30 November, 2016

විශ්ව වැරදි තැනක් අල්ලා - පියුමිට මල පැනලා

පියුමි හංසමාලි සිය උපන් දින සාදය පසුගිය දිනක යහළු යෙහෙළියන් සමගින් සමරා තිබෙනවා. 

එම අවස්ථාවේ එක්තරා සිද්ධියක් නිසා පියුමි හංසමාලි මදක් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වනවා.

එම සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා. 

එය පහතින් නරඹන්න.

piyumi-vishwa-dance

කොලොම්බියානු ගුවන් අනතුරේ ලොකුම දේ හෙළිවෙයි



බ්‍රසීල පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් ඇතුළුව 75 දෙනෙකුට ජිවිත අහිමිකළ ගුවන් යානා අනතුරෙන් Plane crash 6 දෙනෙකු බේරුණු බව අපි ඔබට කිව්වා.

හැබැයි එහෙම බේරෙන්න ඒ අයට පුළුවන් වුණේ ගුවන් යානය පුපුරා විනාශ වුණේ නැති නිසයි.

ගුවන් යානය කඩාවැටෙන බව දැනගත් නියමුවා Miguel ‘Micky’ Quiroga යානයේ අමතර ඉන්ධන ඉවත් කරලා.

එහෙම කළේ යානය පුපුරා යාමෙන් සියල්ලෝ ම මැරෙන එක වලක්වලා කීප දෙනෙකුගේ හරි ජිවිත බේරන්න.

මේ නියමුවා එහෙම කලාට ඔහු ජීවිතය බේරගෙන නැහැ.

වයස අවුරුදු 42 ක් වුණු මේ ගුවන් නියමුවාගේ පියත් ගුවන් නියමුවෙක්.

මේ නියමුවාට වයස අවුරුද්දක් වෙත්දී ඔහුත් ගුවන් අනතුරකින් මියගිහින්.

















_ගොසිප්කින්ග්

සුලෝචනාගෙන් සිදුවණු අතපසුවීමට ලිංගික අල්ලස් ඉල්ලූ බැංකු කළමනාකරුට හෝටල් කාමරයේදී වැඩ වරදී

trying-to-abuse-rape-girl

කරදරයකට පත්වුණාම එයින් ගලවාගන්න එහෙමත් නැත්නම් උදව් කරන්න ඉදිරිපත්වෙන අයට වඩා එයින් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අය වැඩියි.

ඒ විදිහට බැංකුවක සේවය කරපු තරුණියකට ඇගේ අතපසුවීමකින් ලක්ෂ දෙකක මුදලක් බැංකුවකට පැමිණි ව්‍යාපාරිකයෙකුට ලබාදෙනවා.

ඇය අතින් සිදුවුණු මේ අතපසුවීම නිසා රස්සාවත් නැතිවෙනවා කියලා ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බැංකු කළමනාකරුට සිද්ධවුණු පාඩමයි මේ.

අම්මාත් තාත්තාත් මේ දියණියට හැම විටම ඉගෙනීමෙන් ඉහළටම යාමට දිරිමත් කළා.

සුලෝචනා ද කොතරම් අගහිඟකම් තිබුණ ද ඒ සියල්ලට එරෙහිව යමින් හොඳින් ඉගෙනුම ලැබුවා ය.

ඇයට අවශ්‍යවූයේ වෛද්‍යවරියක වීමට ය. එහෙත් ඇගේ බලාපොරොත්තු ඉටුවූයේ නැත.

විශ්ව විද්‍යාලයට යාමට සුදුසුකම් නොමැතිවීම නිසා ඇය බැංකු නිලධාරීන් බඳවා ගන්නා තරග විභාගයකට පිළිතුරු ලිව්වා ය.

විශ්ව විද්‍යාලයට යාමට නොහැකිවීම ගැන හිතේ දුකක් තිබුණ ද ඇය බැංකු විභාගයෙන් ඉහළින්ම සමත් වූවා ය. ඒ අනුව ඇයට බැංකුවක පත්වීමක් ලැබුණා ය.

ඇයට අයත් රාජකාරිය වූයේ කවුන්ටරයක මුදල් බාරව කටයුතු කිරීම ය. නගරයේ පිහිටි මෙම බැංකුව නිතරම කාර්යබහුල විය. මෙම බැංකුවට නිතර දෙවේලේ ආවේ ගියේ ව්‍යාපාරිකයන් ය.

සුලෝචනා හා ඇය සේවය කරන බැංකුව පිළිබඳව අපි ඔබට මුලින්ම කරුණු කීවත් මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිට ය.

