඇත.

ටියුෂන් සිසු සිසුවියන්ට මෙබඳු ලැඟුම්හල් හඳුන්වා දී ඔවුන් එම ස්ථානවලට කැඳවාගෙන ගොස් එම ස්ථාන වලින් මුදල් ඉපැයීම තම ප්‍රධාන ජීවිකාව කොට ගත් ත්‍රිරෝද රථ රියැදුරු පිරිසක් ද ගම්පහ නගරය සහ නගරාශ්‍රිතව සිටිති. සාමාන්‍යයෙන් මෙබඳු ලැඟුම්හලක් වෙන යුවලක් රැගෙන යන ත්‍රිරෝද රථ රියැදුරකුට ඒ වෙනුවෙන් කිසියම් කොමිස් මුදලක්, සන්තෝෂමක් ප්‍රදානය කිරීම අප රටේ බොහෝ ලැඟුම්හල් වලින් සිදු කෙරෙන්නකි. 

මෙම මුදල සාමාන්‍යයෙන් රුපියල් දෙසීයේ සිට පන්සීය දක්වා ඉහළ නැංවෙයි. එහෙත් එසේ කොමිස් මුදල් දීම ප්‍රතික්ෂේප කරන හෝ අඩුමුදලක් ලබා දෙන ලැඟුම්හල් සම්බන්ධයෙන් ඒවාට පැමිණෙන සිසුන් සහ සෙසු ආගන්තුකයන් අතරේ බොරු ප්‍රචාර පැතිරවීමට ද ඇතැම් ත්‍රීරෝද රථ රියදුරෝ කටයුතු කරති.

“ප්‍රශ්නයක් නැහැ මම එතැනට එක්ක යන්නම් , හැබැයි ඔය ප්ලේස් එක නම් ඩේන්ජර්. පහුගිය ටිකේ පොලිසිය එක දිගටම රේඩ් කළා; මොකද එතන වෙන වෙන සීනුත් යන පොට් එකක්; හැබැයි තව ප්ලේස් එකක් තියනවා; එතන මාර ජෙනුවින්; වැඩිපුර රුපියල් පන්සීයක් ගියත් කමක් නැහැ; තමන්ගෙම තැනක වගේ කිසිම බයක් සැකක් නැතුව ඕනේ තරම් වෙලාවක් ඉන්න පුලුවන්. මෙබඳු අවස්ථාවන් හිදී රියැදුරන් ගේ මුවින් පිටවෙන පොදු වාගාලාපය එයයි.

එහෙත් ගම්පහ ටියුෂන් සිසුන් ලැඟුම්හල් වලට ගෙන යාමේ මෙම කාරිය සංවිධාත්මක මට්ටමින් සිදු කෙරෙනුයේ ගම්පහ නරගරයේ සහ නගරාශ්‍රිතව හිඳින ත්‍රිරෝද රථ රියදුරන් ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් බව ද කිව යුතුමය. එමෙන්ම ගම්පහ නගරයේ පොදු ත්‍රීරෝද රථ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් මෙම සංවිධානාත්මක ජාවාරම් පිළිබඳ දැන කියාගෙන හෝ අසාවත් නොමැති බව මෙම විමසුමේ දී අනාවරණය කර ගැනීමටද අපට හැකි විය.

අප මෙහි මුලදී සඳහන් කළ ටියුෂන් ජෝඩු දෙකක් එකම අවස්ථාවක එකම කාමරය හවුලේ බෙදා ගැනීම නම් වන (room share) ක්‍රියාවලිය සිදුවන්නේ මෙලෙසිනි.

ගම්පහ නගරාසන්නයේ ඇති එක් ලැඟුම්හලක කාමර වල යුගල යහන් දෙක බැඟින් තිබේ. ඒ යහන් දෙක අතරේ කාමරයේ බිත්ති දෙක හරහා කොකු මගින් අමුණා අදින ලද කම්බියක එහා මෙහා කළ හැකි තිරයක් දමා ඇත. එවිට ඒ තිරය මගින් ඒ යහන් එකිනෙක වැසී යයි. මෙම ටියුෂන් සිසු සිසුවියන් ජෝඩු දෙකකට එකවර හවුලේ භාවිතා කළ හැකි නැතහොත් ඔවුන් ගේ වදන්වලට අනුව කිවහොත් shareකළ හැකි ලෙසින් සකසා ඇති මෙම කාමර මැදින් ඇති තිරය විනාඩි දෙක තුනක් තුළ එහි රැඳවීමට සේම ගලවා ඉවත් කිරීමට පුලුවන. ඒ එය බිත්ති දෙක අතරේ කොකු මගින් අමුණන ලද කම්බියක රඳවා ඇති බැවිනි.

මෙබඳු කාමරයක් එක්වර හවුලේ භාවිතා කිරීමට කැමති ජෝඩු දෙකක් පළමුව ඒ බව දැනුම් දිය යුතු දුරකථන අංක තිබේ. ඒ අංක එම ‘චාරිකා සංවිධායක’ වරුන් ලෙස සැලකෙන ත්‍රිරෝද රථ රියැදුරන් ගේය. ඒ අනුව පළමුව ඒ ජෝඩු දෙක ගම්පහ නගරයේ ත්‍රිරෝද රථ රියදුරා පවසන ස්ථානයටම පැමිණිය යුතු වෙයි. ඒ මෙම ගමන නගරයේ ජනාකීර්ණ වීදි මඟහැර කෙටිමංපෙත් (short cuts) ඔස්සේ යා හැකි බැවිනි. ඒ කෙසේ හෝ මෙහි දී මෙවන් වරකට සාමාන්‍ය ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් සියයක් නම් එකවර ජෝඩු දෙකක් ඒ ගමනට එක් කර ගැනීම වෙනුවෙන් රියදුරා රුපියල් එකසිය පනහක් අය කර ගනියි. එමෙන්ම පැයකට - හමාරකට පසු එම ජෝඩු දෙක එකී ආරක්ෂිත මංපෙත ඔස්සේම සුපුරුදු ස්ථානයට ගෙන ඒම සඳහා ද ඔහු ඒ මුදලම නැවත අය කරයි.

මෙහි දී මෙම හවුලේ කාමර භුක්ති විඳීමේ දී පෙම්වතුන්ට අත්වන වාසි දෙකකි. එනම් කෙටි කාලයක් සඳහා රුපියල් දහසකට ලබා දෙන කාමරය ජෝඩු දෙක සඳහා රුපියල් එක්දහස් තුන්සියයකට පමණ ලබා ගත හැකි වීමය. එවිට එක් යුවලකට ඒ සඳහා වැය වන්නේ රුපියල් හයසිය පනහක් පමණි. ත්‍රිරෝද රථ ගාස්තුව සඳහා වන ‍රුපියල් තුන්සීය දෙකට බෙදා ගත්විට එක් යුවලකට ගෙවීමට සිදුවන්නේ රුපියල් එකසිය පනහක මුදලකි. එවිට මෙවන් ‘පූර්ව මධුසමයක්’ සඳහා එම යුවලකට වැය කිරීමට සිදුවන මුදල රුපියල් අටසියයක් පමණ වනු ඇත.

එමෙන්ම තම ‍නවක පෙම්වතා සඳහා මෙවන් ගමනක් යාමට අදිමදි කරන කෝඩුකාර පෙම්වතියකට තම සමීපතම හෛළිය හා ඇගේ පෙම්වතා ද මෙවන් ගමනක් සඳහා එක්කර ගැනීම එක්තරා අන්දමක මානසික ධෛර්යක් වනු ඇත. එමෙන්ම එලෙස හවුලේ කාමර පහසුව ලබා ගන්නා අතරේ නැගී එන අනුරාගී අවේගයන් හමුවේ ඔවුන් තුළ පවත්නා ලැජ්ජාශීලී බව කෙමෙන් පහව යාම ද මෙබඳු ලිංගික උප සංස්කෘතියක් බිහිවීමට හා පැවතීමට හේතු වන බව පෙනෙයි.මෙහි තවත් දුරදිගට කතා කළ යුතු දෑ තිබේ. එහෙත් දැනට අපි ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමු.

අපගේ නිරීක්ෂණය අනුව මෙවන් චාරිකාවක් සංවිධානය කිරීම වෙනුවෙන් එම ත්‍රිරෝද රථ රියැදුරාට ත්‍රිරෝද රථ ගාස්තු සහ කොමිස් වශයෙන් ලැබෙන මුදල රුපියල් අටසීයකි. එහෙත් මෙලෙස එකවර ජෝඩු දෙකකට නවාතැන්දීම වෙනුවෙන් එම ලැඟුම්හල් හිමිකරුට හිමිවනුයේ රුපියල් හයසිය පනහක් පමණි. ඒ අනුව වරකට ජෝඩු දෙක බැගින් දිනකට ජෝඩු දහයකට අවස්ථා පහකදී නවාතැන් පහසුව සැලකිය හැකිවුවහොත් ඒ වෙනුවෙන් එම ත්‍රිරෝද රථ රියදුරුට රුපියල් හාරදහසක මුදලක් හා ලැඟුම්හල් හිමිකරුට රුපියල් තුන්දහස් තුන්සිය පනහක ආදායමක් උපදවා ගත හැක.

ගම්පහ නගරසභා සීමාවේ පාමසිවලින් ලිංගික උත්තේජක සහ උපත්පාලන උපකරණ අලෙවිවීමේ ශීඝ්‍ර වැඩිවීමක් තමන් වෙත වාර්තාවී ඇතැයි ද ඒවා වැඩිපුරම අලෙවිවනුයේ ගම්පහ ටියුෂන් සිසුන් අතර බව සනාථ වී ඇතැයි ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා ප්‍රසිද්ධියේ අනාවරණය කොට තිබිණ. 

එවිට ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව හඬ නැඟූ ඇතැම්හු එය කල්පිතයක් හෝ අතිශයෝක්තියක් යැයි කීහ. එහෙත් අප විසින් කරනු ලැබූ මෙම සමීක්ෂණයේ දී හෙළිකරගත් කරුණු හා හිටපු නගරාධිපති වරයා ගේ එම ප්‍රකාශය සසඳා බැලීමේ දී ඉතා පැහැදිලිවම පෙනී යන කරුණක් තිබේ. එනම් ගම්පහ ටියුෂන් සිසුන්ගේ මෙම ලිංගික උප සංස්කෘතිය මීටත් වඩා ගැඹුරු තලයක් දක්වා විහිද ගොස් ඇති බවකි.

(අප room shareරහස් හෙළි කරගත් හැටි - බලාපොරොත්තු වන්න)

-ප්‍රසංග පෙරේරා - ජාඇල_ලක්බිම

වැඩ පෙන්නන උමාරියා හිත රිද්දුවේ කාගෙද?

umariya-sinhawansa-27-02-17


මේ දවස්වල උමාරියා කාර්යබහුලයි වගේ?

ඔව්. මෙගා ස්ටාර් එකේ රිහර්සල්වලට සහභාගි වෙනවා. විදෙස් සංචාරවලටත් සහභාගි වෙනවා. ඒ වගේම මේ දවස්වල මගේ අලුත් Album එකේ වැඩ කටයුතුත් කරන නිසා ටිකක් කාර්යබහුලයි.

උමාරියා මෙගා ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වෙලා නේද?

මෙහෙමයි. මම වැඩක් කරද්දී උපරිමයෙන්ම ඒකට අවධානය දීලා තමයි වැඩ කරන්නේ. උපරිම උත්සාහයෙන් ඒ දේවල් කරනවා කියලා විනිශ්චය මණ්ඩලයටත් තේරෙනවා ඇති. මම වෙනස් දෙයක් කරන්නත් උත්සාහ කරනවා. ප්‍රතිචාර ලැබෙන්න හේතුවත් ඒක වෙන්න ඇති.

කණ්ඩායමෙන් වැඩිපුරම හොඳ කමෙන්ට්ස් ලැබෙන්නේ උමාරියාටද?

අනේ මම එහෙම බලන්නේ නම් නැහැ. මම මගේ ටීම් එක වෙනුවෙන් කරන දේ උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. ඒක සාර්ථක නම් හොඳ කමෙන්ට්ස් ලැබෙයි.

තරගයකදී උමාරියා ගායනා කළ ගීතයක් නිසා ප්‍රවිණ ගායිකාවකගේ හිත රිදිලා නේද?

මෙහෙමයි. අපිට නිදහස් දිනය තේමා කරගෙන තරග වටයක් තිබුණා. ඒක හරිම ලිමිට් ටොපික් එකක්. ඒකෙනුත් අනෙක් කණ්ඩායම ගීත පහළොවක් තෝරගෙන තිබුණා. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මාලනී බුලත්සිංහල මහත්මියගෙයි සුජාතා අත්තනායක මහත්මියගෙයි ගීත දෙකක් තෝරාගත්තේ. ඒ වෙලාවේ ගීතයේ ගායිකාවන්ගේ නම් කියන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. විනිශ්චය මණ්ඩලය කතා කරද්දි තමයි නම් සඳහන් කළේ. එතැනදි සුජාතා අත්තනායක මහත්මියගේ නම සඳහන් වුණේ නැහැ. ඒ නිසා ඇයට සිත් රිදීමක් වුණා නම් මම ඇත්තටම කනගාටු වෙනවා.

ඒ ගීිතය නියම විදියට උමාරියා ගායනා කළේ නැහැ කියලත්, ඒ නිර්මාණයට අසාධාරණයක් වුණා කියලත් ඇය ඔබට චෝදනා කරනවා නේද?

මම ඒ ගීතය ටිකක් වෙනස් ශෛලියකින් තමයි ගායනා කළේ. ඇයට ඒ ගැන සිත් රිදීමක් වුණා නම් මම කනගාටු වෙනවා. මම හැම වෙලාවෙම ගායිකාවක් විදියට වෙනසක් කරන්නයි උත්සාහ කරන්නේ. මම මයිකල් ජැක්සන්ගේ ගීතයක් වුණත් ගයන්න ට්‍රයි කරන්නේ රිහානාගෙ විදියට. නිම්හිම් සෙව්වා ගීතයත් මම ගායනා කළේ වෙනසක් කරලයි. මම ගීතය ගායනා කළ විදිහෙන් සුජාතා මහත්මියට සිත් රිදීමක් වුණා නම් මම සමාව ඉල්ලනවා.

සුජාතා අත්තනායක මහත්මියගේ නම අමතක කළේ හිතාමතාද?

අනේ නැහැ. මට ඇයගේ නම මතක් කරන්න ලොකු අතපසුවීමක් වුණේ. ඒක මගේ මිස්ටේක් එකක්.

උමාරියා මේ සම්බන්ධව සුජාතා අත්තනායක මහත්මිය සමඟ කතා කළාද?

නැහැ. මට කතා කරන්න ලැබුණේ නැහැ. නමුත් මම ඇයගෙන් සමාව ඉල්ලනවා සිදුවුණු අතපසු වීම වෙනුවෙන්.

උමාරියා ප්‍රවීණයන්ට ගෞරව කරනවා වගේ?

ඔව්. මම ප්‍රවීණයන්ට ගෞරව කරනවා. අපි ඔවුන්ට ගෞරව කරන්න ඕනනේ.

මේ අතරෙදි මෙගා ස්ටාර් වේදිකාවේ උමාරියාගේ ගායනයට අමතරව රංගනයත් කතාබහට ලක්වෙනවා?

මගේ හැකියාව තියෙන්නේ ගායනයට. මං රංගන ශිල්පිනියක් නම් නෙවෙයි. ඒත් මට කණ්ඩායමේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අය මගේ සැඟවුණු දක්ෂතා ඉදිරියට ගන්නත් උත්සාහ කරනවා. මම නටන්න ආසයි. මම මුලින්ම මැණ්්ඩියට නටන්න පුරුදු වුණෙත් නර්තන පුහුණුකරුවන්ගේ සහයෝගය නිසා. ඒ අයගේ උනන්දුව නිසා මගේ රංගන හැකියාවත් දකින්න පුළුවන් වුණා.

උමාරියා විවාහ වුණෙත් ගායන ක්ෂේත්‍රයේ කෙනෙක් එක්කනේ. ඉතින් දෙන්නගේ යුග ගීතයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

එයාගේ ජොබ් එක IT. ඒක නිසා ටිකක් කාර්යබහුලයි. සංගීතය කරන්නේ පාට් ටයිම්. මේ නිසා ළඟදි නම් අපි දෙන්නට ගීතයක් කරන්න බැරිවුණා. ඒත් බැන්ද අලුත නම් අපි ගීතයක් කළා. ඉදිරියේදී ගීතයක් කරන්න අපිට බලාපොරොත්තුවක් තියෙනවා.

ළඟදි උමාරියාගේ මියුසික් වීඩියෝ එකක් දකින්න ලැබුණෙත් නැහැනේ?

මම මගේ අලුත් ඇල්බම් එකේ ගීතයක් මියුසික් වීඩියෝවකුත් එක්කම තව මාසයකින් විතර එළිදක්වන්න සූදානම්.

මියුසික් විඩියෝ වෙනස් විදියට කරන්න උමාරියා උත්සහ කරනවා නේද?

