වේයන්ගොඩ කුරීකොටුවේ ශ්රී බෝධි විහාරයට බීමතින් පැමිණ එහි සිටි එළුවකු මරා දමා දේපොළවලට අලාභහානි සිදු කළ පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිට පෙරේදා (23දා) අත්තනගල්ල මහෙස්ත්රාත් අධිකරණයට කැඳවූ පසු වැඩ බලන මහෙස්ත්රාත් එස්. අබේගුණවර්ධන මහතා සැකකරු මෙම මස 30දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ වේයන්ගොඩ ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි. වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා සැකකරු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබිණි.
නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු_මව්බිම
Share this
0 Comment to "පන්සලේ සිටි එළුවකු මරා දැමූ සැකකරු 30දා තෙක් රිමාන්ඩ්"
Post a Comment