සුලෝචනා සේවය කළ බැංකුවේ කළමනාකරු මැදිවියේ පසුවූවෙකි. ඔහු බොහෝ ක්‍රියාශීලී අයෙක් විය. ඒ නිසාම ඔහු තම අරමුණ කරා ඉක්මණින් ළඟා වූයේ ය.

කෙසේ හෝ වේවා මොවුන් රාජකාරිය කළ බැංකුවට බොහෝ ව්‍යාපාරිකයෝ පැමිණියහ. දිනපතාම ගනුදෙනු කරන අයද ඒ අතර විය.

නගරයේ ව්‍යාපාරිකයකු බැංකුව වෙත හදිසි ගනුදෙනුවකට ආවේ ඔය අතර ය. ඔහු තම ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගැනීමේ පෝරමයක් කවුන්ටරයේ සිටි සුලෝචනා වෙත දිගු කළේ ය.

උදෑසනම බැංකුව කොහොමත් කාර්යබහුල ය. ඒ කාර්ය බහුලත්වයට හුරුවීමට සුලෝචනාට ඒතරම්ම ලෙහෙසි වූයේ නැත.

ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉදිරිපත් කළ ලියවිල්ලට සුලෝචනා රුපියල් ලක්ෂ තුනක මුදලක් නිකුත් කළා ය.

ව්‍යාපාරිකයා මුදල් ද රැගෙන යන්නට ගියේ ය. බැංකු කටයුතු නිමා වීමෙන් පසුව සියලු ගනුදෙනු පරීක්ෂා කිරීමේදී ලක්ෂ දෙකක අඩුවක් තිබෙන බව බැංකු කළමනාකරුට අවබෝධවිය.

එදින රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා කවුරුන් හෝ හරපතක් නිකුත් කර නොතිබූ අතර රුපියල් ලක්ෂයක් තම ගිණුමෙන් ලබා ගැනීමට හරපතක් යොමුකළ එකම තැනැත්තා කලින් කී ව්‍යාපාරිකයා පමණි.

බැංකු කළමනාකරු මේ බව ඔහුගෙන් විමසූ විට ව්‍යාපාරිකයා කියා සිටියේ තමන් රුපියල් ලක්ෂයක මුදලක් පමණක් ලබාගත් බව ය.

ලක්ෂ දෙකක මුදලක් කාට හෝ නිකුත් කළ බවට කිසිදු සටහනක් ද නොවී ය.

සුලෝචනාට දෙලොව රත්විණි. ඉතිං කුමක් කරන්න ද? බැංකු කළමනාකරු ඇයව ඔහුගේ කාමරයට කැඳෙව්වේ ය. තමා අතින් වරදක් වී ඇති බව දත් සුලෝචනා ඉකි බිඳ හැඬුවා ය.

දැන් කරන්න දෙයක් නැහැ. ඔයා මේ ලක්ෂ දෙකක මුදල සෙට්ල් කරන්න ඕන...

නැන්තම් රස්සාව දාලා ගෙදර යන්න වේවි. එහෙත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් එකවර ගෙවීමට තරම් වත්කමක් සුලෝචනාට නොවී ය.

ඇය බොහෝ ආර්ථික අපහසුතාවලට මුහුණ දුන් තැනැත්තියකි. සිදුවූ දෙය ගැන සිතා හඬනවා හැරෙන්නට ඇයට කළ හැකි වෙනත් කිසිවක් නොවූවා ය.

මෙම අසරණිය අමාරුවේ වැටුණ වේලාවේ එමගින් වාසියක් ගැනීමට බැංකු කළමනාකරුට සිතක් පහළ වූයේ ඔය අතරය.

ඇහැට කනට පෙනෙන සුලෝචනා දෙස බැලූ කළමනාකරු ඇයට අලුත් යෝජනාවක් ගෙන ආවේ ය.

මං කොහොමද එකපාර රුපියල් ලක්ෂ දෙකක් ගෙවන්නේ..මම කිව්ව මගේ පඩියෙන් ටික ටික කපාගන්න කියලා.

ඒත්... මැනේජර් ඒකට කැමති වුණේ නැහැ... සර් මට කිව්වා පෞද්ගලිකව ඇවිත් එයාව හම්බවෙන්න කියලා.

මම දැන ගත්තා සර් එන්නෙ අමුතු පොටකට කියලා. මට ඒ කතාව ඇහුවම උහුලගන්න බැරිව ගියා.

අපි දුප්පත් තමයි. ඒත් ඒවගේ දෙයක් කරන්න පුළුවන්ද? මගේ අම්මට තාත්තට මොනවා හිතෙයිද මං ගැන...”

