26 February, 2017

කොලු වලි සහ ගැටව් කචල් - බාලිකා පාසල්වල "චණ්‌ඩි ශ්‍යාමා"

- සුලෝහිත සංග්‍රාමවල සුලෝහිත ඉතිහාසය

- බාලිකා පාසල්වල "චණ්‌ඩි ශ්‍යාමා" පන්නයේ චණ්‌ඩි කෙල්ලෝ.

school-students-clash

ගමේ හෝ නගරයේ කියා වෙනසක්‌ නැත. නව යොවුන් වියට එළැඹෙන පාසල් සිසුන් අතරින් බහුතරයක්‌ දෙනා දඟල දඩබ්බර, අකීකරු, අසම-ජාති වැඩ කරති. සමහරු මෙයට කොලුකම කියාද කියති. එදවස ගමක්‌ තුළ ඇති පාසලක කොල්ලන් කළ දඩබ්බර වැඩ යනු ඉස්‌කෝලෙන් කට්‌ටි පැනීම, අසල වත්තක ඇති තැඹිලි කුරුම්බා හොරාට කැඩීම, ගෙදරට හා පාසලට හොරා ඇළක දොළක වක්‌කඩක ඇනිකට්‌ එකක බිලී බෑම සහ එහි නාන්නට යැම සහ ලඳු කැලෑවක හෝ පාළු වත්තකට රිංගා බීඩියක්‌ සිගරැට්‌ටුවක්‌ ඉරීම වැනි දේය.

නමුත් නගරයේ කොල්ලන් එදා කළ දඩබ්බර වැඩ ඊට වෙනස්‌ය. ඔවුහු ස්‌කූල් කට්‌ කර මුහුදේ නාන්නට ගියහ. මැටිනි ෂෝ හෙවත් 10.30 චිත්‍රපට බැලූහ. දෙමාපියන් දෙදෙනාම රැකියාවට යන ගෙදරකට කීප දෙනෙක්‌ රැස්‌ව මුළුතැන්ගෙයි උයා ඇති කෑම වළං පිටින්ම හූරං කා බෲස්‌ලීගේ හෝ ජෙට්‌ලීගේ ඩෙක්‌ පීස්‌ නැරඹූහ. එසේත් නැත්නම් වැඩිහිටි හෝ නිල් පීස්‌ බැලූහ. සියල්ලෝම නොවුණත් අතරින් පතර සිටි කොලු කණ්‌ඩායම් සිගරට්‌ එකක්‌ බියර් බෝතලයක්‌ හෝ ඊටත් මඳක්‌ එහාට ගොස්‌ ගංජා සුරුට්‌ටුවක හෝ අරක්‌කු බාගයකට සෙට්‌ වූහ.

ඉහත සඳහන් අවර දඩබ්බර වැඩවලට අමතරව ගමෙත් නගරයෙත් යන දෙකේම සමහර තරුණ පාසල් ගැටව් තනි තනිවම අතින් පයින් ගහ ගැනීම, ගුස්‌ති ඇල්ලීම, කණ්‌ඩායම් වශයෙන් පිල් බෙදී ගුටි ඇන ගැනීම වැනි දේද නොකළේම නැත.

ඇත්තටම ගුටි ඇන ගැනීම පාසල් දරුවන්ට අරුම දෙයක්‌ නොවේ. ඔවුන් අතරින් වැඩි දෙනෙක්‌ එසේ කිරීමට කැමැතිය. විශ්ව සාහිත්‍යයේ මෙන්ම අප රටේ නවකතා, චිත්‍රපට, ටෙලි නාට්‍ය ඉතිහාසයේද එසේ පාසල් දරුවන් අතර ගුටි කෙළි අඬදබර වැනි සිදුවීම් තිබුණුq බව අපට පෙන්වා දිය හැකයි. විශ්ව සාහිත්‍යයේ දඟකාරයන් අතර තාමත් අංක එකේ ප්‍රමුඛයා වන ටොම් සෝයර් ඔරිජිනල් පිටපත කියවන කාටත් මාර්ක්‌ ට්‌වේන් විසින් ලොවට බිහි කළ ඒ දඟකාර චරිතය සිතින් කිසිදා බැහැර කළ නොහැක. 

