26 February, 2017

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි – රතන හිමි ආණ්‌ඩුවේ රහස්‌ රැසක්‌ හෙළි කිරීමට සුදානම්

ආණ්‌ඩුවේ සහ ජාතික හෙළ උරුමයේ මෙතෙක්‌ හෙළි නොකළ රහස්‌ රැසක්‌ ඉදිරි දින කීපය තුළ හෙළිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

තමන් වහන්සේ පාර්ලිමේන්තුවේ ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට හේතු සාධක රැසක්‌ බලපෑ බවද උන්වහන්සේ පවසන බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ.

ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ රටේ ජනතාවගේ අපේක්‍ෂා දිනෙන් දින භංගත්වයට පත්වෙමින් යන බවත් රට යළිත් ගොඩ ගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා ඇදෙමින් පවතින බවත් උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

එසේම ජාතික හෙළ උරුමය තමන්වහන්සේට එල්ල කරන චෝදනා පිළිබඳවද කරුණු රැසක්‌ හෙළි කරන බවත් උන්වහන්සේ කියා සිටිනවා.

athuraliye-rathana-thero-04

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉදිරි දින කිහිපය තීරණාත්මකයි – රතන හිමි ආණ්‌ඩුවේ රහස්‌ රැසක්‌ හෙළි කිරීමට සුදානම්"

    Post a Comment