“මං ඇහුවා සර් මං අම්මත් එක්ක එන්නද කියලා?”
ඒ ගමන මට හොඳටම බැන්නා. ඊට පස්සේ මට කිව්වා එක්කො සර් එක්ක හෝටල් කාමරයකට යන්න එන්න. නැත්තම් ලක්ෂ දෙක නිසා හිරේ යන්න සූදානම් වෙන්න කියලා.

මං හොඳටම දන්නවා මං වංචාවක් කළේ නැහැ කියලා. අර ව්‍යාපාරිකයා වැඩිපුර ලැබුණු මුදල හංගගෙන එයා ගත්තේ ලක්ෂයක් විතරමයි කියලා කියපු නිසයි මම අමාරුවක වැටුණේ..

සිදුවූ දේ සුලෝචනා පවසන්නේ බියපත්ව ය. මං එදා බැංකුවේ ඉඳලා ගෙදර ගියත් මට කිසිම සැනසිල්ලක් තිබුණේ නැහැ.

මගේ හිතෙත් වැඩ කළේම මගෙන් වෙච්ච අත්වැරැද්ද ගැනමයි. ඒ මදිවට සර් මාව බිල්ලට ගන්න හදනවා. මේ කතාව අම්මටවත් තාත්තටවත් කියන්න බැහැ.

මට මගේ හිත හදාගන්නත් බැහැ. විසඳුමක් නැති ප්‍රශ්න ගොඩක පැටලිලා හිටපු මම මගේ හොඳම යෙහෙළියට මේ ගැන කිව්වා.

එයාගේ තාත්තා නීතිය පිළිබඳ හොඳට දන්න කෙනෙක්. යෙහෙළිය මට කිව්වා පහුවදාට එයාලගේ ගෙදර එන්න කියලා. එදා රෑ එළිවෙනතුරුත් මට නින්දත් නොනිද්දත් අතර හිටියේ. මං පහුවදා උදේම යෙහෙළියගේ ගෙදර ගියා. යාළුවගේ තාත්තට මං විස්තරය කිව්වා.

මං එතැන ඉඳලා වැඩ කළේ මගේ යාළුවගේ තාත්තා කියන විදියට.” මං ඊට පහුවදා කන්තෝරු ගිහිල්ලා සර්ට කිව්වා රස්සාව බේරගන්න ඕන නිසා මං එන්න කැමතියි කියලා.

ඒ වෙලාවේ සර් මගෙ දිහා බැලුවේ බොහොම කෑදර විදිහට. සර් මට වෙලාවත් තැනත් කිව්වා. මම හරියටම ඒ වෙලාවට ඒ තැනට ගියා.

වරෙන් කෙල්ලේ මං උඹේ රස්සාව බේරලා දෙන්නම්” එහෙම කියලා සර් මගෙ ඉනවටේ අතක් දාගෙන හෝටල් කාමරයට මාව එක්කරගෙන ගියා.

මට දැනුණේ මහා පිළිකුලක්. මේ මනුස්සයා තමන්ගේ වයසේ හැටියටවත් නෙමෙයිනෙ හැසිරෙන්නේ කියලා මට හිතුණා.

සර් හරියට කොල්ලෙක් වගේ එක එක කතා කියන්නත් මගේ එහෙන් මෙහෙන් අල්ලන්නත් පටන් ගත්තා.

ඒත් ඒ එක්කම වගේ දොරට තට්ටුකරන හඬ ඇහුණා. මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ එතකොටයි.

දොරට තට්ටු කරන හඬ ඇහිලා සර්ට කේන්ති ගියා. “කවුද දොරට ගහන්නේ කියලා සර් සැරෙන් කතා කළා...”

“පොඩ්ඩක් දොර අරින්න. සර්ගෙ හැඳුනුම්පත් අංකය ඉල්ලාගෙන යන්නයි ආවේ කියලා එළියේ ඉන්න ගැහැනු කෙනෙක් කියනවා ඇහුණා.”

සර් ඒ වෙලාවේ මහා කරදරයකින් ඉක්මණින් ගැලවෙන්න ඕන වගෙයි දොර ඇරියේ. ඒත් ඉදිරියේ හිටපු අය දැකපු සර් මගෙ දිහාත් ඒ අය දිහාත් කිහිපවරක් ම බැලුවා.

හොඳයි බලාගමුකෝ... සර් මට එතැනදී කිව්වා. හොඳයි බලමුකෝ..

“අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ඇවිත් හිටිය අයත් එහෙම කිව්වා.”

“මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඊට පස්සේ...” සුලෝචනා අතීතයේ මුහුණ දුන් සිදුවීම එසේ කියා කතාව නිම කළා ය.

සුලෝචනාගෙන් රුපියල් ලක්ෂ දෙක වෙනුවට ලිංගික අල්ලසක් ගැනීමට මාන බැලූ බැංකු කළමනාකරු තාමත් හිරගෙදර ය.

ඔහුට වසර විසි දෙකක සිර දඩුවමක් ද, දඩ මුදලක් ද නියම වූයේ ය. ඊට අමතරව ඔහුගේ රැකියාව ද අහිමි විය.

මෙය කියවන ඔබට කියන්නට අපට පණිවුඩයක් ඇත. එනම් යම්කිසි පුද්ගලයකු ලිංගික අල්ලසක් ඉල්ලා සිටිනවා නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට ඔබට අයිතියක් තිබෙන බව හොඳින් සිහිය තබාගන්න.

_හිරුගොසිප්

මිරිහාන ජිම් එකට ගිය සුරූපී ගුවන් සේවිකාවක අතවරයට පත්වුණු හැටි

ව්‍යායාම් පුහුණුව සඳහා මිරිහාන ප්‍රදේශයේ ව්‍යායාම් පුහුණු මධ්‍යස්ථානයක් වෙත පැමිණි ගුවන් සේවිකාවකට පුහුණුව ලබාදෙන මුවාවෙන් ඇයව වැලඳගෙන සිපගත් බව කියන එම පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. 

මහරගම පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පුරුද්දක් වශයෙන් එම ව්‍යායාම් මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබන එකී ගුවන් සේවිකාව ඉකුත්දා (23දා) පස්වරුවේද පුහුණුව ලබා ගැනීම සඳහා එම මධ්‍යස්ථානයේ තෙවැනි මහල වෙත ගොස් සිටියදී සැකකාර උපදේශකවරයා පුහුණුව ලබාදෙන මුවාවෙන් ඇයගේ ශරීරය ස්පර්ශ කරන ආකාරය දැනී ඇය එහි සිවුවැනි මහල වෙත ගොස් පුහුණුවීම් කටයුතුවල නිරතව ඇති බවද පසුව සැකකාර පුද්ගලයා එම මහලටද පැමිණීම නිසා ඇය නැවත තෙවැනි මහල වෙත පැමිණ ඇති බවද ඒ අවස්ථාවේදී ඔහු ඇයව වැලඳගෙන සිපගෙන ලිංගික හිංසනයක් කර ඇති බවද අනාවරණය වෙයි.

මහරගම පොලිසියේ සැරයන් නවරත්න (16379) පැමිණිල්ල මෙහෙයවීය.

rape-girl-04

CNN නාලිකාව මිනිත්තු 30ක් "අසභ්‍යය චිත්‍රපටියක්" පෙන්වලා

cnn-accidentally-air-30minutes-of-hardcore-porn-01

ලොව ප්‍රසිද්ධ CNN පුවත් නාලිකාව අසභ්‍ය දර්ශන විකාශය කළ පුවතක් විදේශ මාධ්‍ය හෙළි කරයි

මිනිත්තු 30ක පමණ කාලයක් මෙලෙස අසභ්‍යය දර්ශන විකාශය වී ඇත.

එය අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන්ට පමණක් දැක ගත හැකි වී ඇති බව වාර්තා වෙන්නේ.

අසභ්‍ය චිත්‍රපටයේ රඟපෑ නිළිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මුදල් ගෙවීමකින් තොරව ලැබුණු ප්‍රචාරයට ස්තූති කරන බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් සිදුකළ දෙයක් බව අදාළ පුවත් සේවය පෙන්වා දෙනවා.





cnn-accidentally-air-30minutes-of-hardcore-porn-03

ජපන් ජාතික කාන්තාවගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරළා

නිවාඩුවක්‌ ගත කිරීමට මීගමුවේ සුපිරි සංචාරක හෝටලයක්‌ වෙත පැමිණි 34 හැවිරිදි ජපන් ජාතික සුරූපිනියක්‌ තම ශරීරය සම්බාහනය කරගැනීමට එම හෝටලයේ මසාඡ් මධ්‍යස්‌ථානය (මසාඡ් රූම්) වෙත පැමිණි අවස්‌ථාවේ ඇගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර කළ එම හෝටලයේ සේවකයකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මීගමුවේ පදිංචි සජිත ලක්‍ෂාන් ප්‍රනාන්දු (30) නමැත්තා මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු එම සැකකරු රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

