29 November, 2016

සිසුවියකට අතවර කළ ගුරුවරයා යළි රිමාන්ඩ්

තමා සේවය කරන පාසලේම තමාගෙන් ඉතිහාසය විෂය ඉගෙන ගන්නා 16 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතරවර සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයකට අනුව රිමාන්ඩ් කර සිටින පාසල් ගුරුවරයා ඇප මත මුදාහරින්නැයි මෝසමක් මඟින් නීතිඥයන් කළ ඉල්ලීමක් තඹුත්තේගම මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා යළි ප්‍රතික්ෂේප කළේය. 

ඒ අනුව සැකකාර ගුරුවරයා තවදුරටත් මේ මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

මෙලෙස තවදුරටත් රිමාන්ඩ් කෙරුණේ නොච්චියාගම ගාලදිවුල්වැව පහමුනේගම පදිංචිකරුවෙකි. 35 හැවිරිදි පාසල් ගුරුවරයකු වන ඔහු පාසල් ශිෂ්‍ය භට කැඩෙට් ලුතිනන්වරයකුද වන අතර දෙදරු පියකුද වෙයි.

සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් නොච්චියාගම පොලිසිය මුල් බී වාර්තාව මඟින් මුල් අවස්ථාවේ සඳහන් කෙළේ පාසල් නිම වීමෙන් අනතුරුව මේ සැකකාර ගුරුවරයා ඔහු සේවය කරන පාසලේම 16 හැවිරිදි සිසුවියක් ඔහුට අයත් මෝටර් රථයේ නංවාගෙන කිලෝමීටර් 10ක පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය තුළදී ඇයට ආදරය ප්‍රකාශ කර ලිංගික අතවර සිදු කර ඇති බවයි.

පැමිණිල්ල වෙනුවෙන් නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක උභයානන්ද මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් කොස්තාපල් බාලසූරිය (36541) මහතා අධිකරණයට කරුණු කීවේය. 

සැකකාර ගුරුවරයා වෙනුවෙන් ඇප ඉල්ලමින් මෝසමක් මඟින් අධිකරණයට කරුණු කීවේ උත්තරා අබේසිංහ, චන්ද්‍රසිරි රාජපක්ෂ සහ ශ්‍රී ලාල් තලංගල යන නීතිඥ මහත්ම මහත්මීන්ය.

rape-school-girl

අනුරාධපුර - ආනන්ද කරුණාදාස_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිසුවියකට අතවර කළ ගුරුවරයා යළි රිමාන්ඩ්"

    Post a Comment