30 November, 2016

ජපන් ජාතික කාන්තාවගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරළා

නිවාඩුවක්‌ ගත කිරීමට මීගමුවේ සුපිරි සංචාරක හෝටලයක්‌ වෙත පැමිණි 34 හැවිරිදි ජපන් ජාතික සුරූපිනියක්‌ තම ශරීරය සම්බාහනය කරගැනීමට එම හෝටලයේ මසාඡ් මධ්‍යස්‌ථානය (මසාඡ් රූම්) වෙත පැමිණි අවස්‌ථාවේ ඇගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරමින් ඇයට ලිංගික අතවර කළ එම හෝටලයේ සේවකයකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මීගමුවේ පදිංචි සජිත ලක්‍ෂාන් ප්‍රනාන්දු (30) නමැත්තා මීගමුව පොලිසියේ සැරයන් (49241) ජිනදාස මහතා විසින් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු එම සැකකරු රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන්
මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

සැරයන් (49241) ජිනදාස මහතා පැමිණිල්ල මෙහෙයවිය. අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රිකුරේ මහතා පෙනී සිටියේය.

japanese-woman

මීගමුව සමූහ - විමල් කීර්ති_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජපන් ජාතික කාන්තාවගේ රහස්‌ ප්‍රදේශය ස්‌පර්ශ කරළා"

    Post a Comment