29 November, 2016

නිවැසියන් නැති වෙලාවක වෙන පවුලක් ගෙයි පදිංචියට ඇවිත්

කිසිවකුත් නොසිටි අවස්ථාවක නිවෙසක දොර ‍කඩා ඊට ඇතුළුව එහි පදිංචිව සිටි අයගේ දේපොළ එළියට දමා වෙනත් පිරිසක් සමඟ එම නිවෙසේ බලෙන් පදිංචි වීමට කටයුතු කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රියැදුරකු ගැන පදවිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඉකුත් 17 වැනිදා සිදුව ඇතැයි කියන එම සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි විජේසුන්දරගේ සන්ධ්‍යා කුමාරි නමැති තිදරු මවක විසින් පදවිය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් පදවිය පොලිසියට පැමිණිලි කළද එම පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි රාජකාරියක් පොලිසියෙන් ඉටු නොවුණු බව පැමිණිලිකාරිනිය කියා සිටී.

උතුරු මැද හා වයඹ පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජය ගුණවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.


house-crowd

මඩාටුගම - ප්‍රසංග ඒකනායක_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිවැසියන් නැති වෙලාවක වෙන පවුලක් ගෙයි පදිංචියට ඇවිත්"

    Post a Comment