ඔව්. මම තරුණ ගායිකාවක්. ඒ නිසා මම හැම වෙලාවෙම කැමැතියි වෙනස් දෙයක් කරන්න. දැන් තරුණ ගායිකාවොත් මල් සින්දු කියනවා. මට ඕනෙ ඒ පැට්න් එක වෙනස් කරන්න. මම වීඩියෝවලින් වෙනසක් කරන්න කැමැතියි. මම හිතනවා ප්‍රේක්ෂකයෝ ඒ නිර්මාණ හොඳින් වැලඳ ගනියි කියලා.

මේ තරම් කෙටි කාලයක් තුළ සාර්ථක ගමනක් ආව උමාරියාට ගායිකාවක් විදියට තියෙන්නේ මොන වගේ හීනද?

ඇත්තෙන්ම මම උත්සාහ කරන්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ලංකාවේ දක්ෂතා ලෝකෙට පෙන්වන්න. ගායිකාවක් විදියට ජාත්‍යන්තරයට යන එක තමයි මගේ අරමුණ. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැනත් මම ගොඩාක් ආඩම්බර වෙනවා. ඒ නිසා ජිවත්වෙලා ඉන්නකල් ලාංකිකයන් වෙනුවෙන් අර්ථාන්විත ගීත ගයන්න තමයි මං කැමැති.

ශාලිකා රංගනී සමරදිවාකර_මව්බිම
ඡායාරූපය - අශාන් ගමගේ

බොක්‌සිං ශූර මොහමඩ් අලීගේ පුත්‍රයා අත්අඩංගුවට



හිටපු ලෝ පූජිත ඇමරිකානු බොක්‌සිං ශූරයා වූ මොහමඩ් අලීගේ පුත්‍රයා ප්ලෝරිඩා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගුවන් තොටුපෙළේ ආගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ පරම්පරාව හා ආගම ගැන ප්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එලෙස කනිෂ්ඨ මොහමඩ් අලි පැය දෙකකට අධික කාලයක්‌ ආගමන බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ වී ඇත්තේ ජැමෙයිකාවේ සිට ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේදීයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආගමන විගමන බලධාරීන් විසින් කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැහැ.

27 February, 2017

පූර්ණිමාගෙන් නව තරග වාර්තා දෙකක්

poornima-jayamali-gunaratne

දින තුනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 17 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී බාලිකා අවුරුදු 20න් පහළ උස පැනීමේ සහ දුර පැනීමේ ඉසව් නියෝජනය කරමින් නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ජයමාලි ගුණරත්න ක්‍රීඩිකාව සමත් වූ අතර තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ දිනය නිමා වන විට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 891ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා අවුරුදු 20න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ පූර්ණිමා මීටර් 5.69ක දුරක් සටහන් කරමින් පළමු නව තරග වාර්තාවට හිමි කම් කියූ අතර දෙවැනි දිනය වූ ඊයේ එම වයස් කාණ්ඩයේම උස පැනීමේ ඉසව්වට එක් වී මීටර් 1.75ක උසක් සටහන් කරමින් තරගාවලියේ බාලක සහ බාලිකා යන දෙපාර්ශ්වයෙන්ම නව තරග වාර්තා 2ක් බිහිකළ එකම බාලිකාව බවට පත්වූවාය.

මේ අතර තරගාවලියේ පළමු දින 2ක අවසන් වනවිට නව තරග වාර්තා 14ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව සිටින අතර එක් තරග වාර්තාවක් සම කර ඇත. ඉන් තරග වාර්තා 7ක් වත්තල ලයිසියම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සටහන් කරද්දී, නව තරග වාර්තා 5ක් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල හිමි කර ගැනීමට සමත්ව සිටීම විශේෂත්වයකි.

තවද මේ දක්වා එක් එක් පාසල් දැක්වූ දක්ෂතා විශ්ලේෂණය කිරීමේදී වත්තල ලයිසියම් පාසල ලකුණු 891ක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ප්‍රසාද ලකුණු 605ක් සමඟින් දෙවැනි ස්ථානයටත් සහ ප්‍රසාද ලකුණු 448ක් සමඟින් නුගේගොඩ ලයිසියම් පාසල තුන්වැනි ස්ථානයටත් පත්ව සිටී.

මේ දක්වා බිහි වූ නව තරග වාර්තා-

පිරිමි-
19න් පහළ මීටර් 100×4 _ තත්.43.3 (කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල)
20න් පහළ මීටර් 800 _ මිනි.1 තත්.58.5 (ගයාන් බණ්ඩාර _වත්තල ලයිසියම්)
20න් පහළ මීටර් 110 කඩුලු _ තත්.15.1 (ශානක පෙරේරා - වත්තල ලයිසියම්)
20න් පහළ දුර පැනීම _ මීටර් 6.91 (ශෙම් ඩොමීනියස් - වත්තල ලයිසියම්)
20න් පහළ මීටර් 100×4 _ තත්.45.0 (වත්තල ලයිසියම්)

කාන්තා-
15න් පහළ මීටර් 100×4 _තත්.52.9 (වත්තල ලයිසියම්)
15න් පහළ යගුළිය විසි කිරීම _ මීටර් 8.35 (දෙහාලි සෙනෙවිරත්න - කොළඹ ගේට්වේ)
17න් පහළ මීටර් 100×4 _ තත්.50.5 (කොළඹ ගේට්වේ)
19න් පහළ මීටර් 200 _ තත්.25.2 (නතාලි මල්පාන - කොළඹ ගේට්වේ)
19න් පහළ මීටර් 800 _ මිනි.2 තත්.30.5 (දෙව්මිනි කුඩාවිතානගේ _ වත්තල ලයිසියම්)
19න් පහළ දුර පැනීම _ මීටර් 5.35 (ශර්මිලා ජාන් - කොළඹ ගේට්වේ)
20න් පහළ උස පැනීම _ මීටර් 1.75 (පූර්ණිමා ජයමාලි - ලීඩ්ස් පානදුර)
20න් පහළ දුර පැනීම _ මීටර් 5.69 (පූර්ණිමා ජයමාලි - ලීඩ්ස් පානදුර)
20න් පහළ හෙල්ලය විසි කිරීම _ මීටර් 27.22 (ක්‍රිෂ්මිතා මනිවානන් _ ලයිසියම් වත්තල)

-කෝසල ගමගේ_මව්බිම

ඕස්ට්‍රේලියාවට පරාද වූ දුකට කෝලි කඳු නගියි! – කන්ද උඩ ඉදගෙන කියපු කතාව මෙන්න

virat-kohli-climb

සිය රටේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලිය කණ්ඩායම හමුවේ දිගින් දිගටම පරාජයට පත් වූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවා වන විරාත් කෝලි හදිසියේම කදු තරණයක නියැලී ඇති බව වාර්තා වේ.

පැය කිහිපයකට පෙර ඉන්දියාවේ කදුකර ප්‍රදේශයක සිට ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සෑම දිනයක්ම ආශිර්වාද ලත් දිනයක් බවත් ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වී ඉදිරියටම යන ලෙසත් සදහන් කර තිබේ.



-harigossip

කතරගම පුදබිම ලෝකයට ගෙන යන අහස් යන්තරේ

flight-a330-200-city-of-kataragama-1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අළුතින්ම එක් වුණු එයාර්බස් A320 neo ගුවන් යානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් අද කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රවයේදී පැවැත්වුණා.

කොහොම හරි මේ පරීශ්‍රවය තුළ රැඳී සිටි වෙබ් ගොසිප් අපට කිසිවෙකුට ඇස නොගිය තැනක් සම්බන්ධයෙන් අපුරු දෙයක් දැකගන්න ලැබුණා. ඒ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නවතා තිබු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධයෙන්.

ගුවන් යානා නම් ඉතින් ගුවන් තොටුපොළේ නතර කරන්නේ නැතුව කොහේ නතර කරන්නද? ඒක නිසා මේ කියන්න යන්නේ එහෙම සිද්ධියක් ගැන නෙවෙයි.

මේ ගුවන් යානයේ ඉදිරිපස ප්‍ර දේශය අශ්‍රීතයේ ගහලා තිබුණා අපුරු නමක්. එකේ ගහලා තිබුණෙ “City of Kataragama“ (කතරගම නගරය) යන්නයි.

අපි ඒ ගැන ටිකක් ඒ හරියේ හිටිය දන්න කියන නෙනෙකුගෙන් ඇහුවා. ඇයි මෙහෙම නමක් දාලා තියෙන්නේ කියලා.

එයා නම් කිව්වේ ලංකාවේ පෛරාණික තැන් ඒ වගේම විදේශ සංචාරකයින්ගේ ඇස යන ඇතැම් තැන් වල ප්‍රවර්ධන කටයුතු සඳහා මේ විදියට ගුවන් යානා වලට නම් දමා ඇති බවයි.
නමුත් මේ නම් ගුවන් යානයේ නිල නාමය නම් නෙවෙයිලු. සුරතල් නාමය කියලයි කියන්නේ.

මේ විදියට City Of Magampura, City Of Anuradhapur වගේ නමුත් මේ වගේ ඇතැම් ගුවන් යානා වලට යොදලා තියෙනවා කියලයි දැනගන්න ලැබුණේ.

කොහොම හරි ඉතින් මේ විදියට ගුවන් යානා වලට සුරතල් නම් යොදලා තියෙන එකනම්හොඳ වැඩක් කියල අපිටත් තේරෙනවා. මොකද එතකොට අපේ රටේ නගර වලටත් ප්‍රවර්ධන කටයුතු වලින් ඉහළ වටිනා කමක් එනවනේ.

flight-a330-200-city-of-kataragama-2

_වෙබ්ගොසිප්

ලොව කැළඹූ MH 370 ගුවන් නියමුවා ගඟක් අසළින් හමුවෙයි – තත්ත්වය බරපතළයි


MH 370 ගුවන් යානය ලොවම කැළඹූ අභිරහසක් වෙලා කියලා කොයි කවුරුත් දන්නවානේ.

ඔන්න මේ කියන්නේ යන්නේ ඒ සම්බන්ධයෙන් දෙයක්. ඒ මොකක්ද දන්නවාද මේ ගුවන් යානයේ නියමුවා වු කපිතාන් සහාරි අහමඩ් ෂා( Ahamad Shah) තායිවානයේ ගඟක් අසළින් හමුවෙලා තියෙනවා.

හැබැටි ඔහු විජලන තත්ත්වයෙන් පෙළෙන බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ නිසා ඔහු අසාධ්‍ය තත්ත්යෙන් සිටින බව වාර්තා වෙනවා.

කොහොම හරි ඔහු තායිවානයේ රෝහලක ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන ඡායාරූපත් අන්තර්ජාලයේ පළ වෙලා තියෙනවා.

මේ ඇත්තක් නම් අතුරුදහන් ගුවන් යානයේ අභිරහස විසඳෙයි කියලා තමයි සමාජයේ කතා වෙන්නේ.

හැබැයි ඔන්න මේ වාර්තාවල සත්‍යය අසත්‍යය තාවය නම් අපිට තහවුරු කරන්න තවමත් සාධක නැහැ හරියටම.





_වෙබ්ගොසිප්

ටෙස්‌ට්‌ පිලේ ඔටුන්න යළිත් හේරත්ට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මස පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ නායකත්වය රංගන හේරත්ට ලැබී තිබේ.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධය සුවවීමට සති තුනක පමණ කාලයක්‌ වැය වෙන බවට වෛද්‍යවරු නිගමනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායකත්වය යළිත් රංගන හේරත්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව මෙසේ තීරණය කර ඇත.

මේ පිළිබඳව 'දිවයින' විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් විමසන ලදුව, ' මැතිව්ස්‌ට ටෙස්‌ට්‌ තරගාවලිය ගහන්න වෙන්නේ නෑ. එක්‌දින තරගාවලියෙත් අවසන් තරග දෙකේදී තමයි ගොඩක්‌ වෙලාවට කණ්‌ඩායමට එන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ ආබාධය ඒ වන විටත් සුව නොවන නිසා එක්‌ දින නායකත්වයටත් වෙනත් කෙනෙක්‌ නම් කරනවා' යි හෙතෙම පැවසීය.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්‌සයි විස්‌ස තරගය අතරතුරදී මැතිව්ස්‌ගේ දකුණු පාදයේ කලව ප්‍රදේශයේ අදාළ ආබාධය ඇති විය.

බංග්ලාදේශය සමග ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වීමට මැතිව්ස්‌ සූදානමින් සිටියද ඔහුගේ ආබාධය පරීක්‌ෂාකර බැලූ මහාචාර්ය අර්ජුන සිල්වා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායම විසින් මැතිව්ස්‌ට සම්පූර්ණ සුවය ලැබීමට තවත් සති තුනක පමණ කාලයක්‌ විවේක ගැනීමට නියමකළ හෙයින් ටෙස්‌ට්‌ තරගාවලිය ඔහුට අහිමි වී තිබේ.

එන සතියේ දිවයිනට පැමිණෙන බංග්ලාදේශ කණ්‌ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගය 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

rangana-herath-03

-අසේල විතාන_දිවයින

විද්‍යාත්මකව ඔප්පු වූ ”සියළු අතින්ම සුරූපී” කාන්තාව මෙන්න

Kelly Brook කියන්නේ ඇමරිකාවේ මෝස්‌තර නිරූපන ශිල්පිණියක් වගේම ජනප්‍රිය චිත්‍රපට නිළියක්.

1979 නොවැම්බර් 23 වන දින උපත ලැබූ ඇයට දැන් වයස අවුරුදු 37ක් වෙනවා.

අයගේ සුරූපී ශරීරයයේ විශේෂත්වය වන්නේ ලෝකේ ඕනෑතරම් සුරූපී ලඳුන් සිටීම පුදුමයක් නොවන කරුණක් වුවත් විද්‍යාත්මකව ” මැය සුරූපියි , සම්පුර්ණයි ” යන්න සඳහනක් වෙලා නැහැ. එහෙත් Kelly ව විද්‍යාත්මකව එලෙස සඳහන් කරලා තියෙනවා.

ඒ කියන්නේ කාන්තාවක තුළ තිබිය යුතු උසට සරිලන බර , ශරීරයේ හැඩතල , හිසකෙස් වල ඝනත්වය , හිනාවේ ස්වභාවය , සෞඛ්‍ය තත්ත්වය වැනි තවත් බොහෝ කරුණු කාරණා Kelly ගේ කිසිම අඩුවක් නැතිව පිහිටලා තියෙනවා.

ඒ හැමදේටම වඩා විශේෂිත කරුණ වන්නේ ඇයගේ ස්වාභාවිකත්වයයි.

ගොඩක් අය තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න විවිධ ප්ලාස්ටික් සැත්කම් සිදුකරගන්නවා. ශරීරයේ මේදය කොටස් යම් යම් ස්ථාන වලට එන්නත් කරගන්නවා. කෘතීම පියයුරු වැනි දේ බද්ධ කරගන්නවා.නමුත් Kelly 100% ක් ම ස්වභාවික සුරූපී බවක් ඇති කාන්තාවක් වනවා.

විද්‍යාඥයින් Kelly ව ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට ආදර්ශයක් ලෙසත් නිර්දේශ කරනවා.

ඒ කියන්නේ ගැහැණු කෙනෙක් නම් Kelly වගේ ඉන්න ඕන කියන එකයි.

ඇයගේ ජයාරූප කිහිපයක් පහතින්.












_වෙබ්ගොසිප්

තලේබාන් නායකයාට හිටි හැටියේ පරිසරය සිහිවෙලා

ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක හිබතුල්ලාහ් අඛුන්ද්සාදා රුක් රෝපණය කරන ලෙසට එරට ජනතාවගෙන් බලවත් ඉල්ලීමක් සිදුකර තිබේ.

ලොවපුරා අන්තවාදය හා ම්ලේච්ඡත්වය වපුරවමින් කටයුතු කරන විනාශකාරී ත්‍රස්තයෙකුගෙන් මෙවැනි වචනයක් පිටවීම පුදුමය දනවන්නක් බවද සැබෑවකි.

පෘථිවියේ සුන්දරත්වය සඳහාත්, මැවුම්කරුවාගේ සියලු මැවීම් වෙත අවශ්‍ය ආහාරපාන ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් රුක්රෝපණය සිදුකරන ලෙස ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ට මෙන්ම, සිය සටන්කරුවන් වෙතද විශේෂ නිවේදනයකින් තලේබාන් නායකයා මෙසේ පවසා තිබේ.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය මේ වනවිට දැවැන්ත වන විනාශයකට ලක්ව ඇති රටක් වන අතර, නීති විරෝධී දැව ජාවාරම්ද මීට හේතු වී තිබේ. එහිදී, මෙම දැව ජාවාරම් මෙන්ම, වන විනාශය සඳහා අඩු වැඩි වශයෙන් තලේබාන් සංවිධානයද වගකිව යුතු වීමද නොරහසකි.

පසුගිය මැයි මාසයේදී තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්ව ඇති හිබතුල්ලාහ් සටන් නායකයෙකුට වඩා ආගමික නායකයෙකු ලෙස ප්‍රකට බැවින් ඔහුගෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුවීම පුදුමයට කරුණක් නොවන බවද සඳහන් වේ.

hibatullah-akhundzada-taliban-leader

( නරේන් විශ්වජිත්_අද )

එල්ලුම්ගහට යන්න වෙයි කියලා හිතුවනම් කවදාවත් මම විවාහ වෙන්නේ නෑ

ආසයි මට මගේ පොඩි කෙල්ලව දකින්න...
 