ටොම් යනු ඒ තරමටම දඟ වැඩ කළ එමෙන්ම බාල මහලු තරුණ වැඩිහිටි පාඨක සිත් ආකර්ෂණය කරගත් මනඃකල්පිත කොලු ගැටයෙකි. දයා රාජපක්‍ෂ බිහිකළ පසුව සුනිල් ආරියරත්න විජය කුමාරතුංග යොදවා තිරයට ගෙනා අනුපමාගේ අසිතද නිතර වලියට බර දඩබ්බර සිසු චරිතයකි. ඔහු එකල අප ඇතුළු පාසැල් දරුවන්ගේ වීරයෙක්‌ව සිටියේ අයුක්‌තියට අසාධාරණයට එරෙහිව දුප්පතුන් වෙනුවෙන් සටන් කළ අයෙක්‌ නිසාය.

පිරිමි දරුවන් සිටින සෑම පාසලකම වාගේ චණ්‌ඩි පුත්තු සිටිති. මැරයෝ සිටිති. මදාවියෝ සිටිති. අසරණයන් වෙනුවෙන් සටන් කරන ඉල්ලීම් වෙනුවෙන් පාරට බහින ගැලවුම්කාරයන් හෝ විමුක්‌තිකාමීන්ද සිටිති. එමෙන්ම ජඩ, ජාගර, අසම-ජාති, අවටියල් අලුගුත්තේරු, අසික්‌කිත කොලුවන්ද මේ අතර සිටින බව අකැමැත්තෙන් වුවද කිව යුතුය. සමහරු කොල්ලන් නොව කොලු තාත්තලාය.

හැදිච්ච දෙමාපියන්ගේ නැහැදිච්ච පුත්තු, කියා සමහර ගුරුවරුන් මේ ගැටවුන්ව අමතන්නේ ඒ නිසාය.

ඕල්කොට්‌තුමන් බිහි කළ මෙත්තානන්ද, කුලරත්න, කුඩලිගම වැනි උත්තමයන් සිය ශ්‍රමය ධනය ජවය සහ මුළු දිවියම කැපකොට ඉදිරියට රැගෙන ආ සිංහල බෞද්ධ පිරිමි පාසැල් පද්ධතියටම නිගා දෙමින් පසුගිය සතියේ ඇතිවූ සිසු සිසු ගැටුම ගැනද මෙහිදී යමක්‌ ලිවිය යුතුය.

සමහරු කියන අන්දමට මෙය සායක්‌ නිසා නොහොත් තරුණියකගේ ප්‍රේමය නිසා හටගත් ආරවුලක ප්‍රතිඵලයකි. තවත් අය කියන්නේ ගැටුමට සම්බන්ධ වූ දරුවන්ගේ පවුල් සහ සංස්‌කෘතික පසුබිම නිසා මෙය සිදුව ඇති බවයි. තවත් අය කියන්නේ මෙය දැඩි උෂ්ණය සහ වත්මන් කාල පරිච්ෙ-දය නිසා උද්ගත වූ තත්ත්වයක්‌ බවයි. අප දකින අන්දමට මෙයට හේතුව ඉහත සියල්ල සහ ඒ ගැටවරයන්ගේ මානසිකත්වය සහ පෞරුෂය ද මෙයට ඉවහල් වූ බවයි.