සැරයන් (49241) ජිනදාස මහතා පැමිණිල්ල මෙහෙයවිය. අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රිකුරේ මහතා පෙනී සිටියේය.

japanese-woman

මීගමුව සමූහ - විමල් කීර්ති_දිවයින

පාසල නිමවී එමින් සිටි සිසුවාට පහර දී අතේ 'තමිල්' කියා කොටලා

school-student-attacked-and-wrote-in-hand-as-tamil-at-talawakele
ක්‍රිකට්‌ පොලු අතැතිව පැමිණි තරුණයන් පිරිසක්‌ විසින් දුම්රිය මාර්ගයකදී පාසල නිමවී පැමිණෙමින් සිටි සිසුවකුට පහර දී උල් කටුවකින් දකුණු අතෙහි තමිල් යනුවෙන් ඉංග්‍රීසියෙන් කොටා පන්නා දැමීමේ පුවතක්‌ තලවාකැලේ පොලිස්‌ බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලවාකැලේ සුමන මහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා තුවාල සහිතව නිවසට ගියමුත් මේ පිළිබඳව දෙමවුපියන්ට පවසා නැත. පසු දින තුවාල සහිතව පාසලට පැමිණි සිසුවාගෙන් ගුරුවරුන් කරුණු විමසීමෙන් අනතුරුව ඔහු ලිඳුල රෝහලට ඇතුළු කිරීමට ඔවුන් කටයුතු යොදා ඇත.

තුවාල ලැබූ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තලවකැලේ පොලිසිය මගින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

පාසල නිමවී තලවකැලේ නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි නිවෙස වෙත යමින් සිටියදී තමා මෙසේ පහරකෑමට ලක්‌වූ බව සිසුවා පොලිසියට පවසා ඇත.

සමන්ති වීරසේකර_දිවයින

බ්‍රසීල ගුවන් අනතුරේ සංවේදී පුවත් රැසක් - සතියකට පෙර පියෙක් වූවෙකුත් මරුට



– සතියකට පෙර පියෙකු වීමේ සතුට සැමරූ ක්‍රීඩකයා මිය යද්දී ගුවන් ගමන් බලපත්‍රය අමතක වීම නිසා තවත් ක්‍රීඩකයෙකු දිවි ගලවාගත් අන්දම.

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානයක් ඊයේ (29) කොලොම්බියාවේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට පත්විය.

මෙම අනතුරින් පුද්ගලයින් 76දෙනෙකු මියගොස් ඇති බවත්, ඉතිරි පස්දෙනා දිවි ගලවාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය අණාවරණය කළේය.අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩළය ඇතුළු මගීන් 81 දෙනෙකු එහි සිට ඇත.

කොලොම්බියාවේදී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්හ.

කෙසේ වෙතත් ඇලන් රෂල් හා ජැක්සන් ෆොල්මාන් නැමති ක්‍රීඩකයින් දෙදෙනා අනතුරින් දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.

එමෙන්ම මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි නමුත් ගුවන් ගමන් බලපත්‍රය අමතක වීම නිසා යානය මගහැරීමෙන් අනූ නවයෙන් දිවි ගලවාගත් මෙම පාපන්දු කණ්ඩායමේ කළමණාකාරවරයාගේ පුත්‍රයා පිළිබඳව පුවතක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඔවුන් දෙනොගේ ඡායාරූපයක් පහතින්..



එමෙන්ම් මෙම සංචාරයට සභභාගී නොවු අනතුරට පත් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඔවුන්ගේ ඇඳුම් මාරුකරන කාමරයේ සිටින සංවේදී ඡායාරූපයක්ද විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණා.මින් දින කිහිපකට ඉහතදී මෙම කාමරයේදීම සියලු ක්‍රීඩකයින් අවසන් තරඟයට සුදුසුකම් ලැබීමේ සතුට සමරා තිබුණා..



එමෙන්ම මෙම කණ්ඩායමේ සිටි ටියාගෝ ද රෝචා නැමති ක්‍රීඩකයෙකු මීට සතියකට පමණ පෙර තමා පියෙකු වීමට පුවත අසා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග සතුට සැමරූ සංවේදී වීඩියොවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි..







ගුවන් අනතුරේ තවත් ඡායාරූප පහතින්..




















29 November, 2016

ලංකාවේ තරුණියක් තායිලන්තයේ ගණිකා සේවයේ යොදවලා

අවුරුදු 20ක් වයසැති තරුණියක් රැකියාවක් ලබාදෙන බව පවසමින් තායිලන්තයට රැගෙන ගොස් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කර ඇතැයි තායිලන්ත පොලිසිය පවසනවා.

