27 February, 2017

ලෝක සිනමා මංගල්‍යය ‘ඔස්කාර්’අද ඇරඹෙයි

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සිනමා සම්මාන රාත‍්‍රිය තව නොබෝ වේලාවකින් ආරම්භ වෙනවා. 

මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා හි ඩොල්බි රංග ශාලාවේදීයි.

පළමු සම්මානය පිරිනැමුණේ හොඳම සහාය නළුවා වෙනුවෙන්. සම්මාන දිනාගත්තේ ‘මූන් ලයික්’ චිත‍්‍රපයේ රඟපෑ අමෙරිකානු නළු මහේෂාලා අලී.

හොඳම ඇඳුම් නිර්මාණයට අදාළ සම්මානය ‘කොලින් ඇඞ්වුඞ්’ චිත‍්‍රපටයට හිමිවුණා.

හොඳම වේෂනිරූපණය හා කොණ්ඩා සැකසුම් සඳහා වන සම්මානය ‘සූ සයිඞ් ස්කොඞ්’ චිත‍්‍රපටය දිනාගත්තා.

හොඳම වාර්තාමය චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිවුණේ ‘මේඞ් ඉන් අමෙරිකා’ චිත‍්‍රපටයටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර සම්මාන උළෙලේදී වැඩි අවධානයක් දිනාගත් චිත‍්‍රපටය බවට පත්ව ඇත්තේ ‘ලාලා ලෑන්ඞ්’ චිත‍්‍රපටය බවයි.

ඉකුත් දා පැවති ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේ මෙම චිත‍්‍රපටය වීම ඊට හේතුවයි.

මීට අමතරව ‘මැන්චෙස්ටර් බයි ද සී ’ චිත‍්‍රපටය කෙරෙහි ද විචාරකයින්ගේ වැඩි අවධානය යොමුව තිබෙනවා.

ඔස්කාර් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 89වන වරටයි.

මේ අතර ලෝක සිනමාවේ කැපීපෙනෙන චරිතයක් වන බිල් ෆැක්ස්ටොන් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

ටයිටැනික්, ඒලියන්ස්, ද ටර්මිනේටර් වැනි ලෝකප‍්‍රකට චිත‍්‍රපටවල රඟපෑ ඔහු මියයන විට 61වන වියේ පසුවුණා.



_නෙත්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝක සිනමා මංගල්‍යය ‘ඔස්කාර්’අද ඇරඹෙයි"

    Post a Comment