එකම එක වතාවක් මට දුව බලන්න තියෙනවා නම් ඇති..
මැරෙන්නත් තව කොච්චර කල් බලාගෙන ඉන්නද..?

ජීවිතේ වරදින්න යන්නේ පුංචිම පුංචි වෙලාවක්. ඉක්මන් කේන්තිය නිසා ජීවිතේ හුඟක් දේ අපෙන් ඈත් කරනවා වගේම ප්‍රශ්න කන්දක් ජීවිතේට ලං කරනවා.

ඒ විදිහට ඉක්මන් කේන්තිය නිසා තමන්ගේ මහප්පව ඝාතනය කරලා මිනීරුවෙක් වුණු තරුණයෙක්ගේ ජීවිතය ගැන සංවේදී හෙළිදරව්වකි මේ.

මේ සිද්ධිය වෙද්දි වයස කීයක් විතර ඇතිද..?
මමයි මගේ ඥාති සහෝදරයයි තමයි මේ මිනීමැරුම කෙරුවේ.

එතකොට මට වයස අවුරුදු 15 ක් විතර ඇති. ඒ කාලේ ජීවිතේ ගැන ඒ හැටි තේරුමක් තිබුණේ නැහැ.

හිතේ තිබුණ තරහට තමයි මහප්පව මැරුවේ. හැබැයි අපේ මහප්පා මැරුනා කියන ආරංචියට ගමේ මිනිස්සු කිරිබත් උයාගෙන කෑවා.

මුලින් මුලින් ලොකු අම්මා අපිත් එක්ක තරහින් හිටියත් පස්සේ ඒගොල්ලොත් පිළිගත්තා අපි කරපු දේ හරි කියලා.

මිනිහෙක් මරන එක කොහොමද හරි වැඩක් වෙන්නේ..?
මිනිහෙක් මරන එක වරදක් තමයි. ඒත් අපේ ගමේ මිනිස්සුන්ට මහප්පගෙන් පුදුම කරදරයක් තිබුණේ.

මගේ තාත්තට සහේදරයෝ කිහිපදෙනෙක් හිටියා. මහප්පා තාත්තගේ වැඩිමල් සහෝදරයා.

මහප්පා කැමති නැහැ කවුරුවත් දියුණු වෙලා ඉන්නවට.

එයාට හැමදාම ඕන වුණේ අනිත් අයට වඩා ඉහළින් ඉන්න.

මහප්පා මරන්න හේතුව මොකක්ද..?
අපි අලුතින් ළිඳක් හැදුවා. බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා තමයි ළිඳ හදාගත්තේ.

ඒ නිසා අපිට ඒ ළිඳ හුඟක් වටිනවා. නමුත් ළිඳ හදලා ඉවරවෙලා පහුවදා උදේ බලනකොට ළිඳ හොඳටම අපිරිසිදු කරලා.

මට ඒ වෙලාවේ ලොකු තාත්තා එක්ක පුදුම තරහක් ඇති වුණේ.

මම ඊට ටික දවසකට පස්සේ ලොකු තාත්තගේ පුතාගෙන් ඇහුවා මහප්පා මරමුද කියලා.

එයා හා කිව්වා. අපි උදේ හතර විතර පාර දිගේ යනකොට මහප්පා නැද්දත් එක්ක අපි ඉදිරියට ආවා.

මමයි අයියයි අපේ අත්වල තිබුණු යකඩවලින් මහප්පට ගැහුවා.

මහප්පා පාර දිගේ දුවන්න ගත්තා. අපි දෙන්නත් එයා පස්සෙන් එලවලා ගිහින් ගැහැව්වා.

මහප්පා පාර මැද්දේ වැටුණා. මහප්පා ලේ පෙරාගෙන පාර මැද්දේ වැටුණට පස්සේ අපි දෙන්නා පිම්මේ දුවගෙන ගෙදර ආවා.

පස්සේ අපිට දැනගන්න ලැබුණා මහප්පා මැරුණා කියලා.

අපිට ඔක්කොම කිව්වා ගුටිකන්න නැතිව පොලිසියට ගිහින් බාරවෙලා ඇත්ත කියන්න කියලා.

අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා අපි ගිහිල්ලා පොලිසියට බාරවුණා. අපිව රිමාන්ඩ් කළා. බාල වයස්කරුවන් නිසා උසාවියෙන් අපිව ළමා නිවාසයකට දැම්මා.

මාස තුනයි දවස් දහයක් අපි හිටියේ ළමා නිවාසයක.

ගෙදරින් බලන්න එනවද..?
තාත්තගේ අයියගේ පුතා බලන්න එයාගේ ගෙදර අය එනවා.

එයාලා තමයි මාවත් බලන්නේ. නමුත් මගේ ගෙදරින් මාව බලන්න එන්න කෙනෙක් නැහැ.

අක්කා විවාහයෙන් පස්සේ මැදපෙරදිග රැකියාවකට ගියා.

අවුරුදු ගාණක් වුණා අක්කා ගැන තොරතුරක් නැහැ. මගේ අම්මා පිළිකාවක් හැදිලා මැරුණා.

මාව බලන්න ඇවිත් යන ගමනෙදි තමයි එයාට හොඳටම අමාරුවෙලා අම්මා මැරිලා තිබුණේ.

මගේ අම්මා මැරුනේ තාත්තා මැරිලා දවස් දාහතරකට පස්සේ.

මම දැන් අනාථයෙක්. අම්මයි තාත්තයි දෙන්නම මැරුණ බව මං දැනගත්තේ සෑහෙන කාලයකට පස්සේ.

ඒ දෙන්නගෙම මළගමට මට යන්නවත් ලැබුණේ නැහැ.

විවාහ වුණේ නැද්ද..?
ඇප ලැබිලා ගමට ගියාට පස්සේ අයියයි මමයි දෙන්නම විවාහ වුණා.

ඒත් අපිට වැඩිකල් සතුටින් ඉන්න ලැබුණේ නැහැ. අපිට නඩුවෙන් මරණීය දණ්ඩනය නියම වුණා.

අපි හිතුවේ අපිට නිදහස ලැබෙයි කියලා. එල්ලුම් ගහ නියම වෙයි කියලාහිතුවානම් විවාහ වෙන්නේ නැහැ.

මම හිරේ යනකොට මගේ දුවගේ වයස මාස එකහමාරයි.

මම හිරේ ආවට පස්සේ එකම දවසක්වත් බිරිඳ මාව බලන්න ආවේ නැහැ.

ගෙදර හිටපු අයියත් එක්ක එයා පවුල් කන්න පටන් අරගෙන. අයියා මහ ගේ විකුණලා දාලා දැන් ඒ ගොල්ලෝ කොහේ ඉන්නවද යන්නේ නැහැ.

ඒ වුණත් මට අයියා එක්කවත් බිරිඳ එක්කවත් තරහක් නැහැ.

මගේ බිරිඳ නොදන්න පිරිමියෙක් එක්ක ගියා නම් මගේ දරුවට වෙනස්කම් වෙන්න තිබුණා.

ඒත් මම දන්නවා අයියා මගේ දුවව ආදරෙන් බලාගනීවි කියලා.

එල්ලුම් ගහ නියම වුණා කියලා දැනගත්තම මොකද හිතුනේ..?
ඒ වෙලාවේ අපෙන් ඇහුවා නිදහසට කරුණු තියෙනවද කියලා.

ඒත් අපි මොනවා කියන්නද..? ඇත්තටම අපි මහප්පව මැරුවා. හිරගෙදර ඇවිත් මාස තුනක් විතරම මම හිටියේ හැඩූ කදුලින්.

හිරගෙදර ඇවිත් කොටු රෙද්දයි කොහු මෙට්ටෙයි යකඩ බකට් දෙකයි ලැබුණ දවසේ මට දැනුනා අපිට මේකෙන් ගැලවීමක් නැහැ කියලා. රෑට නින්ද ගියේ නැහැ.

එල්ලුම් ගහට යන්න බයද..?
නැහැ. මම එල්ලුම් ගහට බය නැහැ. ඒත් මැරෙන්නත් තව කොච්චර කල් බලාගෙන ඉන්නද..? දැන් මට හිතෙනවා ගෙදර යන්න ලැබේවි කියලා.

ඒ කොහොමද..?
ලොකු අම්මලා අභියාචනයක් ඉදිරිපත් කරලා. ඒ ගමන නියෝගයක් ලැබිලා තියෙනවා. අපිට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමයි කියලා.

එහෙම දඩුවම වෙනස් කරලා තියෙන්නේ මිනීමැරුම සිදුවෙද්දි අපි බාලවයස්කාරයෝ නිසා.

කොහොමද දවස ගෙවෙන්නේ..?
හෙට දවස ඉර පෑව්වත් ජීවිතේ කිසිම අලුත් බවයක් නැහැ. මම උදේ හවස බුදුන් වදිනවා.

මේ වෙනකොට මම අවුරුදු දහයක් හිරේ. දැන් මට වයස අවුරුදු 31 යි. ආර්ථික ප්‍රශ්න තිබුණ නිසා ඉගෙන ගන්න බැරිවුණා. ඉක්මන් කේන්තිය නිසා මිනීමරුවෙක් වුණා.

හැමදාම මම වෙච්ච වැරැද්දට මගෙන්ම සමාව ඉල්ලනවා.

මට හැම තිස්සෙම මගේ පුංචි දුව මතක් වෙනවා. එයා දැන් අවුරුදු 12 ක ගැහැණු ළමයෙක්.

ආසයි මට මගේ පොඩි කෙල්ලව දකින්න. එකම එක වතාවක් මට දුව බලන්න තියෙනවා නම් ඇති.

so-young-woman-which-destroyed-life

_හිරුගොසිප්

සැම්සන්ග් ස්මාට්ෆෝනය භාවිතයෙන්ම ටැබ්ලට් උපාංගයේත් අගුලු හැරිය හැක

Windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන Galaxy TabPro S ටැබ්ලට් උපාංගය පහසුවෙන් අගුලු හැරිය හැකි ආරක්ෂිත ක්‍රමයක් ඊට ඇතුළත් කර ඇති බව සැම්සන්ග් සමාගම පවසයි. එනම්, පසුගිය වසරේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා භාවිතා වූ Flow යෙදුම භාවිතයෙන් එය සිදුකළ හැක.

මෙහිදී ඔබට කිරීමට ඇත්තේ ‍ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය සහිත ඔබේ ගැලැක්සි ස්මාට්ෆෝනය, ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කොට අගුලු හැරීම පමණි. එවිට TabPro S ටැබ්ලට් උපාංගයද ස්වයංක්‍රීයවම අගුලු හැරෙනු ඇත.

මෙම හැකියාව ඉදිරියේදී පැමිණීමට නියමිත Windows 10 Creators යාවත්කාලීනය සමග ලැබෙනු ඇතැයි පැවසෙන අතර, එම යාවත්කාලීනය අප්‍රේල් මාසයේදී පමණ එළිදැක්වෙනු ඇතැයි පැවසේ. එසේම යම් විටක වෙනත් Windows 10 මතින් ධාවනය වන උපාංගයන් වෙතද මෙම පහසුකම ඉදිරියේදී ලබාදෙනු ඇතැයි යන අනුමානයන්ද ඇසෙමින් පවතී.

samsung-galaxy-tabpro-s

-ada

ලෝක සිනමා මංගල්‍යය ‘ඔස්කාර්’අද ඇරඹෙයි

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සිනමා සම්මාන රාත‍්‍රිය තව නොබෝ වේලාවකින් ආරම්භ වෙනවා. 

මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා හි ඩොල්බි රංග ශාලාවේදීයි.

පළමු සම්මානය පිරිනැමුණේ හොඳම සහාය නළුවා වෙනුවෙන්. සම්මාන දිනාගත්තේ ‘මූන් ලයික්’ චිත‍්‍රපයේ රඟපෑ අමෙරිකානු නළු මහේෂාලා අලී.

හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය ‘කොලින් ඇඞ්වුඞ්’ චිත‍්‍රපටයට හිමිවුණා.

හොඳම වේෂනිරූපණය හා කොණ්ඩා සැකසුම් සඳහා වන සම්මානය ‘සූ සයිඞ් ස්කොඞ්’ චිත‍්‍රපටය දිනාගත්තා.

හොඳම වාර්තාමය චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිවුණේ ‘මේඞ් ඉන් අමෙරිකා’ චිත‍්‍රපටයටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර සම්මාන උළෙලේදී වැඩි අවධානයක් දිනාගත් චිත‍්‍රපටය බවට පත්ව ඇත්තේ ‘ලාලා ලෑන්ඞ්’ චිත‍්‍රපටය බවයි.

ඉකුත් දා පැවති ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේ මෙම චිත‍්‍රපටය වීම ඊට හේතුවයි.

මීට අමතරව ‘මැන්චෙස්ටර් බයි ද සී ’ චිත‍්‍රපටය කෙරෙහි ද විචාරකයින්ගේ වැඩි අවධානය යොමුව තිබෙනවා.

ඔස්කාර් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 89වන වරටයි.

මේ අතර ලෝක සිනමාවේ කැපීපෙනෙන චරිතයක් වන බිල් ෆැක්ස්ටොන් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

ටයිටැනික්, ඒලියන්ස්, ද ටර්මිනේටර් වැනි ලෝකප‍්‍රකට චිත‍්‍රපටවල රඟපෑ ඔහු මියයන විට 61වන වියේ පසුවුණා.



_නෙත්

26 February, 2017

ශ්‍රී ලංකන් මුල්ම එයාර්බස් 320 Neo යානය – ඩුබායි රාජ්‍යයෙන් පිටත් වේ – අද උදෑසන ශ්‍රී ලංකාවට! (Exclusive Video)

srilankan-airlines-airbus-flight-320-neo-01

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඇණවුම් කරන ලද මුල්ම එයාර්බස් 320 Neo යානය අද ( 26) උදෑසන 6.00ට පමණ කටුනායක ගුවන්තොටුපළට ළඟාවීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සතුව එයාර් බස් 320 වර්ගයේ යානා තිබුනද එයාර්බස් 320 Neo වර්ගයට අයත් ප්‍රථම යානය වනුයේ මෙම යානයයි.

මේ වන විට එම ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ලංකාව බලා පිටත් වී තිබේ.

යානය නිශ්පාදනය කල සමාගමේ තාක්ෂණික සහායක නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකන් සමාගමේ නිලධාරීන් පිරිසක් ඩුබායි රාජ්‍යයේ සිට මෙම යානය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ පියාසැරියට සහභාගී වී ඇත.

කටුනායකදි මෙම ගුවන් යානයට ජල ආචාරය (Water Salute)ද ලබා දීමට නියමිතය.

මෙම යානය ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලින් අහසට නැගුනු අවස්ථාව ඔබට පහතින් නැරඹිය හැක.



srilankan-airlines-airbus-flight-320-neo-02

srilankan-airlines-airbus-flight-320-neo-03

srilankan-airlines-airbus-flight-320-neo-04

-harigossip

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනපති යයි

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.

කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා එතුමා සමග කෙටි පිළිසරක ද නිරත විය.

maithripala-sirisena-karlo-fonseka-01

maithripala-sirisena-karlo-fonseka-02

( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

කොලු වලි සහ ගැටව් කචල් - බාලිකා පාසල්වල "චණ්‌ඩි ශ්‍යාමා"

- සුලෝහිත සංග්‍රාමවල සුලෝහිත ඉතිහාසය

- බාලිකා පාසල්වල "චණ්‌ඩි ශ්‍යාමා" පන්නයේ චණ්‌ඩි කෙල්ලෝ.

school-students-clash

ගමේ හෝ නගරයේ කියා වෙනසක්‌ නැත. නව යොවුන් වියට එළැඹෙන පාසල් සිසුන් අතරින් බහුතරයක්‌ දෙනා දඟල දඩබ්බර, අකීකරු, අසම-ජාති වැඩ කරති. සමහරු මෙයට කොලුකම කියාද කියති. එදවස ගමක්‌ තුළ ඇති පාසලක කොල්ලන් කළ දඩබ්බර වැඩ යනු ඉස්‌කෝලෙන් කට්‌ටි පැනීම, අසල වත්තක ඇති තැඹිලි කුරුම්බා හොරාට කැඩීම, ගෙදරට හා පාසලට හොරා ඇළක දොළක වක්‌කඩක ඇනිකට්‌ එකක බිලී බෑම සහ එහි නාන්නට යැම සහ ලඳු කැලෑවක හෝ පාළු වත්තකට රිංගා බීඩියක්‌ සිගරැට්‌ටුවක්‌ ඉරීම වැනි දේය.