පතායා නගරයේ මෙම තරුණිය ගණිකා ජාවාරමේ යොදවා සිටියදී පතායා පොලීසිය විසින් සැකකරු සමග එම තරුණියද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි මධුර තුෂාර නමැත්තෙකු බව තායිලන්ත පොලීසිය සඳහන් කරනවා. 


නීතිවිරෝධී මිනිස් ජාවාරම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියට එරටේදී රැකියාවක් දෙන බව පවසා රැගෙන ගොස් සංචාරක වීසා මත රැඳී සිටිමින් ඇයව ගණිකා සේවයේ යොදවා ඇති බව අනාවරණය වී ඇත.

lankan-woman-bends-prostitution-in-thailand-1

lankan-woman-bends-prostitution-in-thailand-2

lankan-woman-bends-prostitution-in-thailand-3

_නෙත්ගොසිප්

කෝලි ස්ටොක්ස්ගෙන් පලි ගනී – ඉන්දු එංගලන්ත මැච් එක අතරතුර ගිය වලිය

විරාට් කෝලි කියන්නේ ක්‍රිකට් පිටියේ ඉන්න නහරකාරයෙක් කියන එක ප්‍රසිද්ධ කාරණාවක්නේ.

එංගලන්තයේ බෙන් ස්ටොක්ස් කියන්නෙත් ඊට නොදෙවෙනි නහරකාරයෙක්..

ඔන්න මේ දෙන්නා අතර ඇතිවුණු යම් මත ගැටුමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා.

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය අතුරුතුරයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.

ඉන්දියානු පළමු ඉනිමේදී විරාට් කෝලි ලකුණු 61ක් ලබාගන්නවා.කෝලිව දවාගන්නේ බෙන් ස්ටොක්ස් .කෝලිව දවාගත්තට පස්සේ අමුතුම විදියකට හැසිරෙනවා.

කෝලි කියන්නෙත් ඉතින් එසේ මෙස් චරිතයක් නෙමෙයිනේ.

කොහොම හරි එංගලන්ත දෙවන ඉනිමේදී අශ්වින්ගේ පන්දුවකට බෙන් ස්ටොක්ස් දැවී ගියාට පස්සේ කෝලි බෙන් ස්ටොක්ස් තමා දැවී යද්දි හැසිරුණු විදියටම හැසිරෙනවා.

කොහොම කොහොම හරි මේ තරඟයෙන් ජයගන්න ඉන්දියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

එම අවස්ථාවේ වීඩියෝ පහතින්.









_නෙත්ගොසිප්

නිවැසියන් නැති වෙලාවක වෙන පවුලක් ගෙයි පදිංචියට ඇවිත්

කිසිවකුත් නොසිටි අවස්ථාවක නිවෙසක දොර ‍කඩා ඊට ඇතුළුව එහි පදිංචිව සිටි අයගේ දේපොළ එළියට දමා වෙනත් පිරිසක් සමඟ එම නිවෙසේ බලෙන් පදිංචි වීමට කටයුතු කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රියැදුරකු ගැන පදවිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඉකුත් 17 වැනිදා සිදුව ඇතැයි කියන එම සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි විජේසුන්දරගේ සන්ධ්‍යා කුමාරි නමැති තිදරු මවක විසින් පදවිය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් පදවිය පොලිසියට පැමිණිලි කළද එම පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි රාජකාරියක් පොලිසියෙන් ඉටු නොවුණු බව පැමිණිලිකාරිනිය කියා සිටී.

උතුරු මැද හා වයඹ පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජය ගුණවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.


house-crowd

මඩාටුගම - ප්‍රසංග ඒකනායක_මව්බිම

අතුරුදන් සරසවි සිසුවාගේ ජංගම දුරකතනය පාවිච්චි කළ පොලිස් නිලධාරියා

පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවාගේ ජංගම දුරකතනය පාවිච්චි කරන ලද පොලිස් නිලධාරියා පිළිබඳව නීතිපති උපදෙස් ලබාගෙන කටයුතු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසර සිසුවකු වන මයුරන් ධර්මකුලසිංහම් නමැති සිසුවකු 2008 මාර්තු 04දා පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබිණි.