කෙල්ලක්‌ නිසා හෝ පෙමක්‌ නිසා හෝ වෙනත් හේතුවක්‌ නිසා හෝ තරුණ නව යොවුන් සිසු පිරිස්‌ හටන් ගැටුම් කල කෝලාහල ඇති වූයේ අදක ඊයෙක සිට නොවන බවද අපි දනිමු. නමුත් ගල් මුල් පුටු කකුල් වීදුරු බෝතල් යකඩ පොලු ආදිය රැගෙන මාරාවේශයෙන් දිව ඇවිත් එක්‌ පාසලක සිසු පිරිසක්‌ තවත් පාසලක සිසු පිරිසකට පහර පිට පහර දී අවසානයේ එය එළාර දුටුගැමුණු ජාතියේ මුහුණට මුහුණලා කෙරෙන සටනක්‌ බවට පත්වූ ප්‍රථම අවස්‌ථාව මෙය බව මගේ වැටහීමයි. 

තම සහෝදර පාසලේ මිතුරෙකුට වෙනත් පාසලක සිසුවෙකුගෙන් අභියෝගයක්‌ එල්ලවුණා කියා දැනගත් කල්හි ඌ වෙනුවෙන් ඉස්‌සරින්ම සටනට බහින්නේ නාලන්දීයයන්ය. නමුත් ඒ කඩු පොලු මුගුරු විකට්‌ පොලු සහිත ම්ලේච්ඡ අයුරින් නොවේ. වැඩිම වුණොත් අදාළ සිසුවා හෝ පිරිස වෙත ගොස්‌ කම්මුල් පාරක්‌ හෝ දෙකක්‌ ගසයි. නැතිනම් උඩ පැන බෲස්‌ලි හෝ චක්‌ නොරිස්‌ මෙන් පා පහරක්‌ එල්ල කරයි. තාමත් ඔහු මෙල්ල නොවී වරද පිළිsනොගන්නේ නම් වට කර ටොකු පූජාවක්‌ දෙයි. එසේ නැත්නම් අතින් පයින් කුඩා ගුටි පූජාවක්‌ එල්ලකරයි.

" අඩෝ.. , අඩෝ.., මූණට, පපුවට ගහන්න එපා හරිද?, කියා කල්ලියේ නායකයා අයිනක සිට සටන මෙහෙයවමින් ප්‍රහාරකයින් යම් විනයකට ලක්‌ කරන අයුරුද ඉතා සුලබය.

"අපිත් ඉස්‌සර හොඳ වලි කාරයො තමයි. හැබැයි අතින් පයින් තමයි වැඩ. චැලෙන්ඡ් කරල ගහ ගන්නව දෙන්නගෙන් එකෙක්‌ දුවනකං හරි... මං බයයි කියල දෙකට නැමෙනකං හරි.. කොහාම ගැහුවත් අපි දන්නව නපුරු තැන්වලට නොගහන්නයි, තුවාල නොවෙන්න ගහන්නයි ,

මෙසේ කියන්නේ ඒ කාලයේ එනම් 80 දසකයේ මැද හරියේ පමණ පාසල් සිසුන් අතර ක්‍රියාත්මක වුණුq ගැන්ග් 48 නම් කල්ලියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ දැන් ප්‍රංශයේ පැරිස්‌ නගරයේ ජීවත්වන අප හිතවත් නිශාන්ත හෙවත් පයිලට්‌ය. පසුගිය දිනෙක ඇතිවූ සොයුරු සොයුරු නින්දිත ගැටුම අන්තර්ජාලයෙන් දැක ප්‍රංශයේ සිට ඔහු මෙසෙන්ජර් හරහා මට ඔහුගේ ශෝකය ප්‍රකාශ කර තිබුණේa එලෙසිනි.