නමුත් නගරයේ කොල්ලන් එදා කළ දඩබ්බර වැඩ ඊට වෙනස්‌ය. ඔවුහු ස්‌කූල් කට්‌ කර මුහුදේ නාන්නට ගියහ. මැටිනි ෂෝ හෙවත් 10.30 චිත්‍රපට බැලූහ. දෙමාපියන් දෙදෙනාම රැකියාවට යන ගෙදරකට කීප දෙනෙක්‌ රැස්‌ව මුළුතැන්ගෙයි උයා ඇති කෑම වළං පිටින්ම හූරං කා බෲස්‌ලීගේ හෝ ජෙට්‌ලීගේ ඩෙක්‌ පීස්‌ නැරඹූහ. එසේත් නැත්නම් වැඩිහිටි හෝ නිල් පීස්‌ බැලූහ. සියල්ලෝම නොවුණත් අතරින් පතර සිටි කොලු කණ්‌ඩායම් සිගරට්‌ එකක්‌ බියර් බෝතලයක්‌ හෝ ඊටත් මඳක්‌ එහාට ගොස්‌ ගංජා සුරුට්‌ටුවක හෝ අරක්‌කු බාගයකට සෙට්‌ වූහ.

ඉහත සඳහන් අවර දඩබ්බර වැඩවලට අමතරව ගමෙත් නගරයෙත් යන දෙකේම සමහර තරුණ පාසල් ගැටව් තනි තනිවම අතින් පයින් ගහ ගැනීම, ගුස්‌ති ඇල්ලීම, කණ්‌ඩායම් වශයෙන් පිල් බෙදී ගුටි ඇන ගැනීම වැනි දේද නොකළේම නැත.

ඇත්තටම ගුටි ඇන ගැනීම පාසල් දරුවන්ට අරුම දෙයක්‌ නොවේ. ඔවුන් අතරින් වැඩි දෙනෙක්‌ එසේ කිරීමට කැමැතිය. විශ්ව සාහිත්‍යයේ මෙන්ම අප රටේ නවකතා, චිත්‍රපට, ටෙලි නාට්‍ය ඉතිහාසයේද එසේ පාසල් දරුවන් අතර ගුටි කෙළි අඬදබර වැනි සිදුවීම් තිබුණුq බව අපට පෙන්වා දිය හැකයි. විශ්ව සාහිත්‍යයේ දඟකාරයන් අතර තාමත් අංක එකේ ප්‍රමුඛයා වන ටොම් සෝයර් ඔරිජිනල් පිටපත කියවන කාටත් මාර්ක්‌ ට්‌වේන් විසින් ලොවට බිහි කළ ඒ දඟකාර චරිතය සිතින් කිසිදා බැහැර කළ නොහැක. 

ටොම් යනු ඒ තරමටම දඟ වැඩ කළ එමෙන්ම බාල මහලු තරුණ වැඩිහිටි පාඨක සිත් ආකර්ෂණය කරගත් මනඃකල්පිත කොලු ගැටයෙකි. දයා රාජපක්‍ෂ බිහිකළ පසුව සුනිල් ආරියරත්න විජය කුමාරතුංග යොදවා තිරයට ගෙනා අනුපමාගේ අසිතද නිතර වලියට බර දඩබ්බර සිසු චරිතයකි. ඔහු එකල අප ඇතුළු පාසැල් දරුවන්ගේ වීරයෙක්‌ව සිටියේ අයුක්‌තියට අසාධාරණයට එරෙහිව දුප්පතුන් වෙනුවෙන් සටන් කළ අයෙක්‌ නිසාය.

පිරිමි දරුවන් සිටින සෑම පාසලකම වාගේ චණ්‌ඩි පුත්තු සිටිති. මැරයෝ සිටිති. මදාවියෝ සිටිති. අසරණයන් වෙනුවෙන් සටන් කරන ඉල්ලීම් වෙනුවෙන් පාරට බහින ගැලවුම්කාරයන් හෝ විමුක්‌තිකාමීන්ද සිටිති. එමෙන්ම ජඩ, ජාගර, අසම-ජාති, අවටියල් අලුගුත්තේරු, අසික්‌කිත කොලුවන්ද මේ අතර සිටින බව අකැමැත්තෙන් වුවද කිව යුතුය. සමහරු කොල්ලන් නොව කොලු තාත්තලාය.

හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච පුත්තු, කියා සමහර ගුරුවරුන් මේ ගැටවුන්ව අමතන්නේ ඒ නිසාය.

ඕල්කොට්‌තුමන් බිහි කළ මෙත්තානන්ද, කුලරත්න, කුඩලිගම වැනි උත්තමයන් සිය ශ්‍රමය ධනය ජවය සහ මුළු දිවියම කැපකොට ඉදිරියට රැගෙන ආ සිංහල බෞද්ධ පිරිමි පාසැල් පද්ධතියටම නිගා දෙමින් පසුගිය සතියේ ඇතිවූ සිසු සිසු ගැටුම ගැනද මෙහිදී යමක්‌ ලිවිය යුතුය.

සමහරු කියන අන්දමට මෙය සායක්‌ නිසා නොහොත් තරුණියකගේ ප්‍රේමය නිසා හටගත් ආරවුලක ප්‍රතිඵලයකි. තවත් අය කියන්නේ ගැටුමට සම්බන්ධ වූ දරුවන්ගේ පවුල් සහ සංස්‌කෘතික පසුබිම නිසා මෙය සිදුව ඇති බවයි. තවත් අය කියන්නේ මෙය දැඩි උෂ්ණය සහ වත්මන් කාල පරිච්ෙ-දය නිසා උද්ගත වූ තත්ත්වයක්‌ බවයි. අප දකින අන්දමට මෙයට හේතුව ඉහත සියල්ල සහ ඒ ගැටවරයන්ගේ මානසිකත්වය සහ පෞරුෂය ද මෙයට ඉවහල් වූ බවයි.

කෙල්ලක්‌ නිසා හෝ පෙමක්‌ නිසා හෝ වෙනත් හේතුවක්‌ නිසා හෝ තරුණ නව යොවුන් සිසු පිරිස්‌ හටන් ගැටුම් කල කෝලාහල ඇති වූයේ අදක ඊයෙක සිට නොවන බවද අපි දනිමු. නමුත් ගල් මුල් පුටු කකුල් වීදුරු බෝතල් යකඩ පොලු ආදිය රැගෙන මාරාවේශයෙන් දිව ඇවිත් එක්‌ පාසලක සිසු පිරිසක්‌ තවත් පාසලක සිසු පිරිසකට පහර පිට පහර දී අවසානයේ එය එළාර දුටුගැමුණු ජාතියේ මුහුණට මුහුණලා කෙරෙන සටනක්‌ බවට පත්වූ ප්‍රථම අවස්‌ථාව මෙය බව මගේ වැටහීමයි. 

තම සහෝදර පාසලේ මිතුරෙකුට වෙනත් පාසලක සිසුවෙකුගෙන් අභියෝගයක්‌ එල්ලවුණා කියා දැනගත් කල්හි ඌ වෙනුවෙන් ඉස්‌සරින්ම සටනට බහින්නේ නාලන්දීයයන්ය. නමුත් ඒ කඩු පොලු මුගුරු විකට්‌ පොලු සහිත ම්ලේච්ඡ අයුරින් නොවේ. වැඩිම වුණොත් අදාළ සිසුවා හෝ පිරිස වෙත ගොස්‌ කම්මුල් පාරක්‌ හෝ දෙකක්‌ ගසයි. නැතිනම් උඩ පැන බෲස්‌ලි හෝ චක්‌ නොරිස්‌ මෙන් පා පහරක්‌ එල්ල කරයි. තාමත් ඔහු මෙල්ල නොවී වරද පිළිsනොගන්නේ නම් වට කර ටොකු පූජාවක්‌ දෙයි. එසේ නැත්නම් අතින් පයින් කුඩා ගුටි පූජාවක්‌ එල්ලකරයි.

" අඩෝ.. , අඩෝ.., මූණට, පපුවට ගහන්න එපා හරිද?, කියා කල්ලියේ නායකයා අයිනක සිට සටන මෙහෙයවමින් ප්‍රහාරකයින් යම් විනයකට ලක්‌ කරන අයුරුද ඉතා සුලබය.

"අපිත් ඉස්‌සර හොඳ වලි කාරයො තමයි. හැබැයි අතින් පයින් තමයි වැඩ. චැලෙන්ඡ් කරල ගහ ගන්නව දෙන්නගෙන් එකෙක්‌ දුවනකං හරි... මං බයයි කියල දෙකට නැමෙනකං හරි.. කොහාම ගැහුවත් අපි දන්නව නපුරු තැන්වලට නොගහන්නයි, තුවාල නොවෙන්න ගහන්නයි ,

මෙසේ කියන්නේ ඒ කාලයේ එනම් 80 දසකයේ මැද හරියේ පමණ පාසල් සිසුන් අතර ක්‍රියාත්මක වුණුq ගැන්ග් 48 නම් කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ දැන් ප්‍රංශයේ පැරිස්‌ නගරයේ ජීවත්වන අප හිතවත් නිශාන්ත හෙවත් පයිලට්‌ය. පසුගිය දිනෙක ඇතිවූ සොයුරු සොයුරු නින්දිත ගැටුම අන්තර්ජාලයෙන් දැක ප්‍රංශයේ සිට ඔහු මෙසෙන්ජර් හරහා මට ඔහුගේ ශෝකය ප්‍රකාශ කර තිබුණේa එලෙසිනි.

එකල දඩබ්බර සිසුන් අතර ක්‍රියාත්මක වුණුq ගැන්ග් 48 ගැනද සිහි නොකරම බැරිය. එයට විටින් විට විවිධ පාසල්වල සිසුහු නායකත්වය සැපයූහ. 83- - 85 කාලයේදීS අවසන් වරට එහි නායකයා වූ තිස්‌ස පසුව උසස්‌ පෙළ කර පාසැලින් අස්‌වී අවි ගත් සන්නද්ධ කල්ලියකට සම්බන්ධ වූ අතර 89 භීෂණය කාලයේ අතුරුදන් විය.අනික්‌ සිසුන්ගෙන් බහුතරයක්‌ අද සමාජයේ ඉහළ රැකියාවල යෙදෙමින්ද තවත් සමහරු යුරෝපය, කැනඩාව, ඇමෙරිකාව, ඔස්‌ට්‍රෙලියාව ආදී රටවල පදිංචියටද ගොසිනි. 

මේ 48 කල්ලියට එසේ නම වැටෙන්නේ එහි එක පාසලකින් හය දෙනා බැගින් පාසැල් අටකින් සාමාජිකයන් හතලිස්‌ අට දෙනෙකු සිටි නිසාය. ආනන්දල නාලන්ද, ඩී ඇස්‌ සේනානායක, ඉසිපතන, තර්ස්‌ටන්, සහිරා, කේරි, වෙස්‌ලි යන පාසැල් මෙයට අයත් වූ අතර රාජකීයයන් යනු ෙද්‍රdaහීන් බවටත් ඔවුන් ඇසුරු කිරීම හෝ කල්ලියේ රහස්‌ ඔවුන් අතට පත්වීම සාමාජිකත්වය අහිමි විය හැකි විනය පරීක්‍ෂණයකට යටත් විය හැකි දැඩි වරදක්‌ බවටත් සාමාජිකයෝ පිළිගෙන සිටියහ.

ඊට අමතරව ගරු සාමාජිකයන් වශයෙන් අගනුවර ජනප්‍රියම කාන්තා පාසල් දෙක තුනක චණ්‌ඩි ශ්‍යාමා කොලිටියේ කෙල්ලන් හත් අට දෙනෙකුද සම්බන්ධ වී උන් බව මට මතකය. අප අතර පෙම් සබඳතා ශාරීරික සබඳතා තරහ මරහ ආදිය ඇතිවීම අනිවාර්යයෙන් තහනම් කරුණකි. මේ හතළිsස්‌ අටේ කල්ලියේ ප්‍රධාන අරමුණු වූයේ සාමාජික පාසල්වල සිසුන්ට මහමඟදී වන පාසල්වල සිසුන්ගෙන් වෙන හිරිහැර තාඩන පීඩන අවම කිරීම, එසේ වෙන වැරදිවලට දඬුවම් පැමිණවීම, බිග් මැච් සමයට අවශ්‍ය විනෝදාස්‌වාද කටයුතු සංවිධානය කිරීම, ප්‍රධාන ක්‍රිකට්‌ හෝ රගර් පාපන්දු වැනි තරගවලදී ඇතිවන කචල් වලි පෙරළෙන බාල්දිs ආදියට විසඳුම් සෙවීමල ඇතිවන ගැටලු අභියෝගවලට ප්‍රති ප්‍රහාර දීම සහ පාසල් තුළ මං පොර වෙන්නටත් වැඩියෙන් ඉස්‌මතු වෙන්නටත් දඟලන අලුත් චණ්‌aඩින්ව මෙල්ල කිරීම බලතල අතට අරන් වැඩියෙන් දඟළන ශිෂ්‍ය නායකයන් හෙවත් පිපෙට්‌ලාව මට්‌ටු කිරීම මෙන්ම යහපත් කරුණාවන්ත ගුරුවරුන්ට හෝ අහිංසක අසරණ කොන්වුණුq සිසු සිසුවියන්ට කෝචොක්‌ කරන පාට්‌ දමන නවක වද දෙන බොරු චණ්‌aඩින් නොන්ඩින් කිරීමද සිදු විය.

සාමාන්‍යයෙන් මහ විද්‍යාලයක බාලාංශයේ සිට ශ්‍රේණි 12 ක්‌ ඇති බව අපි දනිමු. මේ එක එක ශ්‍රේණියට අවම වශයෙන් චණ්‌ඩි හෝ යකාටවත් බය නැති වර්ගයේ හොඳින් දැඟලිය හැකි අත පය එහෙ මෙහෙ විසි කළ හැකි පස්‌ හය දෙනෙක්‌ සිටිති. ඒ අතරින් නොම්මර එකේ වැඩ්ඩන් ඉන්නේ එකෙකි. නැත්නම් දෙන්නෙකි. මෙවැනි වැඩ්ඩන් වැඩි වන්නට වන්නට පාසල් තුළ ඇති රණ්‌ඩු හෝ හටන් ඇවිලී යැමද වැඩිවෙයිs

අන්න අරූ කැමැතියි ඔයත් එක්‌ක චැලෙන්ජ් කරල ගහගන්න.. මොකද කියන්නෙ අභියෝගය භාර ගන්නවද?

කාල තෙල ඇති ඇඟේ ජොහොර් එක නොඅඩු කොල්ලෙක්‌ නම් එම අභියෝගය එක පයින්ම භාර ගනී. ඔහු එවෙලේම හටන් කොන්දේසිද ඉදිරිපත් කරයි.

ඔන්න කිව්වා පැරදිලා සර්ලා ටීචර්ලා ගාවට දුවන්න බැහැ,

මූණටයි පපුවටයි ගහන්න බැහැ,

පොලු, බෝතල්, කවකටු, ක්‍රිකට්‌ පොලුවගේ ආයුධ ඔට්‌ටු නැහැ,

හපන්න, හූරන්න, කොනිත්තන්න, කෙළ ගහන්න තහනම්, දත් කැඩුනයි ලේ හැලුනයි කියල අඬන්න බැහැ,

තමන්ගෙ එකා පරදිද්දි අනික්‌ එවුන් මැදට පනින්න බැහැ,

බිම වැටිච්චි එකා හරි බදා ගත්ත එකා හරි පරාදයි,

මෙවැනි නානා විධ තරග නීති මැද කලින් නියම කරගත් දිනයක වෙලාවක පාසලේ පාලු කොනක හෝ පිට්‌ටනියක අයිනක දෙදෙනා මුණ ගැහෙන්නේ එකිනෙකාට සහාය දක්‌වන පරිවාර කණ්‌aඩායමක්‌ද සමගිනි.

ආධාරකරුවන් සහ හුරේ දමන්නන් රවුමට වට වන අතර හටන්කරුවෝ මැද ඉඳන් වටේ කති. නොහොත් හොර ගල් අහුලන්නට පටන් ගනී. එකෙක්‌ බෲස්‌ලී මෙන් ක්‍රෝධයෙන් අත් මිට මොලවමින් දත් මිටි කන අතර අනිකා මොහොමඩ් අලී මෙන් එක තැන එහෙ මෙහෙ පනිමින් නයෙක්‌ විස පිඹින අයුරන් සූස්‌ සූස්‌ සද්ද දමයි. සමහරු වහසි බස්‌ දොඩයි. සටන ඇරඹෙන පාටක්‌ නැත. අවට ඉන්න එවුන් කට අරින්නේ එවිටයි. මෙයට කියන්නේ කොටවනවා නොහොත් ෙµdaම් කරනවා කියායි.

ඒයි මොකෝ බයද? ගෙදර මතක්‌ වුණාද ? ගේම නවත්තමුද? පරාදේ පිළින්නවාද? ආදි ප්‍රශ්න සමහරු අහද්දී සමහරු සටන් කරුවා උසි ගන්නන්නේ..,

හා පුලුවන් නං අල්ලපං අනිකගෙ නහය.. ඔට්‌ටුයි උඹට බැරුවට, කියමිනි.