සිද්ධියට අදාළ නඩුව පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දක්වමින් මේ සිසුවා පැහැරගෙන යනු ලැබූ අවස්ථාවේ ඔහු සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් තබා ඇති අතර එම සටහන් තැබූ පොත රහස් පොලිසිය භාරයේ තිබී සොයා ගත් බවත් එහි මකා දමා ඇති සටහන් පිළිබඳව වාර්තාවක් ඉල්ලා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂක වෙත යවා ඇති බවත් අතුරුදන් වූ සිසුවා සතුව තිබූ ජංගම දුරකතනය පාවිච්චි කළ පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් කීවේය.

arrest-police-sl-02

ආනන්ද වීරසූරිය_මව්බිම

පන්සලේ සිටි එළුවකු මරා දැමූ සැකකරු 30දා තෙක් රිමාන්ඩ්

වේයන්ගොඩ කුරීකොටුවේ ශ්‍රී බෝධි විහාරයට බීමතින් පැමිණ එහි සිටි එළුවකු මරා දමා දේපොළවලට අලාභහානි සිදු කළ පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පෙරේදා (23දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවූ පසු වැඩ බලන මහෙස්ත්‍රාත් එස්. අබේගුණවර්ධන මහතා සැකකරු මෙම මස 30දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා සැකකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිණි.


goat-killed

නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු_මව්බිම

සිසුවියකට අතවර කළ ගුරුවරයා යළි රිමාන්ඩ්

තමා සේවය කරන පාසලේම තමාගෙන් ඉතිහාසය විෂය ඉගෙන ගන්නා 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතරවර සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයකට අනුව රිමාන්ඩ් කර සිටින පාසල් ගුරුවරයා ඇප මත මුදාහරින්නැයි මෝසමක් මඟින් නීතිඥයන් කළ ඉල්ලීමක් තඹුත්තේගම මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා යළි ප්‍රතික්ෂේප කළේය. 

ඒ අනුව සැකකාර ගුරුවරයා තවදුරටත් මේ මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

මෙලෙස තවදුරටත් රිමාන්ඩ් කෙරුණේ නොච්චියාගම ගාලදිවුල්වැව පහමුනේගම පදිංචිකරුවෙකි. 35 හැවිරිදි පාසල් ගුරුවරයකු වන ඔහු පාසල් ශිෂ්‍ය භට කැඩෙට් ලුතිනන්වරයකුද වන අතර දෙදරු පියකුද වෙයි.

සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් නොච්චියාගම පොලිසිය මුල් බී වාර්තාව මඟින් මුල් අවස්ථාවේ සඳහන් කෙළේ පාසල් නිම වීමෙන් අනතුරුව මේ සැකකාර ගුරුවරයා ඔහු සේවය කරන පාසලේම 16 හැවිරිදි සිසුවියක් ඔහුට අයත් මෝටර් රථයේ නංවාගෙන කිලෝමීටර් 10ක පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය තුළදී ඇයට ආදරය ප්‍රකාශ කර ලිංගික අතවර සිදු කර ඇති බවයි.

පැමිණිල්ල වෙනුවෙන් නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක උභයානන්ද මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් කොස්තාපල් බාලසූරිය (36541) මහතා අධිකරණයට කරුණු කීවේය. 

සැකකාර ගුරුවරයා වෙනුවෙන් ඇප ඉල්ලමින් මෝසමක් මඟින් අධිකරණයට කරුණු කීවේ උත්තරා අබේසිංහ, චන්ද්‍රසිරි රාජපක්ෂ සහ ශ්‍රී ලාල් තලංගල යන නීතිඥ මහත්ම මහත්මීන්ය.

rape-school-girl

අනුරාධපුර - ආනන්ද කරුණාදාස_මව්බිම

ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි

පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 

ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය. 

“ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා, හැම කෙනෙකුටම පුංචි කාර් එකක යන සිහිනය සැබෑ කරනවා කියලා. 

ඒ පුංචි කාර් එක ඒ දවස්වල ලක්ෂ 14 යි. දැන් ඒක ලක්ෂ 21 ක් වෙලා. දැන් ඔබතුමාලට තියෙන අයිතිවාසිකම, ආසාව අර පුංචි කාර් සිහිනය තිබ්බ අයට නැද්ද? “

මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය. 

“අපි භාර ගන්න කොට කාර් 1000 ක් වික්ක එක දැන් 7000 ක් විකුණනවා මාසෙකට. 

එතකොට එහෙම වැඩිවෙන්න කොපමණ ආදායමක් අපි උපයලා දීලා තියෙනවාද, නිකං ගන්න පුළුවන් යැ, ගිය මාසේ මේ වගේ වාහන 6800 ක් ආනයනය කළා. 

අපි භාර ගන්න කොට මේක 1200 ද 1300 ද කොහෙද ප්‍රමාණයක්. ඒක ගෙවන්න අපි කොතරම් ආදායමක් උපයලා දීලා තියෙනවාද. අපි එදා කියපු සිහිනය සැබෑ කළා“.