එකල දඩබ්බර සිසුන් අතර ක්‍රියාත්මක වුණුq ගැන්ග් 48 ගැනද සිහි නොකරම බැරිය. එයට විටින් විට විවිධ පාසල්වල සිසුහු නායකත්වය සැපයූහ. 83- - 85 කාලයේදීS අවසන් වරට එහි නායකයා වූ තිස්‌ස පසුව උසස්‌ පෙළ කර පාසැලින් අස්‌වී අවි ගත් සන්නද්ධ කල්ලියකට සම්බන්ධ වූ අතර 89 භීෂණය කාලයේ අතුරුදන් විය.අනික්‌ සිසුන්ගෙන් බහුතරයක්‌ අද සමාජයේ ඉහළ රැකියාවල යෙදෙමින්ද තවත් සමහරු යුරෝපය, කැනඩාව, ඇමෙරිකාව, ඔස්‌ට්‍රෙලියාව ආදී රටවල පදිංචියටද ගොසිනි. 

මේ 48 කල්ලියට එසේ නම වැටෙන්නේ එහි එක පාසලකින් හය දෙනා බැගින් පාසැල් අටකින් සාමාජිකයන් හතලිස්‌ අට දෙනෙකු සිටි නිසාය. ආනන්දල නාලන්ද, ඩී ඇස්‌ සේනානායක, ඉසිපතන, තර්ස්‌ටන්, සහිරා, කේරි, වෙස්‌ලි යන පාසැල් මෙයට අයත් වූ අතර රාජකීයයන් යනු ෙද්‍රdaහීන් බවටත් ඔවුන් ඇසුරු කිරීම හෝ කල්ලියේ රහස්‌ ඔවුන් අතට පත්වීම සාමාජිකත්වය අහිමි විය හැකි විනය පරීක්‍ෂණයකට යටත් විය හැකි දැඩි වරදක්‌ බවටත් සාමාජිකයෝ පිළිගෙන සිටියහ.

ඊට අමතරව ගරු සාමාජිකයන් වශයෙන් අගනුවර ජනප්‍රියම කාන්තා පාසල් දෙක තුනක චණ්‌ඩි ශ්‍යාමා කොලිටියේ කෙල්ලන් හත් අට දෙනෙකුද සම්බන්ධ වී උන් බව මට මතකය. අප අතර පෙම් සබඳතා ශාරීරික සබඳතා තරහ මරහ ආදිය ඇතිවීම අනිවාර්යයෙන් තහනම් කරුණකි. මේ හතළිsස්‌ අටේ කල්ලියේ ප්‍රධාන අරමුණු වූයේ සාමාජික පාසල්වල සිසුන්ට මහමඟදී වන පාසල්වල සිසුන්ගෙන් වෙන හිරිහැර තාඩන පීඩන අවම කිරීම, එසේ වෙන වැරදිවලට දඬුවම් පැමිණවීම, බිග් මැච් සමයට අවශ්‍ය විනෝදාස්‌වාද කටයුතු සංවිධානය කිරීම, ප්‍රධාන ක්‍රිකට්‌ හෝ රගර් පාපන්දු වැනි තරගවලදී ඇතිවන කචල් වලි පෙරළෙන බාල්දිs ආදියට විසඳුම් සෙවීමල ඇතිවන ගැටලු අභියෝගවලට ප්‍රති ප්‍රහාර දීම සහ පාසල් තුළ මං පොර වෙන්නටත් වැඩියෙන් ඉස්‌මතු වෙන්නටත් දඟලන අලුත් චණ්‌aඩින්ව මෙල්ල කිරීම බලතල අතට අරන් වැඩියෙන් දඟළන ශිෂ්‍ය නායකයන් හෙවත් පිපෙට්‌ලාව මට්‌ටු කිරීම මෙන්ම යහපත් කරුණාවන්ත ගුරුවරුන්ට හෝ අහිංසක අසරණ කොන්වුණුq සිසු සිසුවියන්ට කෝචොක්‌ කරන පාට්‌ දමන නවක වද දෙන බොරු චණ්‌aඩින් නොන්ඩින් කිරීමද සිදු විය.

