29 November, 2016

ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි

පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 

ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය. 

“ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා, හැම කෙනෙකුටම පුංචි කාර් එකක යන සිහිනය සැබෑ කරනවා කියලා. 

ඒ පුංචි කාර් එක ඒ දවස්වල ලක්ෂ 14 යි. දැන් ඒක ලක්ෂ 21 ක් වෙලා. දැන් ඔබතුමාලට තියෙන අයිතිවාසිකම, ආසාව අර පුංචි කාර් සිහිනය තිබ්බ අයට නැද්ද? “

මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය. 

“අපි භාර ගන්න කොට කාර් 1000 ක් වික්ක එක දැන් 7000 ක් විකුණනවා මාසෙකට. 

එතකොට එහෙම වැඩිවෙන්න කොපමණ ආදායමක් අපි උපයලා දීලා තියෙනවාද, නිකං ගන්න පුළුවන් යැ, ගිය මාසේ මේ වගේ වාහන 6800 ක් ආනයනය කළා. 

අපි භාර ගන්න කොට මේක 1200 ද 1300 ද කොහෙද ප්‍රමාණයක්. ඒක ගෙවන්න අපි කොතරම් ආදායමක් උපයලා දීලා තියෙනවාද. අපි එදා කියපු සිහිනය සැබෑ කළා“.

ඊයේ (28) විකාශය වූ දෙරණ 360 සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.


ravi-karunanayake-derana

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි"

    Post a Comment