කෙසේ හෝ එකෙක්‌ ඉස්‌සර වී ඉදිරියට පැන අනිකාගේ නාසය අල්ලන්නට උත්සාහ කරයි. එවිට නාස්‌ හිමිකරු ඉදිරියට පැන තම එදිරිවාදියාට පහරක්‌ එල්ල කරයි. ඉනික්‌බිති ද්වන්ධ සටන ඇරඹෙයි. තමා දන්නා ශිල්ප ශාස්‌ත්‍ර සහ කසිකබල් දෙමළ චිත්‍රපට සහ තායිවාන් කරාටේ චිත්‍රපට නරඹා එතෙක්‌ ඉගෙන ගෙන ඇති සෑම ප්‍රහාරයක්‌ම සටන් ක්‍රමයක්‌ම උපයෝගී කරගනිමින් සටන් කරුවන් සටන් වදී.

සෙල්ලම දුරදිග යන්නේ යෑයි බලා සිටින්නන්ට හැඟෙන්නේ නම් එකෙක්‌ හෝ දෙන්නෙක්‌ මැදට පැන සටන නවත්තන්නට උත්සාහ කරයි. දෙන්නා දෙපසට ඇද කීප දෙනෙක්‌ අල්ලා ගන.S බැරිම තැන අයිනක ඉන්න එකෙක්‌ . ඔන්න ලොකු සර් එනවා දුවපල්ලා, කියා කෑ ගසයි. එය ඇසුණුq සියලු දෙනා පස්‌ස නොබලා පන්ති කාමරයට දුවන්නේ විදුලි වේගයෙනි.

වෛරයක්‌ ක්‍රෝධයක්‌ පලිගැනීමක්‌ නැත. වැඩියෙන් ගහපු එකාට දිනුම දී සටන එතැනින් ඉවර වෙයි . යළිත් සිසුවන් සුපුරුදු මිතු දමින් පාසල් වැඩකටයුතුවල යෙදේ. මා මේ විස්‌තර කළේ අප පාසල් යන කාලයේ වුණු කොලු වලි සහ ගැටව් කචල් ගැනයි.

80 දසකයේ ආනන්දේ සිසුවන් වන පුංචි බොරැල්ල ලර්නස්‌ සුජීව සහ ගල්වත්තේ බොක්‌සිං මාස්‌ටර්ගේ පුත් ප්‍රභාත් අතර ඇතිවුණ ගැටුම යනු අදටත් සුලෝහිත ඉතිහාසයේ ඉහළිsන්ම ලියෑවී ඇති අංක එකේ සටනකි. හැඩි දැඩි උස මහත යෝධයෙක්‌ වැනි සුජීව .එපා එපා, කියද්දීS එතරම් උස මහත නැති ප්‍රභාත්ට පහර කීපයක්‌ මුලින්ම ගැසූ අතර ප්‍රභාත් ඒ සියල්ල ඉවසමින් දෑතින් මුහුණ වහගෙන පහත් වූ අතර මඳකින් දැන් ඇති .අයියෙ ආයි ගැහුවොත් නං මාත් ගහනවා, කියද්දී ඊළඟට පැමිණි සුජීවගේ පාපහර නිසා ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නේය. වහා කෙළින් වුණුq ප්‍රභාත් දකුණු පාදය ඉදිරියට ගෙන මඳක්‌ පිටුපසට නැමී යළි දුන්නක්‌ මෙන් කෙළිsන් වී ඉදිරියට පැන සුජීවගේ මුහුණටත් පපුවටත් හුක්‌ ෂොට්‌ දෙකක්‌ එල්ල කළ අතර සුජීව කපා හෙළන ලද කෙහෙල් ගසක්‌ මෙන් ආනන්දයේ ක්‍රීඩා පිටිය වටේ ඇති සිමෙන්ති පඩි පෙළෙන් බිමටම ඇද වැටුනි. එතෙක්‌ තමා දරා සිටි කලාපයේ සටන් නායක කිරුළ ගලවා එවෙලේම ප්‍රභාත්ට පිරිනැමු සුජීව සිය පිරිවර සමග එතැනින් පිටවුණේa යළි පළිs ගන්න අදහසින් නොව මිතුරු සිතකිනි.

සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් යන මාස හතර ඇතුළත් පාසල් පළමු වාරය සිසුන්ට ගැම්මක්‌ ආවේගයක්‌ සහ ජවයක්‌ ගෙන දෙන කාල පරිච්ඡේදයක්‌ බව අපි දනිමු. ඒ ක්‍රිකට්‌ තරඟ බිග් මැච් නිවාසාන්තර ක්‍රීඩා තරඟ වැනි ප්‍රායෝගික දුව පැන කරන ක්‍රියාකාරකම් ඇති කාලයක්‌ නිසාය. එමෙන්ම සාමාන්‍ය පෙළ සමත්ව වෙන සිසු සිසුවියන් නවකයන් ලෙස පාසලට ඇතුල් වෙන්නේත් මේ කාලයටයි. අලුතින් එන කෙල්ලන්ට වැඩ පෙන්වීමට, අලුත් කොල්ලන් බය කර ගැනීමටද දැඟලිල්ල ඇති ගැටවරයන් මේ කාලයට තම ශිල්ප පෙන්වන්නට උත්සාහ කරති. සිසුන් සිසුන් අතර සටන් ඇතිවන්නේ මේ හේතුන් නිසාය.

ලංකාවේ දකින්නට නැති එහෙත් යුරෝපයේ ඇමෙරිකාවේ සහ කැනඩාවේ සමහර ප්‍රාන්තවල ඉතා සුලබ "ලයිෆ් කෝච්" (Life Coach) හෙවත් ජීවිත පුහුණුකරු නමැති චරිතය මේ සඳහා සාර්ථක විසඳුමකි. ඔහුගේ කාර්යභාරය වන්නේ දඟකාරකමට වැඩි නැඹුරුවක්‌ දක්‌වන දඩබ්බර දාමරික ගති ඇති ආවේගශීලී දරුවන් අඳුනාගෙන ඒ අයට පෞද්ගලිකව ළංවී ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරන ප්‍රචණ්‌aඩත්වයෙන් මුදවන ක්‍රියාකාරීකම් වලට යොමු කිරීමයි. ඒ සඳහා මේ ලයිෆ් කෝච් විසින් පිහිනීම, ක්‍රීඩා, වික්‍රමාන්විත ක්‍රියා අනුසාරයෙන් සටන්කාමී බව, වේගවත් බව නිර්භීතකම වැනි දේ යහපත් අන්දමට යොදවන අයුරු උගන්වයි. මෙය සාර්ථක ක්‍රමයකි. අද විද්වතුන් මෙන්ම ළමා මනස පිළිබඳ විශාරදයන්ද විශ්වාස කරන්නේ පාසලේදී පන්ති කාමරයේදී ගණිතය, විද්‍යාව, භාෂාව, සාහිත්‍යය, සෞඛ්‍යය, වාණිජ්‍ය වැනි විෂයන් උගන්වන ගුරුවරුන්ට බැරි ඊට එහාට ගිය ජීවිත පාඩම් මේ ලයිෆ් කෝච්ට ඉගැන්විය හැකි බවයි.

දැනුමෙන් බලයෙන් පූර්ණ මනා පුහුණුවක්‌ ලත් කැපවීමක්‌ ඇති ජීවිත පුහුණුකරුවන් අපගේ පාසල් තුළද සේවය සඳහා බිහි වනතුරු අපි බලා සිටිමු.

-මිත්‍ර ශ්‍රී කරුණානායක_දිවයින

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු නිළියක්ව බලෙන්ම නිරුවත් කරලා

debra-messing

හොලිවුඩ් නිළියක් වන ඩෙබ්රා මෙසින් බරපතල පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා.

ඇය පවසා ඇත්තේ පසුගිය දිනයකදී චිත්‍රපට අධ්‍යක්ෂ ලේෆොන්සෝ ඇරෝලෙඩ්ගෙන් ඇයට නින්දා අපහාස සිදුවූ බවයි.

තමන්ගේ සිරුරට අනිසි බලපෑම් කරමින් ලජ්ජාවට පත්කර තම ආත්ම ගෞරවයට දැඩි ලෙස නිගා කළ බවද ඇය පවසා තිබෙනවා.

“මුල්ම දවසෙ තිබුනේ කේනු රිච්ස් එක්ක ප්‍රේම ජවනිකාවක් නිරූපණය කරන්න. මේ රංගනය කරගෙන යද්දි අධ්‍යක්ෂවරයා ඒක මැදට පැනලා මගේ නහය ගැන අපහාසාත්මක දේවල් කිවුවා. තවත් වතාවකදි ඔහු මට බලකලා නිරුවත් දර්ශනයක් නිරූපණය කරන්න කියලා. එහෙම දර්ශනයක් තියෙනවා කියලා මට කලින් කියලා තිබ්බෙ නැහැ. එයා මට තර්ජනය කළා” යනුවෙන් පවසා තිබෙනවා.

අධ්‍යක්ෂවරයාගේ දැඩි බලපෑම මත එවැනි දර්ශනයක් රඟපෑවත් චිත්‍රපටයට එක්කර තිබුණේ එම දර්ශනයේ ඉතා කෙටි අවස්ථාවක් යැයිද ඇය පවසා තිබෙනවා.

_වෙබ්ගොසිප්

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි – රතන හිමි ආණ්‌ඩුවේ රහස්‌ රැසක්‌ හෙළි කිරීමට සුදානම්

ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

තමන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට හේතු සාධක රැසක්‌ බලපෑ බවද උන්වහන්සේ පවසන බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

එසේම ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවද කරුණු රැසක්‌ හෙළි කරන බවත් උන්වහන්සේ කියා සිටිනවා.

athuraliye-rathana-thero-04

_නෙත්ගොසිප්

හෝම්ස් නගරයට එල්ල වු ප්‍රහාරයේ මරණ වැඩි වෙයි

සිරියාවේ හෝම්ස් නගරයට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් මියගිය පුද්ගලයින් ගණන 40 ඉක්මවා තිබෙනවා.

ඒ අතර සිරියානු හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී ජෙනරාල් හසන් දාබුල් ද සිටින බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

හෝම්ස් නගරයේ පිහිටි රාජ්‍ය ආරක්ෂක මූලස්ථානය ඉලක්ක කරගනිමින් මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව එල්ල වී තිබෙනවා.

පුද්ගලයින් 06 දෙනෙකු ප‍්‍රහාරයට එක්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් අනාවරණ කළේ. 

assault-on-homs

_නෙත්

අැඟේ මස්ල්ස් හදාගත්තටම Model කෙනෙක් වෙන්න බෑ

madura-priyadarshana-peiris-02

මුලින්ම ඔබ ඔබවම හඳුන්වලා දෙන්න?
මම මධුර ප්‍රියදර්ශන පීරිස්. මම ඉන්නේ වාද්දුවේ. මේ වෙනකොට මම නිරූපණ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. හෙට අනිද්දාම මාව රංගනයෙනුත් දැකගන්නට පුළුවන් වේවි.

ඇයි මොඩ්ලින් කරන්න හිතුණේ?
අනේ මන්දා... ඒකට මූලිකම හේතුව මොකක්ද කියලා. මුලින්ම 2012 වසරේ Mr. Sri Lanka තරගාවලියෙන් ජයග්‍රහණය කළා. ඊළඟට 2013 වසරේදී ‍Fashion Asia award එක දිනාගත්තා. ඊළඟට ආයෙමත් 2015 Mister Sri Lanka for mister global world එක ජයග්‍රහණය කළා. ඒ තරගාවලිත් එක්ක තමයි මොඩ්ලින් කරන්න හිතුණේ.

කවුද මුලින්ම ඔබ කඩවසම්, ඔබේ බැල්ම, ඉරියව් මොඩ්ලින්වලට හොඳට හරියනවා කියලා කීවේ?
අනේ... එහෙම මුලින්ම කියපු කෙනෙක්වනම් මතක නෑ. හැබැයි ලෝ චින් වෝන්, රෝසිතා වික්‍රමසිංහ, මයිකල් විජේසූරිය වගේ බොහෝ පිරිසක් මට මේ තැනට එන්න උදව් කළා. මාව ඇගයීම් කළා. ඒ හැමෝටම මම ස්තූති කරන්නට ඕනේ.

හිරුත් එක්ක වීර් වෙච්ච Model මධුර

ඇඟේ ෂේප් එක තියාගන්න මොනවද කරන්නේ?
පුළුවන් හැම දවසකම මම ජිම් එකට යනවා. ව්‍යායාම්වල නිරතවෙනවා. වැඩිපුර වතුර බොනවා. ආහාර පාලනයත් කරනවා. ඒ වගේ දේවල්වලින් ඇඟේ ෂේප් එක තියාගන්න හැමවෙලේම උත්සාහ කරනවා.

විශේෂයෙන් කෑම බීම පුරුදු මොනවද?
එහෙම විශේෂයෙන් කියලා කරන කෑම බීම පුරුද්දක් නෑ. හැබැයි මම තුන්වේලටම බත් කන්නත් පුරුදුවෙලා ඉන්නවා. හැබැයි බත් කද්දී ගොඩාක් බත් කන්නේ නෑ. බත් චුට්ටක් බෙදාගෙන එළවළු වැඩිපුර ටිකක් බෙදාගන්නවා. පෝෂ්‍යදායී ආහාරවලට වැඩි නැඹුරුවක් මගේ තියෙනවා. විශේෂයෙන් පලා වර්ග, එළවළු තම්බලා කෑම, කහ පැහැති එළවළු ටිකක් වැඩිපුර ගැනීම වගේ දේවල්නම් මම කරනවා.

පේෂල් - clean up වගේ දේවලුත් මධුර කරනවද?
නෑ... ඒ වගේ දේවල්නම් ඒතරම් මම කරන්නේ නෑ. නිරූපණ ක්ෂේත්‍රයේදී යම් යම් දවස්වලට කළත් ඒක විශේෂයෙන් කියලා මම කරන්නෙ නෑ.

ඇත්තටම ලංකාවේ හොඳ modelsලා කොච්චර විතර ඉන්නවද? මම අහන්නේ මේ කලාව හරියට පුහුණු කරපු අය..?
ලංකාවේ ඇත්තටම හොඳ modelsලා ඉන්නවා. මට ඒ ගැන හරියටම මෙච්චරයි කියලා කියන්න අමාරුයි. ඒ අයගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවලුත් තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ ඔබට මෙතෙක් ලැබුණු අවස්ථා?
මේ වෙනකොට නිරූපණ ක්ෂේත්‍රයෙන් මට ඉතා වටිනා අවස්ථාවක් ලැබුණා. ඒ ප්‍රභාත් රෝෂන්ගේ කවුරුද ඔබ මගේ කියලා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රඟපාන්න ලැබුණු අවස්ථාව. ඒක හිරු නාලිකාවේ පෙබරවාරි අග විකාශය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ වීර් කියන හරිම තැන්පත් පිරිමි ළමයෙකුගේ චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රයේදී මාව හඳුනාගත්තු අය මගේ රංගනය තුළින් මාව වෙනස්ව දකීවියි මම විශ්වාස කරනවා.

ජනප්‍රියත්වයට කැමැති නෑ කියලා කියනවානම් ඒක බොරැවක්.
හැබැයි මම ඒ ජනප්‍රියත්වය අායුධයක් කරගෙන නෑ

නිරූපණ ශිල්පියෙක් රැකගත යුතු ගුණාංග මොනවාද?
නිරූපණ ශිල්පියා හැමවිටම තමන්ගේ සිරුර පිළිබඳව, හැඩය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඟේ හැඩය සමබරව පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා. අනික තමයි කොහේ ගියත් තමන්ගේ ආත්ම ගෞරවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පෞරුෂත්වය කියන දේ නිරූපණ ශිල්පියෙක්ට ඉතා වැදගත් වෙනවා.

ඇඟේ මසල්ස් හදාගත්තම හරි මම දැන් නිරූපණ ශිල්පියෙක් කියලා හිතන modelsලත් ලංකාවේ ඉන්නවා නේද?
ඔව්... එහෙම හිතන අයත් ඉන්නවනම් තමයි. හැබැයි ඇඟේ මසල්ස් හදාගත්ත පමණින් මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ. ඒ වෙනුවෙන් තව බොහෝ දේවල් තියෙනවා. ඒ ගැන හිතන්නේ නැතිකම තමයි තියෙන වැරැද්ද.
මොඩ්ලිං වලින් සල්ලි හොයන්න පුළුවන්
හැබැයි ඒකටත් කාලයක් තියෙනවා

මධුර... පෙම්වතෙක්ද?
නෑ... දැන් මම පෙම්වතෙක් නෙමේ.

ඔබේ ජනප්‍රියත්වය හා යුවතියන්ගේ ආකර්ෂණය ඔබ දකින්නේ හැඟෙන්නේ කොහොමද?
මෙහෙමයි... ජනප්‍රියත්වයට කැමැති නෑ කියලා කියනවානම් ඒක බොරුවක්නේ. හැබැයි මම ඒ ජනප්‍රියත්වයෙන් අයුතු ප්‍රයෝජනයට අරන් නෑ. තරුණ කාලයේදී ගෑනු ළමයි පිරිමි ළමයි දිහා බලන එකත් පිරිමි ළමයි ගැහැනු ළමයි දිහා බලන එකත් සාමාන්‍යයයිනේ... හැබැයි ඒක කවදාවත් මම ආයුධයක් කරගෙන නෑ.