සාමාන්‍යයෙන් මහ විද්‍යාලයක බාලාංශයේ සිට ශ්‍රේණි 12 ක්‌ ඇති බව අපි දනිමු. මේ එක එක ශ්‍රේණියට අවම වශයෙන් චණ්‌ඩි හෝ යකාටවත් බය නැති වර්ගයේ හොඳින් දැඟලිය හැකි අත පය එහෙ මෙහෙ විසි කළ හැකි පස්‌ හය දෙනෙක්‌ සිටිති. ඒ අතරින් නොම්මර එකේ වැඩ්ඩන් ඉන්නේ එකෙකි. නැත්නම් දෙන්නෙකි. මෙවැනි වැඩ්ඩන් වැඩි වන්නට වන්නට පාසල් තුළ ඇති රණ්‌ඩු හෝ හටන් ඇවිලී යැමද වැඩිවෙයිs

අන්න අරූ කැමැතියි ඔයත් එක්‌ක චැලෙන්ජ් කරල ගහගන්න.. මොකද කියන්නෙ අභියෝගය භාර ගන්නවද?

කාල තෙල ඇති ඇඟේ ජොහොර් එක නොඅඩු කොල්ලෙක්‌ නම් එම අභියෝගය එක පයින්ම භාර ගනී. ඔහු එවෙලේම හටන් කොන්දේසිද ඉදිරිපත් කරයි.

ඔන්න කිව්වා පැරදිලා සර්ලා ටීචර්ලා ගාවට දුවන්න බැහැ,

මූණටයි පපුවටයි ගහන්න බැහැ,

පොලු, බෝතල්, කවකටු, ක්‍රිකට්‌ පොලුවගේ ආයුධ ඔට්‌ටු නැහැ,

හපන්න, හූරන්න, කොනිත්තන්න, කෙළ ගහන්න තහනම්, දත් කැඩුනයි ලේ හැලුනයි කියල අඬන්න බැහැ,

තමන්ගෙ එකා පරදිද්දි අනික්‌ එවුන් මැදට පනින්න බැහැ,

බිම වැටිච්චි එකා හරි බදා ගත්ත එකා හරි පරාදයි,

මෙවැනි නානා විධ තරග නීති මැද කලින් නියම කරගත් දිනයක වෙලාවක පාසලේ පාලු කොනක හෝ පිට්‌ටනියක අයිනක දෙදෙනා මුණ ගැහෙන්නේ එකිනෙකාට සහාය දක්‌වන පරිවාර කණ්‌aඩායමක්‌ද සමගිනි.

ආධාරකරුවන් සහ හුරේ දමන්නන් රවුමට වට වන අතර හටන්කරුවෝ මැද ඉඳන් වටේ කති. නොහොත් හොර ගල් අහුලන්නට පටන් ගනී. එකෙක්‌ බෲස්‌ලී මෙන් ක්‍රෝධයෙන් අත් මිට මොලවමින් දත් මිටි කන අතර අනිකා මොහොමඩ් අලී මෙන් එක තැන එහෙ මෙහෙ පනිමින් නයෙක්‌ විස පිඹින අයුරන් සූස්‌ සූස්‌ සද්ද දමයි. සමහරු වහසි බස්‌ දොඩයි. සටන ඇරඹෙන පාටක්‌ නැත. අවට ඉන්න එවුන් කට අරින්නේ එවිටයි. මෙයට කියන්නේ කොටවනවා නොහොත් ෙµdaම් කරනවා කියායි.

ඒයි මොකෝ බයද? ගෙදර මතක්‌ වුණාද ? ගේම නවත්තමුද? පරාදේ පිළින්නවාද? ආදි ප්‍රශ්න සමහරු අහද්දී සමහරු සටන් කරුවා උසි ගන්නන්නේ..,

හා පුලුවන් නං අල්ලපං අනිකගෙ නහය.. ඔට්‌ටුයි උඹට බැරුවට, කියමිනි.