ඊයේ (28) විකාශය වූ දෙරණ 360 සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.


ravi-karunanayake-derana

පිරිමි ළමුන් කෙළෙසූ නයි හාමුදුරුවන්ට ඇපත් නෑ

දේවාලයේ කාමරයක රඳවාගෙන බාලවයස්කරුවන් දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළා යැයි කියමින් මෙතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නයි හාමුදුරුවෝ නමින් ප්‍රකට ශ්‍රමණ වේශධාරියකුට එරෙහි පවරා තිබූ නඩු දෙකක් පසුගිය 21දා නැවත කැඳවූ අවස්ථාවේ සැකකාර හිමිනම යළි දෙසැම්බර් මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

ඇඹව විමලතිස්ස නමින් පෙනී සිටින ශ්‍රමණ වේශධාරියකු එසේ නැවතත් රක්ෂිත භාරයට පත්වූ අතර පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු නිරන්තරයෙන් රාත්‍රි කාලයේ බීමතින් නාගයකු කරේ දමාගෙන බෙර වයමින් නටන බවත් එය මහජනතාවට මහත් පීඩාවක් බවත් ප්‍රදේශයේ බොහෝ දෙනකු මේ වන විට පොලිසියේ ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති බවත් ඇප ලබාදුනහොත් සැකකරුගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බවත්ය.

සැකකාර ශ්‍රමණ වේශධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පොලිසිය බී වාර්තාවක් මඟින් ලිංගික අපයෝජන පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් හදි හූනියම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ අසල විහාරස්ථානයේ හා දේවාලයේ වුවමනාවට බවත් සැකකාර හිමිනමගේ දේවාලයේ කාමරයක් කඩා රන් ආලේපිත බුදු පිළිමයක් සොරාගැනීම සම්බන්ධව මෙතෙක් කළ පැමිණිලි භාරගෙන නොමැති බවත් පැවැසූ අතර අදාළ බාලවයස්කරුවන් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත්තේද පන්සලේ හා දේවාලයේ පිරිසගේ වුවමනාවට බවත් එය සිතාමතාම සැකකාර හිමිනමට හිංසා කිරීමේ අරමුණින් සිදුකරන ක්‍රියාවලියක් බවත්ය.

එහිදී පොලිසිය නැවත කරුණු දක්වමින් මුල් අවස්ථාවේ අදාළ ලිංගික අපයෝජනයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම අපයෝජනයන්ට පොලිසිය සැකකරු සෙවීමේදී මාස තුනකට අධික කාලයක් සැඟව සිටි බවත් ඒ අවස්ථාවක වාසස්ථානය කඩා බිඳ දැමූ බවට කිසිවකුගෙන් පැමිණිල්ලක් නොලද බවත් පැවැසීය. 

එමෙන්ම මේ වන විට ප්‍රදේශයේ පවත්නා තත්ත්වය අනුව සැකකරුට ඇප ලදහොත් ප්‍රදේශයේ පිරිස් කුපිත වී සැකකාර හිමිනමගේ ජීවිතයට තර්ජනයක් පවා එල්ල විය හැකි තත්ත්වයක් ප්‍රදේශය පුරා පවතින බවත් එම නිසා ඇප පනතේ 14.1 (ආ) වගන්තිය ප්‍රකාරව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටියේය.

වින්දිත දරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු කී නීතිඥවරයා පැවැසුවේ කිසිවකුට හිංසා කිරීමේ අරමුණක් පැමිණිලි පාර්ශ්වයට නොමැති බවත් දිගුකලක් ප්‍රදේශය හැරගොස් සිටි සැකකරු විසින් බාලවයස්කරුවන් මෙසේ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත්ය. එම නිසා පරීක්ෂණ කටයුතු අවසන් නොමැති බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන්ද ඉල්ලා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වත්මන් නීති තත්ත්වය අනුව සැකකාර ශ්‍රමණ වේශධාරියා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය.

කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරිසන් සෝමසිරි, උප පොලිස් පරීක්ෂක රන්බණ්ඩා, පොලිස් සැරයන් දයාරත්න (58527) යන නිලධාරීන් සමඟ නීතිඥ චම්පික ලසිත කුමාර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකාර ශ්‍රමණ වේශධාරියා වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්ටිගමගේ මහතා පෙනී සිටියේය.

saddathissa-hora

ගිරිඋල්ල - ඔවින් කෞශල්‍ය_මව්බිම