මොඩ්ලින් කියන්නේ සල්ලි හොයන්න පුළුවන් වැඩක්ද?
ඔව්... මොඩ්ලින්වලින් සල්ලි හොයන්න පුළුවන්. හොඳ නමක් හදාගැනීම තුළින් හොඳට මොඩ්ලින් කරලා සල්ලි හම්බකරන්න පුළුවන්. හැබැයි ඒකට යම් කාලසීමාවක් තියෙනවා. ජීවිතේ හැම වයස් සීමාවකදීම අපිට මොඩ්ලින් කරන්න බෑ.

Text – Dishani Jayamali Karunarathna Pic – Malaka Waligodapola

'මම නපුරු ලු ඒ වගේම හොඳ ලු' - මේනකා පීරිස්

menaka-peiris-02

මේනකා පීරිස් කියන්නේ අපට ඉන්න කුසලතා රැසක් සපිරි නවක නිළියක්. පුංචි තිරයේ වගේ ම රිදී තිරයෙත් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වන ඇගේ රංගනය මේ දවස්වල නිර්මාණ කිහිපයකදි ම දැක ගත හැකියි. ඒ අතරින් මේ දවස්වල තිරගත වන චත්‍ර වීරමන්ගේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ ඈ කරන රංගනය ගැන බොහෝදෙනා අතර කතාබහට ලක් වෙනවා. ඒ ගැනත්, ඇගේ රංගන ජීවිතය ගැනත් මේනකා පැවසුවේ මේ වගේ කතාවක්.

* තීය බැමිණියගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර සුබ ද?

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන තවම වැඩි දවසක් ගතවුණේ නැහැ. ඒ වුණත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර නම් බොහොම හොඳයි. ඒ අය කියන්නේ “අපි එක පාරක් ගිහින් බැලුවා, අපි තවත් පාරක් ගිහින් බැලුවා” යනුවෙන්. ඒ චිත්‍රපටය නරඹලා තිබෙන්නේ ඔවුන් එක වරක් පමණක් නොවෙයි. දෙවරක්, තුන්වරක් පමණ එක ම චිත්‍රපටය නැරැඹීම සතුටට කරුණක්.

* එලෙස චිත්‍රපටයක් කිහිපවරක් නැරැඹීමට හේතු වූ කාරණය කුමක් ද?

ඒ හැමෝම ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරැඹුවාට පස්සේ සිතාගෙන ඉඳලා තිබෙන්නේ මේ චිත්‍රපටය බොලිවුඩ් චිත්‍රපටයක් කියලයි. ඒ තිබෙන පික්චර් කොලිටි එක ඇතුළු බොහෝ දේවල් නිසා ඔවුන් චිත්‍රපටය නරඹන්න යනවා. ඒ නිසා ‘ආලොකෝ උදපාදි’ චිත්‍රපටය තිරගත වීමට කලින් ම සිනමා ප්‍රේක්ෂකයන් එය වැලඳ ගත්තා.

* ඔබට තීය බැමිණියගේ චරිතය ලැබෙන්නේ කෙසේ ද?

මුලින් ම මට කතා කළේ නිෂ්පාදන අංශයෙන්. ඊට පසුව අධ්‍යක්ෂවරයා කතා කළා. මේ චරිතය සඳහා ඔයාව අපි තෝරා ගත්තා. ඒ ඔයාගේ විශේෂත්වයක් තිබෙන නිසා. අපිත් එක්ක වැඩ කරන්න කැමැති ද කියලත් ඔහු මගෙන් විමසුවා. මා මුලින් ම ඉල්ලුවේ තිරරචනයයි. තිරරචනය කියෙව්වාට පසුව ඒ අදහස ගැන මා දෙපාරක් සිතුවේ නැහැ. චරිතයට එක්වරම කැමැත්ත දුන්නා.

* ඔබ මෙතෙක් රඟපෑ නිර්මාණවලට වඩා වෙනස් චරිතයකුයි මේ චිත්‍රපටයේ ඔබට ලැබෙන්නේ?

බොහොම අමාරුවෙන් රඟපාන්න වන චරිතයක් විදියටයි තිරරචනයේ ඒ චරිතය මා දුටුවේ. ඒ චරිතය මා මෙතෙක් රඟපෑ චරිතවලට වඩා වෙනස් චරිතයක්. එහිදි මේ චරිතය හදා ගන්නේ කොහොමද කියලා මා කල්පනා කළා. විශේෂයෙන්ම ඵෙතිහාසික කතාවක චරිත නිරූපණයක් කරන විට අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිතේ ඇඳීලා ඉන්න රූප තිබෙනවා. අප ගනුදෙනු කරන්නේ ඒ රූප සමඟයි. රඟපෑමේදී ඔවුන්ගේ සිතේ ඇඳීලා ඉන්න ඒ රූප කැඩුවොත් අප අසාර්ථක වෙනවා. ඒ නිසා ඒ අදහස්වලට සාධාරණයක් කරන්නත්, ඵෙතිහාසික චරිතවලට සාධාරණයක් කරන්නත් මේ චරිතය ගැන සිතද්දි කල්පනා කළ යුතු කාරණයක්. ඒ කාරණය ගැන මා බෙහෙවින් සැලකිලිමත් වුණා.

* ඒ මත සිටිමිනුයි එහෙම නම් ඔබ තීය බැමිණියගේ චරිතය ප්‍රතිනිර්මාණය කරන්නේ?

ඇගේ චරිතය තිරරචනයේ නිර්මාණය කරලා තිබුණේ බොහොම සියුම්වයි. තිරරචකයාට වගේ ම අධ්‍යක්ෂවරයාට මැය ඇතුළාන්තයෙන් මෙහෙමයි කියලා, තීය බැමිණියගේ චරිතය කොතැනකවත් ඉස්මතු කරන්න උවමනා වී තිබුණේ නැහැ. ඒ කාරණයයි මා මුලින් ම ඔළුවට දමා ගත්තේ. මා කවුද කියලා හංගාගෙනයි මේ චරිතය මා රඟපෑ යුත්තේ. චරිතය නිරූපණය කිරීමට පෙර මා මේ සියලු දේ අධ්‍යක්ෂවරයා හා තිරරචකයා සමඟ කතාබහ කළා. එසේ කිරීම නිසා ම මට යම් පහසුවක් දැනුණා.

* සටන මෙහෙය වන කණ්ඩායමේ සාමාජිකාවක ලෙස සටන් පුහුණු වීමටත් ඔබට සිදු වෙනවා ද?

සුමුදු අයියා සහ සඳුන් යන දෙදෙනායි අපට සටන් පුහුණු වීමට උදව් කළේ. එහෙත් මට ගොඩක් සටන් කිරීමට තිබුණේ නැහැ. සටනක් කරනවා කියන මතයේ සිටියත්, තිබුණු කාලයත් එක්ක එය වෙනස් කිරීමට සිදු වුණා. ඒ නිසා අවසානයේ හීය වැදිලා මැරෙන විදියයි රූගත කිරීම සිදු වුණේ. මේ නිසා මට සටන් ඉගෙන ගැනීමට නොතිබුණත්, චිත්‍රපටය පුරා අනෙක් අයට සටන් කරන්නට සිදු වුණා. කිසිම කම්මැලි කමකින් තොරව ඕනෑ ම කෙනෙකුට මෙහි සටන් නැරැඹිය හැකියි. ව්‍යාජ බවෙන් තොරවයි සියලු දෙනා ම සටන්වල නියැළෙන්නේ. මේ වනවිට මම චිත්‍රපටය සිව් වතාවක් පමණ නරඹලා තිබෙනවා. ඒ සටන් කිරීමේ දර්ශන දකින්න යළි යළිත් ආසයි. ඒ තරමට ම ඒ දර්ශන තාත්වික ආකාරයෙනුයි නිරූපණය කරලා තිබෙන්නේ.

* ඔබට බෙහෙවින් ආසන්නයේ ම ඉඳීමින් රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍රයි. ඔහු සමඟ රඟපාන්නේ පළමු වරට ද?

ඔහුත්, මමත් මීට පෙර අවස්ථාවලදි එක්ව රංගනයේ යෙදිලා තිබෙනවා. ඒත් අප දෙදෙනා සැමියා හා බිරිය ලෙස රංගනයේ යෙදුණේ පළමු වරටයි. කලින් ඇති වුණු හිතවත්කමක් තිබුණු නිසා ම ඔහුත් සමඟ රඟපෑම මට පහසුවක් ගෙනාවා. අප දෙදෙනා රඟපෑමේදී එයාගෙන් මට වගේ ම මගෙන් එයාටත් හොඳ සහයෝගයක් ලැබුණා. ඕනෑ ම අවස්ථාවකදි තමන් සමඟ රඟපාන නළුවාගෙන් හෝ නිළියගෙන් ඒ විදියේ සහයෝගයක් නොලැබෙනවා නම් ඒ කෙනාට රඟපෑම අපහසුයි. ඒත් ඒ අවස්ථාවේ ලැබෙන්නේ සහයෝගයක් නම් අනෙක් චරිතය රඟපාන කෙනාට එහිදී අරගෙන එන්නේ ශක්තියක්.

* ඔබ තීය බැමිණියගේ චරිතය හොඳීන් නිරූපණය කරන බවයි අපට හැඟෙන්නේ. ඒ ගැන මොන වගේ අදහසක් ද ඔබට තිබෙන්නේ?

එහෙම කියන විට මගේ සිතට දැනෙන්නේ ලොකු සතුටක්. චිත්‍රපටය පළමු වරට තිරගත කළ අවස්ථාවේ එදා එය නැරැඹූ බොහෝදෙනා මේ චරිතය ගැන කතා කළා. ඔවුන් පැවසුවේ මා වෙනදා රඟපෑවා ම එවිට අප පවසන්නේ ලස්සනයි හා හොඳට රඟපාලා තිබෙනවා කියන එකයි. ඒත් මේ චරිතය ගැන අප පවසන්නේ නපුරු කමෙන් හා හොඳට ඔබ රඟපා තිබෙනවා යන්න බවයි. ඒ අදහස්වලින් මා චරිතය හොඳට ම රඟපා ඇති බව පැවසුවාට පස්සේ සිතට දැනෙන්නේ පුදුම සතුටක්.

* මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා සිනමා ක්ෂේත්‍රයට නවකයන්. ඔවුන් සමඟ කටයුතු කිරීම පහසු වුණා ද?

චත්‍ර හා භාරත කියන්නේ තරුණයන් දෙදෙනෙක්. ඒ වගේ ම මේ ඔවුන්ගේ පළමු නිර්මාණය වුණාට මා ඔවුන්ව දුටුවේ පරිණත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් විදියටයි. ඔවුන් මේ කටයුත්තට පිවිසුණේ අධ්‍යයනකින් පසුවයි. ඒ වගේම ඔවුන්ගේ සිත්වල තිබුණු සරල බව මා අගය කරනවා.

* ඔබගේ පවුලේ අය ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය නැරැඹුවා ද?

මගේ පවුලේ අය මේ චිත්‍රපටය නැරැඹුවා. කොහොමත් රූගත කිරීම් කරන ස්ථානවලට මාත් සමඟ යන්නේ අම්මා. රඟපෑමට භාර ගන්න චරිතය ගැන මා මුලින් ම කතා කරන්නේත් අම්මා සමඟයි. අප දෙදෙනා කරන සාකච්ඡාවෙන් පසුවයි මා ගන්න හැම තීරණයක් ම අරගෙන තිබෙන්නේ.

* ඔබ රඟපාන්නට පෙර මේ මේ චරිත රඟපාන්නේ යැයි හා මේ මේ චරිත රඟ නොපාන්නේ යැයි යම් තෝරා ගැනීමට ලක්කරන්නේ ද?

මා මගේ රංගනයේ තරම දැනගෙනයි සිටින්නේ. එහිදි තිරරචනා පහක් පමණ ළඟ තබාගෙන මේ පිටපත්වලින් මොකක් ද කරන්නේ යැයි සිතමින් තෝරන්න තරම් පිටපත් ප්‍රමාණයක් මට ලැබිලා නැහැ. එහෙත් මට මෙතෙක් ලැබුණු චරිත සඳහා ආරාධනා කළේ, අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස මගේ රංගනය ගැන හොඳ අධ්‍යයනයක් සමඟ බවයි මට හැඟුණේ. මගේ රංගනයේ තරම කුමක්ද? මට මොන වගේ චරිත ද ලබාදිය යුත්තේ? ඒ ඔස්සේ මගෙන් චරිතයට සාධාරණයක් ඉටුකර ගන්නේ කෙසේ ද? යන කාරණා ඔවුන් ඔළුවේ තබාගෙනයි රඟපෑමට මට නිතරම ආරාධනා ලැබුණේ. ඒ නිසා රඟපෑමේදී මට ලොකු තෝරා ගැනීමකට යන්නට අවශ්‍ය වුණේ නැහැ. ඒත් නිතරම මා තිරපිටපත කියවලයි ඒ චරිතයට කැමැත්ත දුන්නේ. ඒ නිසාම මට ලොකු ගැටලුවලට මුහුණ පෑමට සිදු වුණේ නැහැ. ඒ අතර මා අකැමැති චරිත කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමටත් සිදු වුණා.

* කාලයක් ඔබ රංගනයෙන් ඈත් වෙලා සිටියා. මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙස දිගටම කටයුතු කරන්න ද ඔබ තීරණය කරගෙන ඉන්නේ?

ඒ කාලයේ රංගනයට අමතරව විවිධ කටයුතු රැසක ම යෙදිලා තිබුණ නිසා කාලය ගත වුණා. ඊට පසුව මගේ නර්තන පන්තියේ කටයුතු සමඟයි මා කාලය ගත කළේ. ඒත් ඒ අතරතුර මා ‘ගැමුණු මහරජ’ හා ‘සී රජ’ කියන නිර්මාණ දෙකට පමණයි රංගනයෙන් සහභාගි වුණේ. මේ වනවිට මා නර්තනය, රංගනය, නිවේදනය කියන කටයුතු තුනේ ම නියැළෙනවා. මගේ නර්තන පන්තිය පැවැත්වෙන්නේ සෙනසුරාදා හා ඉරිදා.

-තිලානි ශානිකා විතානාච්චි_දිනමිණ

මැතිව්ස් යළිත් ඉවතට !

ආබාධිත තත්ත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මැතිව්ස් එම තරගාවලියට එක්වන බවට පසුගියදා වාර්තා පළව තිබුණා.

ලබන 28 වනදා එම සංචාරයට සහභාගීවන කණ්ඩායම නම් කිරීමට නියමිතව තිබෙනවා.

angelo-mathews-03

_නෙත්

කැට හොලවල සල්ලි හොයන් ගත්තු පේරාදෙණිය වධකාගාරේ



අයුක්තියට අසාධාරණයට එරෙහිව පළමු වෙඩිමුර සරසවි සිසු ප්‍රජාව විසින් එල්ල කළ කාලයක් තිබිණි. පාලකයන්ගේ අත්තනෝමතික තීරණ නිසා සිසු අයිතිවාසිකම් උල්ලංඝනය වන විට සරසවි සිසුහු පාරට බැස්සහ. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ජීවිත පරදුවට තබා සිසු නායකයෝ ක්‍රියාකළ අභිමානවත් සරසවි ඉතිහාසයක් ගැන අපට මතකය.

නිවටකම් බිඳ දමමින් සාධාරණ අරමුණක් උදෙසා කැප වූ අතීත සරසවි සිසුන්ට අප හදවතේ ගෞරවයක්ද ඇත.

වර්තමානය වන විට සරසවිවලින් ඇසෙන කතා හේතුවෙන් වත්මන් සරසවි සිසු පරපුර ගැන අපට ආඩම්බර විය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

සරසවි සිසුන් පමණක් නොව පාසල් සිසුන්ද ශිෂ්‍ය භාවයට පටහැනි ක්‍රියාවන් කිරීම හේතුවෙන් වත්මන් පාසල් සිසුන් ගැනද අපට ඇත්තේ කලකිරීමකි.

පොලු - මුගුරු අතැතිව තවත් පාසලකට පහරදීම්, ආදරය වෙනුවට ලිංගිකත්වයට මුල් තැන දී ක්‍රියා කිරීම ආදී පාසල් සිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් ගැන පසුගිය කාලසීමාවේම අපට අසන්නට දකින්නට ලැබිණි.

ශිෂ්‍ය ප්‍රජාවේ ආසන්නතම නොමනා ක්‍රියාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉකුත් 19 වැනි දින වාර්තා වුණේ තිරශ්චීන සරසවි නවක වධය උඩු යටිකුරු කරවමිනි.

මෙතෙක් කල් සරසවි තුළ ශිෂ්‍ය නේවාසිකාගාර තුළ සිදුවූ නවක වධය ඉන් ඔබ්බට ගොස් නිවෙසක් කුලියට ගෙන සිදු කරන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇදුරුවරුන්ට තොරතුරු ලැබෙන්නට විණි.

"ළමයි රංචු රංචු ගෙනත් රෑ ඉඳන් එළිවෙනකල් දස වධ දෙනවා" ආචාර්යවරුන්ට කුලී නිවෙසේ පවත්වාගෙන ගිය වධකාගාරය ගැන තොරතුරු ලැබිණි.