කෙසේ හෝ එකෙක්‌ ඉස්‌සර වී ඉදිරියට පැන අනිකාගේ නාසය අල්ලන්නට උත්සාහ කරයි. එවිට නාස්‌ හිමිකරු ඉදිරියට පැන තම එදිරිවාදියාට පහරක්‌ එල්ල කරයි. ඉනික්‌බිති ද්වන්ධ සටන ඇරඹෙයි. තමා දන්නා ශිල්ප ශාස්‌ත්‍ර සහ කසිකබල් දෙමළ චිත්‍රපට සහ තායිවාන් කරාටේ චිත්‍රපට නරඹා එතෙක්‌ ඉගෙන ගෙන ඇති සෑම ප්‍රහාරයක්‌ම සටන් ක්‍රමයක්‌ම උපයෝගී කරගනිමින් සටන් කරුවන් සටන් වදී.

සෙල්ලම දුරදිග යන්නේ යෑයි බලා සිටින්නන්ට හැඟෙන්නේ නම් එකෙක්‌ හෝ දෙන්නෙක්‌ මැදට පැන සටන නවත්තන්නට උත්සාහ කරයි. දෙන්නා දෙපසට ඇද කීප දෙනෙක්‌ අල්ලා ගන.S බැරිම තැන අයිනක ඉන්න එකෙක්‌ . ඔන්න ලොකු සර් එනවා දුවපල්ලා, කියා කෑ ගසයි. එය ඇසුණුq සියලු දෙනා පස්‌ස නොබලා පන්ති කාමරයට දුවන්නේ විදුලි වේගයෙනි.

වෛරයක්‌ ක්‍රෝධයක්‌ පලිගැනීමක්‌ නැත. වැඩියෙන් ගහපු එකාට දිනුම දී සටන එතැනින් ඉවර වෙයි . යළිත් සිසුවන් සුපුරුදු මිතු දමින් පාසල් වැඩකටයුතුවල යෙදේ. මා මේ විස්‌තර කළේ අප පාසල් යන කාලයේ වුණු කොලු වලි සහ ගැටව් කචල් ගැනයි.

80 දසකයේ ආනන්දේ සිසුවන් වන පුංචි බොරැල්ල ලර්නස්‌ සුජීව සහ ගල්වත්තේ බොක්‌සිං මාස්‌ටර්ගේ පුත් ප්‍රභාත් අතර ඇතිවුණ ගැටුම යනු අදටත් සුලෝහිත ඉතිහාසයේ ඉහළිsන්ම ලියෑවී ඇති අංක එකේ සටනකි. හැඩි දැඩි උස මහත යෝධයෙක්‌ වැනි සුජීව .එපා එපා, කියද්දීS එතරම් උස මහත නැති ප්‍රභාත්ට පහර කීපයක්‌ මුලින්ම ගැසූ අතර ප්‍රභාත් ඒ සියල්ල ඉවසමින් දෑතින් මුහුණ වහගෙන පහත් වූ අතර මඳකින් දැන් ඇති .අයියෙ ආයි ගැහුවොත් නං මාත් ගහනවා, කියද්දී ඊළඟට පැමිණි සුජීවගේ පාපහර නිසා ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නේය. වහා කෙළින් වුණුq ප්‍රභාත් දකුණු පාදය ඉදිරියට ගෙන මඳක්‌ පිටුපසට නැමී යළි දුන්නක්‌ මෙන් කෙළිsන් වී ඉදිරියට පැන සුජීවගේ මුහුණටත් පපුවටත් හුක්‌ ෂොට්‌ දෙකක්‌ එල්ල කළ අතර සුජීව කපා හෙළන ලද කෙහෙල් ගසක්‌ මෙන් ආනන්දයේ ක්‍රීඩා පිටිය වටේ ඇති සිමෙන්ති පඩි පෙළෙන් බිමටම ඇද වැටුනි. එතෙක්‌ තමා දරා සිටි කලාපයේ සටන් නායක කිරුළ ගලවා එවෙලේම ප්‍රභාත්ට පිරිනැමු සුජීව සිය පිරිවර සමග එතැනින් පිටවුණේa යළි පළිs ගන්න අදහසින් නොව මිතුරු සිතකිනි.

සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් යන මාස හතර ඇතුළත් පාසල් පළමු වාරය සිසුන්ට ගැම්මක්‌ ආවේගයක්‌ සහ ජවයක්‌ ගෙන දෙන කාල පරිච්ඡේදයක්‌ බව අපි දනිමු. ඒ ක්‍රිකට්‌ තරඟ බිග් මැච් නිවාසාන්තර ක්‍රීඩා තරඟ වැනි ප්‍රායෝගික දුව පැන කරන ක්‍රියාකාරකම් ඇති කාලයක්‌ නිසාය. එමෙන්ම සාමාන්‍ය පෙළ සමත්ව වෙන සිසු සිසුවියන් නවකයන් ලෙස පාසලට ඇතුල් වෙන්නේත් මේ කාලයටයි. අලුතින් එන කෙල්ලන්ට වැඩ පෙන්වීමට, අලුත් කොල්ලන් බය කර ගැනීමටද දැඟලිල්ල ඇති ගැටවරයන් මේ කාලයට තම ශිල්ප පෙන්වන්නට උත්සාහ කරති. සිසුන් සිසුන් අතර සටන් ඇතිවන්නේ මේ හේතුන් නිසාය.

ලංකාවේ දකින්නට නැති එහෙත් යුරෝපයේ ඇමෙරිකාවේ සහ කැනඩාවේ සමහර ප්‍රාන්තවල ඉතා සුලබ "ලයිෆ් කෝච්" (Life Coach) හෙවත් ජීවිත පුහුණුකරු නමැති චරිතය මේ සඳහා සාර්ථක විසඳුමකි. ඔහුගේ කාර්යභාරය වන්නේ දඟකාරකමට වැඩි නැඹුරුවක්‌ දක්‌වන දඩබ්බර දාමරික ගති ඇති ආවේගශීලී දරුවන් අඳුනාගෙන ඒ අයට පෞද්ගලිකව ළංවී ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරන ප්‍රචණ්‌aඩත්වයෙන් මුදවන ක්‍රියාකාරීකම් වලට යොමු කිරීමයි. ඒ සඳහා මේ ලයිෆ් කෝච් විසින් පිහිනීම, ක්‍රීඩා, වික්‍රමාන්විත ක්‍රියා අනුසාරයෙන් සටන්කාමී බව, වේගවත් බව නිර්භීතකම වැනි දේ යහපත් අන්දමට යොදවන අයුරු උගන්වයි. මෙය සාර්ථක ක්‍රමයකි. අද විද්වතුන් මෙන්ම ළමා මනස පිළිබඳ විශාරදයන්ද විශ්වාස කරන්නේ පාසලේදී පන්ති කාමරයේදී ගණිතය, විද්‍යාව, භාෂාව, සාහිත්‍යය, සෞඛ්‍යය, වාණිජ්‍ය වැනි විෂයන් උගන්වන ගුරුවරුන්ට බැරි ඊට එහාට ගිය ජීවිත පාඩම් මේ ලයිෆ් කෝච්ට ඉගැන්විය හැකි බවයි.

දැනුමෙන් බලයෙන් පූර්ණ මනා පුහුණුවක්‌ ලත් කැපවීමක්‌ ඇති ජීවිත පුහුණුකරුවන් අපගේ පාසල් තුළද සේවය සඳහා බිහි වනතුරු අපි බලා සිටිමු.

-මිත්‍ර ශ්‍රී කරුණානායක_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොලු වලි සහ ගැටව් කචල් - බාලිකා පාසල්වල "චණ්‌ඩි ශ්‍යාමා" "

    Post a Comment