29 November, 2016

අතුරුදන් සරසවි සිසුවාගේ ජංගම දුරකතනය පාවිච්චි කළ පොලිස් නිලධාරියා

පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු සිසුවාගේ ජංගම දුරකතනය පාවිච්චි කරන ලද පොලිස් නිලධාරියා පිළිබඳව නීතිපති උපදෙස් ලබාගෙන කටයුතු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසර සිසුවකු වන මයුරන් ධර්මකුලසිංහම් නමැති සිසුවකු 2008 මාර්තු 04දා පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබිණි.

සිද්ධියට අදාළ නඩුව පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු දක්වමින් මේ සිසුවා පැහැරගෙන යනු ලැබූ අවස්ථාවේ ඔහු සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් තබා ඇති අතර එම සටහන් තැබූ පොත රහස් පොලිසිය භාරයේ තිබී සොයා ගත් බවත් එහි මකා දමා ඇති සටහන් පිළිබඳව වාර්තාවක් ඉල්ලා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂක වෙත යවා ඇති බවත් අතුරුදන් වූ සිසුවා සතුව තිබූ ජංගම දුරකතනය පාවිච්චි කළ පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් කීවේය.

arrest-police-sl-02

ආනන්ද වීරසූරිය_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අතුරුදන් සරසවි සිසුවාගේ ජංගම දුරකතනය පාවිච්චි කළ පොලිස් නිලධාරියා"

    Post a Comment