හොර රහසේ පවත්වාගෙන ගිය වධකාගාරය වැටලීමේ මෙහෙයුම විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් සකස් කළහ.

දිනය ඉකුත් 19 වැනිදා ඉරුදිනය. ඇඳිරි වැටෙත්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක, නියෝජ්‍ය විනය පාලක (කෘෂි පීඨය) ආචාර්ය සුරංග කොඩිතුවක්කු, විශ්වවිද්‍යාලයේ වැඩබලන ආරක්ෂක ප්‍රධානී දීපාල් රත්නායක යන ඇදුරුවරුන් සහ නිලධාරීන් කුලී නිවෙස පිහිටි පේරාදෙණිය ‍දොලුව, මෙගොඩ කළුගමුව ප්‍රදේශයට පිටත් වූහ.

මෙම කණ්ඩායමට විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විස්සකට අධික පිරිසක් සහභාගි වූ අතර සියල්ලෝම කුලී නිවෙස ආසන්නයට ගොස් දැඩි විපරමින් කටයුතු කළෝය.

නිවෙස තුළ සිදුවන හිංසනයේ ක්‍රියා වීඩියෝ ගත කිරීමටද සූක්ෂම වූ එම කණ්ඩායම රාත්‍රි දහය පසුවී විනාඩි කිහිපයක් පමණ ගත වනවාත් සමඟම නිවෙසට කඩා පැන්නේය.

සිසුන් අට දෙනකු නිරුවතින්ය. තවත් සිසුන් පහළොස් දෙනකු ඔවුනට දසවධ දෙමින්ය.

ආචාර්යවරුන්ගේ දැනුම් දීමකට අනුව පේරාදෙණිය පොලිසියේ කණ්ඩායමක්ද කුලී නිවෙසට පැමිණියහ.

සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකි නවක වධය ලබාදුන් සිසුන් පහළොස් දෙනා සියලු තතු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කරන්නට වූහ.

එම සිසුහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබති.

"අද උදේ අපි නුවර නගරයේ කැට ව්‍යාපාරයකට සහභාගි වුණා. ඒ වැඩේ ඉවර කරලා හවස දෙකට වගේ තමයි මල්ලිලාට මේ ගෙදරට එන්න කිව්වේ" සියලු විස්තර පොලිස් පොතෙහි සටහන් වන්නට පටන් ගත්තේය.

'කැට ව්‍යාපාර' යනු සරසවි සිසුන් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමය. 'ඉගෙන ගන්න ළමයිනේ' යන අදහස් ඇතිව බහුතරයක් වූ දෙනා සරසවි සිසුන් ඔවුන් ළඟට රැගෙන එන කැටයට මුදල් ආධාර ලබා දෙති.

මිනිසුන්ගෙන් මුදල් එකතු කොට අවසානයේදී මොවුන් පැමිණ ඇත්තේ ඔවුන් හොර රහසේ පවත්වාගෙන යන කුලී නිවෙසේ වධකාගාරයටය.

ඉන් අනතුරුව දුරකතන ඔස්සේ ඔවුන් කෘෂි පීඨයේ පළමු වසරේ සිසුන් අට දෙනකුට විවිධ ස්ථානවලට පැමිණ සිටින ලෙසට දන්වා ඇත.

සමහර සිසුන්ට නුවර මාලිගාවටත්, නුවර රෝහල අසලටත්, ගලහ මංසන්ධිය අසලටත් පැමිණෙන ලෙසට දන්වමින් පැය කිහිපයක් ඔවුහු සිය නවක සිසුන්ව රස්තියාදු කර තිබේ.

"මාලිගාව ගාවද ඉන්නේ, ඔතැන ඉන්න එපා. හොස්පිට්ල් එක ගාවට එන්න. එතැන තව කෙනෙක් ඉන්නවා. එතැනට යන්න" නවක සිසුවකු එලෙස රස්තියාදු කරයි.

"කැම්පස් එක ගාවද දැන් ඉන්නේ, බස් එකේ නැඟලා ‍ෙදොලුවට එන්න" තවත් නවක සිසුවකු එලෙස රස්තියාදු කරයි.

ජේ‍යෂ්ඨ සිසුන්ගේ අණට කීකරු වූ නවක සිසුන් අට දෙනා පැය කිහිපයක් මහමඟ රස්තියාදු වෙන්නට විය.

රාත්‍රිය එළැඹෙත්ම දෙවැනි වසරේ සිසුන් මුහුණ වසා ගත් හෙල්මට් පැලඳ යතුරුපැදි තුනක නැඟී වධකාගාරයට නවක සිසුන් අට දෙනා කඳවාගෙන පැමිණියහ.

"රෑ 8.30 ට වගේ අපිව ගෙදරකට එක්කන් ආවා. අපෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණොත් එක ප්‍රශ්නයකට එක ගාණේ ඇඳුම් ගලවන්න අණ කළා."

නවක වදයට ලක්වූ සිසුන් පොලිසිටය පැවසුවේය.

නවක සිසුන් අට දෙනාගේ කමිස, බැනියම්, කලිසම්, යට ඇඳුම් ගැලවූ දෙවැනි වසරේ සිසුන් ඉන් අමුතු තාලයේ සතුටක් ලැබූහ.

පොලු තුනක් අතැතිව නවක සිසුන්ට පහර දෙමින්, ඔවුන්ව බිම නිදි කරමින් අමානුෂික ලෙස වධ හිංසාවන්ට ලක් කළහ.

ජේ‍යෂ්ඨ සිසුන්ගේ නියෝගවලට අවනත වෙමින්, මරණයට බියවූ මුව පොව්වන් ලෙසින් කටයුතු කිරීමට සිදුවූ නවක සිසුන් අවසානයේදී විශාල ඛේදවාචකයක් වීමට පෙර බේරා ගැනීමට සරසවි ආචාර්යවරුන්ට හැකි විය.

නවක සිසුන් පිරිස ආචාර්යවරුන්ගේ භාරයටත් නවක වධය ලබා දුන් කෘෂි පීඨයේ දෙවැනි වසරේ සිසුන් 15 දෙනා පොලිස් අත්අඩංගුවටත් ගත්තේය.

අදාළ කුලී නිවෙසද ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කනිෂ්ඨ සේවකයකුගේය.

තවමත් සම්පූර්ණයෙන් වැඩ නිම කොට නැති එම නිවෙස මසකට රුපියල් දස දහසක මුදලකට එම සිසුන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ගෙන ඇති බවද පරීක්ෂණවලදී හෙළි විය.

ඉකුත් ජනවාරි 06 වැනි දින සිට මාස තුනක කාලයකට එම නිවෙස කුලියට ගෙන ඇත.

ගෘහ නිර්මාණ ශිල්පීන් යැයි පවසමින් සිසුන් හත් දෙනකු එම නිවෙස මෙලෙස කුලියට ගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි විණි.

මාස තුනකට අදාළ මුදල්ද ඔවුන් විසින් ගෙවූ බව නිවෙසේ හිමිකරු පොලිසියට පවසා ඇත.

ඉතා සංවිධානාත්මක ලෙස මුදල්ද වියදම් කරමින් කුලී නිවාසය ගෙන නවක සිසුන්ට හිංසා කිරීම සඳහා කටයුතු කළ සරසවි සිසුන් පහළොස් දෙනා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල, උප පොලිස් පරීක්ෂකවරුන් වන තුෂාර කරුණාරත්න, බන්දුල විජේකෝන්, පොලිස් සැරයන්වරුන් වන සෙනවිරත්න (11547), වජිර (30508) ඇතුළු පොලිස් කණ්ඩායම මේ පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් නවක වධය ලබා දුන් සිසුන් පහළොස් දෙනාට පන්ති තහනමක්ද මේ වන විට පනවා ඇත.

මෙකී නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද විශේෂ අවධානය යොමුවී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් ගතවූ මාස තුනක කාල සීමාව තුළ නවක වධය ලබා දීමේ සිද්ධීන් තුනක් පේරාදෙණිය පොලිසියට පැමිණ තිබිණි.

එම සිද්ධිවලට අදාළව සරසවි සිසුන් හත් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

"ලැජ්ජාව නැති කරන්නයි අපි රැග් කළේ" කුලී නිවෙසේ වධකයෝ අවසානයේදී පොලිසියට පැවසූහ.

බල්බයක් කටින් පිඹ නිවීමට දීම, ගසක් සමඟ තනියෙන් කතා කිරීම, ගැහැනු ළමයකුට ආදරේ ප්‍රකාශ කිරීම ආදී සුන්දර නවක වධ අතීතයේ සරසවි සම්ප්‍රදායේ තිබිණි.

නමුත් සියල්ල උඩු යටිකුරු වෙමින් නවක සිසුන් කෘෘරත්වයට හා මානසික හිංසනයන්ට පමුණුවමින් කරන නවක වධ හේතුවෙන් සරසවි සිසුන්හට ජීවත්වීමේ අයිතිය පවා අහිමි වූ අවස්ථා ඇත්තේය. සමහර සිසුන් නවක වධය ඉවසිය නොහැකිව සියදිවි හානිකර ගත්තේය. තවත් සමහරු විශ්වවිද්‍යාලවලට සමුදී යළි නිවෙස්වලට පැමිණියහ.

නවක සිසුන්ට සරසවි ජීවිතයට හුරු කිරීම, මිතුරන් සමඟ සුහදව කටයුතු කිරීමට හුරු කිරීම, නව මිතුරන් හඳුනා ගැනීමට අවස්ථා එක්කර දීම, නම්බුනාම පසෙකලා එකාවන්ව සරසවි තුළ ජීවත්වීම ආදියට සුන්දර ලෙස 'නවක වධය" භාවිත කිරීම සාපේක්ෂිතය.

නමුත් 'වධ' යන අරුතටම නවක සිසුන් ශාරීරික සහ මානසික හිංසනයන්ට, පීඩාවන්ට පත් වන්නේ නම් එය මනුෂ්‍ය සමාජයකට උචිත නැත.

බුද්ධිමතුන් බිහිවන සුන්දර සරසවිය නවක වධයන් නිසා අපායක් කර ගත යුතුද.....?

තීරණය ජේ‍යෂ්ඨ සිසුන් අතේය.

_මව්බිම

25 February, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නැටිල්ලක් බුකියේ පත්තු වෙලා

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර පසුගිය දවසක තම බිරිඳ සමග නර්ථනයක යෙදීතිබුණා.

එම අස්ථාව ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබුණේ මෙලෙසින්.

udith-lokubandara-dance

“මුහුණ ළං කරන්න කියද්දි රන්ජන් සිඹිනවා - විවාහයට කලින් හොඳ රියසල් එකක් - බඳින එකත් ලේසි නැහැ”

රන්ජන් රාමනායකත් අනූෂා දමයන්තිත් මංගල පෝරුව මතදී මුදු මාරු කරන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාලයේ විවිද අදහස් පළ වුණා.

ඔවුන් මෙලෙස පෙනී සිටියේ මංගල වැඩසටහනක් සඳහායි.

එම ඡායාරූප සම්බන්ධයෙන් අනූෂා දමයන්ති සඳහන් කර තිබුණේ ඇතැමුන් කිසිවෙකුට නොකියා විවාහ වීම ගැන තමන්ට චෝදනා කළ බවයි.

“ඡායාරූප ටික අන්තර්ජාලයේ ගිහිං ටික වේලාවක් යන්න කලින් මට ඇමතුම් ගොඩාක් ආවා. වැඩිපුරම තිබුණේ චෝදනා.. කාටවත් නොකියා වෙඞ්න් එක ගත්තේ ඇයි කියලයි ඇහුවේ. නැදැයින් යාළුවෝ පවා කලබල වෙලා. හැමෝම අපිට සුබ පැතුවා.ගැළපෙනම ජෝඩුව කියලත් ගොඩක් අය කිව්වා.ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම දවසක් එ් විදිහට ගෙවුනා කියලයි මම හිතන්නේ.

මොකද රංජන් අයියත් විනෝදයට බර කෙනෙක්. ෆොටොස් ගන්නකොට මුහුණට මුහුණ ළං කරන්න කියද්දි රන්ජන් අයියා මගේ මුහුණ සිඹිනවා. ඉතිං එ්වා තමයි අන්තිමේට ඡායාරූපගත වෙලා තියෙන්නේ. එ් වගේම විවාහයට කලින් හොඳ රියසල් එකක් ගත්තා. බඳින එකත් ලේසි නැහැ කියලයි හිතුණේ.” යනුවෙන් ඇය සඳහන් කර තිබුණා.

මේ අතර එම ඡායාරූප සම්බන්ධයෙන් රන්ජන් දක්වා තිබුණේ මෙවන් අදහසක්.

“ඕස්ට්‍රේලියාවෙ ඉන්න මගේ අක්කා පවා මේවා දැකලා කතා කළේ හරි දුකෙන්. ඇයි හදිසියෙ තනි තීරණ ගන්නේ කියලා අක්ක ඇඬුවා. ඔයා ක්‍රිස්තියානි ආගමේ අනුෂා බෞද්ධ. දැන් එ් ළමයා ඔයාගේ ආගමට ගන්නවද කියලා ඇහුවා. ඔයාගේ දේශපාලන ගමන වෙනස්. එයා ගිය ආණ්ඩුවට වැඩ කළ කෙනෙක්. දැන් එ්වත් වෙනස් කරනවද කියලා ඇහුවා. ප‍්‍රශ්න ගොඩයි.

අනූෂා හොඳ කෙනෙක්. මගේ හිත කවදාවත් රිද්දන්නේ නැති කෙනෙක්.තවම මට තනිකම දැනිලා නැහැ. එ්ත් දැනෙන කාලයක් එයි. එදාට මම ජීවිතේ වෙනසක් කරලා තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. එ්ත් තවම මම මෙහෙමමයි.”

ranjan-ramanayake-anusha-damayanthi-02

ranjan-ramanayake-anusha-damayanthi-03

ranjan-ramanayake-anusha-damayanthi

_නෙත්ගොසිප්

ඇගේ වෛරයේ ප්‍රධාන චරිතයට විජය

vijaya-age-wairaya

කාලයෙන් කාලයට විවිධ විදිහේ රැලිි සිනමාවේ ඇතිවෙනවා. අනෙක් හැම රැල්ලක්ම පරාජය කරලා වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට රැල්ල රජකරපු කාලයකුත් සිංහල සිනමාවේ තිබුණා. ඇගේ වෛරය චිත්‍රපටය නිර්මාණය කරමින් එකී චිත්‍රපට රැල්ල බිහිකිරීමට අත්තිවාරම දැමූ අධ්‍යක්ෂවරයා විදියට සැලකෙන්නේ ලුවී වැන්ඩස්ට්‍රාටන්. පසුකාලීනව ළමා කතා, ඉතිහාස කතා ආදී වෙනත් රැලිවලින් වැසී ගිය 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපට රැල්ල ගැන කියන්නට ලුවී වැන්ඩස්ට්‍රාටන් රිද්ම සමග කෙළින් කතාවට එක්වූයේ බොහෝ දෙනා නොදන්නා තතු රැසක්ද හෙළිදරව් කරමිනුයි.

ඔබ දැන් සිනමාවෙන් ඈත්වෙලා ඉන්නේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට රැල්ලක් සිංහල සිනමාවේ මේ වෙනකොට නැති නිසාද?

මම තමයි සිංහල සිනමාවේ දෙවැනියට වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් හදපු අධ්‍යක්ෂවරයා. මම කොහෙත්ම සිනමාවෙන් ඈත්වෙලා නැහැ.

නමුත්, ඔබේ අලුත් සිනමා නිර්මාණ ළඟදි දකින්නට ලැබුණේ නැහැ?

මම ටික කාලයක් විදේශගතවෙලා හිටියා. මේ අවුරුද්දේ මගේ අලුත් චිත්‍රපට 3ක් ප්‍රදර්ශනය කරන්න බලා‍පොරොත්තුවෙනුයි ඉන්නේ.

මොනවාද ඒ චිත්‍රපට?

එකක් තමයි 'බුද්ධි අලි ළමයා' චිත්‍රපටය. ඒ චිත්‍රපටය නිර්මාණය කළේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් මගේ කෘතියක් වන ඕභඤඤඪ බඩඥ ජ්තඥනඩචදබ ඇසුරෙන්. තවත් චිත්‍රපට දෙකක් තියෙනවා 'පැරෂුට්' සහ 'රන් කිරුළ' යන නම්වලින්.

අවසන්වරට ප්‍රදර්ශනය වූ ඔබේ චිත්‍රපටය අසාර්ථක වුණා නේද?

ඒක ඇත්ත. ‍පොරොන්දු වූ සිනමාහල් සංඛ්‍යාව ප්‍රදර්ශන මණ්ඩලයෙන් නොදුන් නිසයි 'බෝනික්කා' චිත්‍රපටය ආදායම අතින් අසාර්ථක වුණේ. ඩී.වී.ඩී. ගහලයි ඒකෙන් ආදායමක් උපයාගත්තේ.

ඒ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් ‍නෙවෙයි?

අ‍පොයි නැහැ. දැන් වැඩිහිටින්ට පමණයි චිත්‍රපට රැල්ලක් නැති නිසා මම ඒ විදිහේ චිත්‍රපට හදන්නේ නැහැ.

නමුත් ලංකාවේ කාම චිත්‍රපට රැල්‍ලේ නිර්මාතෘවරයා ඔබයි?

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ලංකාවේ මුලින්ම හැදුවේ මම ‍නෙවෙයි. හංසවිලක්, සුද්දිලාගේ කතාව වගේ චිත්‍රපට පවා වැඩිහිටියන්ට පමණක් සීමා වූ ඒවා. නමුත් මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හදන්න පටන්ගත්තාම මට කලින් ඒවා හදපු අයත් මට බනින්න පටන් ගත්තා.

ඒ විවේචනය සාධාරණයි නේද?

කොහෙත්ම නැහැ. මොකද, ඇගේ වෛරය කියන්නේ මුල, මැද, අග සහිත කතාවක් තිබුණු චිත්‍රපටයක් මිස නිකම්ම නිකං නිල් චිත්‍රපටයක් ‍නෙවෙයි.

ඔබේ චිත්‍රපට කලින් හදපු චිත්‍රපටවලට සමාන කරන්න බැහැ නේද?

මගේ චිත්‍රපටවල වැඩිපුර ලිංගික දර්ශන තිබුණු බව මම පිළිගන්නවා. නමුත්, මම තමයි ඒ විදිහේ චිත්‍රපට රැල්ලක් ඇතිකරලා හරි ඒකා‍ලේ සිනමාවෙන් ඈත්වෙලා හිටපු ප්‍රේක්ෂකයන් නැවත සිනමාවට ගෙනාවේ.

ඇගේ වෛරයෙන් ඔබ විශාල මුදලක් හම්බ කළා නේද?

නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුට නම් ලොකු ලාභයක් ලැබුණා. අධ්‍යක්ෂවරයා විදිහට මට ලැබුණේ කලින් ‍පොරොන්දු වූ මුදල විතරයි.

ඇගේ වෛරයෙන් ආරම්භ කළ රැල්ල කොහෙන්ද ඔබ නතර කළේ?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ඇගේ වෛරය කොටස් 4ක් නිර්මාණය කළා. ඊට පස්සේ තවත් එවැනි චිත්‍රපට 6ක් හැදුවා.

ඒ වෙනකොට ඔබට රටේ තිබුණේ මොනවිදිහේ පිළිගැනීමක්ද?

සුනිල් සෝම පීරිස් වගේ අධ්‍යක්ෂවරු වැඩිහිටියන්ට පමණයි රැල්ලටම කසිකබල් චිත්‍රපට හදන්න පටන් ගත්තා. ඒ චිත්‍රපට හැදුවෙත් මමයි කියලා හිතලා හැමෝම බැන්නේ මටයි.

'ඇගේ වෛරය' හදද්දී චිත්‍රපටය එතරම් සාර්ථක වේවි කියලා හිතුණාද?

එවැනි සුළු විශ්වාසයක්වත් මට චිත්‍රපටය ගැන තිබුණේ නැහැ. 'ඇගේ වෛරය' ගැන බොහෝ අය නොදන්නා කතාවකුත් තියෙනවා. ඒ තමයි එහි ප්‍රධාන නළුවා විදිහට තෝරාගෙන තිබුණේ විජය කුමාරණතුංග බව. නමුත් රූගතකිරීම් පටන් ගන්න සති දෙකකට කලින් විජය ඝාතනය වුණා.

එහි ඇත්ත නැත්ත විමසන්න විජය අද ජීවතුන් අතර නැහැ. එම නිසා ඔබේ ඔය කතාව විජයට අපහාසයක් කියලත් සමහරුන්ට හිතෙන්න පුළුවන්?

මම කලිනුත් කිව්වා වගේ ඇගේ වෛරය කියන්නේ කවුරුවත් රඟපෑම ප්‍රතික්‍ෂේප කරන විදිහේ කසිකබල් චිත්‍රපටයක් ‍නෙවෙයි. විමල් කුමාර ද කොස්තා. විල්සන් කරු වගේ නළුවොත් එහි රඟපෑවා. 'ඇගේ වෛරය' ප්‍රධාන නිළිය වුණු චන්දි රසිකාගේ හීනයක් තිබුණා විජය එක්ක රඟපාන්න. ඇගේ ඉල්ලීමට අනුව තමයි විජයව චිත්‍රපටයට තෝරාගත්තේ. බොරු නම් චන්දි රසිකාගෙන් අහන්න. ඇය ඊට සාක්ෂි දරනවා.

ඔබේ චිත්‍රපටවල විජය ඊට පෙර රඟපා තිබුණේ නැහැ නේද?

මොකද නැත්තේ. මගේ 'බිඳුණු හදවත්' චිත්‍රපටයෙනුයි විජය සිනමාවට පිවිසුණේ. රොබින් ප්‍රනාන්දුගේ ඉල්ලීමටයි මම විජයව ඒ චිත්‍රපටයට තෝරාගත්තේ. නමුත් 'හන්තානේ කතාව' ‍පෝලිම පැනපු නිසා අද ඒ චිත්‍රපටය විජයග පළමු චිත්‍රපටය කියලයි හැමෝම හිතන්නේ.

-කිෂාන් කනංකෙ / ඡායාරූප: තුෂාර අතපත්තු_ලක්බිම

ළදරුවාට මත් පැන් පෙවූ අයෙක් අත්අඩංගුවට

කුඩා දරුවෙකු හට මත්පැන් පෙවූ පුද්ගලයෙකු ඔක්කම්පිටිය, පහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 02යි මාස 09ක් වයසැති දරුවෙකුට මෙලෙස මත් පැන් පොවා ඇති බව පොලීසිය පැවසුවේය.

දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (25) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

sick-kid

_දෙරණ


හිට්ලර්ගෙන් පසුව නරකම දවස්

soliders-aginst-women

ක්ෂමා සංවිධානයේ වාර්තාව කියයි...

මියන්මාරයේ සිට ප්‍රංශය දක්වා ලොව රටවල් 159 ක සිවිල් නිදහස උල්ලංඝනය වී ඇති අයුරු පෙන්වාදෙමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ඉන්ටර්නැෂල් හි 2016 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව නිකුත් විය. එවැනි බොහෝ තත්ත්වයන්ට ආයතනික විරෝධී දේශපාලනඥයන් වගකිවයුතු බව ඉන් පෙන්වා දේ. අමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙන්ම තුර්කි, හං‍ගේරියානු සහ පිලිපීන නායකයන්ගේ නම් ද එහි සඳහන් කර ඇත. පිටු 40 කින් යුතු එම වාර්ෂික වාර්තාව අවධාරණය කරන පරිදි 2016 වසර, ඇ‍ඩොල්ෆ් හිට්ලර් බලයට පත්වූ 1930 වර්ෂයෙන් පසු මානව හිමිකම් සම්බන්ධයෙන් උදා වූ අභාග්‍යසම්පන්න වසරකි.

ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් හි මහ ලේකම් ෂලීල් ෂෙට්ටි පෙන්වා දෙන්නේ නව ලෝක රටාව තුළ මානව හිමිකම් යනු ජාතික අභිලාෂයන්ට එරෙහි බාධකයක් ලෙස සලකා ක්‍රියාකරන බවය. මේ පසුබිම මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් සලකනවිට අඳුරු කාලසීමාවක් උදාකිරීමට හේතුවී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය තුළ උපයෝගීකරගත් වදන් විෂසහිත ඒවා බවද එය සඳහන් කරන්නේ හංගේරියා අගමැති වික්ටර් ධර්බාන්, තුර්කි ජනාධිපති එර්ඩොගාස් සහ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝඔටරෙට් ද විෂසහිත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටිතැයි චෝදනා නඟමිනි.

මේ තත්ත්වය වඩාත් බෙදුණු මෙන්ම අන්තරාදායක ලෝකයක් බිහිවීමට බලපා ඇති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහසය. ඇතැම් මිනිසුන් අන් අයට වඩා පහත් අය යන අන්තරාදායක අදහස ලජ්ජාවකින් තොරව ඉදිරිපත් වෙමින් පවතී . එය සමාජගත කිරීමේ වගකීම පැවරෙන්නේද දේශපාලනඥයන්ටමය .

සංක්‍රමණිකයන් මුහුණ දී සිටින තත්ත්වය ගැනද වාර්තාවෙන‍් පෙන්වා දී ඇත. සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ආපසු හරවා එවීමට රටවල් බොහොමයක් කටයුතු කරයි. නීතියට පටහැණි අන්දමින් ඔවුන් හරවා එවන රටවල් 36ක් සංක්‍රමණිකයන්ගේ සහ සරණාගතයන‍ගේ අයිතීන් අනතුරේ හෙළා ඇති බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ජනාධිපති ට්‍රම්ප් පසුගියදා අත්සන් කළ විධායකය නියෝගය ද මෙහිදී අවධානයට ලක්ව ඇත.

ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීම වෙනුවට බොහෝ නායකයන් මානුෂීය විරෝධී න්‍යායපත්‍රයක් අනුගමනය කරමින් ‍දේශපාලනික පැවැත්ම කෙරෙහි උනන්දුවන බවටද ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්ෂික වාර්තාව මඟින් චෝදනා කර සිටී. ආර්ථික සහ සමාජයීය අයිතීන් තහවුරු කිරීමට ඔවුන්ට නොහැකිවී තිබේ.

ගෝලීය දේශපාලනය හැසිරී ඇති ආකාරය විමසනවිට 2016 වසරේදී මනුෂ්‍යත්වයට අත්වී ඇති ඉරණම කනගාටුදායකය. මෙහිදි දේශපාලනඥයන් ක්‍රියාකර ඇත්තේ ලජ්ජාවකින් තොරවය.

සමාන අයිතීන් සහිත මනුෂ්‍යයන් ලෙස සැලකීමට වඩා ජාතිය, ආගම, ස්ත්‍රී - පුරුෂභාවය ආදිය මත පදම්ව කටයුතු කිරීමට ලෝකය වැඩි නැඹුරුවක් දක්වමින් සිටී.

සිරියාව, යේමනය, ලිබියාව, ඇෆ්ගනිස්තානය, මධ්‍යම අමෙරිකාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බුරුන්ඩි, ඉරානය, දකුණු සුඩානය සහ සුඩානය වැනි තැන්වල ගැටුම්කාරී අර්බුද දිග්ගැස්සෙමින් තිබේ. 2016 වසරේදී අවම වශයෙන් රටවල් 23ක යුද අපරාධ වාර්තාවූ බවද ඉන් පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවා එහි නිත්‍ය සාමාජික රටවල් අතර ඇති ප්‍රතිරෝධතා ‍හේතුවෙන් මේ පිළිබඳ ක්‍රියා කිරීමේදී සතුටුදායක මැදිහත්වීමක් කිරීමට අපොහොසත්ව සිටී.

2017 වර්ෂය ආරම්භයත් සමඟ ලොව බලවත් රටවල් සිය ජාතික අභිලාෂයන් පිළිබඳ දක්වන සැලකිල්ල තියුණු වී ඇති පසුබිමක වඩා බිහිසුණු ලෝකයක් නිර්මාණය වෙමින් ඇති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහසය.

සිරියාවේ අලෙප්පෝ නුවර පවතින තත්ත්වය පිලිපීනයේ මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමය, චර්ෆුර්හිදී රසායනික අවි භාවිත වෙමින් තිබීම වැනි කාරණා ගැනද එම වාර්තාව විශේෂයෙන් සඳහන් කර තිබේ.

ඇම්නස්ටි වාර්ෂික වාර්තාව මඟින් මතුකර ඇති කාරණා ගැන ධවල මන්දිරය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. එක්සත් රාජධානියට වාර්තා මඟින් එල්ලවී ඇත්තේ විවේචනයකි. ගෝලීය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත ඉන් දෝෂදර්ශනයට ලක්කර ඇත.

2016 වසරේදී මානම හිමිකම් කඩවීම් ලෙස වාර්තාවූ රටවල් අතර බංග්ලාදේශය, තායිලන්තය, හොන්ඩියුරාස් හ මියන්මාරයද ඇත.

ලන්ඩනය කේන්ද්‍රකොටගත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්තාව එළිදැක්වූයේ පැරීසියේදීය. ප්‍රංශය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අනුගමනය කරන පිළිවෙතද ඉන් විවේචනය කර තිබේ. විරෝධතාකරුවන් 140 ක් නිවාස අඩස්සියේ තැබීමට හෝ ඔවුන්ට තහංචි පැනවීමට ප්‍රංශය පියවරගෙන ඇති බවද වාර්තා පෙන්වා දී ඇත.

මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් අනුගමනය කරන පිළිවෙත ගැන සතුටු විය නොහැකිය. සෙසු රටවල මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන උස්හඬින් කතා කරන බලවත් රටවල මානව හිමිකම් වාර්තාවද ඊටත් වඩා අයහපත් එකක් බවට ඇම්නස්ටි වාර්තාව සාක්ෂි දරයි.

ඇම්නස්ටි ජාත්‍යන්තරය 2016 වාර්ෂික වාර්තාව මඟින් මානව හිමිකම් පිළිබඳ තත්ත්වය අළලා වත්මන් ප්‍රවණතා මෙන්ම පුරෝකථනයක්ද කරමින් ප්‍රධාන කාරණා 7ක් මතු කරයි.

රටවල් 1/5 ක පමණ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ඉන් එකකි. යුදායුධ වෙළෙඳාම තවත් කාරණයකි. ඉරාකය, ඊශ්‍රායලය, රුසියාව, දකුණු සූඩානය සහ සිරියාව යන රටවලට විශාල වශයෙන් අවි ආයුධ අලෙවි වී තිබේ. ජනාකීර්ණ ප්‍රදේශවලදී විශාල පිපුරුමක් ඇතිකරන අවි භාවිතය ගණනය කළ නොහැකි තරම් සිවිල් ජීවිත විනාශවීමට හේතුවක් වීම තවත් කාරණයක් ලෙස එහි සඳහන් ය.

ඉරානය, සෞදි අරාබිය, ඊජිප්තුව මෙන්ම තවත් රටවල අත්අඩංගුවට ගන්නා ඇතැම් ක්‍රියාකාරීන්ට හිංසාකාරී ලෙස සැලකීම, ඔවුන් අතුරුදහන්වීමද බොහෝ ආණ්ඩු උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිරෝධී පිළිවෙත ගැනද වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ. ඊජිප්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ක්වේටය ඉරානය වැනි රටවල් කෙරෙහි වාර්තාවෙන් අවධානය යොමු කරයි. ඉරානයේ ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ කාන්තා අයිතීන් පිළිබඳ හඬ‍නඟන ක්‍රියාකාරිණියක් අත්අඩංගුවේ සිටින බවද වාර්තාවේ සඳහන්ය.

සිරියානු සරණාගතයන්ගෙන් 95% කටම රැකවරණ ලබාදී ඇත්තේ රටවල් 5ක් පමණක් බවද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 190,000ක් මිය ගොස් දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් සරණාගතයන් බවට පත්වුවද එ. ජා. ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් ව සිටින බවද වාර්තාව තවදුරටත් පෙන්වාදී ඇති කාරණයකි. සිරියාවේ පමණක් නොව ඉරාකයේ ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක වී නැත.

2016 වර්ෂය සඳහා වූ ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මෙම මානව හිමිකම් වාර්තාව මනුෂ්‍යත්වය මැන බැලීම පිළිබඳ දර්ශකයක් ලෙස සලකන්නේ නම් ලෝකය සිටින්නේ සතුටුවිය හැකි තැනක නොවන බව ඉතා පැහැදිලිය. මානව හිමිකම් ගැන බොහෝ රටවලට ඇත්තේ දෙබිඩි කියැවීමක් බවද ඉන් ගම්‍ය වේ. සෑම වර්ෂයකට නිකුත් වන මෙම වාර්තාවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනද යෝජනා කරතත් තත්ත්වය වඩා අයහපත් අතට හැරීම මිස ප්‍රගතියක් ඇතිවී නැත.

මිනිස්කමට ගරු කරන්නැයි උස් හඬින් කෑ ගසා කියද්දී කන් වසා සිටින, නොමිනිස්කමට එරෙහිවන්නැයි අතදිගු කර පෙන්වද්දී ඇස් වසා සිටින ලෝක රටාවක් අප ඉදිරිපිට තිබේ. ඛේදවාචකයේ තරම කෙතරම් දැයි 2017 වාර්ෂික වාර්තාව නිකුත් වූ විට ලෝකයට තවත් දැනෙනු ඇත.

-ධම්මික සෙනෙවිරත්න_දිනමිණ

උපන්දිනයට කේක් කපලා කපුගෙදරට වෙච්ච දෙයක්

chamara-kapugedara-30-birthday

චාමර කපුගෙදරගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.

ඉතින් ඊයේ තමයි අපේ අය ඕස්ට්‍රේලියාවෙ ඉඳලා ලංකාවට ආවේ.

එහෙම ඇවිත් කපුගෙදරගේ 30 වන උපන්දිනය වෙනුවෙන් කේක් කපලා තියෙනවා.

එහි වීඩියෝව බලන්න.


_වෙබ්ගොසිප්